Tuesday, 18 June 2013

අපේ කාලේ විශාකාවක්

















පපුතුරේ න් බිළිඳු ඉඳුවර
හඬනු දැක ඉවසන්න බැරි තැන
පැල්පතක උන් විශාකාවක්
බැස්ස රෑ මරදානේ පාරට

සල්ලාල රෑ හුළඟ මොණරකොළ ගෙන පැමිණ
කිතිකවා සියොළඟම අදියි ඇඳ සිටි සාය පහලට
කිරි පිරී රිදුම් දෙන පයෝධර අතින් ගෙන
බවුන් වැඩුවා වි
ශාකවක්  සයනයක උඩුකුරුව වැතිරුණ

මිගාර තවම හිරගෙදර දානවා ඇති ගල් බෝර
යායුතුව ඇත වැලිකඩ බතක් බැඳගෙන හෙට පාන්දර
ආරාම පුජා පාරමිතාව  හිතේ මුල්ලකට ගුලිකර
කාසි අහුලයි රෑ පුරාවට ජීවිතය කඳුලට උකස්කර


පපුතුරේ හුන් බිළිඳු ඉඳුවර
හඬනු දැක ඉවසන්න බැරි තැන
පැල්පතක උන් විශාකාවක්
බැස්ස රෑ මරදානේ පාරට



12 comments:

  1. මේ වගේ කෙනෙක් ඉන්නවා අපේ ඔෆිස් ක්ලීනින් සර්විස් එකේ.

    ReplyDelete
  2. මීගොඩ මලයෝ කවි කමට වූ ඔබේ උපන් හපන්කම සසදන්න ඇත්නම් ඒ රත්නශ්‍රී කිවිදුම තමා. මේ පද වැල් ගීත බවටම හරවන්න වෙර දරන්න. හද පතුළටම වැදුණ නිර්මාණයක්. ස්තුතියි මලයා.

    ReplyDelete
  3. මෙහෙම අය අපිට ඉදලා හිටලා තාමත් හමුවෙනවනේ..

    ReplyDelete
  4. අපි අන්න ඒකයි පද්‍යය උඹලා වගේ එවුන්ටම දීලා ගද්‍යයට විතරක් අත ගහන්නේ.

    ReplyDelete
  5. මචං මේක කාට හරි කියන්න දියන්...සිරාවටම කියන්නේ..හොඳ මෙලඩියක් දාල ගත්තාම තවත් රහට තියෙයි.

    ReplyDelete
  6. මේක ලස්සනයි, ම්ම්ම්, පැතුම් අය්යා කිවා වගේ සිරාවටම මේක අර බිම්සරයටවත් දීලා බැලුවා නම් හරි කාව හරි හොයලා කරවන්න කියලා

    ReplyDelete
  7. kiyana wadan naha..supiri..
    Jayawewa.

    ReplyDelete
  8. මී ගොඩයාගේ කවිකම ගැන කවර කතාද.... වෙනදා වගේම එල....

    ReplyDelete
  9. ඛේදාන්තයක්... ඒ වුණත් මක් කරන්නද? තව ටික දවසකින් අනිත් මිනිස්සුන්ටත් මේ ටික නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා, කවිකමත් සුපිරියි සහෝ!

    ReplyDelete
  10. ලියන්නේ නැද්ද අලුත් මුකුත් ?

    ReplyDelete
  11. හොද කවියක්. රසයෙනුත් අර්ථයෙනුත් පිරිලා.

    ReplyDelete