ජයටැඹ වෙත පාර කියූ ඈ - අම්මා
දෑතේ කරගට මල්මෙන් දකිමින
ඩා බිඳුවට සිය ජීවය දියකර
ජීවිතයෙන් ජීවිතයක් සුව කල
සඳුන් සිසිළ අම්මා
මේ සසරේ අමා සුවය අම්මා
රුවල බිඳී මහ දියඹේ අසරණ
කුණාටු හමුවේ වැලපෙන දිවි නැව
වෙරළ කරා දිරියෙන් පැද යන්නට
හබලක් වූ අම්මා
දිවි ගමනේ පහන් ටැඹයි අම්මා
මේ දිවිසැරියේ නිම්තෙර දකිනට
කන්තක සේ මා කරපිට හිඳුවා
නේරන්ජන නදියේ නිල් දියවර
තරණය කල අම්මා
ජයටැඹ වෙත පාර කියූ අම්මා
ඩා බිඳුවට සිය ජීවය දියකර
ජීවිතයෙන් ජීවිතයක් සුව කල
සඳුන් සිසිළ අම්මා
මේ සසරේ අමා සුවය අම්මා
රුවල බිඳී මහ දියඹේ අසරණ
කුණාටු හමුවේ වැලපෙන දිවි නැව
වෙරළ කරා දිරියෙන් පැද යන්නට
හබලක් වූ අම්මා
දිවි ගමනේ පහන් ටැඹයි අම්මා
මේ දිවිසැරියේ නිම්තෙර දකිනට
කන්තක සේ මා කරපිට හිඳුවා
නේරන්ජන නදියේ නිල් දියවර
තරණය කල අම්මා
ජයටැඹ වෙත පාර කියූ අම්මා
හරිම ලස්සනයි..කියන්න වචන නැහැ.. උපරිමයි.
ReplyDelete//ජීවියෙන් ජීවිත සුවපත් කල
සඳුන් සිසිළ අම්මා//
නියමයි නියමයි.තාත්තා නැද්ද?
ReplyDelete
ReplyDeleteමාවෙනුවෙන් විඳි දුක් ගිනි නැත නිම්මා
අවසන් වචනයත් මා වෙනුවෙනි අම්මා
මේ ගොර සසර තරනයකර ගොස් සම්මා
සම්බුදුවී නිවන් දැකපන් මගෙ අම්මා.
අදනම් මලයා කවි වස්සනවනේ... හොඳ කමෙන්ටුවක් දාන්න වෙලාවක් නෑ. ඉන්නේ වැඩ කරන ගමන්
ReplyDeleteනියමයි. අපූරුවට උපමා කරලා තියනවා...
ReplyDeleteතාත්තා ගැනත් ලියන්නකෝ :) :) :) :) :)
මේක දැක්කම මට මතක් වුනේ සෙන්ටිග්‍රේඩ් සින්දුව - අම්මා.. මම ආසම සින්දුවක්.
ReplyDeleteහරිම ලස්සනයි!
ReplyDelete//ජීවියෙන් ජීවිත සුවපත් කල
සඳුන් සිසිළ අම්මා//
මේ කොටසට හරිම කැමතියි!
අම්මට ඇති ආදරේ තවත් වැඩි කරන කව් පෙලක්..
ReplyDeleteනියමෙටම නියමයි :)
ReplyDeleteසුපිරි පහයි!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
නියමයි මී ගොඩයා. හරිම ලස්සනයි! :D
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේ ලෝකෙට බිහිවන හැම දරුවෙක්ම වැඩිපුරම ආදරය කරන්නෙ අම්මට, වැඩිපුරම ආදරය ලබන්නෙ අම්මගෙන්. අපි මියෙනතුරාවට මාතෘත්වයෙ සුවඳ අමතක වෙන්නෙ නෑ.
ReplyDeleteඅම්මගෙ ආදරය ගැන කියන්න මේ ලෝකේ තියෙන වචන මදි කියනවනෙ...
ReplyDeleteහරිම සංවේදී පද ටිකක්..
හිතට තදින්ම දෙනුනා අපුරුයි ජය....
ReplyDeleteමෙලඩියක් දාල ගත්තනම් නියමෙට තියේවි මීගොඩයෝ. අම්මා තාත්තගේ ආදරේ තරම් බලගතු දෙයක් මිහිපිට විශ්වාස කරන්න බෑ මටනම්
ReplyDeleteනියමයි යාළුවා..ලස්සන වගේම අර්ථවත් කවි ටික.
ReplyDeleteශා.... අම්ම ගැන ලියවුනු ලස්සනම ලස්සන කවි ටිකක්... කොයිතරම් කවි ලිව්වත් අම්මගේ අගේ කියල ඉවර කරන්න බෑ...
ReplyDeleteගොඩක් සංවේදී යාලු. මේ වචන ටික කඳුළු ගේනවා මොන ගල හිතකට වුනත්. ගොඩක් ලස්සනයි. ඔයා හරිම සාර්ථකයි. ජය වේවා!!!!
ReplyDeleteහරිම ලස්සනයි මී යාලු......
ReplyDeleteසිරාම සිරා...ආපහු මේක කවි ලන්ද කියලා මාරු කරොත් නරකද?
ReplyDeleteමේ මේ .. ඒවා හරි යන්නේ නෑ. ආයෙම පාරක් බ්ලොග් රෝලේ අමුතු බ්ලොග් එකක් ඇවිත් කියල පේන්න ගනී..
Deleteමව් සෙනෙහසට කිසිම සෙනෙහසක් සම කල නොහැක
ReplyDeleteඅයියන්ඩි එකෙන්ම මැක්සා කවි පෙළක්
ReplyDelete6th lane ගේ අම්මා සිංදුව මතක් වුනේ... අම්මා ගැන කියන ඕනෑම කවියක් සිංදුවක් හිතට ගේන හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.... අයියා මේ ලියන ඒවා ලේසියෙන්ම සිංදු කරන්න පුළුවන් වෙයි හරි කෙනෙක්ට අහුවුනොත් මේක මාර ලස්සනයි.ජය වේවා අයියේ...
ReplyDeleteමරු ඈ...
ReplyDeleteහැමදාමත් වගේ..
ලස්සනයි අයියා...කවිය තමයි ඔයාට උරුම....
ReplyDeleteමවකගේ වටිනාකම කව් පෙලකට නැගුවාට ස්තුතියි..!
ReplyDeleteමේ ගැන ලියන්න වචන නෑ!ඒ නිසා මම මොකුත් ලියන්නේ නෑ!
ReplyDeleteමව් සෙනෙහස විස්තර කරන්න වචන නැහැ.මටත් ඒක පස්සේ තේරුනේ.
ReplyDeleteසක්වළ එතෙරට ඇසෙනා
ReplyDeleteඅනන්ත ඈතට ඇදෙනා
මුළු මිහිතලයම කම්පා කරවන
එකම හඬයි අම්මා
අම්ම ගැන ලියල නම් ඉතින් කවද ඉවර කරන්නද! කවිය සුපිරි
ReplyDeleteගෙදරට ඈතින් ඉන්න අපිට අම්මගේ අගය තවත් වැඩිවෙලා මතක් වෙන කවියක් සහෝ! විශිෂ්ඨයි!
ReplyDeleteකවිය හරිම ලස්සනයි....කොයි තරම් කවි ලිවුවත් අම්මට කවි ලියන්න බෑ ඒ සෙනෙසසේ සැබෑ අරුතට.....
ReplyDeleteසිතුවිල්ල වගේම මේ පින්තූරෙත් හරිම ලස්සනයි.....
ReplyDeleteලස්සන අදහස අයියේ.. පින්තූරෙත් ඒ වගේම හිත ගත්තා..
ReplyDeleteඋඩින් කමෙන්ට් කළ හැමෝම කියන්න ඕන දේවල් කියලනේ.ලස්සන නිර්මාණයක්.අප්පච්චි ගැනත් ලියන්න.ජය!!!
ReplyDeleteඅම්මා ගැන පද පෙළ නම් අනර්ඝයි
ReplyDeleteඋඹ ලගකදි ඉදන් ලියන්නෙ වැඩිපුරම නිසදැස්... වෙනසකට එක්ක පරණ සිදුවීමක් දෙකක් ලිව්වොත් නරකද ඉස්සර වගේ... ඒකාකාරී බවක් මට දැනුනා ඒකයි එහෙම කිව්වෙ ජය !
සියළු අම්මාවරුන්ට නිෙරා්ගිමත් දවසක්!
ReplyDeleteහරි ලස්සනයි.තනුවකුත් දැම්මනම් පට්ට සින්දුවක් තමා..
ReplyDeleteමේකට අර නන්ද මාලිනීගේ සින්දුවක තලේ හරියනවා නේද..එක එල
ReplyDeleteරත්තරන් අම්මා
ReplyDelete