විරහ කඳුලක රැඳුන ගින්දර
සුසුම් මත හොර හොරෙන් තවරා
පාකරන බොල් බිඳුණු හිතකින්
ස්නේහයේ සුව පතන බොළඳී
කඳුළු හැන්ගුන බොර දෙනෙත්වල
කිමිද කිමිදී අනන්තය වෙත
ශේෂ වූ ඒක ප්‍රේම බිඳුවක
පහස සොයනා මුදු සිතැත්තී
සිඳී වියලුණු වැව් කඩිත්තක
සුපුෂ්පිත මල් සොයනු කෙලෙසද
මගෙ කඳුළු මැද මාව තනිකර
පියනගනු මවෙතින් ඉවත්වී
ශේෂ වූ ඒක ප්‍රේම බිඳුවක
ReplyDeleteපහස සොයනා මුදු සිතැත්තී.... [ආසයි මේ පේලි දෙකට]
ලස්සන නිර්මාණයක් මීයෝ...
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ම්...මේ කාටද කියන්නේ...........
ReplyDeleteනරකද මී ගොඩයෝ තනුවක් දාලා ගායකයෙක්ට දුන්නොත්
ReplyDeleteහිතට දැනුනු කවි පෙළක් .....
ReplyDelete“කඳුළු හැන්ගුන බොර දෙනෙත්වල
කිමිද කිමිදී අනන්තය වෙත
ශේෂ වූ ඒක ප්‍රේම බිඳුවක
පහස සොයනා මුදු සිතැත්තී“
....ඇස් ඉස්සරහ මවා දෙන්නට සමත් වුනු පද පෙළක් ....
ස්තුතියි
හැමදාම වගේ සුපිරි පද ගැලපුණු කවියක්. ආදරේ නැති හිතකින් ආදරේ බලෙන් ලබාගන්න බෑ. මේ කවිය මම කීප පාරක්ම කියෙව්වා. මට තේරුණ විදිහටනම් කොල්ලෙක්ගෙන් නොලැබෙන ආදරයක් වෙනුවෙන් පෙරුම් පුරන ඒකපාර්ශවික ආදර කාරියක් ගැනයි කියවෙන්නේ. මං හරිද මීගොඩස් ?
ReplyDeleteමොකක්ද ..? මචං කේස් එක...!!!
ReplyDeleteඋපරිමයි මචො
ReplyDeleteඋපරිමයි බං
ReplyDeleteපව් අහිංසකි
ReplyDeleteපතයි සෙනෙහස
බිඳී හදවත
එනමුත්
ගලා යයි
ඈ සතු ආදරය
නිසි කෙනෙක් නොලද සඳ
මිලින වී
අකලට
...............
හ්ම් ... බූට් කවි, නෙහ්.
ReplyDeleteඅමතක උනා අහන්න, අර දවල් දමපු ‘ඇන්ටා‘ ආයෙ අකුල ගත්තෙ මොකද බං.
ReplyDeleteකා ගැනද මේ ආ...නියමයි
ReplyDeleteගොඩක් ලස්සනයි (Y)
ReplyDeleteස්නේහයේ සුව පතන බොළඳී... මේ ටිකට තමයි ආසම... :)
ReplyDeleteජය වේවා!!
ප.ලි - අද්දැකීමක් අනුසාරයෙන් ................... විය හැක .
ReplyDeleteමැක්සා....... අයියේ පපුවටම වැදුනා
ReplyDeleteඇත්තටම මොකද බං අවුල?
ReplyDeleteයකෝ අව්වෙ යන්න එපා නිකම්ම. හොඳ වර්ගයේ සන්ග්ලාස් කුට්ටමක් දාගෙන වත් පලයං. :O
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
මේ කවි ටික නම් ගින්දර... අර කෙහෙදිදො කියුව වගේ මට මේ ලව් ස්ටෝරි තේරෙන්නෙම නෑ.......
ReplyDeleteසුපිරියි මචන්..!!
ReplyDeleteමචං මී මගේ යාලු ගායකයෙක් හොද පද රචනාවක් හොයනවා... මම මේක මෑන්ට දෙන්නද ? හිතට වදිනවා බන්... ලස්සන තනුවකට වැටුනාම මරුවට තියේවි...
ReplyDeleteඕක අහන්නත් දෙයක්ද මචං ... එකෙන්ම දීපං..
Deleteකිව්වත් විරහ ගී පද වැල් වල අමුණා
ReplyDeleteආලය කියන දේ සිත මන් මත් කරනා
සිටියත් දුකින් විරහව සිත බිඳ දමනා
නොදැනෙද එහිත් සුන්දර ගතියක් තිබෙනා...
ස්නේහයේ සුව පතන බොළඳී
ReplyDeleteහි හි...
මේක කියවද්දි මතක් උනා එක්කෙනෙක්ව..
බුට් එකක්වත් කෑවද??;)
ReplyDeleteකවිය වින්දා දැනෙන්නම...ජය.
ReplyDelete"කඳුළු හැන්ගුන බොර දෙනෙත්වල
ReplyDeleteකිමිද කිමිදී අනන්තය වෙත
ශේෂ වූ ඒක ප්‍රේම බිඳුවක
පහස සොයනා මුදු සිතැත්තී"
මොන හිතකින්ද බං ඒ පහස හොයන බොළඳීට යන්න කියන්නේ?
සිරා මචං මීගොඩයා......
ලස්සන වචන ගෙත්තමක් යාළු..හරිම අපූරුයි..
ReplyDeleteතනුවක් දැම්මොත් නම් නැගල යයි අනිවාර්යෙන්ම..
හැම වචනයක් ගැනෙම නැවත නැවත බලන්න හිතෙනවා....ඒ තරම් ලස්සනක් රැදිල තියෙනවා..
ReplyDeleteලියූ කවි 3නෙන්ම අවසාන පද ගැලපුම කවියට විශාල වටිනාකමක් එක්කරලා...
හරිම ලස්සනයි...
ලස්සන නිර්මාණයක්.. එල
ReplyDeleteලස්සනම ලස්සනයි මී අයියෙ!!! මේ අපූරුවට ලියලා තියෙන්නෙ කවි පද...
ReplyDeleteදැවී ගිය ආලයක
ReplyDeleteඅළු තුරුලු කර හිඳිමි
කවදාක හෝ යලි
අළු මතින් උපදින තුරා...
හැබෑට කවුද ඒ ?
ReplyDeleteපලයන් අහකට
ReplyDeleteකියලා එකෙන්ම එලෙව්ව්ව නම් ඉවරනේ බන් කවි ලිය ලිය ඉන්නේ නැතුව
මාරම ලස්සනයි මි සහෝ! මට මේවා කියවනකොට තලෙටමයි අප්පා කියවෙන්නේ :)
ReplyDeleteඅපූරුයි...තනුවක් දාන්න නියම පද ටික... බලාගෙන කවුරුහරි එකෙක් උස්සල සින්දුවක් ගහයිද දන්නෑ...
ReplyDeleteපට්ට ඈ....
ReplyDeleteමූ මොකාටද මේ එන්න හදන්නේ?
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මමනං කුඩයක් අරන් යනවා
ReplyDeleteසුපිරි හැකියාවක මිහිරියාව වින්දෙමි...කාටද මේක ලිව්වේ යැයි පුංචි අනුමානයක්ද ඇත.
ReplyDeleteහා කියන්න බලන්නකො එහෙනම්..
Deleteයටි බඩටම වැදුනා... ලස්සනයි .. :)
ReplyDelete