Friday, 15 June 2012

ආදරේ රන් රුවන් පිළිරුව දෑස් ඉදිරියෙ බොල්ව ගිය හැටි


නිමක් නැතිවූ විහඟ සර මැද හිරු ගිලී මියැදෙනා වරුවකි
එහිරු රැස් වැද වෙරළ අයිනේ හුදකලා වූ පුංචි ඔරුවකි
සුමුදු පෙන පිඩු පෙරලිලා විත් දෙපා සිඹ සනසනා මොහොතෙදි
ඔරුකඳට බර වෙමින් ඉකිලන දරු ගැබක් අති තරුන අඟනකි

මතක මංපෙත කටුපඳුරු මැද හිතට වද දී නැගෙන මොහොතෙදි
ඈ හෙලන එක සුසුම් පොදකින් මේ කුලක්වත් නොසෙල්වෙන්නැති

ප්‍රේමයක කුළුඳුලේ සුවඳට තරුන හතවත් ඇදෙන යුගයෙදි
සුරූපී යුවතියක් විය ඈ දකින දෙනෙතක් ඉවත යන්නැති
දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි
වරද ඈගේ නොවේමැයි ඒ දෛවයේ සරදමක් වෙන්නැති

ආදරේ රන් රුවන් පිළිරුව දෑස් ඉදිරියෙ බොල්ව ගිය හැටි
මතක් කර ඈ හෙලන සුසුමන් පවනෙ මුසුවී පාව යන්
නැති


ප.ලි.ල

මීට වසර කිහිපයකට පෙර ගල්කිස්ස මුහුදු වෙරළට ගිය අවස්ථාවක නෙතගැටුනු කාන්තා රූපයක් නිසා සිතට දැනුනු සිතුවිල්ලකි... ඇය ගැබිණියක් වීමත් දෑස් අග දිලිසුන කඳුලු බින්දුවකුත් හැරෙන්නට අනෙක් සීයල්ල මා සිතෙහි හටගත් සිතුවිලි පමණක් බව කරුණාවෙන් සලකන්න

මේ වගේ තවත් කවියක් මෙතනින්


බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

86 comments:

  1. ආදරේ රන් රුවන් පිළිරුව දෑස් ඉදිරියෙ බොල්ව ගිය කල
    සුසුම් හෙලමින් හඩනවා හැර කෙසේ යවිද ඇයට හොද කල

    අදහසක් උනත් නියමෙට ලියලා තියනවා...
    අහන දකින කෙනෙක්ටවත් මෙහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් තරුවෝ මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා

      Delete
  2. හෑ?? මීයා ගල්කිස්සෙත් ආවද? මට මිස් උනේ කොහොමද?

    //දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි//
    මේ මුළු මෙව්වා එකේම මම කැමතිම මෙන්න මේ පද පේලියට.

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි ඔයාගෙ නිත්‍ය පදිංචිය ගල්කිස්සෙ ද?

      Delete
    2. සලෙල සිත් වලටත් සිත් බැඳෙනවද?

      Delete
    3. දැන් ඉතින් නිත්‍ය වගේ තමා... ගෙදර එන්නේ සිකුරාදා හවස නේ.

      Delete
    4. අනේ පලයන් රජෝ යන්න.. අපි ගල් අස්සෙ නෑ නෑ ගල් කිස්සෙ රින්ගද්දි උබල ගේට්ටුව ගාවට කිරි මාමා එන්නෙත් නෑ


      @කිරිල්ලි
      කිරිල්ලියෙ ඒ ගෑනු ළමයට සුරංගනා ලෝකයක් පෙන්නුව වෙන්න බැරිද

      Delete
    5. මේ ළමය ගැන රජාට මොනද මේ තරම් අනුකම්පාවක්..

      Delete
  3. ලස්සනයි සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සතුටුයි

      Delete
  4. මෙඑ ගොඩයො අත්තටම ලස්සනට ලියල තියනව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .....

      ජිංජි මේ පැත්තට අලුත් වගේ .. සාදරෙන් පිලිගන්නවා

      Delete
  5. "ඉකිලන" කියන්නේ මොකක්ද බං මී ගොඩේ ?

    කවිය මැක්සා ආ.....! සමහර විට ඔය හේතුව නොවෙන්නත් පුළුවන්. මනුස්සයා මැරිලාද කියන්නත් බෑනේ බං. මන් කියන්නේ උඹේ උපකල්පනේ අතාත්විකයි, වැරදියි කියන එක නෙමේ හොඳේ.

    ReplyDelete
    Replies
    1. මනුස්සයා මැරිලා........ම්ම්ම්ම්ම් ම්හ් වෙන්න බෑ... මනුස්සය මැරුනනම් ඒ ඊට මාස 4කට පහකට උඩදි.. ඒවගේ කෙනෙක් වෙරළකත තනියම එයිද??

      අනේ මන්දා පැතුමෝ.. සමහර විට මහත්තය රට ගිය කෙනෙක් තනියම ඉන්න කම්මලි හින්දා හවස මුහුදු වෙරලට ආවනම් වෙන්න පුලුවන්..

      Delete
    2. කෝ මී... ඉකිලන තේරුම් කරලා නෑනෙ

      ඉකිලන කියන්නෙ එතරම් හඩක් නොනැගෙන සේ උරහිස් හකුළුවමින් ඉකිගසමින් කරන හැඬුම. සිහින් ඉකිබිඳුම කියන්නෙග් මේකමයි. තදබල මානසික බිඳවැටීමකදී ස්ත්‍රී පාර්ශවය මේ ක්‍රමය අනුගමනය කරනවා. 64 මායමෙත් තියෙනවද කොහෙද...

      Delete
    3. අනේ මට ඒක පැහැදිලි කරන්න මිස් උනා. තැන්කිව් අය්යා... ගීතයකත් තියනව ඔය වචනේ

      " වේදනාව නෙතු අගට ගලාවිත් ඉකිලන නිහඳ රැයේ"

      Delete
  6. දුක හිතෙන කවියක් ලස්සනට ලියලා තියෙනවා සහෝ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු...

      Delete
  7. //දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි//

    මෙහෙම වෙනවාද? :)

    ලස්සනයි.. අමුතුයි.. අපූරුයි!!!

    ReplyDelete
    Replies
    1. ඒ ගෑනු කෙනාගෙ හිත රැවට්ටල වෙන්න බැරිද

      Delete
  8. අෆ්ෆා.. මම අදනෙ දන්නෙ මම ඔයාගෙ බ්ලොග් එක ෆලෝ කරලා නැති බව... :( කොහොමද මට මිස් වුනේ???

    ReplyDelete
    Replies
    1. හෑ.. දැඩි දඩුවම් පමුනවන්න වටින්නේ

      Delete
  9. මැක්සා කවියක් ආ.. එහෙනම් මේක " සිතුවිල්ලක් පමණී නොවේ" වර්ගයේ එකක්... :) ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. යතාර්තයට ජීවය දුන් සිතුව්විල්ලක් පමණි... හරිද මන්දා

      Delete
  10. මීයාට ..කවිත් ලියතෑකිනෙ බොලේ...
    මේ........ ගල්කිස්සෙ වෙරලට ගියේ......තනියමද..?

    ReplyDelete
    Replies
    1. ආ...දැන් මෙයා "මීයා" වෙලාද? :)

      Delete
    2. මී ගොඩයා තරහා වෙයිද මංදා...? යාලුපිට් එකට කිව්වෙ.

      Delete
    3. මූ මීයා තමා... මමත් කියන්නෙ මීයා.

      Delete
    4. වී පොකුරො... ගල්කිස්සෙ වෙරලට ගියෙ තනියම නෙවෙයි .. තව පොඩි මීයෙක් එක්ක

      Delete
    5. චූස් චූස් චූස් .......

      අනෙ ඔක්කොටම මහාමාරිය හැදියන්... රජාටයි වී පොකුරටයි.. බෝනස් ලෙස මී උනත් හැදියන්

      Delete
    6. ආ.. මීයෝ... ඉතින් කොහොමද? මෙයා ගල්කිස්සෙ වෙරළට ගියේ මීච්චියක් එක්කද දන්නෑ

      Delete
  11. ලස්සනයි මී යාළු..:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ

      Delete
  12. ආ .... මී ගොඩයට ගේය පද සංකල්පනාත් පහළ වෙනව නොවැ.

    ReplyDelete
    Replies
    1. අහ් .. එව්ව තමා වැඩියෙන් පහල වෙන්නේ

      හැබැයි ගේය පද කියන්නෙ නම් කවියක් නිසදැදක් ගීතයක් ලෙස කල එලි දැක්කට පස්සෙ

      Delete
    2. ආ .... එහෙමද? මම ඔය සිංහල වැඩි පුර දන්නෙ නෑ බං. වැඩි ප්‍රශ්නෙකුත් නෑ, ඉතින් ඕක ගීතයක් ලෙස එලිදක්කපන්කෝ ....

      Delete
    3. හික්ස්.. අනේ විහිළු මොකර ඉදින්.. මට උබෙ බ්ලොග් එක හොයාගන්න බෑ DDT ලින්ක් එක දීපන්කො

      Delete
    4. මඟුලක් කතා කරනව. මටත් ඒකෙ ලින්ක් එය හොයා ගන්න බෑ බං. :)

      මට මොන බ්ලොග්ද බං. ඔය බ්ලොගර් ප්‍රොෆයිල් එක අටවගෙන තියෙන්නෙ කමෙන්ට් කරන්න විතරයි. බලමු තව පහුවෙල. ලියන්න පටන්ගන්න ඕන හොඳට කියවල. අවුරුදු දෙක-තුනක් තිස්සෙ කියවනව. තාම ලියන්න හිතුනෙ නෑ. ස්තූතියි ඒ ගැන ඇහැව්වට.

      Delete
  13. කවියනම් ලස්සනයි.
    අදමයි මේ පැත්තෙ ආවෙ

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා... සුමිත් අය්යවත්

      ආපහු එන්න.. මමත් ඒ පැත්තෙ ගියා කිසිම ප්‍රහාරයක් එල්ල කරලා නෑනේ

      Delete
  14. මී ගොඩයාගේ කවි නියමයි නේ...නිකන් මී පැණි වගේ.

    සිද්ධියනම් දුක්බරයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි

      Delete
  15. ජිවිතයේ සැබෑ අරුත ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... අනෙ මන්දා රොබින් අය්යා... මට හිතුන විදිය තමා...

      Delete
  16. ලස්සනයි සුදු අයියෝ හුගක්ම..
    ඔන්න මට නම් මේවගේ අදහස් එන්නේ නෑ. මොකද මම ගල්කිස්සේ යන්නේ නෑ හුළග වැඩීනේ බයට...

    ReplyDelete
    Replies
    1. බට්ටි ගල්කිස්සෙ ගියොත් මහරගම හරියෙ ගහක ඉදියිද

      Delete
    2. ඈ.... මෙන්න බොලේ සුදු අය්යා කියලෝ.....!!!!

      Delete
    3. කවුද බොලේ ‘සුදු අයියා‘.

      Delete
  17. ඇත්තටම ඇත්තටම ඇත්තටම....... වෙන මොනවත්ම එදා හිතුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. එර්‍ර උබව කොටියම කාපිය... බඩ දරු අම්ම කෙනෙක් දුකින් ඉන්නවා දැක්කහම වෙන මොනවද හිතෙන්නේ.

      Delete
  18. “මතක මංපෙත කටුපඳුරු මැද හිතට වද දී නැගෙන මොහොතෙදි
    ඈ හෙලන එක සුසුම් පොදකින් මේ කුලක්වත් නොසෙල්වෙන්නැති“

    පිස්සු හැදෙනව අයියෝ....

    ReplyDelete
    Replies
    1. හා හා පික්ෂු හදාගන්න එපා

      Delete
  19. අරුත්බර කවියක්...හ්හ්ම්ම්....
    මමත් දවසක් දැක්කා තරුණ ළමහෙක් මහනුවර ගුඩ්ෂෙඩ් එක ගාවා අඩමින් උන්නා....
    දෙනෝ දහක් යන පාර අයිනේ........
    මාව සසල කළ ඒ දර්ශනය අදටත් මට මතක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. ආහ් ගුඩ් ශෙඩ්.. මම ආසම තැනක්.... ඌඋප්ස්ස්... ඔයා මගෙ ෆන්ම දවසක් මතක් කලේ...

      දම්මි නුවරද???

      Delete
    2. නෑ මම පන්ගහ

      Delete
  20. දරුවෙක්ගෙන් අවසන් වුණු ප්‍රේමයක්

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවෙනම් එහෙම .. මගේ නිගමනය වරදින්නත් පුලුවන්

      Delete
  21. ///වරද ඈගේ නොවේමැයි ඒ දෛවයේ සරදමක් වෙන්නැති/// දැනෙන්න ලියල තියනවා...

    ReplyDelete
    Replies
    1. මම ඉතින් මැජික් කාරයනෙ ලොකය්යේ......

      Delete
  22. ලස්සනට ලියලා තියෙනවා.. මම ගොඩක් කැමැති
    "ආදරේ රන් රුවන් පිළිරුව දෑස් ඉදිරියෙ බොල්ව ගිය හැටි
    මතක් කර ඈ හෙලන සුසුමන් පවනෙ මුසුවී පාව යන්නැති" මේ කෑල්ලට .. ලස්සන වචන ටික

    ජය ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මමත් ඒ ටිකට වැඩිපුර කැමතිද මන්දා

      Delete
  23. ගල්කිස්සේ.. මුදූ වෙරළේ.. හවසක ගිහිල්ල බලන්න.. :D

    ReplyDelete
    Replies
    1. මන් හිතන්නේ එ කෙනාට දැන් මාස හයක විතර දරුවෙක් ඇති..ඇරත් ඒ මනුස්සය හැමදාම බීච් එන්නෙත් නැතුව ඇති..

      කැසැන්ඩර් අය්යගෙ වෙලාව අපතෙ යයි

      Delete
  24. මීගොඩයත් කවියෙක් වුනා එහෙනම්... ලස්සන කවිය... අරුත්බරයි

    ReplyDelete
    Replies
    1. ටැන්කිව් ටැන්කිව්

      Delete
  25. පුදුම ලස්සනයි... කවි ලන්දේ මන් දැකපු ලස්සනම කවිය....

    සිංදුවක් කරලා ගායකයෙක් ලවා කියවන්න වටිනවා....

    ReplyDelete
    Replies
    1. මීටවඩා හොඳ කොමෙන්ටුවක් මට ජීවිතේට ලැබෙන එකක් නෑ අෆ්ෆා....

      ඩබල් ටැන්කිව් එකක් ඔයාට මගෙන්

      Delete
  26. කවි ටික ලස්සනම ලස්සනයි අයියේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතූ

      Delete
  27. මීගොඩ යටත් ඉදහිටල හරි බොහොම දාර්ශනික කවි සිතුවිලිත් පහල වෙනව එහෙනම් ඈ..?

    ReplyDelete
    Replies
    1. දාර්ශනික :O

      අනේ මන්දා... :)

      Delete
  28. ඇත්තටම ලස්සනයි සංව්දී කවියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසර්

      Delete
  29. Replies
    1. ස්තිතියි පුබුදු

      Delete
  30. අම්මියෝ....මන් සැහෙන්න කාලෙකින් බ්ලොග් පැත්තේ ආවා.... සමාවෙන්න යාලු එන්න පරක්කු උනාට....:(
    කවිය හුගක් හිතට දැනුනා. හ්ම්ම්.... අනේ මෙවගේ දුකක් කාටවත්ම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.
    හුගක් ලස්සනයි කවියක් අයියේ...:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරු....

      මොකෝ උනේ.. අසනීපෙන් වත් හිටියද

      Delete
    2. පහුගිය ටිකේ සැහෙන්න ප්‍රශ්න අයියේ.. ඒවා ඉවරයක්‌ කරන් ආවා...

      Delete
  31. ලෙසටම තියෙන්නෙ.....ජය!

    ReplyDelete
  32. නියමයි...අදහස නියමෙටම ඉදිරිපත් කරලා තියෙනවා....

    "ප්‍රේමයක කුළුඳුලේ සුවඳට තරුන හතවත් ඇදෙන යුගයෙදි
    සුරූපී යුවතියක් විය ඈ දකින දෙනෙතක් ඉවත යන්නැති
    දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි
    වරද ඈගේ නොවේමැයි ඒ දෛවයේ සරදමක් වෙන්නැති"

    වරද කාගේද??? ඇගේද ඔහුගේද ...නැත්නම් මේ සමාජයේද....
    නැතහොත් දෛවයමද .....දෛවය ඇයි ඇයට මෙතරම් සරදම් කරන්නෙ ....

    ReplyDelete
    Replies
    1. හරි හාමන් උත්තරයක් දෙන්න මටනම් දැනුමක් නෑ

      Delete
  33. මාතෘකාව වගේම අව‍ට පරිසරයත් ලස්සනටම කියල තියෙනවා...ඇත්තටම අරුත්බර කවියක්...හරිම ලස්සනයි...

    දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි
    වරද ඈගේ නොවේමැයි ඒ දෛවයේ සරදමක් වෙන්නැති

    මම ආසයි මේ පද ටිකට.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිහින සිත්තම්

      Delete
  34. කවිය ......
    සවිය ......
    දිවිය ......

    ReplyDelete