ආදරේ රන් රුවන් පිළිරුව දෑස් ඉදිරියෙ බොල්ව ගිය හැටි
නිමක් නැතිවූ විහඟ සර මැද හිරු ගිලී මියැදෙනා වරුවකි
එහිරු රැස් වැද වෙරළ අයිනේ හුදකලා වූ පුංචි ඔරුවකි
සුමුදු පෙන පිඩු පෙරලිලා විත් දෙපා සිඹ සනසනා මොහොතෙදි
ඔරුකඳට බර වෙමින් ඉකිලන දරු ගැබක් අති තරුන අඟනකි
මතක මංපෙත කටුපඳුරු මැද හිතට වද දී නැගෙන මොහොතෙදි
ඈ හෙලන එක සුසුම් පොදකින් මේ කුලක්වත් නොසෙල්වෙන්නැති
ප්‍රේමයක කුළුඳුලේ සුවඳට තරුන හතවත් ඇදෙන යුගයෙදි
සුරූපී යුවතියක් විය ඈ දකින දෙනෙතක් ඉවත යන්නැති
දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි
වරද ඈගේ නොවේමැයි ඒ දෛවයේ සරදමක් වෙන්නැති
ආදරේ රන් රුවන් පිළිරුව දෑස් ඉදිරියෙ බොල්ව ගිය හැටි
මතක් කර ඈ හෙලන සුසුමන් පවනෙ මුසුවී පාව යන්නැති
එහිරු රැස් වැද වෙරළ අයිනේ හුදකලා වූ පුංචි ඔරුවකි
සුමුදු පෙන පිඩු පෙරලිලා විත් දෙපා සිඹ සනසනා මොහොතෙදි
ඔරුකඳට බර වෙමින් ඉකිලන දරු ගැබක් අති තරුන අඟනකි
මතක මංපෙත කටුපඳුරු මැද හිතට වද දී නැගෙන මොහොතෙදි
ඈ හෙලන එක සුසුම් පොදකින් මේ කුලක්වත් නොසෙල්වෙන්නැති
ප්‍රේමයක කුළුඳුලේ සුවඳට තරුන හතවත් ඇදෙන යුගයෙදි
සුරූපී යුවතියක් විය ඈ දකින දෙනෙතක් ඉවත යන්නැති
දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි
වරද ඈගේ නොවේමැයි ඒ දෛවයේ සරදමක් වෙන්නැති
ආදරේ රන් රුවන් පිළිරුව දෑස් ඉදිරියෙ බොල්ව ගිය හැටි
මතක් කර ඈ හෙලන සුසුමන් පවනෙ මුසුවී පාව යන්නැති
ප.ලි.ල
මීට වසර කිහිපයකට පෙර ගල්කිස්ස මුහුදු වෙරළට ගිය අවස්ථාවක නෙතගැටුනු කාන්තා රූපයක් නිසා සිතට දැනුනු සිතුවිල්ලකි... ඇය ගැබිණියක් වීමත් දෑස් අග දිලිසුන කඳුලු බින්දුවකුත් හැරෙන්නට අනෙක් සීයල්ල මා සිතෙහි හටගත් සිතුවිලි පමණක් බව කරුණාවෙන් සලකන්න
මීට වසර කිහිපයකට පෙර ගල්කිස්ස මුහුදු වෙරළට ගිය අවස්ථාවක නෙතගැටුනු කාන්තා රූපයක් නිසා සිතට දැනුනු සිතුවිල්ලකි... ඇය ගැබිණියක් වීමත් දෑස් අග දිලිසුන කඳුලු බින්දුවකුත් හැරෙන්නට අනෙක් සීයල්ල මා සිතෙහි හටගත් සිතුවිලි පමණක් බව කරුණාවෙන් සලකන්න
මේ වගේ තවත් කවියක් මෙතනින්
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,,
මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
ආදරේ රන් රුවන් පිළිරුව දෑස් ඉදිරියෙ බොල්ව ගිය කල
ReplyDeleteසුසුම් හෙලමින් හඩනවා හැර කෙසේ යවිද ඇයට හොද කල
අදහසක් උනත් නියමෙට ලියලා තියනවා...
අහන දකින කෙනෙක්ටවත් මෙහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා...
ඔව් තරුවෝ මමත් එහෙම ප්‍රාර්ථනා කරනවා
Deleteහෑ?? මීයා ගල්කිස්සෙත් ආවද? මට මිස් උනේ කොහොමද?
ReplyDelete//දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි//
මේ මුළු මෙව්වා එකේම මම කැමතිම මෙන්න මේ පද පේලියට.
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ඇයි ඔයාගෙ නිත්‍ය පදිංචිය ගල්කිස්සෙ ද?
Deleteසලෙල සිත් වලටත් සිත් බැඳෙනවද?
Deleteදැන් ඉතින් නිත්‍ය වගේ තමා... ගෙදර එන්නේ සිකුරාදා හවස නේ.
Deleteඅනේ පලයන් රජෝ යන්න.. අපි ගල් අස්සෙ නෑ නෑ ගල් කිස්සෙ රින්ගද්දි උබල ගේට්ටුව ගාවට කිරි මාමා එන්නෙත් නෑ
Delete@කිරිල්ලි
කිරිල්ලියෙ ඒ ගෑනු ළමයට සුරංගනා ලෝකයක් පෙන්නුව වෙන්න බැරිද
මේ ළමය ගැන රජාට මොනද මේ තරම් අනුකම්පාවක්..
Deleteලස්සනයි සුන්දරයි...
ReplyDeleteස්තුතියි සතුටුයි
Deleteමෙඑ ගොඩයො අත්තටම ලස්සනට ලියල තියනව
ReplyDeleteස්තුතියි .....
Deleteජිංජි මේ පැත්තට අලුත් වගේ .. සාදරෙන් පිලිගන්නවා
"ඉකිලන" කියන්නේ මොකක්ද බං මී ගොඩේ ?
ReplyDeleteකවිය මැක්සා ආ.....! සමහර විට ඔය හේතුව නොවෙන්නත් පුළුවන්. මනුස්සයා මැරිලාද කියන්නත් බෑනේ බං. මන් කියන්නේ උඹේ උපකල්පනේ අතාත්විකයි, වැරදියි කියන එක නෙමේ හොඳේ.
මනුස්සයා මැරිලා........ම්ම්ම්ම්ම් ම්හ් වෙන්න බෑ... මනුස්සය මැරුනනම් ඒ ඊට මාස 4කට පහකට උඩදි.. ඒවගේ කෙනෙක් වෙරළකත තනියම එයිද??
Deleteඅනේ මන්දා පැතුමෝ.. සමහර විට මහත්තය රට ගිය කෙනෙක් තනියම ඉන්න කම්මලි හින්දා හවස මුහුදු වෙරලට ආවනම් වෙන්න පුලුවන්..
කෝ මී... ඉකිලන තේරුම් කරලා නෑනෙ
Deleteඉකිලන කියන්නෙ එතරම් හඩක් නොනැගෙන සේ උරහිස් හකුළුවමින් ඉකිගසමින් කරන හැඬුම. සිහින් ඉකිබිඳුම කියන්නෙග් මේකමයි. තදබල මානසික බිඳවැටීමකදී ස්ත්‍රී පාර්ශවය මේ ක්‍රමය අනුගමනය කරනවා. 64 මායමෙත් තියෙනවද කොහෙද...
අනේ මට ඒක පැහැදිලි කරන්න මිස් උනා. තැන්කිව් අය්යා... ගීතයකත් තියනව ඔය වචනේ
Delete" වේදනාව නෙතු අගට ගලාවිත් ඉකිලන නිහඳ රැයේ"
දුක හිතෙන කවියක් ලස්සනට ලියලා තියෙනවා සහෝ!
ReplyDeleteස්තුතියි ලහිරු...
Delete//දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි//
ReplyDeleteමෙහෙම වෙනවාද? :)
ලස්සනයි.. අමුතුයි.. අපූරුයි!!!
ඒ ගෑනු කෙනාගෙ හිත රැවට්ටල වෙන්න බැරිද
Deleteඅෆ්ෆා.. මම අදනෙ දන්නෙ මම ඔයාගෙ බ්ලොග් එක ෆලෝ කරලා නැති බව... :( කොහොමද මට මිස් වුනේ???
ReplyDeleteහෑ.. දැඩි දඩුවම් පමුනවන්න වටින්නේ
Deleteමැක්සා කවියක් ආ.. එහෙනම් මේක " සිතුවිල්ලක් පමණී නොවේ" වර්ගයේ එකක්... :) ලස්සනයි..
ReplyDeleteයතාර්තයට ජීවය දුන් සිතුව්විල්ලක් පමණි... හරිද මන්දා
Deleteමීයාට ..කවිත් ලියතෑකිනෙ බොලේ...
ReplyDeleteමේ........ ගල්කිස්සෙ වෙරලට ගියේ......තනියමද..?
ආ...දැන් මෙයා "මීයා" වෙලාද? :)
Deleteමී ගොඩයා තරහා වෙයිද මංදා...? යාලුපිට් එකට කිව්වෙ.
Deleteමූ මීයා තමා... මමත් කියන්නෙ මීයා.
Deleteමී මලේ....
Deleteවී පොකුරො... ගල්කිස්සෙ වෙරලට ගියෙ තනියම නෙවෙයි .. තව පොඩි මීයෙක් එක්ක
Deleteචූස් චූස් චූස් .......
Deleteඅනෙ ඔක්කොටම මහාමාරිය හැදියන්... රජාටයි වී පොකුරටයි.. බෝනස් ලෙස මී උනත් හැදියන්
ආ.. මීයෝ... ඉතින් කොහොමද? මෙයා ගල්කිස්සෙ වෙරළට ගියේ මීච්චියක් එක්කද දන්නෑ
Deleteලස්සනයි මී යාළු..:)
ReplyDeleteස්තුතියි හිරූ
Deleteආ .... මී ගොඩයට ගේය පද සංකල්පනාත් පහළ වෙනව නොවැ.
ReplyDeleteඅහ් .. එව්ව තමා වැඩියෙන් පහල වෙන්නේ
Deleteහැබැයි ගේය පද කියන්නෙ නම් කවියක් නිසදැදක් ගීතයක් ලෙස කල එලි දැක්කට පස්සෙ
ආ .... එහෙමද? මම ඔය සිංහල වැඩි පුර දන්නෙ නෑ බං. වැඩි ප්‍රශ්නෙකුත් නෑ, ඉතින් ඕක ගීතයක් ලෙස එලිදක්කපන්කෝ ....
Deleteහික්ස්.. අනේ විහිළු මොකර ඉදින්.. මට උබෙ බ්ලොග් එක හොයාගන්න බෑ DDT ලින්ක් එක දීපන්කො
Deleteමඟුලක් කතා කරනව. මටත් ඒකෙ ලින්ක් එය හොයා ගන්න බෑ බං. :)
Deleteමට මොන බ්ලොග්ද බං. ඔය බ්ලොගර් ප්‍රොෆයිල් එක අටවගෙන තියෙන්නෙ කමෙන්ට් කරන්න විතරයි. බලමු තව පහුවෙල. ලියන්න පටන්ගන්න ඕන හොඳට කියවල. අවුරුදු දෙක-තුනක් තිස්සෙ කියවනව. තාම ලියන්න හිතුනෙ නෑ. ස්තූතියි ඒ ගැන ඇහැව්වට.
කවියනම් ලස්සනයි.
ReplyDeleteඅදමයි මේ පැත්තෙ ආවෙ
සාදරෙන් පිලිගන්නවා... සුමිත් අය්යවත්
Deleteආපහු එන්න.. මමත් ඒ පැත්තෙ ගියා කිසිම ප්‍රහාරයක් එල්ල කරලා නෑනේ
මී ගොඩයාගේ කවි නියමයි නේ...නිකන් මී පැණි වගේ.
ReplyDeleteසිද්ධියනම් දුක්බරයි.
ස්තුතියි සයුරි
Deleteජිවිතයේ සැබෑ අරුත ...
ReplyDeleteහ්ම්ම්ම්ම්... අනෙ මන්දා රොබින් අය්යා... මට හිතුන විදිය තමා...
Deleteලස්සනයි සුදු අයියෝ හුගක්ම..
ReplyDeleteඔන්න මට නම් මේවගේ අදහස් එන්නේ නෑ. මොකද මම ගල්කිස්සේ යන්නේ නෑ හුළග වැඩීනේ බයට...
බට්ටි ගල්කිස්සෙ ගියොත් මහරගම හරියෙ ගහක ඉදියිද
Deleteඈ.... මෙන්න බොලේ සුදු අය්යා කියලෝ.....!!!!
Deleteකවුද බොලේ ‘සුදු අයියා‘.
Deleteඇත්තටම ඇත්තටම ඇත්තටම....... වෙන මොනවත්ම එදා හිතුනේ නැද්ද?
ReplyDeleteඑර්ර උබව කොටියම කාපිය... බඩ දරු අම්ම කෙනෙක් දුකින් ඉන්නවා දැක්කහම වෙන මොනවද හිතෙන්නේ.
Delete“මතක මංපෙත කටුපඳුරු මැද හිතට වද දී නැගෙන මොහොතෙදි
ReplyDeleteඈ හෙලන එක සුසුම් පොදකින් මේ කුලක්වත් නොසෙල්වෙන්නැති“
පිස්සු හැදෙනව අයියෝ....
හා හා පික්ෂු හදාගන්න එපා
Deleteඅරුත්බර කවියක්...හ්හ්ම්ම්....
ReplyDeleteමමත් දවසක් දැක්කා තරුණ ළමහෙක් මහනුවර ගුඩ්ෂෙඩ් එක ගාවා අඩමින් උන්නා....
දෙනෝ දහක් යන පාර අයිනේ........
මාව සසල කළ ඒ දර්ශනය අදටත් මට මතක් වෙනවා...
ආහ් ගුඩ් ශෙඩ්.. මම ආසම තැනක්.... ඌඋප්ස්ස්... ඔයා මගෙ ෆන්ම දවසක් මතක් කලේ...
Deleteදම්මි නුවරද???
නෑ මම පන්ගහ
Deleteදරුවෙක්ගෙන් අවසන් වුණු ප්‍රේමයක්
ReplyDeleteමමත් හිතුවෙනම් එහෙම .. මගේ නිගමනය වරදින්නත් පුලුවන්
Delete///වරද ඈගේ නොවේමැයි ඒ දෛවයේ සරදමක් වෙන්නැති/// දැනෙන්න ලියල තියනවා...
ReplyDeleteමම ඉතින් මැජික් කාරයනෙ ලොකය්යේ......
Deleteලස්සනට ලියලා තියෙනවා.. මම ගොඩක් කැමැති
ReplyDelete"ආදරේ රන් රුවන් පිළිරුව දෑස් ඉදිරියෙ බොල්ව ගිය හැටි
මතක් කර ඈ හෙලන සුසුමන් පවනෙ මුසුවී පාව යන්නැති" මේ කෑල්ලට .. ලස්සන වචන ටික
ජය ....
ස්තුතියි මමත් ඒ ටිකට වැඩිපුර කැමතිද මන්දා
Deleteගල්කිස්සේ.. මුදූ වෙරළේ.. හවසක ගිහිල්ල බලන්න.. :D
ReplyDeleteමන් හිතන්නේ එ කෙනාට දැන් මාස හයක විතර දරුවෙක් ඇති..ඇරත් ඒ මනුස්සය හැමදාම බීච් එන්නෙත් නැතුව ඇති..
Deleteකැසැන්ඩර් අය්යගෙ වෙලාව අපතෙ යයි
මීගොඩයත් කවියෙක් වුනා එහෙනම්... ලස්සන කවිය... අරුත්බරයි
ReplyDeleteටැන්කිව් ටැන්කිව්
Deleteපුදුම ලස්සනයි... කවි ලන්දේ මන් දැකපු ලස්සනම කවිය....
ReplyDeleteසිංදුවක් කරලා ගායකයෙක් ලවා කියවන්න වටිනවා....
මීටවඩා හොඳ කොමෙන්ටුවක් මට ජීවිතේට ලැබෙන එකක් නෑ අෆ්ෆා....
Deleteඩබල් ටැන්කිව් එකක් ඔයාට මගෙන්
කවි ටික ලස්සනම ලස්සනයි අයියේ....
ReplyDeleteස්තුතියි සිතූ
Deleteමීගොඩ යටත් ඉදහිටල හරි බොහොම දාර්ශනික කවි සිතුවිලිත් පහල වෙනව එහෙනම් ඈ..?
ReplyDeleteදාර්ශනික :O
Deleteඅනේ මන්දා... :)
ඇත්තටම ලස්සනයි සංව්දී කවියක්.
ReplyDeleteස්තුතියි අසර්
Deleteඑළ!!!
ReplyDeleteස්තිතියි පුබුදු
Deleteඅම්මියෝ....මන් සැහෙන්න කාලෙකින් බ්ලොග් පැත්තේ ආවා.... සමාවෙන්න යාලු එන්න පරක්කු උනාට....:(
ReplyDeleteකවිය හුගක් හිතට දැනුනා. හ්ම්ම්.... අනේ මෙවගේ දුකක් කාටවත්ම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.
හුගක් ලස්සනයි කවියක් අයියේ...:)
ස්තුතියි හිරු....
Deleteමොකෝ උනේ.. අසනීපෙන් වත් හිටියද
පහුගිය ටිකේ සැහෙන්න ප්‍රශ්න අයියේ.. ඒවා ඉවරයක් කරන් ආවා...
Deleteලෙසටම තියෙන්නෙ.....ජය!
ReplyDeleteතැන්කිව්
Deleteනියමයි...අදහස නියමෙටම ඉදිරිපත් කරලා තියෙනවා....
ReplyDelete"ප්‍රේමයක කුළුඳුලේ සුවඳට තරුන හතවත් ඇදෙන යුගයෙදි
සුරූපී යුවතියක් විය ඈ දකින දෙනෙතක් ඉවත යන්නැති
දෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි
වරද ඈගේ නොවේමැයි ඒ දෛවයේ සරදමක් වෙන්නැති"
වරද කාගේද??? ඇගේද ඔහුගේද ...නැත්නම් මේ සමාජයේද....
නැතහොත් දෛවයමද .....දෛවය ඇයි ඇයට මෙතරම් සරදම් කරන්නෙ ....
හරි හාමන් උත්තරයක් දෙන්න මටනම් දැනුමක් නෑ
Deleteමාතෘකාව වගේම අවට පරිසරයත් ලස්සනටම කියල තියෙනවා...ඇත්තටම අරුත්බර කවියක්...හරිම ලස්සනයි...
ReplyDeleteදෙනෝදාහක් ලෝ දනන් මැද සලෙල සිතකට සිත බැඳුන හැටි
වරද ඈගේ නොවේමැයි ඒ දෛවයේ සරදමක් වෙන්නැති
මම ආසයි මේ පද ටිකට.....
ස්තුතියි සිහින සිත්තම්
Deleteකවිය ......
ReplyDeleteසවිය ......
දිවිය ......