Wednesday 16 April 2014

ඉස්සරහ, හතරමං හන්දියක්

















වීරයෙක් කියන්නෙ තවත් එක ඉත්තෙකුට
දාම්පෙතක ඉදිරිපස පේළියට ගැලපෙන
ඔටුන්නක් පෙන්නමින් රැගෙනයන අතරමඟ
බිල්ලක් ලෙසින් හිසදෙන්න නියමිත

සංග කියන්නෙත් ලෝ දිනූ වීරයෙක්
තාම මේ කෙළිය ගැන නොදන්නා හාදයෙක්
සකසාවි බාගන්න එක්වෙලා පිඹුරුපත්
පවසාවි පොදුවෙන්න, ඒක ඇඹරූ ඇමක්

පොදුවෙලා පොරවෙලා දිනනවද කොටසක්
ඉන්න හැටියට ඉඳන් දිනනවද මුළු රටක්
තීරනේ උඹ අතේ උඹ අපිට ලෝකයක්
කල්පනාවෙන් සංගො ඉස්සරහ, හතරමං හන්දියක්
Read More

Friday 10 January 2014

පොඩිනෝ

 මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතාගේ සෙංකොට්ටං නවකථාව ඇසුරින් උපන්නකි




මොනර මූසල හැඩුම් මැද්දේ
අනගිහාමිගෙ හිනා සද්දේ
පැසුළුයම නිදි නොමැති හීනෙදි
උඹේ හිත තලනවද පොඩිනෝ

පළු වීර ගස් අතැ'ර වැටිමාර ගස්වලත්
එති එතී උඩට යන වැල් තියන හින්දා
නම්බුවගේ කේඬෑරී දේහය
පෙනුනෙ උත්තුංගවද පොඩිනෝ

දනවටක් දියබැසන් කිළිටි උලනා කලට
ඇලේ දියබුංකෙළින
පුතාගේ මුහුණුවර
අනගිහාමිගේ මූණ එක්කල
හිතෙන් උඹ කීවරක් සැසඳුවද පොඩිනෝ

හපකරපු කටු පවා තළුමරා ලෙවකන්න 

සුනඛයින් මාවතේ ඉවකරන හින්දා
අහිංසක හැඩකාර උඹවගේ එකියකට
ජීවිතය විඳින්නට පුළුවන්ද මන්දා ?


Read More

Wednesday 23 October 2013

සදාචාරයෙන් ඔබ්බට


හේමන්තයද අවසන එළඹෙන සිසිලනයක
සීතලෙන් ගල්ගැසී මියයන්න අවැසිය හිතවත
ඒකපර්ශවීය ප්‍රේමය ළය තුරුළටම ගෙන
මෙතුවක් අප්‍රකාශිත

සිසිළනය කෙලවර 

වසන්තයේ සුපුෂ්පිතයට නියමිත
චෙරිමලකට ආත්මය අරෝපනය කොට
බලාහිඳිමුද? පරාගනය වනතෙක්
ඔය ඹබරතුඩු පහසට ලොල්ව
අකැපනිසා මුකුළිතයට ආසන්න ඇට්ටේරියා මලකට
තුරුණු උණුසුම් බඹර චුම්බන

උයනක නොවී වනගුල්මයක 

සීතල දියදහරකට ලං ලංව
විකසිත වීනම්,

 හැකිවෙයි පරඬැල් ඇට්ටේරියාවටද
උණුසුමක් විඳගන්න ඹබර චුම්බනයක

හිතවත වෙනුවට සුපෙම්වතයැයි ආමන්ත්‍රණය කොට
පියවරක් තබා සදාචාරයෙන් ඔබ්බට

******** 




Read More

Tuesday 22 October 2013

සමනල සංහදිය



වත්තේ කොනට වෙන්න ඉන්දපු රෝස ගහේ හා හා පුරා කියල මලක් පිපිලා. ලස්සනයිනම් තමයි ඒත් ඉතින් පින්තූර පත්තරවල තියෙන එව්වතරම් ලස්සන නෑ. ඇරත් මේ කොළඹ ගිණිකූටකේ සාරෙට රෝසමල් පිපෙන්නේ කොහොමෙයි හරියට පෝරක්, වතුරක් වැටෙන්නැතුව.

මං වත්තේ මැදට වෙන්න තියන කනාටු පොල්ගහට හේත්තුවෙලා බලාන් උන්නේ මලවටේ කැරකෙන සමනලය දිහා. ඌ නිකන් රෝසම
වටේ කැරකෙන්නේ මල ඌටම අයිතියි වගේ. මල් කොහොමටත් අයිති සමනල්ලුන්ටලු
"කෙහෙම්මල" මම කිව්ව නෙවෙයි කියවුනා
"කෙල්ලේ මොනවද උඹ ඔය ගහ යටට වෙලා තනියම කියවන්නේ. වේලිච්ච පොලයක් වත් ඉහට වැටුනොත් ඉතින් මෙහේ බත් කනව බොරු ආන්  අහකට පලයන්.."  
මං කියපු එක අතුගගා හිටිය අම්මටත් ඇහිලා

"කියවනව නෙවෙයි අම්මා මම මේ ජීවිතේ හොයනවා..."

"ආ මේ මේ ඔය මල් ගස් අස්සේයි පොල් ගස් යටයි ඇති ජීවිතයක් නෑ.. ගෙට ගිහින් පොතක් බලාගනින් තා කී දොහද විභාගෙට තියෙන්නේ ඉන්පස්සෙ පුලුවන් උබට ඔය හොයන ජීවිතේ  ඕන තැනකින් හොයාගන්න"
"අමුතුවෙන් හොයන්න දෙයක් නෑ අම්මේ මට ජීවිතේ හම්බ උනා... ඒක දැන් නැතිවෙලත් ඉවරයි.. ඔව් නැත්තටම නැතිවෙලා විනාස වෙලා ඉවරයි" 
මං එහෙම හිතුව විතරයි අම්ම විඳින දහ දුක් අස්සේ ඒ දේවල් කියලා ඒ අහින්සක හිතේ ගිණි අවුලන්න ඕනේ උනේ නෑ..
ඒත් මං අම්මගේ කටේ හැටි හොඳටම දන්න හින්දා පොල් ගහයටින් අයින්වෙලා වටේන් ගිහින් ළිං බැම්මට හේත්තුවෙලා ආයෙත් රෝසමලට වහන්න එන සමනලයා දිහා බල්න් හිටියා..
සමනල්ලු කියන්නේ මහ අසික්කිත පිසාචයෝ ජාතියක්.
බොරුවෙන් වංචාවෙන් පිරිලා ඉතිරිලා , බැලූ බැල්මටනම් අහිසකයි වහේ තමයි ඒ උනාත එහෙම කපටි සතෙක් මේ ලෝකේ තවත් නෑ
පිටතින් පේන් ලස්සන් පාට . ඇල්ලුවහම දැනෙන මුදු මොළොක් ගති මොකුත්ම නෑ ඇතුලතින්.
උන්ට ඕනේ උන්ගේ බඩපුරගන්න විතරමයි, මලක් ගැන කිසිම හැඟීමක් නෑ. බොරු ආලවට්ටම් දාල මලවටේ කැරකුනාට, 
පැණි උරන්න කලින් මලට හාදු කිහිපයක් දුන්නට,
පැණි උරල ඉවර උනාට පස්සේ උන්ට මලෙන් වැඩක් නෑ.. උන් යනව යන්න ආයේ නේන්නම..
මේ මලිතියෝ මං උබට එකපාරක් කිව්ව ගෙට ගිහින් පොතක් බලාගනින් කියලා. ඔය තැන් තැන්වලට වෙලා මොනවද බොල කල්පනා කරන්නේ.. අයේ මං නොකිව්ව කියන්න එපා පොතේ පතේ වැඩ ඉවරනම් දවල්ට උයන්න ලූණු පහේ ටික කපල ගනින්.. මටම පුලුවනෑ මේ සුමේ තනියම කොරන්න
අම්මගේ කං කරච්චලේ ආයෙමත් පටන් ගත්ත දැන් ගෙට නොගියොත් අයේ ආවේස උනා වගේ කියවන එක සිකුරුයි. ළිඳ ගාවින් අයිවෙන්න කලින් මම අයේත් පාරක් රෝසමල දිහාත් සමනලය දිහාත් බැළුවා.. සමනලය මලට වහන්නයි ලෑස්තිය.
නපුරු සමනලයට පැනි බොන්න බැරිවෙන්න මල කඩල පොඩිකරල දාන්න හිතුන මට,
ඒත් සමනලය මලට වහද්දිම එකපාරටම දික්වෙච්ච දිවක් සමනලයව අල්ලගත්ත. අඩියක් දෙකක් ගහ ලඟට ලංවෙද්දි මං දැක්ක ගුරු පාටට හුරු කටුස්සෙක් රෝස ගහ යට ඉදන් දුවනවා.
"අනේ අද වගේම එදත් කටුස්සෙක් වත් හිටියනම්''.. මට නිකම්ම කියවුනා.
 

Read More

Thursday 8 August 2013

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර 2 ( රස කථා )

මේ බ්ලොග් කඩමාලේ කථා නෑ කවි විතරයි කියල නාහෙන් ඇඬන් උන් ගැන හටගත් පහන් සංවේගය උදෙසාම තබන සටහනක් මේක...

කථා නායිකාව තමා අපේ අයියගේ දූ පැටියා.... වයස අවුරුදු 6යි.. සිද්දිය උනේ දෙතුන් දොහකට කලින්

මීගොඩය කියන්නේත් ඉතින් නින්ද කියන දේ සත පහකට ගනන් ගන්නේ නැති කාර්ය සූර පුත්තරය හින්දා කොහොමත් නැගිටින්නේ වැඩට යන්න ඔන්න මෙන්න කියල තමා...

කොහොම හරි මං කොල්ල නැගිටිද්දි අර හිච්චි කෙල්ල නැගිටලා ලෑස්තිවෙලා ඔක්කම ඉවරයි.. දං ඇටයක් වගේ ඉන්න හාපැටියා කොච්චර හොඳ උනත් තියන අවුල තමා ඉස්කෝලෙ යන්න කලින් උම්ම දෙන්න මගේ කාමරේට එන එක.. ( ඒකිගෙ උම්ම එකක් වගේද අප්පා මගේ ස්වීට් නින්ද ) කොහොමත් ඉතින් ඔය කෙල්ලගෙ අම්මණ්ඩිත් ලෑස්තිවෙලා අඩු පාඩුවට සැන්ට් පොඩ්ඩක් ඇඟේ හලාගන්න මගේ කාමරේට මූණ් පොවනවා.. ඔය අතරේ තමා මේ කියන සිද්දිය උනේ

මමත් උදේ නැගිටින්න 7.00 එලාර්ම් එක  තියලා තමා තියෙන්නේ ( එලර්ම් ඔනේ නෑ . ඒ වෙලාවට ඇහරිලා ඒත් කම්මලි කමට ඇඳේ පෙරලි පෙරලි ඉන්නවනේ.. ඇත්තටම ඒ එලර්ම් එක නැගිටින්න නෙවෙයි ඇඳෙන් බහින්න ) ඉතින් ඔය වෙලාවේ කෙලි පැටියයි එයාගේ අම්මණ්ඩියි දෙන්නම් මගේ කාමරෙට සෙන්ට් පව්ඩර් හොරකමේ ඇවිත්.. අර එලාර්ම් එක වදිද්දි මං මීගොඩයා දවස ආරම්භ කරමින් සුභ උදෑසනක් අධෝවාතේ ( ඔව් ඔව් ගුඩ් මෝනිග් පඩේ තමා ) පිට කලා... මේ වෙලාවෙම ෆෝන් එකේ එලර්ම් එකත් වැදුනා..
මේක ඇහිච්ච කෙල්ල අපේ නෑණන්ඩිත් එක්ක  කියනවා.. " අම්මේ ඒකත් රිංවෙනවා මේකත් රිං වෙනවා" කියලා..
මං ඉතින් ඇහිච්ච නැති ගානට කොට්ටේ හපාගෙනහිනාව තද කොරන්  නිදි වගේ හිටියා..

මුං මේ වයසට මෙහෙමනම් ලොකු උනහම මොනවානම් නොකියයිද අපිට?


පුංචි කටින් කියවුණු ලොකු කතන්දර පළමු කොටසට මෙතනින්

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර
පුංචි කටින් කියවුණු ලොකු කතන්දර

පුංචි කටින් කියවුණු ලොකු කතන්දර

Read More

Wednesday 31 July 2013

ලීනවූ අරුතින් වදාලයි, "අනතිමානී බවක හරසර"












සිඳු සිඹින මග බලන දියත්තක අතරමග
බෑවුමක් මුණගැසෙන බිහිසුණුම ඉසව්වක
හිසනවා  යුහුසුළුව  ගිරිසිකර තරණයක
අගෙයි දුන්හිඳ ලඳුනි රූ සිරිය නුඹ මවන

ළපළු තුරු වදුළු වෙත ජීවයේ පැන් පොවන
දෙපා සිව්පා අපා පක්ෂි කැළ සනසවන
ශුෂ්ක වූ මිහිතලය නිවා සනහා රකින
මවකි නුඹ ලෝකයට සදා ජීවය සදන

ජීවිතේ ගමන් මග රළු පරළු ගල් පතර
පහත් වූ හිසින්, නමුත් එඩියෙන් වැතිර
විමුක්තිය ලබගෙන සුමුදු පෙණ පිඩු අතර

ලීනවූ අරුතින් වදාලයි, "අනතිමානී බවක හරසර"


*ලීන අරුතින් = සැඟවුණු අරුතින්
Read More

Thursday 25 July 2013

සාධාරණයි නේද හිතවත වන්සේ කබල් ගානවට වැඩිය













සුමිහිරි ගීතිකා කියන කොවුලන්ට
බිත්තර දාන්න ඇහැකිනම්  කපුටු කූඩුවක
කපුටන්ගේ ආදරණීයම ඇරයුමැ'තිව
යන්න තහනම් ඇයි කපුටු කූඩුවක විසුමට

සුළලිතමය ගීත ගයමින් රැඟුම් රඟනවා මිසක
කොවුල් සනුහරේ එකෙක්වත් හිතන්නෑ හෙටක් ගැන
වල්වැදීගිය පන්සලක්, පැටව් ඉන්න පාසලක් දැක්කම
පියාපතක් දෙකක් දීල උන් සතුටු කලත් එකෙක් ඉඳහිට

කළ සුගතියක් නෑ කොවුල් පරපුරේ පැවැත්මට

දිනෙන් දින වඳවෙන ජාතියක් එක්ක ලගිනාව වෙනුවට
යස ඉසුරු ඇතිව කපුටොත් එක්ක වෙසෙන එක
සැපයි කියල හිතුනොත් ප්‍රතිභාපූර්ණ කොවුලෙකුට
සාධාරණයි නේද හිතවත වන්සේ කබල් ගානවට වැඩිය


සුමිහිරි ගීතිකා කියන කොවුලන්ට
බිත්තර දාන්න ඇහැකිනම්  කපුටු කූඩුවක
කපුටන්ගේ ආදරණීයම ඇරයුමැ'තිව
යන්න තහනම් ඇයි කපුටු කූඩුවක විසුමට

තෙරුනේ නෑ වගේ කියල හිතෙනවනම් මෙතනට ගිහින් බලන්න
Read More

Sunday 21 July 2013

ඉල්ලනා විට රාහු පතිවත -සඳට කල හැකි යම් දෙයක් වෙද???

උඳුල සඳ නිවි අඳුරු අහසක්
හිතළුවක් නොව සුලභ දසුනක්

හුරුපුරුදු මුත් අපට ඒ රැය  ( චන්ද්‍රග්‍රහණය )
සඳටනම් බිහිසුණුම දවසක්

සෝදුපත් පිහි ගෙලට තදකොට
ගිරිය පුප්ප අඩිය හප්පා
ඉල්ලනා විට රාහු පතිවත
සඳට කල හැකි යම් දෙයක් වෙද

සූවිසාල මේ අහස් පැක්ට්‍රියේ
දහක් සඳවල් අතර දිදුලන
අළුත පෑයූ ලපටි පුන්සඳ
වීය රාහුගෙ අළුත් දඩයම

නොමින් වීරිය කරන රාහුට
සැපකි සැඟවුම සඳක් පැයකට
ඒත් මහතුනි සඳක් යනු
 

මේ විශ්වයේ නිකැලැල්ම වස්තුව
Read More

Monday 15 July 2013

ඇම



















බිලී කොකුවල අමුණලා දෙන පණුවෙකුගේ මලකුණක් දැක්කම
කලින් දැනගත් සියළු පාඩම් මතක නැතිවෙයි මසුන් රැලටම
රැවුල් දික්වුනු රතු ගුරාමින් කලත් විස්තර දැල්, උගුල්, ඇම
රොත්ත ගානෙම ඇමට අසුවෙයි කරුණු කී රතු එවුන් එක්කම

පාසි ගල්මල් ගුහා අස්සේ විමසනා ලෙස දුරට පෙනුනට
කන්න කිසිවක් තිබෙනවාදැයි පමණි බැලුවේ කුසේ ගින්නට
රවුම් කැරකී බල්ටි ගසමින් නොයෙක සංදර්ශනේ පෑවට
රැල්ල යන පැත්තටම යනු මිස පීනුවේ නෑ එකෙක් උඩහට

ප්‍රතිඥා පණු රැලක් ඇමිණූ බිලීකොකු සිය දහක් එකවර
වීසිකල බව මස් මරන්නන් මහ දියඹ වෙත අද පාන්දර

වෙරළ සරනා ඉදිඹුවෙක් විත් කලත් උන්හට කරුණු විස්තර
ඇමට අසුනොවනා එකෙක්වත් සොයාගත හැකිවේද සුමිතුර





Read More

Tuesday 18 June 2013

අපේ කාලේ විශාකාවක්

















පපුතුරේ න් බිළිඳු ඉඳුවර
හඬනු දැක ඉවසන්න බැරි තැන
පැල්පතක උන් විශාකාවක්
බැස්ස රෑ මරදානේ පාරට

සල්ලාල රෑ හුළඟ මොණරකොළ ගෙන පැමිණ
කිතිකවා සියොළඟම අදියි ඇඳ සිටි සාය පහලට
කිරි පිරී රිදුම් දෙන පයෝධර අතින් ගෙන
බවුන් වැඩුවා වි
ශාකවක්  සයනයක උඩුකුරුව වැතිරුණ

මිගාර තවම හිරගෙදර දානවා ඇති ගල් බෝර
යායුතුව ඇත වැලිකඩ බතක් බැඳගෙන හෙට පාන්දර
ආරාම පුජා පාරමිතාව  හිතේ මුල්ලකට ගුලිකර
කාසි අහුලයි රෑ පුරාවට ජීවිතය කඳුලට උකස්කර


පපුතුරේ හුන් බිළිඳු ඉඳුවර
හඬනු දැක ඉවසන්න බැරි තැන
පැල්පතක උන් විශාකාවක්
බැස්ස රෑ මරදානේ පාරට



Read More

Thursday 13 June 2013

"මෙ'විල සරසමි' ( ඡන්ද අයිතිය ඇති අයට පමණයි )



විලට අදිපති නිරිඳු කිඳුරා
මත්ස්‍ය පිරිවර ලඟට කැඳවා
පංච මහ විල් අභිබවාලා
"මෙ'විල සරසමි' කියයි දිවුරා

නෙළුම්, මානෙල්, ඕළු, කෙකටිය දිලෙයි හෙට වැව් දිය සිසාරා
ජපන් ජබරල, පාසි, බෙරලිය හරිමි පලවා විලෙන් සූරා
නීල දියවර දෙබෑකරගෙන වතුරමල් අහසට පියාඹා
හඬනගා පවසාවි අසිරිය ලො'වැසි මින් නෙත් මවිත කරවා


විසිල් ඔල්වර වරල් සද්දෙට විලේ දියකඳ සැලිසැලී
පස් පියුම් අහසින් වැටෙනකන් කුඩමසුන් ඇත පෙළ සැදී
පුරුදු ලෙසටම හෙටත් උන් හැම පාසි ඇල්ගී වළඳතී
කිඳුරු භවනට හැමට රහසි
න් අනවතප්තෙන් මල් එතී

විලට අදිපති නිරිඳු කිඳුරා
මත්ස්‍ය පිරිවර ලඟට කැඳවා
පංච මහ විල් අභිබවාලා
"මෙ'විල සරසමි' කියයි දිවුරා








Read More

Wednesday 29 May 2013

(අ)සහන

පුවතක්
අද  සිට විදුලි බිල   කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ආචාර්ය xxx xxx ඊයේ  පැවති මාධ්‍යසාකච්ඡාවකදී පැවසීය.

ඒකක 60ට අඩු පාරිබෝගිකයන්ට කිසිදු ගාස්තු වැඩිවීමක් නැත


 








ප්‍රිය සොඳුර ගර්ජනී,

මහ කැලේ මුළු ඇමති පිරිවර
ඒකත් ඡන්දයෙන් සම්මත
අලුත් අනපනත මෙන්න
දොස් වෙතොත් පවසන්න

"කලින් නියමකල පරිද්දෙන්
දිනකට එකාබගින්
ස්ව්ච්චාවෙන් පැමින
බිලිවිය යුතුයි සිංහ ලෙනවෙත"

අපූරුයි කේසර අපූර්යි
මඩ ගොහොරු කටුපඳුරු මැද
බඩ බිම උලාගෙන
ගොදුරු අල්ලා වෙහෙසයි දැන් මට
අපූරුයි කේසර අපූරුයී

"ගෝනුන් මුවන් සාවුන්
කුකුළන් මෙනම මොණරුන්
පැමිණිය යුතුයි නියමිත දිනට
නිදහට කරුණු නොකියාම
පලගැටියන් , සමනළුන් බත් කූරන්
අවැසි නෑ පැමිණෙන්න"

ආ .... ඒමොකද කේසර ඒ යට සහන

ඒ අය බොහොම පොඩි අය ..
අපේ හනුවටත් නොදැනෙන
Read More

Sunday 5 May 2013

මම හින්දි ඉගැන්වීමට උපන්නෙමි 3

ඔන්න දුවේ පුතේ අදත් ඔයාල එකතුවෙන්න යුගයේ ජනප්‍රියම දේශක මීගොඩයා සර් ඔබවෙත ගෙන එන හින්දි පාඩමත් සමග. පහුගිය පන්තිවලට සහභාගිනොවුනු දූලාපුතාලා ඉන්නවනම් පහත ලින්ක් දෙකෙන් ගිහින් ඒ පාඩම් ටික කියවල එන්න.


අදත් අපි එදිනේදා අපිට ඇහෙන වක්‍ය ඛණ්ඩ හා ගීත කොටස්වල තේරුම විමසා බලමු 

Graphics credited to sudumahaththaya 


පහුගිය පාඩම ගැන බොහොම සන්තෝසයි.... ඒවා හරිම අපූරුවට ගෝලීයකරණය වෙලා තිබ්බා.. ඒකියන්නේ මගේ නිබන්දන ගෝලයෝ ඒගොලන්ගේ වගේ මූනුපොතේ ෂෙයර් කරල තිබ්බ .. ඉතින් මට හරිම සන්තෝසයි

එහෙනම් අපි අලුත් පාඩමකින්  ආයෙත් හමුවෙනකන් ඔබ සැමට සුභ අනාගතයක්
Read More

Wednesday 1 May 2013

සොබා, රතු එළි

පොවා ඩීසල් මදින් මත් කළ
තුමුල බල නාලාගිරී
තලා පොඩිකළ කඩොල් යායක්
යකඩ දෙපයට පෑගුණී

මුනින් වැතිරී බදා මිහිලය
දුක කියන උත්තුංග දේහිත
මහා වෘක්ෂෙක දෙපා පාමුල
තියුණු දත් ඇති විදුලි කියතක්
සපා කෑ දත් ලකුණකී

වල් නැසූ වස විස එකතු වී
මහත් වෙහෙසින් හුස්ම අරගෙන
හෙමි හෙමින් පහලට ගලා ගොස්
සමුදුරට ගතු කියා හඬනා
කිළිටි සළු ඇඳි ගඟුලකී
 

උහුල ගන්නට බැරිම තැන දුක
සොබා දහමේ දූත පිරිවර
කොටුව පාමුල විසල් පවුරක
හස්තද්වාරිත අක්ෂරයකින්
දල්ව තිබුනා රතු එළි
  

"පුංචි තරවටුවක් විලාසෙට
දඟකැවී ගිය මහා හුළඟක්
සයුර කළඹා උදම් රැලක්
බයකරන්නට ළඟට එව්වට
කවරදාවත් හැදෙන්නෑ තොපී

කඩු කිණිසි පිස්තෝල අරගෙන
බිම් අඟලකට සටන් වැදුණට
දිය බිඳක් වෙනුවෙනුත් හෙට සිට
මරාගනියව් පිල් බෙදී"
Read More

Monday 1 April 2013

පූරුවේ කල පින් මට මදිද මන්දා...

තිඹිරිගෙය එක ලෙසට සටහන්
එකම කුලයක එකට අප හුන්
එදා පෙර දවසේ.... සොහොයුරන් වන් වූ

ඒත් අද නුඹ ලොවක් පුද ලද
පිළිරුවකි අභිමන්
නුඹට පුදදෙන දනන් යන එන
පියපෙලක නිති පයටන් පෑගෙන
කලුගලක් වී මා...
අවමාන මැද ජීවිතය ගෙවනා
කිමද අයියණ්ඩී ..මේ නුහුරු අරුමේ
පූරුවේ කල පින් මට මදිද මන්දා...

තිඹිරිගෙය එක ලෙසට සටහන්
එකම කුලයක එකට අප හුන්
එදා පෙර දවසේ.... සොහොයුරන් වන් වූ

****


යකුළු පහරින් තැලී පොඩිවී
යවුල් පහරින් හැඩ වෙවී
නියන පීරෙන් මට සිළිටුවී
අනුරුවක් වී...ලොවට ගරු වූ මා

උපත, පෙරපින් අහඹුවක් වන්වූ
හිතේ සවියෙන් ගතේ විරියෙන් ජීවිතය දිනවූ
 






Read More

Sunday 10 March 2013

මම ගෙදර එනවෝ

කඳුළු කැට කැට

තබා උගසට

නොරටියන්ගේ දෙපා පාමුල

සිහින විකුණා සිනහ ඇහිලූ

අඳුරු යුග යුග නිමා කරමින



සිහින සුව සිත් අතර රැඳවූ

මගේ පැල්පත මගේ සයනය

හැබෑවට නිදි සුව විඳින්නට

v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
v
මම ගෙදර එනවෝ ... එනවෝ... එනවෝ... එනවෝ... එනවෝ




Read More

Thursday 14 February 2013

පළගැටි ගීතය

සිඳීයන තෙල් නොමින් බී සොඳ
දඟකරයි වේගෙන් පහන් සිල
වැටී ගිණිකන දඟපාන වට
බලන් පළගැටියෙකුගෙ ඉරණම

කලින් වෙන්කල අඳුරු කුටියක
රෝස ඇතිරූ සුමුදු යහනක
මුදාහල මුහුළැසද වින්දා
ප්‍රේමයක් පැතු ලොව්තුරා සුව

දියත ජීවෙට ඌල පාදන
ප්‍රේම ස්වරයෙන් මන්මුලා කල
කොයිතරම් මිහිරියිද සවනට
මියෙන පළගැටියෙකුගෙ ගීතය
Read More

Saturday 9 February 2013

බෝ ඇසින් වට කඳුළු බිඳුවක්
















කප්පරක් දන දුක අසාගෙන
දන්න දා සිට පාර අයිනක
මහා කරුණා සිසිළ විහිදා
වැඩ විසූ බෝ සමිඳු අවසර

දිවෙන මාවත විසල් කෙරුමට
සැප පහසු ලෙස ගමන් යන්නට
බැරි නිසා අපෙ මැති තුමන්ලට
ඔබට ඉඩ නෑ මෙතන ඉන්නට

එපා මා හා උරණ වන්නට
මෙයයි මාගේ රාජකාරිය
කරන්නට වෙන දෙයක් නෑ මට
සභාවෙන් ඇත නියත විවරණ




ප.ලි.
      මේ තියෙන්නේ මහරගම බෝධියේ චායාරූපයක්.. ගූගල් කරල හොයාගත්තෙ.. තාම කවුරුවත් ඒ ගහ කපන්න තීරණය කරල එහෙම නෑ.. ඒ හින්දා කලබල වෙලා ගහ ඉස්සරහ උද්ගෝශන, උපවාස එහෙම සංවිධානය කරන්න එපා
 


Read More

Thursday 7 February 2013

ගඟක කථාවක්


කන්ද උඩ සිට යනෙන හැමතැන
කරතියන් ආ එකම හීනය
රඳවලා ගඟ, මෝයකට ළඟ
බිළිඋනා හිස නවා මුහුදට


දිය පොදක් ගත් එකම කුඹුරක් 

සිසිල අරගත් සුළං රැල්ලක්
ඇහුවේ නෑ මොහොතකට ලංවී
මේ තරම් දුර එන්න කරුණක්

 ****


ගඟක ඉරනම වෙනත් මානයකින්  

අතට අතදී මෝයකට ලඟ
මිත්‍රශීලී ලෙසින් උන්නට
අද ඉදන් සිදුවේවි ගඟුලට
පිළිපදින්නට මුහුදෙ අණසක



 
Read More

Wednesday 6 February 2013

සූකර, නුබ නොදුටු දෑ





















මහා කරුණා නෙත් විදාලා
බලන අවුකන සමිඳු පිටුපස
 
කියා හැඬුවා උඹේ මලගම
තැලී පොඩිවී ගියපු හබරල

වැදුණු වෙඩිපහරකින් කලබල
දුවන විට නුඹ පස්ස නොබලම
වැටෙන ලේ බිඳු සෙමින් පිස්සෙත්
අන්න ඒ මං කියපු හබරල

වැටී සඳකඩ පහණ අසලම
කෑ ගගා මර හඬ දෙවද්දිම
කපා වෙන්කල මස් වැදලි හැම
ඔතා දුන්නෙත් මිතුරු හබරල



හබරල















Read More

Tuesday 5 February 2013

හතර හිනා මැද
















තුන්පත් රෑනක සිහිනය සැමදා
සිහින වැලක් වී සිත රැන්දූ
සිහිනෙන් ගෑ මුදු රන් කිරි සුවඳක
සීතල මුවගට සිරි කැන්දූ

විල්තෙර විකසිත සියපත් මල මත
හෙමින් හෙමින් චුම්බන රැන්දූ
සියපත දියඹට නෑකම් නැති බව
සුළඟත් දියඹට නිති හැන්ඟූ

දියවර  හඬවා පැවසූ රහසක්
හදවත කොනකට ගිනි දැල්වූ
හතර හිනා මැද කඳුලැලි වෑහෙන
විළිබර නෙත් ලෝකෙන් හැන්ඟූ

 
"ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා"කවිය පෝස්ට් කරද්දි මම පොරොන්දු උනානේ මේකේ පිරිමි වර්ෂන් එකත් ලියනවා කියලා.. ඒ පොරොන්දුව තමයි අද මේ ඉෂ්ඨකළේ. ඒ කවිය කියවන්න මෙතනට යන්න


හතර හිනා ගැන දැනගන්න මෙතනට යන්න







Read More

Thursday 31 January 2013

අතිර වූ... නැවතුම් දනව්ව

















දහසක් පියමන් සලකුණු වී ඇති
අහසක් උසකට සිතුවිළි පොදි බැඳි
කාත් කවුරුවත් නිම්හිම් දන්නැති
අතිර වූ නැවතුම් දනව්වක්


සත්‍ය ප්‍රේමී බෘන්ගයන්ටත්
කෲර රාගී සළෙලුවන්ටත්
නුරාවෙන් මත්වී රගන්නට
තනා ඇති එක වේදිකාවක්

ගන්ධ වර්ණිත පුෂ්පයන්ටත්
කිඩාරම් බාඳුරාවන්ටත්
සුපිෂ්පිත වී සිනාසෙන්නට
සුරං නිමකල රම්‍ය උයනක්

සත්‍යයේ ද්වාරයට පිටු පෑ
අවිද්‍යාවේ තිමිර සළු ඇඳි
බිහිදොරක් නැති හැරවුමක් නැති
සසර කතරක අතරමං අපි
Read More

Monday 28 January 2013

ජොලියට ලියපු වස්කවි

අද මේ ලියන්න යන්නේ මීගොඩයා කාලෙකට කලින් අම්බලම කවි ගෲප් එකේදී... ඉතාලියේ ඉන්න හිපෝවෙක් වගේ තඩි සයිස් යාළුවෙකුට  ලියපු වස් කවියක් ... බලන්න හොඳද කියලා


බරණ සූසැට පැළඳ නිරතුරු ගුරුළු අසුනෙහි වෙසෙන සසොඹන
බලා මාහට කරන අණ වින හිපෝ තඩියා අළු කරණු මැන
කළඹලා නිල් අහස් ඝර්භය  යවා සුළඟක් ඉතාලිය වෙත
ඇලවෙනා මහ කුළුණ සොලවා ඇදහෙලනු මැන උගේ හිසමත
                                 
                                     *  *  *  *

ජොලියට ඕක ලිව්වට බැරිවෙලාවත් ඕකා ලිස්සල හරි වැටුනනම් මගෙ පිටින් යන හින්දා.. අනිත් පැත්තට සෙත් කවියකුත් ලියල දැම්ම.. මේ තියෙන්නේ ඒක

බරණ සූ සැට පැළඳ නිරතුරු ගුරුළු අසුනේ වෙසෙන සසොබන
බලා මගේ මිතුරුතෙම දෙස ඔහුගේ දුක් ගිණි නිවාලනු මැන
සක්වලින් එන සිහිල් සුළඟින්නිවා සියොළඟ නැගෙන දහදිය 
ඉසුරු ලංකර දුක් නිමාකර ලබා දෙණු මැන ඔහුට සොම්නස

ප.ලි.

ඔබත් ගෙට්ටුවෙන් පසු දිගින් දිගටම මඩ ප්‍රහාරවලට ලක්වන්නෙක්ද???
එසේනම් වහාම මීගොඩයා අමතා ඔබේ සතුරාට වස්කවියක් ලියවා ගන්න

Read More

Monday 21 January 2013

හදවිල අකලට පීදුණු පිළිලය
















දහසක් තරුනෙත් මොහොතක් රවටා
සුළඟක් රහසක් කියනු නියා
ඇවිළු ගින්නක් හිරු සඳු අළුකර
සත් සමුදුර තෙක් පැතිර ගියා


දෙසිතක් අවුරා මතුවූ කුකුසක්
සෙනෙහස 
දෙදරා ඉවුරු අරා
දෑඟිළි අතරින් ගිලිහුන බැඳුමන්
හදවත් දුරකට අරන් ගියා


සැකයෙන් විරසක දැවෙනා හදවත්
පිරියම් කරනට සඳුන් උලා
තුරුහිස් අතරින් මේඝලතාවන්
කඳුලක සීතල අරන් ගියා  


හදවත අකලට  පීදුණු පිළිලය
සැතකින් ගලවා ඉවත හෙලා
කවුළු පියන් හැර නා මල් සුවඳට
ලතවෙන හදවත්  හිඳියි බලා
Read More

Wednesday 16 January 2013

මෙන්න බෙහෙත්...කැස්සට කොස් ඇට..

ඔන්න මීගොඩයට හිතුනා කවි කතන්දර ( වගේ එව්ව ) ලියන එක පැත්තකින් තියල පොඩි අත් බෙහෙත් දෙකක් කියල දෙන්න

හුහ් ඔන්න් එහෙනම් මීගොඩයා වෙදකමටත් අතගැහුවා.... මහවෙදනා මාමා එහෙම මාත් එක්ක අමනාප වෙනව නෙවෙයි ඕං

මේ කියන්න යන්නේ මීගොඩයට හැදිච්ච ලෙඩට අත් බෙහෙත් වලින් ගොඩ ගිය හැටි






කොයි කාරුත් දන්නවනේ මීගොඩය ඉන්න ඩුබායි රටේ මේ කාලේ තරමක් සීත දේෂගුණයක් තියෙන්නේ.. මේ කාලේට ඉතින් උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩ හැම තැනම... හැදුනේ නැතෑ මීගොඩයටත් කැස්සක්, කබල් බෙරේ ගහනවා වගේ රෑ එළිවෙනකන් මීගොඩයා කහිනවා.. මුලින්ම ගත්ත ෆාමසියෙන් කෝෆ් ශිරප් එකක්... මෙහේ නර්සින් හෝම් එකකට ගිහින් බෙහෙතක් ගන්නව කියන්නේ ගෙවල් ඉඩන් උකස් තියන්න වෙන වැඩක්.. හුඟාක් අයට මෙඩිකල් තිබ්බත් මං මීගොඩයට ඒකත් නෑ.. ඉතින් ලෙඩක් හැදුනහම මුලින් කරන්නේ ෆමසියෙන් ඔය මොකක් හරි බෙහෙතක් බීල ගොඩ දාගන්න බලන එක... ඒත් මේ පාර වැඩේ ගොඩ දාගන්න බැරි උනා.. ඔන්න ඉතින් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගිහින් නර්සින්ග් හෝම් එකේ දොස්තර අන්කල් කෙනෙකුට ලෙඩේ කිව්ව.. එයත් ටෝච් එක එහෙම අරගෙන මගේ කට ඇතුලටම රින්ගලා බලල ඒ පැත්ත මේ පැත්ත හරව හරව අර නලාව තියල බෙහෙත් අහුරකුයි පැණියකුයි දුන්නා.. ඉතින් ලංකාවෙනම් නවලෝකේ නැවතිලා දවස් තුනක් විතර බෙහෙත් ගන්න පුළුවන් තරම් ගානක් අදාල තැන් වලට ගෙවලා බෙහෙත් ටික බොන්න පටන් ගත්ත.. හප්පේ ඒ ටික බිව්වහම අයේ බත්කන්න බඩේ ඉඩ නෑ.. පෙති කරල් අහුරක් තියනවා... කොහොමින් කොහොම හරි බෙහෙත් ඉවර වෙද්දී යන්තම් අඩු උනත් ලෙඩේ නිට්ටාවට සුව නෑ... මේ අතරේ මීගොඩයගේ යාළුවෙක්ගේ යාළු දොස්තර කෙනෙක් අත් බෙහෙතක් කිව්වා.. ඒ බෙහෙත තමා ඔයාලත් එක්ක මේ බෙදාගන්නේ..

අවශ්‍ය ද්‍රව්‍ය...

ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවක්
පිරිසිදු තල් සූකිරි මිටක්.. ( මේස හැන්දි 5 ක් පමණ )
කහ ස්වල්පයක්

පිළියෙල කරගන්නා අයුරු

භාජනයක් ලිපේ තියලා වතුර චූට්ටක් තියල වතුර නටාගෙන එද්දී තල් සූකිරි ටික එකතු කරන්න.. කෙලින්ම තල් සූකිරි කිරි වලට එකතු කලාට දිය වෙන්නේ නැති හින්දා තමයි වතුරෙන් දියකරගන්නේ... ඊට පස්සේ කිරි ටික එකතු කරලා කහ බොගොම ස්වල්පයල් එකතු කරලා.. හැඳි ගගා කිරි නටනකන් රත්කරගන්න ...

දැන් ලිපෙන් බාල උනු උනුවෙම බොන්න..

ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට එළු කිරි හොයාගන්න පුළුවන් නම් හුඟාක් හොඳ වෙයි මොකද එළු කිරි එල කිරි වලට වඩා සෙමට හොඳයි.. සමහරු කියනවා එල කිරි සෙමට හොඳ නෑ කියලා ඒත් මම ගත්තේ කඩේ විකුනන්න තියන ෆ්‍රෙෂ් මිල්ක් ...

ඊලඟට මේකට ඉඟුරු කෑල්ලක් තලල දැම්මොත් තවත් හොඳ වෙයි...

                                                  *   *   *   *   *

මීගොඩයා ඉස්සර ඉදම්ම දුක් විඳපු ලෙඩක් තමා අමාශප්‍රදාහය කියන්නේ... ඔයාලට මේ ලෙඩේ හැදිල නැද්ද.... ආ මේකේ සිංහල නම තමා ගැස්ට්‍රයිටීස්... හප්පේ මේකේ අමාරුවනම් හුඟාක් අය දන්නවා ඇති නේ...
මීගොඩයා කොහොමටත් ඩයිජීන් බෝතල් බර ගානක් බොන්න ඇති.. පෙතිත් බරගානක් කන්න අති,, ඒකට හොඳවෙන්නේ නැති තැන ඔමෙප්‍රසෝල් කියන කැප්සූල් කාඩුත් සෑහෙන්න ඉවර කරන්න ඇති.. පස්සෙ ඉතින් බඩට් කැමරාවක් එහෙම දාලා (බුදු අම්මෝ....) බඩේ ෆොටෝ අරන් බෙහෙත් කරලත්
හොඳ උනේ නෑ..( බඩවැල් ටික ලස්සනට හිනාවෙලා හිටියා ඈ ) 
ගූගල් එකෙන් ගත්තෙ.. මගේ එව්ව නෙවෙයි

පස්සෙ කවුරු හරි කියල .. (එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් කියපු හින්දා ).. මීගොඩයා කිතුල් පිටි කැඳ සහ කුරක්කන් කැඳ බිව්වා.. ඒකත් මේ ලෙඩේට දිව්‍ය ඖසධයක්.... සතියකට දෙපාරක් තුන්පාරක් උදේට බොනවනම් හැදෙන්නේම නෑ,,

තව දෙයක්.. සමහරු කියනවා යෝගට් කෑවහම ගෑස්ට්‍රයිටීස් අඩුවෙනවා කියලා.. ඔව් මටත් කාපු ගමන් සහනයක් තියනවා.. ඒත් ටික වෙලා ගිහාම තිබ්බවගේ දෙගුනයක් වෙලා ඇඹුල් රසට උගුරත් පිච්චෙන තරම් දැවිල්ලට උගුරට එනවා... මං හිතන්නේ කිරි බඩේදී ඇමයිනෝ අම්ල ( හරිද මන්දා .. දොස්තරලත් මේ පැත්තේ එන හින්දා වැරදිනම් හදන්නේ නැතෑ ) හදන හිනදා වෙන්න ඇති... මමනම් බඩ දැවිල්ල දැනීගෙන එනකොට පුළුවන් තරම් ඉක්මනට බඩ පිරෙන්න බත් ටිකක් කනවා මිසක් කිරි අහාරනම් ගන්න යන්නේ නෑ...

ඒ හින්දද මන්දා මට ටිකා....ක් වැඩිපුර කන්න පුළුවන්.... ඉතින් වේලකට බත් පිගන් දෙක විතර කාලා කට දැවිල්ලට පාන්ගෙඩියක් විතර උනත් ලොකු දෙයක් නෙවෙයි.. ඒ හිදමද මන්දා මේ යාළුවො ටික කියන්නේ මීගොඩයගේ අමාශේ නෑ.. කනවා රෙනවා.. ඉතින් කොච්චරවත් මූට කන්න ඕනේ කියලා ...

ආ කිතුල් පිටි කැඳ හදන විදිය මම ලිව්වෙ නෑ කවුරුත් දන්නවනේ .... දන්නේ නැත්තම් සින්හලෙන් ගූගල් කලහම ඕන තරම් එයි මෙතනට ගියත් බඩු තියෙනවා අපිනම් ඉතින් මේකේ තියන ඔක්කොම ජාති කැරට් ලීස් වගේ එව්ව දැම්මෙ නෑ

ඔන්න ඉතින් කතන්දරේ අවසන්.... මෙව්වගේ විද්‍යාත්මක කරුණු හරි ක්‍රියාකරීත්වය හරි පැහැදිළිකරන්න මං මීගොඩයා දන්නේ නෑ.. ඉලක්කන් අස්සෙ හිරවෙච්ච රස්සාවක කරන මට කියන්න තියෙන්නේ.. මේ ක්‍රම දෙකෙන්ම මම 100% සාර්තක ප්‍රථිපල තිබ්බ කියලා.... කවුරු හරි විශයට අදාල වෙද මහත්තයෙක් වෙද හාමිනේ කෙනෙක්.. ඩොක්ටර් කෙනෙක් ලේඩි ඩොක්ටර් කෙනෙක් මේ ලිපිය දැක්කොත් .. අඩු පාඩු තිබ්බොත් කියන්න... වහාම හරිගස්සනවා.. මොකද බරපතල කාරනයක් වෙන්නත් පුළුවන්නේ 

 


Read More

Monday 14 January 2013

මං දැන් රැඩිකල්... ඒක පට්ට ආතල් ඕයි

මේක හොයල දීපු හිතුවක්කාරිට හුඟක් ස්තුතියි


හමගියපු ඩෙනිමක් ඇඳගෙන
රබර් කටු දෙකක් දාගෙන
පීරපු නැති කොණ්ඩෙත් වනාගෙන
මම පාරේ යද්දි
ඇහුවොත් මොකෙක් හරි එකෙක්
මොකෝ බං මේ උඹේ හැටි කියලා 
කියනව මං ගත් කටටම
උගේ මූනටම
මම දැං රැඩිකල් බං කියලා

 
අන්න එහෙමයි මම
ලෝකේ පීරල දාගත්ත
මැස්සෙක්වත් වගපු නැයි
මගේ කෑල්ලට

සල්ලි ඉතුරුකරගෙන
ඉරිද හවසට
පොප්කෝන් අරන් දෙන්නේ

 
දන්නව මං 
ඉන්තේරුවෙන්ම
මේ රැඩිකල් වැඩිකල්
අල්ලල යන්නේ නැති බව
අද ඒකි පොප්කෝන් කෑවට
හෙට ඉල්ලනවමයි KFC




ප.ලි.

අවසාන කොටස සුමිත් අයියගේ කොමෙන්ටුවෙන් පසුව එකතුකරන ලදී
Read More

Thursday 10 January 2013

ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා.



නෙළුම් මල් සොඬින් අරගෙන සිහිනයේ වෙලී සයනෙට
ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා....
කිරිසුවඳ හිතින් විඳ අතගාමින් හිස් කුස
සුසුම් හෙලනවා....  සෝ බර සුසුම් හෙලනවා....

ස්නේහයේ අරුත පැවසුව ලවන් පත් වලින් වෑහෙන
රළු වදන් සවන් හරහා හදට එබෙනවා....
දෙතොල් සිඹ එදා සැනසුව ආදරේ අරුම සිහිකර

කඳුළු සලනවා.... තුන්යම කඳුළු සලනවා....

මල්පිපී සුවඳ දෙනමුත් ඵල නොමැති සිහිල් තුරුහිස
අයාලේ දුවන හුලඟක් හොරෙන් සිඹිනවා....
මල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය දැක දැක
සිනා සලනවා....
තුරුහිස සිනා සලනවා....


 *   *   *   * 
ප.ලි. 

හ්ම්ම්ම් ඔන්න එහෙනම් සුපුරුදු විදියට අදත් කවියක්.. මේකේ පිරිමි වර්ශන් එකත් ඉදිරිපත් කරන්න තමා හිතන් ඉන්නේ.. තේරුනේ නැත්තම් කියන්න.. මොකද මේක තේරුනේ නැත්තම් අනිත් එව්ව දාලත් වැඩක් නෑ...

සමාවෙන්න ගැලපෙන පොටෝ එකක් හොයන්න බෑ.. මේ සිද්දිය පිළිඹිඹුවෙන ගැඟීම් සහිත ෆොටෝවක් හොයන්න මාර ගේමක් දුන්න.. ඒත් බැරි උනා.. අදට ෆොටෝ නැතුව කියවන්න 

ප.ප.ලි

පොස්ට් එක දාපු ගමන් ෆොටෝ කෑල්ලක් ගොයල දුන්න ශම්මි නන්ගිට බොහොම පින්
Read More

Sunday 6 January 2013

පලායෑම


නිව්වඩු සිකුරාදා උදේ  කරන්න දෙයක් තිබ්බෙ නෑ.. එලීනා අද දවල් ඩියුටි.. මම අරමුනක් නැතිව ඔහේ ඇවිද්ද.. හිත හෝන්දුමාන්දු වෙලා.. මේ වෙන්නෙ මොනවද කරන්න ඕනේ මොනවද හැමදේම බොඳවෙච්ච හීන වගේ.. කිසිම දෙයක් පැහැදිළි නෑ.. ඔද්දල් වෙච්ච සිතුවිළිත් එක්ක නගරේ විශාල ගොඩ නැගිලි අස්සෙන් ඇවිදගෙන ඇවිදගෙන මම මගේ පුංචි කාමරයට ඇවිල්ල මටත් නොදැනිම...
අල්මරියට හයි කරපු කණ්නාඩියෙන් දැක්ක මූනේ පිළිවෙලක් නැතුව ඔහේ වැවිච්ච රැවුලත්. ටිකක් විතර යටට ගිලිච්ච ඇස්දෙකත් මූනට ඕන්වටත් වඩා වයස පාටක් එකතුකරල තිබ්බ..

ශර්ට් එක ගලවල දාලා මම දුම්වැටියක් දල්වගත්තෙ වෙන කරන්න දෙයක් නැතිවෙච්ච හින්දමයි.. හිත හෙල්ලිච්ච වෙලාවට පොඩිවෙලාවකට හරි සන්සුන් කරන්න සිගරට් එකකට පුලුවන් කියලා මං අත්දැකීමෙන් දැනගෙන හිටියා..
මගේ පපුව අස්සෙ හිරවෙලා ඉඳලා නාස් පුඩු අතරින් නිදහස් වෙච්ච පළවෙනි දුම්වලල්ල දොර ජනෙල් වහපු කාමරේ අස්සෙ ආයේත් හිරකාරයෙක් උනා, හරියට මම ගෙදර අම්ම තාත්තගේ පාලනයෙන් නිදහස් වෙලා සමාජෙට පය ගහපු වෙලවේ සමාජය තුල හිරකාරයෙක් උනාවගේ
හතර වටෙන් වට වෙච්ච කාමරේ ඇතුලේ දුම් වලල්ල එහෙමෙහෙ කැරකි කැරකි පිට වෙලා යන්න ඉඩක් හෙව්වෙ හරියටම මම සමාජෙ ඇතුලෙ මට නිදහසෙ ඉන්න ඉඩක් හෙව්ව වගේ... සංස්කෘතිය, සදාචාරය, පවුලේ නම්බුව, පරම්පරාවේ අනාගතය මාව වටකරගේන බිත්ති හතරක් වගේ ඉහලට නැගල තිබ්බ

ඒවයෙන් ගැලවෙන්න හිතාගෙන වෙන රටකට යන්න හිතපු මම නැවතුනේ.. ලෝකයේ විවිධ ජාතීන්ට අයිති, විවිඩ ආගම් අදහන.. එක එක විදියෙ සිතුම් පැතුම් තියෙන මිනිස්සුන්ගේන් පිරිලා ඉතිරිලා ගියපු ඩුබායි නගරේ..

එතකොට කවුද එලීනා ?


ඔව් එයා එලීනා මේ කාන්තාරේ තරමටම කර්කෂ මගේ ජීවිතයට හීතලක් එකතුකරපු ගෑණි..රස්සාව නැතිවෙලා ඉබාගාතේ යන මට ඉන්න හිටින්න තැනක් දීපු ගෑනි, කන්න අන්න්දින්න දීපු ගෑනි .. ඒ කොයිහැටි උනත් ඊයේ රෑ වෙනකන් මට එලීනා ගැන ආදරයක් ඇතිවෙලා තිබුනේ නෑ .. මට ඕන උනේ හිතට අවලං හැගීමක් ආපු වෙලාවට එයාව හොයාගෙන හිහින් මගේ  පඩත්තල ආසාව ඉවරවෙනකන් එත් එක්ක බුදියාගන්න විතරයි .. මට තවත් ප්‍රශ්නයක් ඔලුවට දාගන්න ඕන උනේ නෑ.. පිලිපීන ජාතික කෙල්ලෙක්, මෙහෙඋන්ගේ භාෂාවෙන් කියනවනම් පිල්ලියක් කරේ එල්ලගෙන එහෙ මෙහෙ ඇවිදින්න මට ඕන උනේ නෑ .. මට ඕන උනත් අපේ ගෙදරින් ඉඩක් ලැබෙන්නෙත් නෑ.. කෙහෙම්මල් සංස්කෘතිය ..

ඊයෙත් ම එලීනව හම්බ උනේ ති ගානක් තිස්සේ මගේ තිබ්බ බඩේ කැක්කුම අඩු උනේ නැති හින්ද කරපු ටෙස්ටිං වල අන්තිම  රිපෝර්ට් එක අරගන්න ආපු වෙලාවේ ... මං එද්දී එලීනා බිල් ඔක්කොම සෙට්ල් කරලා රිපෝර්ට් එකත් අතේ තියාගෙන බලාගෙන හිටිය.. පුරුදු විදියටම ඒ ලස්සන තොල් හෙමින් හොල්ලල හිනාවෙලා අපි ගෙදර යමු කියලා මගේ අතින් අල්ලගත්තා

*    *    *
උණුසුම් විනාඩි කිහිපයකට පස්සේ මම ඇඳේ උඩුබැලි අතට හැරිලා හය්යෙන් හුස්මගන්න ගත්තා .. ඒක හුස්ම ගැනීමකට වඩා හති ඇරීමක්.. වෙනදට නොදැනෙන අමුතුම විදියේ කෙඩේත්තුවක් දැනුනා.. වෙනද වගේම එලීනා මගේ පපුවට ඔලුව තියාගෙන හෙමින් හෙමින් පපුව අතගෑවා ..වෙනද මට ඒක ආශ්වාදයක් උනත් අද මහම මහ වදයක් උනා. ඒත් මම නිහඩවම සිවිලිම දිහා බලාගෙන කල්පනා කළා 

පපුවේ රෝම අතර ඇඟිලිතුඩු එහෙ මෙහෙ කරපු එලීනා හෙමින් කටහඬ අවදිකලා 

"දොන්" 

(අත්තනායක මුදියන්සේලාගේ දොන් සිහිලැල් සඳුන් අත්තනායක වෙච්චා මම යාලුවන්ට සිහිලැල් වෙද්දී එලීනට ඒ නම කියන්න ලේසි උනේ නෑ ..එයාට කියන්න පුළුවන් උනේ දොන් කියන නම විතරයි)

ඔයා දන්නවද ඔයාගේ රිපෝර්ට් වල තියෙන්නේ මොනවද කියලා....

ම්ම්හ් නෑ අපන්ඩිස්යිටිස්ද 

නෑ.. ඔයාගේ වකුගඩු දෙකම නරක්වෙලා ඉක්මනටම එකක් බද්ද කරන්න ඕනෙලු... 

මගේ ස් නිලංකාර උනා .. පපුවෙන් පටන්ගත්ත පුංචි වේදනාවක් හෙමින් හෙමින් ඉහලට ඇවිත් උගුර හරියේ හිරවෙනවා වගේ දැනෙද්දී මම අසරණ විදියට එලීනා දිහා බැලුවා...

කඳුළු එක්කම හිනාවෙවී යන්තම් ඉස්සිලා මගේ නළල ඉපු එලීන කිව්වා දෙයින් මගේ හිත හිරි වැටිලා ගියා

දුක් වෙන්න එපා දොන් .. මගේ බ්ලඩ් ගෘප් ඒකත් o පොසිටිව් .. ඔයාගෙත් o පොසිටිව් .. මම ඔයාට වකුගඩුවක් දෙන්නම්... අපි ලංකාවට ගිහින් ඔපරේෂන්එක කරමු... ඔයාගේ රටේ ලාබයි මෙහෙට වඩා.. මම ඔයා එන්න කලින් ඩොක්ටර් එක්ක ඔක්කොම කතාකරගත්ත ...

 මට සවන් අදාහගත නොහැකි ඒ වදන් ඉවර වෙනවත් එක්කම මම පත්වෙලා එලීනගේ දෙතොල් මෘදුව ආදරෙන් සිපගත්ත.. ඒ ජීවිතේ පලවෙනි වතාවට මම ආදරෙන් එලීනව තුරුල්කරගෙන ඉම්බා .. ඊයේ මුළු රෑම මම නිදි නැතුව එලීනව තුරුලුකරන් හිටියේ මල්පෙත්තක් තුරුලුකරන් ඉන්නවා වගේ හරිම පූජනීය හැගීමකින්... 

පාන්දර මම එලිනගේ ගෙදරින් එලියට බැස්සේ කරන්න මොනවද යන්නේ කොහෙද කියලවත් හිතන්නේ නැතුව...
මට එලීනගේ වකුගඩුවක් ගන්න අයිතියක් තියනවද.. මුළු ලෝකෙටත් වඩා එලීන මට ආදරේ කරද්දී මම තිරිසනෙක් වගේ එලීනගෙන් හෙව්වේ වෙන දෙයක්.. 

ඔව් මම මහා තිරිසනෙක්.. 
මට එලීනගේ වකුගඩුව අරගන්න අයිතියක් නෑ.. 
මම වගේ තිරිසනෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියකුත් නෑ...
මම තීරණයක් ගන්නවා ..
ඔව් මේ දැන්මම එලීනගේ ජීවිතෙන් අයින් වෙලා ඈතට යනවා ..
ආයේ කවදාවත් එලීනට නොපෙනෙන ඈතකට .. එයා මට සමාව දෙයි.. හෙට මැරෙන්න ඉන්න මේ පව්කාරයට එයා සමාව දෙයි

මට සමාවෙන්න එලීනා.. මම සදහටම ඔයාට නොපෙනෙන්න මේ රටින් යනවා ... 
මට සමාවෙන්න !!!  
 
  
ප.ලි

ප්‍රභන්ධයක් නිර්මාණයක් විදියට ලියන එක මට ටිකක් අමාරු වැඩක්.. කවි ලියන මං මීගොඩයා... ඔය විකාරෙන් වගේ සුටුස් ගාලා කවියක් ලියල දැම්මට මේ කතන්දර ලියවිල්ල මහ අමාරු වැඩක්.. ඒත් ඉතින් මොනවකරන්නද .. බොලාලට කවි ඇලජික්නේ
ඔන්න ඉතින් මේ කෙටිකතාවක් වගේ එකක් කෙටුවා.. වැරදි තියෙන ටික පෙන්නුවනම් හොඳා.. මන් හිතන්නේ මේක තමා මීගොඩය ලියපු පළවෙනි කෙටිකතාව.. කලින් බඹසර පූජාකියල එකක් පටන් ගත්තත ඉතින් ඒක කොටස් 4ක් කතාන්දරයක් උනානේ ...

එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! ( තාම පරක්කු නෑ මං හිතන්නේ )
  

Read More