සූකර, නුබ නොදුටු දෑ
මහා කරුණා නෙත් විදාලා
බලන අවුකන සමිඳු පිටුපස
කියා හැඬුවා උඹේ මලගම
තැලී පොඩිවී ගියපු හබරල
වැදුණු වෙඩිපහරකින් කලබල
දුවන විට නුඹ පස්ස නොබලම
වැටෙන ලේ බිඳු සෙමින් පිස්සෙත්
අන්න ඒ මං කියපු හබරල
වැටී සඳකඩ පහණ අසලම
කෑ ගගා මර හඬ දෙවද්දිම
කපා වෙන්කල මස් වැදලි හැම
ඔතා දුන්නෙත් මිතුරු හබරල
 |
හබරල |
:( අනේ මන්දා,,
ReplyDeleteහබරල කොයිදෙයත්. කාලයක් ලංකාවේ මිනිසුන්ගේ ආහාරයක් වෙලා තිබුනා හබරල අල.
ReplyDeleteහ්ම්ම්.....
ReplyDeleteඅහා මාර අදහසක් නේ මී අයියේ...
ReplyDeleteසන්නාලියනේ සින්දුව මතක් වුනා බං.
ReplyDeleteමරු කෑමක් ඕයි!!! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩෝ රැඩිකල් කියන්නේ මේවට...උපරිමයි බන්...නියම කවි කියන්නෙත් මේවට...
ReplyDelete(මට නම් කල්පයක් හිතුවත් මෙහෙම එකක් ලියා ගන්න බෑ අම්මපා)
.:මානවක:.
අඩෙ ෆොටෝ එකේ තියෙන්නෙ කිරිඅල ගහක්ද මංද, හබරල ඔයිට වඩා ලොකුයි. කැතයි.
ReplyDeleteමං නම් ඔන්න සැපට දුකට සනී වගේ හබරල වෙන්නම්. ඒ එතකොට කවුද සූකර.
කොයි තරම් නම් ඔහොම අද්දැකීම් තියද අපිට.
සිරා කවිය!
ReplyDeleteනියමයි සුදා . . .
ReplyDeleteඋඹේ කවි හැමදාම වගේ මම වැරදියට කියෙව්වත් මෙදා පාර නම් එහෙම උනේ නෑ කියලා හිතෙනවා.
කවියක් ඕන ඕන විදිහට රස විඳින්න පුලුවන් නේ . .
මම කැමතියි මේක මේ දවස්වල නැගලා යන ආගමික ප්‍රබෝදයට ලන් කරලා රසවිඳින්න
හරියටම හරි අය්යා...
Deleteමරු කවිය! නියමයි!
ReplyDeleteඅද කවියනං පට්ට සිරා...
ReplyDeleteමුස්ලිම් ඒවුන් දැක්ෙකාත් ෙබාට බනී !
ReplyDeleteමෙන්න කවි...නියමයි මචන්
ReplyDeleteමීයෝ මේක නං හොදට බොක්කට වැදුනා බං...
ReplyDeleteකොලෙන් හබරල හට්ටියට වැද
ReplyDeleteඋයාදුන්කල හිමිට රස කර
ඒ පිනෙන් ඌ යාද දෙවුලොව
දිවි පිදූයෙන් මතම සඳකඩ ?
අර ඩූඩ් අයියා කිව්වා වගේ සන්නාලියනේ සින්දුවමයි මතක් උනේ....
ReplyDeleteදඩයක්කාරයෙග් ගෑනියි දරුවයි දවස ගෙවන්නේ ඕකෙන්
ReplyDeleteඑක අතකට ඌ(ඌරා) මට වඩා ප්‍රයෝජනවත්
මේ මොන ඌරො ගැනද ? :P
ReplyDeleteතැවරී තිබෙන ලේ කැටි ටික දුටුවාදෝ
ReplyDeleteසූකර මිතුරු දුක් වැඩිපුර වින්දාදෝ
ඉලපත සමඟ ඇමිණී තව දුර යාදෝ
හබරල කොලේ පස් වෙන්නට කල් යාදෝ
බලා සියල් වත ගොත
ReplyDeleteදුක සිතී
හඬන්නට තිබූ කඳුළුත්
නොරඳා කොළපත මත
අහිමිව ගොසින් වැටුනු සැටි
නොදැනීම..
නියම කිවය...හබරල අල තම්බලා කොච්චි සම්බෝලයි පොල් ටිකකුයි තිබුණනම් මරු..හැබැයි ඉතිං හොදට පිටි තියෙන කහපාට අල වෙන්න ඕනි..එව්වා තමයි රස වැඩිම..පුංචි කාලේ අපි වැඩි පුරම කෑවේ ඒවා තමයි...
ReplyDeleteඅහෝ... ඉරකි තිතකි ඒ හා දුකකි. ඵල!
ReplyDelete