Tuesday 5 February 2013

හතර හිනා මැද
















තුන්පත් රෑනක සිහිනය සැමදා
සිහින වැලක් වී සිත රැන්දූ
සිහිනෙන් ගෑ මුදු රන් කිරි සුවඳක
සීතල මුවගට සිරි කැන්දූ

විල්තෙර විකසිත සියපත් මල මත
හෙමින් හෙමින් චුම්බන රැන්දූ
සියපත දියඹට නෑකම් නැති බව
සුළඟත් දියඹට නිති හැන්ඟූ

දියවර  හඬවා පැවසූ රහසක්
හදවත කොනකට ගිනි දැල්වූ
හතර හිනා මැද කඳුලැලි වෑහෙන
විළිබර නෙත් ලෝකෙන් හැන්ඟූ

 
"ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා"කවිය පෝස්ට් කරද්දි මම පොරොන්දු උනානේ මේකේ පිරිමි වර්ෂන් එකත් ලියනවා කියලා.. ඒ පොරොන්දුව තමයි අද මේ ඉෂ්ඨකළේ. ඒ කවිය කියවන්න මෙතනට යන්න


හතර හිනා ගැන දැනගන්න මෙතනට යන්න







28 comments:

  1. හරිම ලස්සනයි මි ගොඩ අයියේ.....

    ReplyDelete
  2. විල් තෙර විකසිත සියපත් මල මත
    හෙමින් හෙමින් චුම්බන රැන්දු

    කොයිතරම් නම් සොදුරුද මේ වචන. කියන්න දෙයක් නෑ මට නම්.

    ReplyDelete
  3. ඇත් පුතුන් එකකනම් මට වැඩිය තේරුනේ නැ කියලා මම එදාම කීවනේ,,මේක නම් තේරුනා,, ලස්සනයි...

    ReplyDelete
  4. අගෙයි අගෙයි ඔබ කරන කරන කවි
    අප සිත් සනසා හද බැන්දූ.....

    ReplyDelete
  5. ලක්ෂණ කවි කිහිපයකි..

    ReplyDelete
  6. දරුවෙක් මෙලොවට එනතුරු තාත්තෙක් එහෙනම් මෙහෙම තමයි හිතන්නේ...ලස්සනයි පද ටික..

    ReplyDelete
  7. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. අප්පච්චිගෙ හිත.....

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  9. සමහර අය තාත්තලට ගොඩක් ආදරෙයි

    ReplyDelete
  10. ලස්සන කවි පෙලක් අයියෙ....

    ReplyDelete
  11. කවි වලට මට හරිහමං කමෙන්ට් එකක් දා ගන්න බෑනේ අප්පා.........

    ReplyDelete
    Replies
    1. තරියා. මටත් වෙලා තියෙන්නෙ ඔය සන්තෑසියමයි. මොන මගුලට මූ කවි විතරක් ලියනවද මන්දා? තරියා අපි ඔක්කොම කවි වලට කොපි පේස්ට් කරන්න පුලුවන් කමෙන්ට් එකක් හදාගමුද කවියෙන්? යෝජනා ගෙනෙං බලන්න.

      Delete
    2. හරි අසාධාරණයි ඩූඩ් අයියේ.... බොලා පිටු ගනන් අකුරු වචන නාස්ති කරගෙන ලියන එව්වා.. අපි මේ පද 12ක් ඇතුලේ ලියන්නේ ..... වින් සිප් කරලත් බෑ මෙච්චර බයිට් ඉතුරු කරන්න..
      අනික උබලගේ කාලෙ කොච්චරනම් ඉතුරුද.. ඒ හින්දා සමාවෙලා හරි කියවන්න

      Delete
    3. අනේ බං සත්තලනේ නොකියවා ඉන්නෙ නෑ බොල, කියවනවා. කයියෙන් කොමෙන්ට් දාන්න බැරි හීනමානෙ බං තියෙන්නෙ.
      උඹ බලාපං රවියා දාලා තියෙන කවියට මං දාලා තියෙන කමෙන්ට් එකයි, ඒකට ඒකා දීලා තියෙන උත්තරෙයි මම කියනවට මෙන්න ලින්ක් එක.
      http://ranrandil.blogspot.com/2013/02/159-just-before-midnight.html

      Delete
    4. කතාවට බී පෙ සී

      අවුලක් නෑ අයියේ කවියට කවියෙන් කමෙන්ට් දාන්න ඔනේ කියල නීතියක් නෑනේ....
      හිතෙන දේ වංකවම කිව්වහම ඇති....
      මොකුත් නිකිය ගියත් අමනාප නෑ.. ඇවිත් කියවන එකම මදෑ

      මටත් අනන්තවත් සමහර පෝස්ට් කියෙව්වහම කොටන්න කොමෙන්ට් එකක් නැතුව හිරවෙනවා... පොස්ට් එක පට්ට සිරා උනහමත් ඒක වෙනවා.. හේතුව මගෙ ගොන් කොමෙන්ටුව හින්දා.. මේ පොස්ටුවෙ රසය නැසෙයි කියලා...

      Delete
  12. මගේ නම් වැඩි මනාපේ කලින් කවි පෙලට මී අයියේ..

    ReplyDelete
  13. අයියා කයිය උම්මාය...

    ReplyDelete
  14. මේ කවියට ඕං මං අදහස් ප්‍රකාශ කරන්නෑ හො‍‍දේ අයියගේ කවි හැකියාව වර්ණනා කරන්න වචන මදි ඒ තරම් සුපිරි මේකෙන් මතුවන හැඟීම අල්ලගන්න නම් හතර හිනා කියන්නේ මොනාද කියලා තේරුම් ගන්න ඕන

    මට හතර හිනා මොනාද කියලා නොදන්නා කමට මේකේ අදහස පැටළුණා

    මේකේ තේරුම තාම කවුරුත් හරියට කියලා නෑනේ

    ReplyDelete
  15. හී හී මී ගොඩයෝ... මේක ඇත්තක් කරන්න, ප්‍රායෝගික කරන්න කාලේ නේද දැන්?

    ReplyDelete
  16. අම්ම හිතනවා වගේම අප්පච්චි හිතුවත් කවදාවත් අප්පච්චි අම්මා වගේ ඒ සෙනෙහස ඒ විදියටම පෙන්නන්නේ නෑ. හරි අපුරු ගලපිල්ලක්.

    ReplyDelete
  17. ලස්සනයි මචං..

    ReplyDelete
  18. හරිම ලස්සනයි යාලු...... අපූරු නිර්මාණයක්....

    (මං අහල තියනවා තුන්පත් රෑන කියන්‍නොඇතින්නයි පැටියයි වැඩිහිටි ඇතින්නකුයි කියලා.... හරිද මංදා... දන්න ‍කෙ‍නෙක් කියනවද......?)

    ReplyDelete
    Replies
    1. ඔව් එක තමාළු හරි.. මේ ළන්නගදි අපි ඕක ගැන කථා උනා... ඒත් දැන් සමජෙට ඇතයි ඇතින්නයි පැටියයි කියන සංකල්පය තුන්පත් රෑන විදියට කාවැදිලා ඉවරයි

      Delete
  19. හරිම ලස්සන කවියක්.... මගේ තාත්තා ගැන ආදරේ හිතුන... පුතෙක් උනත් දුවෙක් උනත් තාත්තල ආසාවෙන් ඉන්නව නේද?

    ReplyDelete
  20. හරිම ලස්සන කවියක්.... මගේ තාත්තා ගැන ආදරේ හිතුන... පුතෙක් උනත් දුවෙක් උනත් තාත්තල ආසාවෙන් ඉන්නව නේද?

    ReplyDelete
  21. දන්නා ශිල්පයන් එකට කැටි කොට
    අපූරු වදන් වැල් එකට මුදුකොට
    ලියූ මුත් රස මැවෙන කවිපද
    සිත් සතන් සුවපත් කොට

    හතර හිනාවක් මැද ඔබ්බා
    රස නැසූ හැටි සිහිවෙන කොට..
    ගහන්නට සිතෙයි අත රිදෙන්නට
    වෙන කාගේවත් නොව මීගේ කනට..!

    ReplyDelete
  22. සියපත දියඹට නෑකම් නැති බව
    සුළඟත් දියඹට නිති හැන්ඟූ


    ලස්සනයි මී ගොඩය(ආමන්ත්‍රණයක් සිතාගත නොහැක)

    ReplyDelete