කපු වැනුම
උදැහැනැක්කෙ ගෙදරට ආ කපු මාමා
කෙල්ලගෙ රූපෙ මේ විදියට මට කීවා
කොන්ඩය කිතුල් රෑනක් මෙනි පයට දිග
දෙනයන නිල් උපුල් කුසුමක දෙපෙති මෙන
නාදළු සදිසි සුන්දර ඇගෙ දෙතොල් යුග
සඳ සිහි වේලු දුටු විට ඈ සුසුදු මුව
සිහින් දිගැති ගෙල හංසයෙකුගේ වැනී
ලැම හස සමකලේ පුන්කුඹු වලට පිරී
සුදු සම දිලෙයි වාත්තු කිරිගරුඬ වැනී
ඉඟ සුඟ මිටින් ගත හැකි ඈ රටක් වටී
ඉඳ හිට මුතු පෙනෙයි හිනහා වෙන විටදී
හඬ මිහිරියිලු කෙවිලියකට නෑ දෙවනී
ඇවිදින ගමන කෙනෙරක මෙන් තේජසිනී
අපෙ පැලැ එළිය කල හැකි ඈ පහනක්ළු මිණී
* * * * *
අසා මෙබස් මගෙ තුන් සිත හිරි වැටුනී
සිත මත ඇගේ රූපය මැවිලා පෙනුනී
මනුසත් කුලේ එකියක්නම් වෙනු නොහැකී
පිට සක්වලින් ආ එකියක් සේ දැනුනී
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
කවරෙට නොරැවටී සවුබර නොගන්නා
ReplyDeleteපාටට නොරැවටී මල්පැණි නොබොන්නා
බොඩිය බලාලා වාහනයක් නොගන්නා
එන්ජිං දෝස හොයපං එහි මීගොඩයා
බොඩිය බලලා.. හි හි...
Deleteඑහෙනං මම කපු මාමට කියන්නං ඊලඟ පාර එනකොට බොඩියක් ඉල්ලන් එන්න කියලා
Mee Godayaa +++++++
Deleteලැම හස සමකලේ පුන්කුඹු වලට පිරී
ReplyDeleteසුදු සම දිලෙයි වාත්තු කිරිගරුඬ වැනී..
ඇඩෙනවා
බය හිතෙනවා... මෙහෙම එව්වා ලෝකෙ ඉන්නවද බං
Deleteමේ කියන විදියට මේ කෙලී රෑප රාජිනියක් නොවැ.. පෙර පිනක් පල දෙන්නද කොහෙද මී ගොඩයො මේ යන්නෙ... බෑ නොකියා උඹ කැමති වෙලා අපිටත් එන්න කියලා... තේ කහට පාට බෝතලයක් හෙම මේසෙ උඩ තියලා වෙඩිම ගනු....
ReplyDeleteමගුලක් කථා කරනවා.. ඔය කියන එව්වා එක එක එකට එකතු කරල බලපන් කොහොම හිටීද කියල රූපෙ
Deleteමාත්තුරුකාව දැක්ක ගමන් මට මතක් වුනේ කලින් කියවපු ඔය වගේ වෙන වැනුමක්. (නොකිව්වට උඹ දන්නව :))
ReplyDeleteමාත් කියන්න ගියේ ඔය කියන්නෙ මිනිස් දැරිවියක් ගැන නෙවෙයි වගේ කියල. ‘සිකුරු හතේ‘ නම් හිටිය නියම කපුවෙක්, වෙන කා .....ගෙ ද?
හෙ හේ.. කතන්දර වනල තිබ්බෙ ඕක සුපිරියටම...
Deleteමගුලක් කථා කරනවා.. සිකුරු හතේ අමතක වෙන්නෑ බන් ඒක පට්ට
හෙහ්..හෙහ් මලමගුලය් කිව්වලු...! අනේ අපිටත්පේන්න පොතෝ එකක් දාපියකෝ...!
ReplyDeleteමගුලක් කථා කරනවා.. හිතේ ඇඳිච්ච රූපෙ කොහොමද බොල පොටෝ ගහන්නේ
Deleteසිරිමල් අය්යා...!!!
Deleteසිකුරුහතේ පට්ටනේ...!
මී ගොඩයා මම කියනවට ඔය උපමා ඔය විදියටම චිත්‍රයක් ඇඳලා බලපං බය හිතෙන්නෙ නැත්ද කියලා. රෑකට හෙම දැක්කොත් බඩුම තමයි පුතා. තොවිල් හතක් නැටුවත් ගොඩ දාගන්න බැරිවෙයි.
ReplyDeletehenryblogwalker the Dude
අනිවා බං මට හිතේ රූපෙ ඇදුනා,, ඒත් ඉතින් හරියට කපුටෙක්වත් අඳින්න බරි මම කොහොමෙයි ඕක කොලෙක අඳින්නේ....
Deleteඔය උපමා ටික ඔය විදියටම ඇන්දොත් අනිවා ඇඳෙන්නේ අමුතුම අත්භූත සතෙක්
ඕවයි ඉතිං තාර බැර ඇරල ගන් ඕනි...
ReplyDeleteඅනිවා.. ඩෙෆා
Deleteඅනේ අනේ මීයෝ... පොටෝවක් ප්ලීස්...බැරිනං ඇදලා හරි දාපන්කෝ.. :)))
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මගුලක් කථා කරනවා.. යකෝ උබට මතක නැද්ද මට බෝඩ් එක ඇන්දෙත් උබ කියලා.. එහෙව් මම කොහොමද බන් චිත්‍ර අඳින්නේ
Deleteහම්මප මීගොඩ ළමයෝ කොයි වන්ගියේ එකීයක්ද බොලව් ඔය?? පංකාදු කවි ටික.
ReplyDeleteඇස්පියාගෙන හිතල බැලුවනං කෝරලේ මාමා... මාමතම පෙනේවී
Deleteහි හි..නියමයි සහෝ.. පද ටික නම් අපූරුයි.කොහොමත් කියන්න දෙයක් නැහැ ඔබේ ලිවීමේ ශයිලිය ගැන.. සුපිරියි හ්ම්ම්!
ReplyDeleteතැන්කිව් තැන්කිව් හිරූ
Deleteචී චී.. මේ තරම් කෙල්ලෝ ඉන්න රටේ මොන කපුවොඩ මී ගොඩයෝ... අනේ මේ ඔය කවුරුහරි මේ කොල්ලට පාඩම් ටිකක් දෙනවා නම හොඳයි..
ReplyDeleteඅනෙ සරත් අය්යේ කියල දෙන්නකෝ....
Deleteඅලේ මෙක සිතුවිල්ලක් පමණයි අලේ
ඇසි පිය හෙලන පමණින් නොවේ දෙවගන ජාතියේ සුපිරි කෑල්ලක් වගේ. නියම කවි ටික. එල ඇ..
ReplyDeleteසුපිරි කියන්නෙ පට්ට පට පට
Deleteමේ කවි කියවනකොට මමත් අහලා තියෙන කවියක් මතක් වුණා
ReplyDeleteඅතකින් පොත් මිටිය අතකින් ලේන්සුව
පාසල ඇරී එන නංගිට තෙහෙට්ටුව
කකුල් දෙක මැදින් පෙනෙනා පොහොට්ටුව
ඔබලා යන්ඩ දෙනවද මගේ සුරුට්ටුව
අනේ දෙය්ය හාමුදුරුවනේ මට කිසිම දෙයක් තේරුනේ නෑ
Deleteහීහීහී.....
ReplyDeleteඅදින්ට ඕනෙ නෑ මල්ලී....
ඔය කිව්ව ජාති ජාති වල පොටෝ කෑලි ගූගල් එකෙන් ඇන්න එකට පූට්ටලා බලන්ට...
හෙව්ව අක්ක .. මේ ඔක්කොම තියන එකක් හම්බ උනේ නෑනේ
Deleteකවියට දාපු උපමා උපමේයනම් නියමයි කවිටිකත් හරි ලස්සනයි නොදකින ශෛලියක් නිසා...
ReplyDeleteකිව්වත් වගේ ඔය ටික වෙන වෙනම අරන් චිත්‍රයකට ගත්තොත් පිටසක්වලවත් නැතිවෙයි එහෙම රූපයක්...
ඔව් අෆ්ෆ මේ වගේ කට්ටිය කොහෙද ඉන්නේ..
Deleteඅඩේ පට්ට වචන සෙට් එක. මැක්සා ආ.....!!! සිරාවටම මටත් මැවිලා පෙනුනේ ජීවිතේට දැකල නැති නාරිලතා පරාණයක්.
ReplyDeleteඋබට බය හිතුනෙ නැද්ද බං
Deleteසිහින් දිගැති ගෙල හංසයෙකුගේ වැනී
ReplyDeleteලැම හස සමකලේ පුන්කුඹු වලට පිරී
හූ හූ මෙන්න වරද්දගෙන ..
බෙල්ල හංසයෙක්වගෙ කියලා නෙමේ යකෝ කියලා තියෙන්නේ බෙල්ල හක් ගෙඩියක් වගේ ඊට පහලින් තියෙන දෙක හංසයෝ වගේ . .. මිට මොලවලා අල්ලන්න ඇහැකි ඉනට යටින් තියෙන කොටහ තමා කලගෙඩියක් වගේ කියලා තියෙන්නේ . . හික් හික්
මොනා උනත් සිරාම සිරා කවි ටික . . .මේක අපි පත්තරේකට යවමුද බන්
හික් හික්... තැන්කිව් තැන්කිව්.....අය්යා
Deleteපත්තරේට දාන්න.. හොඳ අයිඩියා එකක් ..
ගිහින් බැලුවනම් අන්දරේ වයිපරේට මුලින් කියපු කවිය තමයි කියන්න වෙන්නෙ.
ReplyDeleteඉස දෙස බැලිමි පොල්කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරණා
තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා
ලිය නුඹ බැලිමි වැඳිරිය වැන්න දළු කනා
අන්දරේ මෙහෙමත් කිව්වනෙව පස්සෙන් පහු*****
Deleteහිස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා
බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා
තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළදෙනා
ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා
මටත් මතක වුනේ ඒ කවිය තමා.සුමිත්.
Deleteකපුවා කිව්ව දේවල් මත ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා
ReplyDeleteජය මංගලම් සහෝ..
සිතුවිල්ලක් පමණලු ඈ.
Deleteහූ ඈ....
අනිවා මේ කාන්තාව ෆොටෝෂොප් නිරමාණයක් විය යුතුයි..අම්මපා!
ReplyDeleteමට ඔව්ව බැ බං පුලුවන්නම් ඇඳපන්කෝ
Deleteකපුවා සංදේශ කවි පොත් ටික කට පාඩම් කරල වගේ.. මොකද අපේ පැරණි සංදේශ වල වැනුම් තියෙන්නේ ඔහොම නේ..
ReplyDeleteසාහිත්‍යයට ලැදි කපුවෙක්.....
Deleteඔව්නේ ඔය කියන එව්ව ඔක්කොම එකට ආවොත් කොහොම හිටීද? අය්යා
නියම කවි ටික නේ....මරු
ReplyDeleteතැන්කිව් තැන්කිව් සයුරී
Deleteමෙහෙමත් කුලඟනන් මෙලොවේ ඉන්නවද
ReplyDeleteහිටියත් අපිට දැකුමට පින් තියනවද
කපුවගේ ඔලුව දොර ගැට්ටේ වැදුනාද
මී ගොඩයටත් මල් හී සර වැදුනාද
හඃ හඃ හඃ
මෙවැනි ලඳුන් මේ මිහි පිට සිටීනම්
Deleteඅල්ල ඇවිත් කූඩුවකට ඔබා මං
ටිකට් කඩල පෙන්නනාවා උදේ ඉදං
සිතුවිල්ලක් පමණයි ඈ
මරු කවි ටික අයියේ.. ඉතින් කපුවා කිවුව කෙනාව ගිහින් බැළුවයි.. ඒ ගැන කියලා නෑනේ... :)
ReplyDeleteඅනේ මලයෝ මේ මොලේ කරවෙච්ච වෙලාවක හිතිච්ච බහු භූතයක්.... සිතුවිල්ලක් පමණයි ලේබලේ එකක්
Deleteඑහෙමනම් දාන්න තිබ්බේ
Deleteසිතුවිල්ලක් පමණි
සිතුවිල්ලක් පමණි නොවේ කියලා... :P
නියමයි කවි ටිකනම් අයියේ..ලස්සනයි....
ReplyDeleteස්තුතියි සිතූ
Deleteසිසිවන උවන ඉඟ සුඟ ගත හැක බදාගෙන
ReplyDeleteනිසි පුළුලුකුල ලොරි සකයුරු කෙනර තන
හැක......හැක........
හක්ක හක්ක හක්ක..... අන්න යථාර්තය
Deleteහ හා..දැන් හොයනවද??
ReplyDeleteපුරප්පාඩුවක් ඇත
Deleteනියමයි සුදා...ඇත්තමයි...
ReplyDeleteතැන්කිව් දිනිති
Deleteදැන් ඉතින් ඔය කෙනා හැබෑටම දැක්කම හිතුනේ මොනවද කියලත් කියමුකෝ.....!
ReplyDeleteඅනේ දොත්තර අය්යේ මට කපුවෙක් හම්බ උනේ නැතුවා.. මේ නිකන් මොලේ කරවෙච්ච වෙලාවක ලියපු කවියක්
Deleteකපුවා කියයි අගේ වනා රූ සිත්තම් පපා මවා
ReplyDeleteනැතුවා වගෙයි මෙවන් ළඳුන් ලෝකේ වෙන බඹා මවා
හිතුවා නම් එවන් කෙනෙක් ලබා ගන්න පෙරුම් මවා
නැතුවා නොවේ නොකීවේ මං සියලු ගෑනු එකම බවා
කළුවරට කෝකත් එකයි ලු..
Deleteමන්නං දන්නේ නෑ ඕං..මම තාම කන්‍යාවෙක් නොවැ
හෑ....... මොකෙක් කිව්වා??
Deleteශා නියමයිනේ...පිටසක්වලින් ආවත් පාඩු නෑ...හේ හේ...අදමයි මේ පැත්තේ අවේ..හරිම ලස්සනයි...
ReplyDeleteසාදරෙන් පිලිගන්නවා... බොහෝම ස්තුතියි
Deleteමේවා තියන ගෑනු කෙනෙක් ඉන්නවනන්
ReplyDeleteමගේ හිතත් මොකද්ද වී යනවා බොලන්
තවත් පමා වෙන්නට බෑ මෙතන ඉදන්
මමත් දැන්ම එනවා මී අයියා සොයන්
මල හත් ඉලව්වයි .. ඒකි අපෙ ගෙදර නෙවෙයි ඉන්නේ.. මම කපුවගෙ නම්බරෙ දෙන්නම් එහෙ යන්න මල්ලියෝ
Delete//ඉඳ හිට මුතු පෙනෙයි හිනහා වෙන විටදී//
ReplyDeleteමල කෙලියයි ඈ.. කටේ තියෙන්නේ මුතු වුනත් ඉඳ හිට පේනවා කියන්නේ ලොකු අවුලක්.එක්කෝ මෙයා හිනාවෙන්න දන්නෙ නෑ නැත්තම් කටේ දත් එහෙන් මෙහෙන් තියෙන්නෙ පරිස්සම් වෙන එක හොඳයි අයියේ...
සිකුරු හතේ ෆිල්ම මතක් වෙන්නේ.... ලස්සන කවි සංකල්පනාවක්.මොන මගුල කරත් කපුවෝ එක්ක පරිස්සමෙන් හොඳේ
මේ ලමය ඉඳල හිටලලු හිනාවෙන්නේ.. හැදිච්චකම...
Deleteහෙ හේ.. කපුවො එක්ක පරිස්සමින්.. මාත් එක්ක සෙල්ලන් දාන්න අවොත් කපුව කපෝති
ඔය කවි විදියට මම චිත්‍රයක් ඇන්දා උඹට දෙන්න කියලා ඒත් එක අබ්බා ගාත අමුතු සතෙක් වගේ ආවේ.
ReplyDeleteඅනේ අසාර් ඒක එවපන්කෝ........ අව්ලක් නෑ කොහොම උනත්
Deleteහම්මෙ! ආයෙ මොකටෙයි අකමැති වෙන්නෙ, ඔන්නොහෙ කැමති වෙයං!!
ReplyDeleteහෑ ඔය කියල තියන එව්ව ඔක්කොම එකවගේනම් මනුස්සයෙක් වගේ පෙනේවිද ලහිරුවෝ
Deleteහපොයි...කපුවෝ ඔහොම තමයි..එක හත කරලා කියන්නේ...ලොකුවට .
ReplyDeleteගිහිල්ලාම බැලීම වටී...
ReplyDeleteගිහිල්ලාම බැලීම වටී...
ReplyDelete