Monday 23 July 2012

කපු වැනුම

උදැහැනැක්කෙ ගෙදරට ආ කපු මාමා
කෙල්ලගෙ රූපෙ මේ විදියට මට කීවා

කොන්ඩය කිතුල් රෑනක් මෙනි පයට දිග
දෙනයන නිල් උපුල් කුසුමක දෙපෙති මෙන
නාදළු සදිසි සුන්දර ඇගෙ දෙතොල් යුග
සඳ සිහි වේලු දුටු විට ඈ සුසුදු මුව

සිහින් දිගැති ගෙල හංසයෙකුගේ වැනී
ලැම හස සමකලේ පුන්කුඹු වලට පිරී
සුදු සම දිලෙයි වාත්තු කිරිගරුඬ වැනී
ඉඟ සුඟ මිටින් ගත හැකි ඈ රටක් වටී

ඉඳ හිට මුතු පෙනෙයි හිනහා වෙන විටදී
හඬ මිහිරියිලු කෙවිලියකට නෑ දෙවනී
ඇවිදින ගමන කෙනෙරක මෙන් තේජසිනී
අපෙ පැලැ එළිය කල හැකි ඈ පහනක්ළු මිණී

* * * * *

අසා මෙබස් මගෙ තුන් සිත හිරි වැටුනී
සිත මත ඇගේ රූපය මැවිලා පෙනුනී
මනුසත් කුලේ එකියක්නම් වෙනු නොහැකී
පිට සක්වලින් ආ එකියක් සේ දැනුනී



බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

78 comments:

  1. කවරෙට නො‍රැවටී සවුබර නොගන්නා
    පාටට නො‍රැවටී මල්පැණි නොබොන්නා
    බොඩිය බලාලා වාහනයක් නොගන්නා
    එන්ජිං දෝස හොයපං එහි මීගොඩයා

    ReplyDelete
    Replies
    1. බොඩිය බලලා.. හි හි...

      එහෙනං මම කපු මාමට කියන්නං ඊලඟ පාර එනකොට බොඩියක් ඉල්ලන් එන්න කියලා

      Delete
  2. ලැම හස සමකලේ පුන්කුඹු වලට පිරී
    සුදු සම දිලෙයි වාත්තු කිරිගරුඬ වැනී..


    ඇඩෙනවා

    ReplyDelete
    Replies
    1. බය හිතෙනවා... මෙහෙම එව්වා ලෝකෙ ඉන්නවද බං

      Delete
  3. මේ කියන විදියට මේ කෙලී රෑප රාජිනියක් නොවැ.. පෙර පිනක් පල දෙන්නද කොහෙද මී ගොඩයො මේ යන්නෙ... බෑ නොකියා උඹ කැමති වෙලා අපිටත් එන්න කියලා... තේ කහට පාට බෝතලයක් හෙම මේසෙ උඩ තියලා වෙඩිම ගනු....

    ReplyDelete
    Replies
    1. මගුලක් කථා කරනවා.. ඔය කියන එව්වා එක එක එකට එකතු කරල බලපන් කොහොම හිටීද කියල රූපෙ

      Delete
  4. මාත්තුරුකාව දැක්ක ගමන් මට මතක් වුනේ කලින් කියවපු ඔය වගේ වෙන වැනුමක්. (නොකිව්වට උඹ දන්නව :))

    මාත් කියන්න ගියේ ඔය කියන්නෙ මිනිස් දැරිවියක් ගැන නෙවෙයි වගේ කියල. ‘සිකුරු හතේ‘ නම් හිටිය නියම කපුවෙක්, වෙන කා .....ගෙ ද?

    ReplyDelete
    Replies
    1. හෙ හේ.. කතන්දර වනල තිබ්බෙ ඕක සුපිරියටම...

      මගුලක් කථා කරනවා.. සිකුරු හතේ අමතක වෙන්නෑ බන් ඒක පට්ට

      Delete
  5. හෙහ්..හෙහ් මලමගුලය් කිව්වලු...! අනේ අපිටත්පේන්න පො‍තෝ එකක් දාපියකෝ...!

    ReplyDelete
    Replies
    1. මගුලක් කථා කරනවා.. හිතේ ඇඳිච්ච රූපෙ කොහොමද බොල පොටෝ ගහන්නේ

      Delete
    2. සිරිමල් අය්යා...!!!
      සිකුරුහතේ පට්ටනේ...!

      Delete
  6. මී ගොඩයා මම කියනවට ඔය උපමා ඔය විදියටම චිත්‍රයක් ඇඳලා බලපං බය හිතෙන්නෙ නැත්ද කියලා. රෑකට හෙම දැක්කොත් බඩුම තමයි පුතා. තොවිල් හතක් නැ‍ටුවත් ගොඩ දාගන්න බැරිවෙයි.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. අනිවා බං මට හිතේ රූපෙ ඇදුනා,, ඒත් ඉතින් හරියට කපුටෙක්වත් අඳින්න බරි මම කොහොමෙයි ඕක කොලෙක අඳින්නේ....

      ඔය උපමා ටික ඔය විදියටම ඇන්දොත් අනිවා ඇඳෙන්නේ අමුතුම අත්භූත සතෙක්

      Delete
  7. ඕවයි ඉතිං තාර බැර ඇරල ගන් ඕනි...

    ReplyDelete
  8. අනේ අනේ මීයෝ... පොටෝවක් ප්ලීස්...බැරිනං ඇදලා හරි දාපන්කෝ.. :)))

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මගුලක් කථා කරනවා.. යකෝ උබට මතක නැද්ද මට බෝඩ් එක ඇන්දෙත් උබ කියලා.. එහෙව් මම කොහොමද බන් චිත්‍ර අඳින්නේ

      Delete
  9. හම්මප මීගොඩ ළමයෝ කොයි වන්ගියේ එකීයක්ද බොලව් ඔය?? පංකාදු කවි ටික.

    ReplyDelete
    Replies
    1. ඇස්පියාගෙන හිතල බැලුවනං කෝරලේ මාමා... මාමතම පෙනේවී

      Delete
  10. හි හි..නියමයි සහෝ.. පද ටික නම් අපූරුයි.කොහොමත් කියන්න දෙයක් නැහැ ඔබේ ලිවීමේ ශයිලිය ගැන.. සුපිරියි හ්ම්ම්!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් හිරූ

      Delete
  11. චී චී.. මේ තරම් කෙල්ලෝ ඉන්න රටේ මොන කපුවොඩ මී ගොඩයෝ... අනේ මේ ඔය කවුරුහරි මේ කොල්ලට පාඩම් ටිකක් දෙනවා නම හොඳයි..

    ReplyDelete
    Replies
    1. අනෙ සරත් අය්යේ කියල දෙන්නකෝ....

      අලේ මෙක සිතුවිල්ලක් පමණයි අලේ

      Delete
  12. ඇසි පිය හෙලන පමණින් නොවේ දෙවගන ජාතියේ සුපිරි කෑල්ලක් වගේ. නියම කවි ටික. එල ඇ..

    ReplyDelete
    Replies
    1. සුපිරි කියන්නෙ පට්ට පට පට

      Delete
  13. මේ කවි කියවනකොට මමත් අහලා තියෙන කවියක් මතක් වුණා

    අතකින් පොත් මිටිය අතකින් ලේන්සුව
    පාසල ඇරී එන නංගිට තෙහෙට්ටුව
    කකුල් දෙක මැදින් පෙනෙනා පොහොට්ටුව
    ඔබලා යන්ඩ දෙනවද මගේ සුරුට්ටුව

    ReplyDelete
    Replies
    1. අනේ දෙය්ය හාමුදුරුවනේ මට කිසිම දෙයක් තේරුනේ නෑ

      Delete
  14. හීහීහී.....
    අදින්ට ඕනෙ නෑ මල්ලී....
    ඔය කිව්ව ජාති ජාති වල පොටෝ කෑලි ගූගල් එකෙන් ඇන්න එකට පූට්ටලා බලන්ට...

    ReplyDelete
    Replies
    1. හෙව්ව අක්ක .. මේ ඔක්කොම තියන එකක් හම්බ උනේ නෑනේ

      Delete
  15. කවියට දාපු උපමා උපමේයනම් නියමයි කවිටිකත් හරි ලස්සනයි නොදකින ශෛලියක් නිසා...

    කිව්වත් වගේ ඔය ටික වෙන වෙනම අරන් චිත්‍රයකට ගත්තොත් පිටසක්වලවත් නැතිවෙයි එහෙම රූපයක්...

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆ මේ වගේ කට්ටිය කොහෙද ඉන්නේ..

      Delete
  16. අඩේ පට්ට වචන සෙට් එක. මැක්සා ආ.....!!! සිරාවටම මටත් මැවිලා පෙනුනේ ජීවිතේට දැකල නැති නාරිලතා පරාණයක්.

    ReplyDelete
    Replies
    1. උබට බය හිතුනෙ නැද්ද බං

      Delete
  17. සිහින් දිගැති ගෙල හංසයෙකුගේ වැනී
    ලැම හස සමකලේ පුන්කුඹු වලට පිරී

    හූ හූ මෙන්න වරද්දගෙන ..

    බෙල්ල හංසයෙක්වගෙ කියලා නෙමේ යකෝ කියලා තියෙන්නේ බෙල්ල හක් ගෙඩියක් වගේ ඊට පහලින් තියෙන දෙක හංසයෝ වගේ . .. මිට මොලවලා අල්ලන්න ඇහැකි ඉනට යටින් තියෙන කොටහ තමා කලගෙඩියක් වගේ කියලා තියෙන්නේ . . හික් හික්

    මොනා උනත් සිරාම සිරා කවි ටික . . .මේක අපි පත්තරේකට යවමුද බන්

    ReplyDelete
    Replies
    1. හික් හික්... තැන්කිව් තැන්කිව්.....අය්යා

      පත්තරේට දාන්න.. හොඳ අයිඩියා එකක් ..

      Delete
  18. ගිහින් බැලුවනම් අන්දරේ වයිපරේට මුලින් කියපු කවිය තමයි කියන්න වෙන්නෙ.

    ඉස දෙස බැලිමි පොල්කෙඳි වැන්න පීරනා
    බඳ දෙස බැලිමි හෙරලිය වැන්න මෝරණා
    තන දෙස බැලිමි වැටකොළු වැන්න එල්ලෙනා
    ලිය නුඹ බැලිමි වැඳිරිය වැන්න දළු කනා

    ReplyDelete
    Replies
    1. අන්දරේ මෙහෙමත් කිව්වනෙව පස්සෙන් පහු*****

      හිස දෙස බැලිමි රන් කෙඳි වැන්න පීරනා
      බඳ දෙස බැලිමි රන් කඳ වැන්න ආරනා
      තන දෙස බැලිමි රන් කුඹු වැන්න ලෙළදෙනා
      ලිය දෙස බැලිමි සූරිය වැන්න පායනා

      Delete
    2. මටත් මතක වුනේ ඒ කවිය තමා.සුමිත්.

      Delete
  19. කපුවා කිව්ව දේවල් මත ගොඩක් බලාපොරොත්තු තියාගන්න එපා
    ජය මංගලම් සහෝ..

    ReplyDelete
    Replies
    1. සිතුවිල්ලක් පමණලු ඈ.
      හූ ඈ....

      Delete
  20. අනිවා මේ කාන්තාව ෆොටෝෂොප් නිරමාණයක් විය යුතුයි..අම්මපා!

    ReplyDelete
    Replies
    1. මට ඔව්ව බැ බං පුලුවන්නම් ඇඳපන්කෝ

      Delete
  21. කපුවා සංදේශ කවි පොත් ටික කට පාඩම් කරල වගේ.. මොකද අපේ පැරණි සංදේශ වල වැනුම් තියෙන්නේ ඔහොම නේ..

    ReplyDelete
    Replies
    1. සාහිත්‍යයට ලැදි කපුවෙක්.....

      ඔව්නේ ඔය කියන එව්ව ඔක්කොම එකට ආවොත් කොහොම හිටීද? අය්යා

      Delete
  22. නියම කවි ටික නේ....මරු

    ReplyDelete
    Replies
    1. තැන්කිව් තැන්කිව් සයුරී

      Delete
  23. මෙහෙමත් කුලඟනන් මෙලොවේ ඉන්නවද
    හිටියත් අපිට දැකුමට පින් තියනවද
    කපුවගේ ඔලුව දොර ගැට්ටේ වැදුනාද
    මී ගොඩයටත් මල් හී සර වැදුනාද
    හඃ හඃ හඃ

    ReplyDelete
    Replies
    1. මෙවැනි ලඳුන් මේ මිහි පිට සිටීනම්
      අල්ල ඇවිත් කූඩුවකට ඔබා මං
      ටිකට් කඩල පෙන්නනාවා උදේ ඉදං

      සිතුවිල්ලක් පමණයි ඈ

      Delete
  24. මරු කවි ටික අයියේ.. ඉතින් කපුවා කිවුව කෙනාව ගිහින් බැළුවයි.. ඒ ගැන කියලා නෑනේ... :)

    ReplyDelete
    Replies
    1. අනේ මලයෝ මේ මොලේ කරවෙච්ච වෙලාවක හිතිච්ච බහු භූතයක්.... සිතුවිල්ලක් පමණයි ලේබලේ එකක්

      Delete
    2. එහෙමනම් දාන්න තිබ්බේ

      සිතුවිල්ලක් පමණි
      සිතුවිල්ලක් පමණි නොවේ කියලා... :P

      Delete
  25. නියමයි කවි ටිකනම් අයියේ..ලස්සනයි....

    ReplyDelete
  26. සිසිවන උවන ඉඟ සුඟ ගත හැක බදාගෙන
    නිසි පුළුලුකුල ලොරි සකයුරු කෙනර තන

    හැක......හැක........

    ReplyDelete
    Replies
    1. හක්ක හක්ක හක්ක..... අන්න යථාර්තය

      Delete
  27. Replies
    1. පුරප්පාඩුවක් ඇත

      Delete
  28. නියමයි සුදා...ඇත්තමයි...

    ReplyDelete
    Replies
    1. තැන්කිව් දිනිති

      Delete
  29. දැන් ඉතින් ඔය කෙනා හැබෑටම දැක්කම හිතුනේ මොනවද කියලත් කියමුකෝ.....!

    ReplyDelete
    Replies
    1. අනේ දොත්තර අය්යේ මට කපුවෙක් හම්බ උනේ නැතුවා.. මේ නිකන් මොලේ කරවෙච්ච වෙලාවක ලියපු කවියක්

      Delete
  30. කපුවා කියයි අගේ වනා රූ සිත්තම් පපා මවා
    නැතුවා වගෙයි මෙවන් ළඳුන් ලෝකේ වෙන බඹා මවා
    හිතුවා නම් එවන් කෙනෙක් ලබා ගන්න පෙරුම් මවා
    නැතුවා නොවේ නොකීවේ මං සියලු ගෑනු එකම බවා

    ReplyDelete
    Replies
    1. කළුවරට කෝකත් එකයි ලු..

      මන්නං දන්නේ නෑ ඕං..මම තාම කන්‍යාවෙක් නොවැ

      Delete
    2. හෑ....... මොකෙක් කිව්වා??

      Delete
  31. ශා නියමයිනේ...පිටසක්වලින් ආවත් පාඩු නෑ...හේ හේ...අදමයි මේ පැත්තේ අවේ..හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නවා... බොහෝම ස්තුතියි

      Delete
  32. මේවා තියන ගෑනු කෙනෙක් ඉන්නවනන්
    මගේ හිතත් මොකද්ද වී යනවා බොලන්
    තවත් පමා වෙන්නට බෑ මෙතන ඉදන්
    මමත් දැන්ම එනවා මී අයියා සොයන්

    ReplyDelete
    Replies
    1. මල හත් ඉලව්වයි .. ඒකි අපෙ ගෙදර නෙවෙයි ඉන්නේ.. මම කපුවගෙ නම්බරෙ දෙන්නම් එහෙ යන්න මල්ලියෝ

      Delete
  33. //ඉඳ හිට මුතු පෙනෙයි හිනහා වෙන විටදී//

    මල කෙලියයි ඈ.. කටේ තියෙන්නේ මුතු වුනත් ඉඳ හිට පේනවා කියන්නේ ලොකු අවුලක්.එක්කෝ මෙයා හිනාවෙන්න දන්නෙ නෑ නැත්තම් කටේ දත් එහෙන් මෙහෙන් තියෙන්නෙ පරිස්සම් වෙන එක හොඳයි අයියේ...

    සිකුරු හතේ ෆිල්ම මතක් වෙන්නේ.... ලස්සන කවි සංකල්පනාවක්.මොන මගුල කරත් කපුවෝ එක්ක පරිස්සමෙන් හොඳේ

    ReplyDelete
    Replies
    1. මේ ලමය ඉඳල හිටලලු හිනාවෙන්නේ.. හැදිච්චකම...

      හෙ හේ.. කපුවො එක්ක පරිස්සමින්.. මාත් එක්ක සෙල්ලන් දාන්න අවොත් කපුව කපෝති

      Delete
  34. ඔය කවි විදියට මම චිත්‍රයක් ඇන්දා උඹට දෙන්න කියලා ඒත් එක අබ්බා ගාත අමුතු සතෙක් වගේ ආවේ.

    ReplyDelete
    Replies
    1. අනේ අසාර් ඒක එවපන්කෝ........ අව්ලක් නෑ කොහොම උනත්

      Delete
  35. හම්මෙ! ආයෙ මොකටෙයි අකමැති වෙන්නෙ, ඔන්නොහෙ කැමති වෙයං!!

    ReplyDelete
    Replies
    1. හෑ ඔය කියල තියන එව්ව ඔක්කොම එකවගේනම් මනුස්සයෙක් වගේ පෙනේවිද ලහිරුවෝ

      Delete
  36. හපොයි...කපුවෝ ඔහොම තමයි..එක හත කරලා කියන්නේ...ලොකුවට .

    ReplyDelete
  37. ගිහිල්ලාම බැලීම වටී...

    ReplyDelete
  38. ගිහිල්ලාම බැලීම වටී...

    ReplyDelete