Monday 14 January 2013

මං දැන් රැඩිකල්... ඒක පට්ට ආතල් ඕයි

මේක හොයල දීපු හිතුවක්කාරිට හුඟක් ස්තුතියි


හමගියපු ඩෙනිමක් ඇඳගෙන
රබර් කටු දෙකක් දාගෙන
පීරපු නැති කොණ්ඩෙත් වනාගෙන
මම පාරේ යද්දි
ඇහුවොත් මොකෙක් හරි එකෙක්
මොකෝ බං මේ උඹේ හැටි කියලා 
කියනව මං ගත් කටටම
උගේ මූනටම
මම දැං රැඩිකල් බං කියලා

 
අන්න එහෙමයි මම
ලෝකේ පීරල දාගත්ත
මැස්සෙක්වත් වගපු නැයි
මගේ කෑල්ලට

සල්ලි ඉතුරුකරගෙන
ඉරිද හවසට
පොප්කෝන් අරන් දෙන්නේ

 
දන්නව මං 
ඉන්තේරුවෙන්ම
මේ රැඩිකල් වැඩිකල්
අල්ලල යන්නේ නැති බව
අද ඒකි පොප්කෝන් කෑවට
හෙට ඉල්ලනවමයි KFC




ප.ලි.

අවසාන කොටස සුමිත් අයියගේ කොමෙන්ටුවෙන් පසුව එකතුකරන ලදී

55 comments:

  1. උඹ දැං රැඩිකල් බං

    ජය වේවා.........!!

    ReplyDelete
  2. එහෙනම් මී ගොඩයා අයියණ්ඩියත් රැඩිකල් ඇ

    ReplyDelete
  3. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.....

    ReplyDelete
  4. අහ් මෙයත් රැඩිකල්ද? එල එල..

    ReplyDelete
  5. රැඩිකල් බවේ යතාර්ථය......

    ReplyDelete
  6. //පීරපු නැති කොණ්ඩෙත් වනාගෙන//

    අඩේ එහෙනම් මමත් රැඩිකල් ඈ

    ReplyDelete
  7. පට්ට බන්..ඔය දීල තියෙන්නේ සමහරකගේ රෙද්ද ගැලවෙන්නම...

    ReplyDelete
  8. haffoi, awasaanayaka arambuma. Ohoma balanakota nam apith rediyo thamai, wenasakata theyenne 2weni kotasa adhala nethi eka vitharai.

    Psta kaiya ah......

    ReplyDelete
  9. රැඩිකල් මීගොඩයා!!

    ReplyDelete
  10. ශාහ්හ්හ්හ්හ්හ්හ් :D ඒකත් එහෙමද මී අයියෙ?? එහෙනම් දැන් රැඩිකල් මී ගොඩයෙක් ආ?? ;) නියම කවිය (Y)

    (ඔය පින්තූර වලට මක්කට ස්තූතිද මී අයියෙ.ඔව්වා සුළු වැඩනෙ :D )

    ReplyDelete
  11. මමත් දැං රැඩිකල්...........

    ReplyDelete
  12. ඔය විදියට ‍රැඩිකල් වෙන්න පුලුවන් නම් මම අද කෝටිපතියෙක්!
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  13. සේරම හොදයි ඇයි අෆ්ෆා ෆොප් කොර්න් අරන් දෙන්නෙ!...එයගෙ ගානෙම ඒකත් ගමුකො....

    ReplyDelete
  14. මං මාව දැකපු පෝස්ට් එකක් ......... මං මේ දැන් කියන්නේ මං රැ‍ඩිකල් කියලා නෙවෙයි ..ම‍ගේ හැඩය වගේම පාරෙ යන විදිහත් ඔහොම වෙන්න ඇති .
    ඒක මිනිස්සුන්ට පේන්නේ මෙහෙම කියලා දැන ගත්තෙත් අද .... එහෙමයි කියලා මං විදිහ වෙනස් කරන්න යන්නේ නෑ , ඉන්න විදිහ නිසා දැනෙන නිදහස තේරෙන්න නම් එහෙම ඉදලාම බලන්න ඔනේ .
    මිනිස්සු පිටින් පේන විදිහෙන් මනින්න එපා බං ..... සමහරු ඇඩ් එකට ඔය කියලා තියෙන විදිහට හිටියත්, ඔහොම ඉන්න බහුතරයක් දෙනා අනුන්ට පේන්න බර වැඩ මොකටද කියලා හිතාගෙන ඉන්න උන් ......
    ජීවිතේ සරල වෙන්නේ , එකතු කරගන් දේවල් අඩු වෙන තරමට .... උඹ ඔය කියපු විදිහට ඉන්න උන් බහුතරයකගේ ඇතුලේ තියෙන්නේ එන්න ඒ සරල කම
    ...........

    ReplyDelete
  15. ඒකත් රැඩිකල් මෙතොඩ් එකක් තමයි.

    ReplyDelete
  16. මොකද්ද අනේ ඔය රැඩිකල් කියන්නේ? :0

    ReplyDelete
  17. ඇත්තෙයි බං...! මං බය උනත් එක්ක..!

    ReplyDelete
  18. පොප් කොන් අරං දෙන්න එපා බං! හොඳ ගංජා සුස්තියක් අරං දියන්! තවත් රැඩිකල්!

    ReplyDelete
    Replies
    1. නෑ බං ඔහොම දඟලන් උන්.. ගෑනු ඉස්සරහ බෝසත්....

      Delete
  19. මම මේ කල්පනා කරන්නෙ ඇයි ‘පොප්කෝන්‘ කියල.

    අර ෆොටෝ එකේ විදයට රැඩිකල් වෙල පාරෙ බැහැල යනකොට නම් කොහොමටත් ආතල් ඇති. ඇඟේ හැම අඟලකටම හොඳට හුළං වැදෙනවනේ. :)

    ReplyDelete
  20. මාත් රැඩිකල්...
    හැබැයි ගෙදරදි විතරයි...

    ReplyDelete
  21. එල කවිය.. කවියට එහා ගිය දේකුත් තියනවා වගේ.

    ReplyDelete
  22. සාක්කුව හිස් හන්දා රැඩිකල් හි හි හී..ඒකත් නරක නෑ වගේ..

    ReplyDelete
  23. රැඩිකල් නෙමෙයි බන් ඕකුන්ට කාලෙකට ඉස්සර කිව්වෙ හිපියො කියලා...

    ReplyDelete
    Replies
    1. කාලෙකට ඉස්සර නෙවෙයි බං, තාමත් කියන්නෙ එහෙම තමයි. ඒ වුනාට උන් හිතන් ඉන්නෙ උන් හෙන රැඩිකල් පොරවල් කියල.

      Delete
  24. රැඩිකල් ෙවලා ෙගාඩ කල් :)

    ReplyDelete
  25. " රැඩිකල් " ලොල් අපිට මොන රැඩිකල්ද බං ( එනී පරොබිලමි , ෆීල් ලයික් අ බොස් )

    ReplyDelete
  26. ඒ රැඩිකල් කමත් හොදා...

    රැඩිකල් වීම ගැන හොද ලිපියක් දාලා තිබුනා ඉස්සර බ්ලොග් ලිව්ව අක්කා කෙනෙක් මට මේ වෙලාවේ ඒකත් මතක් උනා .. (නෑ මම වෙඩි තියන්නේ මේ සමනලයට බ්ලොගයේ )

    ReplyDelete
  27. මීගොඩයත් රැඩිකල් උනා එහෙනං

    ReplyDelete
  28. ඒකත් තරමක ලාබදායි ක්‍රමයක් නේ.

    ReplyDelete
  29. අඩේ නියමයි මාත් රැඩිකල් වගේ කියල හිතෙනවා

    ReplyDelete
  30. මම නම් ඔය වචනෙ තේරුම අහගත්තෙත් යාළුවෙක්ගෙන්... වැඩිම වුනොත් මාස 5ක් ඇති... ඒත් තාම ඔය රැඩිකල් කියන මගුල තේරෙන්නෙ නෑ... :)

    ReplyDelete
  31. හිල් තිබුණත් නැතත් වැරහැලි නූනත් අලුත් ඩෙනිම අඳින්නෙ බුරියට පාතින් හින්දා ටිකක් නැමිලා මොනවාහරි කරන්න ගියාම පස්ස පැත්ත ‍රැඩිකල් වෙලා පෙනෙනවා..

    ReplyDelete
  32. හික්...අනේ වාසනාවන්.....

    ReplyDelete
  33. කොකටත් තෛලය වගේ
    මරැ

    ReplyDelete
  34. පොප්කොනය වෙනුවෙන් රැඩිකල් වීම.... එහෙම බලනකොට මමත් හෙන රැඩිකල් බන්.. හෙහ් හෙහ්

    ReplyDelete
  35. අනේ වාසනාවන්.. මෙයාගෙ මොලේ තමා මොලේ...

    ReplyDelete
  36. ඇඳුම කෙසේ වෙතත් පොප්කෝන් අරන් දෙන එක නම් රැඩිකල්.ඕවා කාලා ඇතිද අප්පා..!!

    ReplyDelete
  37. එතකොට මීයත් රැඩිකල් වුණා එහෙනම්... ඒක නෙවි බං එතකොට අර රැඩිකලේ තියෙන්නේ ඇඳුමෙ වෙන්ඩැ... මැස්සො වහන්නේ නැති වෙන්න මොනවාහරි විෂ ස්ප්‍රේ එකක් ගහලද බං තිබුණේ :P

    ReplyDelete
  38. Replies
    1. සහන්. උඹ මේවට කවි කියලද කියන්නේ....මේවා නිසදැස්..

      Delete
    2. සොලී සොලී ..සිදුවූ
      පසුතැවිල්ලට
      ප්‍රමාද වෙමි.:(

      Delete
  39. අඩෝ හෙට ඉදන් මාත් රැඩිකල් වෙනවා............

    ReplyDelete
  40. රැඩිකල් වුනත් වැඩිකල් ඇදගෙන යන්න බෑ, අරකි පොප් කෝන් වලින් නවතින්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. මෙන්න කොමෙන්ට් එක

      Delete
  41. රැඩිකල් වීම මගේ තවත් සිහිනයකි. :P

    ReplyDelete
  42. අඩේ...විහිළු නෙමේ බං. ඒකනම් ඇත්තටම රැඩිකල්.

    ReplyDelete
  43. සේරම හොඳයි තේරෙන්නේ නැහැ මි ගොඩයෝ

    ReplyDelete
  44. රැඩිකල් වචනේ තේරුම නොදැන රැඩිකල් කියාලා නියම රැඩිකල් වාදීන්ට පහර ගහන්න එපා සහෝදරයා. ඉරිච්ච ඩෙනිමක් ඇඳලා බාටා කටු දෙකක් දැම්මට එක සමාජ තත්වෙන් මනිමකට තුඩු දෙන හේතුවක් විනා නියම රැඩිකල් වාදියෙක් නෙමෙයි
    මාලන් සේනානායක

    ReplyDelete
    Replies
    1. මොකද්ද මචං ඇත්තටම රැඩිකල් කියන්නේ......
      ඔය කියන රැඩිකල් වාදීන් කොහෙද බං ඉන්නේ.... මට හෙන ආසයි එකෙක් ආස්සරේ කොරල බලන්න....

      මේ කාටවත් පහර ගහපු එකක්නම් නෙවෙයි.....
      මගේ හිතේ ඉන්න රැඩිකල් කියන එකාටනම් අනිත් උන්ගේ මත ඉවසීමේ හැකියාවකුත් තියෙන්න ඕනේ

      Delete