Sunday 6 January 2013

පලායෑම


නිව්වඩු සිකුරාදා උදේ  කරන්න දෙයක් තිබ්බෙ නෑ.. එලීනා අද දවල් ඩියුටි.. මම අරමුනක් නැතිව ඔහේ ඇවිද්ද.. හිත හෝන්දුමාන්දු වෙලා.. මේ වෙන්නෙ මොනවද කරන්න ඕනේ මොනවද හැමදේම බොඳවෙච්ච හීන වගේ.. කිසිම දෙයක් පැහැදිළි නෑ.. ඔද්දල් වෙච්ච සිතුවිළිත් එක්ක නගරේ විශාල ගොඩ නැගිලි අස්සෙන් ඇවිදගෙන ඇවිදගෙන මම මගේ පුංචි කාමරයට ඇවිල්ල මටත් නොදැනිම...
අල්මරියට හයි කරපු කණ්නාඩියෙන් දැක්ක මූනේ පිළිවෙලක් නැතුව ඔහේ වැවිච්ච රැවුලත්. ටිකක් විතර යටට ගිලිච්ච ඇස්දෙකත් මූනට ඕන්වටත් වඩා වයස පාටක් එකතුකරල තිබ්බ..

ශර්ට් එක ගලවල දාලා මම දුම්වැටියක් දල්වගත්තෙ වෙන කරන්න දෙයක් නැතිවෙච්ච හින්දමයි.. හිත හෙල්ලිච්ච වෙලාවට පොඩිවෙලාවකට හරි සන්සුන් කරන්න සිගරට් එකකට පුලුවන් කියලා මං අත්දැකීමෙන් දැනගෙන හිටියා..
මගේ පපුව අස්සෙ හිරවෙලා ඉඳලා නාස් පුඩු අතරින් නිදහස් වෙච්ච පළවෙනි දුම්වලල්ල දොර ජනෙල් වහපු කාමරේ අස්සෙ ආයේත් හිරකාරයෙක් උනා, හරියට මම ගෙදර අම්ම තාත්තගේ පාලනයෙන් නිදහස් වෙලා සමාජෙට පය ගහපු වෙලවේ සමාජය තුල හිරකාරයෙක් උනාවගේ
හතර වටෙන් වට වෙච්ච කාමරේ ඇතුලේ දුම් වලල්ල එහෙමෙහෙ කැරකි කැරකි පිට වෙලා යන්න ඉඩක් හෙව්වෙ හරියටම මම සමාජෙ ඇතුලෙ මට නිදහසෙ ඉන්න ඉඩක් හෙව්ව වගේ... සංස්කෘතිය, සදාචාරය, පවුලේ නම්බුව, පරම්පරාවේ අනාගතය මාව වටකරගේන බිත්ති හතරක් වගේ ඉහලට නැගල තිබ්බ

ඒවයෙන් ගැලවෙන්න හිතාගෙන වෙන රටකට යන්න හිතපු මම නැවතුනේ.. ලෝකයේ විවිධ ජාතීන්ට අයිති, විවිඩ ආගම් අදහන.. එක එක විදියෙ සිතුම් පැතුම් තියෙන මිනිස්සුන්ගේන් පිරිලා ඉතිරිලා ගියපු ඩුබායි නගරේ..

එතකොට කවුද එලීනා ?


ඔව් එයා එලීනා මේ කාන්තාරේ තරමටම කර්කෂ මගේ ජීවිතයට හීතලක් එකතුකරපු ගෑණි..රස්සාව නැතිවෙලා ඉබාගාතේ යන මට ඉන්න හිටින්න තැනක් දීපු ගෑනි, කන්න අන්න්දින්න දීපු ගෑනි .. ඒ කොයිහැටි උනත් ඊයේ රෑ වෙනකන් මට එලීනා ගැන ආදරයක් ඇතිවෙලා තිබුනේ නෑ .. මට ඕන උනේ හිතට අවලං හැගීමක් ආපු වෙලාවට එයාව හොයාගෙන හිහින් මගේ  පඩත්තල ආසාව ඉවරවෙනකන් එත් එක්ක බුදියාගන්න විතරයි .. මට තවත් ප්‍රශ්නයක් ඔලුවට දාගන්න ඕන උනේ නෑ.. පිලිපීන ජාතික කෙල්ලෙක්, මෙහෙඋන්ගේ භාෂාවෙන් කියනවනම් පිල්ලියක් කරේ එල්ලගෙන එහෙ මෙහෙ ඇවිදින්න මට ඕන උනේ නෑ .. මට ඕන උනත් අපේ ගෙදරින් ඉඩක් ලැබෙන්නෙත් නෑ.. කෙහෙම්මල් සංස්කෘතිය ..

ඊයෙත් ම එලීනව හම්බ උනේ ති ගානක් තිස්සේ මගේ තිබ්බ බඩේ කැක්කුම අඩු උනේ නැති හින්ද කරපු ටෙස්ටිං වල අන්තිම  රිපෝර්ට් එක අරගන්න ආපු වෙලාවේ ... මං එද්දී එලීනා බිල් ඔක්කොම සෙට්ල් කරලා රිපෝර්ට් එකත් අතේ තියාගෙන බලාගෙන හිටිය.. පුරුදු විදියටම ඒ ලස්සන තොල් හෙමින් හොල්ලල හිනාවෙලා අපි ගෙදර යමු කියලා මගේ අතින් අල්ලගත්තා

*    *    *
උණුසුම් විනාඩි කිහිපයකට පස්සේ මම ඇඳේ උඩුබැලි අතට හැරිලා හය්යෙන් හුස්මගන්න ගත්තා .. ඒක හුස්ම ගැනීමකට වඩා හති ඇරීමක්.. වෙනදට නොදැනෙන අමුතුම විදියේ කෙඩේත්තුවක් දැනුනා.. වෙනද වගේම එලීනා මගේ පපුවට ඔලුව තියාගෙන හෙමින් හෙමින් පපුව අතගෑවා ..වෙනද මට ඒක ආශ්වාදයක් උනත් අද මහම මහ වදයක් උනා. ඒත් මම නිහඩවම සිවිලිම දිහා බලාගෙන කල්පනා කළා 

පපුවේ රෝම අතර ඇඟිලිතුඩු එහෙ මෙහෙ කරපු එලීනා හෙමින් කටහඬ අවදිකලා 

"දොන්" 

(අත්තනායක මුදියන්සේලාගේ දොන් සිහිලැල් සඳුන් අත්තනායක වෙච්චා මම යාලුවන්ට සිහිලැල් වෙද්දී එලීනට ඒ නම කියන්න ලේසි උනේ නෑ ..එයාට කියන්න පුළුවන් උනේ දොන් කියන නම විතරයි)

ඔයා දන්නවද ඔයාගේ රිපෝර්ට් වල තියෙන්නේ මොනවද කියලා....

ම්ම්හ් නෑ අපන්ඩිස්යිටිස්ද 

නෑ.. ඔයාගේ වකුගඩු දෙකම නරක්වෙලා ඉක්මනටම එකක් බද්ද කරන්න ඕනෙලු... 

මගේ ස් නිලංකාර උනා .. පපුවෙන් පටන්ගත්ත පුංචි වේදනාවක් හෙමින් හෙමින් ඉහලට ඇවිත් උගුර හරියේ හිරවෙනවා වගේ දැනෙද්දී මම අසරණ විදියට එලීනා දිහා බැලුවා...

කඳුළු එක්කම හිනාවෙවී යන්තම් ඉස්සිලා මගේ නළල ඉපු එලීන කිව්වා දෙයින් මගේ හිත හිරි වැටිලා ගියා

දුක් වෙන්න එපා දොන් .. මගේ බ්ලඩ් ගෘප් ඒකත් o පොසිටිව් .. ඔයාගෙත් o පොසිටිව් .. මම ඔයාට වකුගඩුවක් දෙන්නම්... අපි ලංකාවට ගිහින් ඔපරේෂන්එක කරමු... ඔයාගේ රටේ ලාබයි මෙහෙට වඩා.. මම ඔයා එන්න කලින් ඩොක්ටර් එක්ක ඔක්කොම කතාකරගත්ත ...

 මට සවන් අදාහගත නොහැකි ඒ වදන් ඉවර වෙනවත් එක්කම මම පත්වෙලා එලීනගේ දෙතොල් මෘදුව ආදරෙන් සිපගත්ත.. ඒ ජීවිතේ පලවෙනි වතාවට මම ආදරෙන් එලීනව තුරුල්කරගෙන ඉම්බා .. ඊයේ මුළු රෑම මම නිදි නැතුව එලීනව තුරුලුකරන් හිටියේ මල්පෙත්තක් තුරුලුකරන් ඉන්නවා වගේ හරිම පූජනීය හැගීමකින්... 

පාන්දර මම එලිනගේ ගෙදරින් එලියට බැස්සේ කරන්න මොනවද යන්නේ කොහෙද කියලවත් හිතන්නේ නැතුව...
මට එලීනගේ වකුගඩුවක් ගන්න අයිතියක් තියනවද.. මුළු ලෝකෙටත් වඩා එලීන මට ආදරේ කරද්දී මම තිරිසනෙක් වගේ එලීනගෙන් හෙව්වේ වෙන දෙයක්.. 

ඔව් මම මහා තිරිසනෙක්.. 
මට එලීනගේ වකුගඩුව අරගන්න අයිතියක් නෑ.. 
මම වගේ තිරිසනෙකුට මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියකුත් නෑ...
මම තීරණයක් ගන්නවා ..
ඔව් මේ දැන්මම එලීනගේ ජීවිතෙන් අයින් වෙලා ඈතට යනවා ..
ආයේ කවදාවත් එලීනට නොපෙනෙන ඈතකට .. එයා මට සමාව දෙයි.. හෙට මැරෙන්න ඉන්න මේ පව්කාරයට එයා සමාව දෙයි

මට සමාවෙන්න එලීනා.. මම සදහටම ඔයාට නොපෙනෙන්න මේ රටින් යනවා ... 
මට සමාවෙන්න !!!  
 
  
ප.ලි

ප්‍රභන්ධයක් නිර්මාණයක් විදියට ලියන එක මට ටිකක් අමාරු වැඩක්.. කවි ලියන මං මීගොඩයා... ඔය විකාරෙන් වගේ සුටුස් ගාලා කවියක් ලියල දැම්මට මේ කතන්දර ලියවිල්ල මහ අමාරු වැඩක්.. ඒත් ඉතින් මොනවකරන්නද .. බොලාලට කවි ඇලජික්නේ
ඔන්න ඉතින් මේ කෙටිකතාවක් වගේ එකක් කෙටුවා.. වැරදි තියෙන ටික පෙන්නුවනම් හොඳා.. මන් හිතන්නේ මේක තමා මීගොඩය ලියපු පළවෙනි කෙටිකතාව.. කලින් බඹසර පූජාකියල එකක් පටන් ගත්තත ඉතින් ඒක කොටස් 4ක් කතාන්දරයක් උනානේ ...

එහෙනම් හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!! ( තාම පරක්කු නෑ මං හිතන්නේ )
  

37 comments:

  1. සුපිරි මීයෝ දිගටම ලියමු
    සුබ අලුත් අවුරුද්දක් !!
    අලුත් එකත් නියමයි

    ReplyDelete
  2. මමයි එක.. :D

    අඩේ මම සිරාවටම බය උනා බොගේ වකුගඩු වලට වැඩේ හරි තමා කියලා. හිකිස් මේ ගොතපු මෙව්වා එකක්නේ... මරු ඈ.. දිගටම ලියන්න

    ReplyDelete
  3. මීගොඩ මලයෝ සුපිරිනේ කතාව. මානුෂිය හැගුම් පුදුම සංවේදීතාවකින් ඔයා ප්‍රති නිර්මාණය කරලා තියනවනේ.එලීනගේ චරිතය මෙන්ම දොන් චරිතය මේ තරම් යථාර්ථවාදී අයුරකින් අප වෙත සමීප කරන්නට ඔබ ගත් උත්සාහය ප්‍රශංසනියයි.

    ReplyDelete
  4. අයියේ කියන්න දෙයක් නැහැ ආයේ. උපරිමෙන් ලියල තියෙනවා.

    ReplyDelete
  5. නියමායි මීයෝ.....!! අපි බාහිරින් බලලා හිතනවාට වඩා කෙනෙක්ගේ අභ්‍යන්තරය පිවිතුරු වෙන්න පුළුවන් කියන්නේ ඕක තමා....
    මීයාටත් ලස්සන සුදු හිමකැටවන් cute පූසියන් බහුල සුභම සුභ නව වසරක් වේවා.....!!!

    ReplyDelete
  6. කතාව නම් ඉටිකිරිස්,පොඩි අවුලකට තියෙන්නේ දොන් කියන නමින් ඉන්නේ මි ගොඩයාද කියන එකයි,කමක් නැහැ කමක් නැහැ,හුලං තියෙන කාලේ සරුංගල් ඇරියට ඔය සරුංගල් වලට මෙහෙ හුලං ඇලජික් හොදේ,.......

    ලියපන් ලියපන් ...මේක එල.ජය වේවා...

    ReplyDelete
  7. මල්ලි ඉඳලා හිටලවත් කිඩ්නිය පාවිච්චි කරන්න ඕනෙ. නැතිනම් ඕවා නරක් වෙනවා. හැබැයි පිල්ලියන්ගේ කිඩ්නියක් දාගන්න එක නම් එච්චර හොඳ වැඩක් වෙන එකක් නෙමෙයි උන් කන ජරාව හැටියට.

    කිඩ්නිය දාගත්තා වගේ නෙමෙයි උඹට මැරෙන්න වෙන්න ලෙඩේ හොයාගන්නවත් බැරිව....!

    ReplyDelete
  8. මල්ලි ඉඳලා හිටලවත් කිඩ්නිය පාවිච්චි කරන්න ඕනෙ. නැතිනම් ඕවා නරක් වෙනවා. හැබැයි පිල්ලියන්ගේ කිඩ්නියක් දාගන්න එක නම් එච්චර හොඳ වැඩක් වෙන එකක් නෙමෙයි උන් කන ජරාව හැටියට.

    කිඩ්නිය දාගත්තා වගේ නෙමෙයි උඹට මැරෙන්න වෙන්න ලෙඩේ හොයාගන්නවත් බැරිව....!

    ReplyDelete
  9. එල එල මී අයියේ! හැබැයි මේක තව පොඩ්ඩක් දිගට ඇද්ද නම් තව ටිකක් එල!

    ReplyDelete
  10. ඇති යන්තම්.. මං මේ උඹේ කිවි කියවලා එපා වෙලා හිටියේ.. හි හි... මට කවි අරහං නේ...
    මං මේ බනින්න කියලා සිගරට් කතාව කොපි කරගෙනම පටං ගත්තේ කියවන්න.. පස්සේ හිතුනා කමක් නෑ කියලා.... ඒවා බිව්වම ඕවා වෙනවා කියලත් තේරෙයි නේ.... හි හි

    ReplyDelete
  11. අදමයි ආවෙත්
    හොද වැඩක්

    කතාවේ අර්ථය හොදයි. ‍අපේ සැපත සතුට වෙනුවෙන් කෙනෙක්ගේ දෙයක් අපි කැපකරවා ගන්න කලින්, හිතන්න ඕන අපි මොනද කැප කරේ කියලා. එහෙම නොවෙනවනම් අපි සැබැවටම ආ‍දරේ කරන අය නෙවේ. දොන් ඇත්තටම අන්ති‍මට එලිනාට ආ‍දරේ කරලා ආදරේ දිනලා .

    ReplyDelete
  12. අනේ බාං ... උඹ හැමදාම කවි කියෝ කියෝ ඉන්නෙ මේ අපූරුවට කතා පොජ්ජක් දෙසාබාන්ට පුළුවන්කම තියෙද්දිනේ.

    මම හිතුව උඹ වැඩේ වන කරගෙන කියල, පස්සෙ ඉතිං සාමාන්‍යයෙන් නොකියයි කියල හිතෙන ජාතියෙ එවුවත් දෙසා බාද්දි තමා හිතුනෙ මේක ප්‍රබන්ධයක් කියල.

    කම්මැලි නැතුව තව කතා ටිකක් ලියපන්කෝ බං.

    ReplyDelete
    Replies
    1. අන්න එච්චරයි බං මටත් ඇහුනෙ. මටත් ඔය කවි එච්චර අල්ලන්නෙ නෑ. මොකද ඕවට උත්තර දෙන්න කවි පද බඳින්නත් බෑනෙ,. අනික වෙලාවකට මුං මොන මගුලක් අදහස් කරනවද කියලා හිතාගන්නත් බෑ.

      දොන් ද ඩොන්ද බං?

      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

      Delete
  13. ඔය තියෙන්නේ මියෝ සුපිරියටම :)

    ReplyDelete
  14. ලස්සන කතාවක් වුනාට,අවසානය හිතට දුකක් ගෙනාවා වගේ.. :/ මේ ඒක නෙවෙයි අයියණ්ඩියේ,බැරිද මේ වගේ කොටස් 4කින් වගේ ඉවර කරන්න පුළුවන් පොඩි කතාවක් ලියන්න..

    ReplyDelete
  15. සුපිරිම සුපිරියි අයියේ....එල....හරිම සංවේදී reality යට බර කතාවක්...දිගටම ලියහන්....

    ReplyDelete
  16. නියමයි.කවුද කිව්වේ ඔයාට කතා ලියන්න බෑ කියල. ඔය තියෙන්නේ නියමෙටම ලියලා.....

    ReplyDelete
  17. එල ඕයි!!!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  18. ඔය ලියලා තියෙන්නෙ ලෙසටම. හරිම හැඟීම් බරයි... කවි වලට වඩා මගෙ හිත ගත්තා..

    ReplyDelete
  19. කාලෙකින් ලස්සන කෙටි කතාවක්. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  20. කතාවට අපූරු තේමාව. මී බොහොම හදිසියෙන් ලියලා. කලබල නැතුව ලියමුද ?

    ReplyDelete
  21. ඔය තියෙන්නේ මීයෝ ලස්සනට ලියල ...! ඔයාට කෙටි කතා ලියන්න අමාරුවක් නෑ මං හිතන්නේ ..එලීනා ගැන දුක හිතුනා ..පලා නොයා සිහිලැල් ට තිබුණේ එලීනාට ඇත්ත කියලා හර්ද සාක්ෂියෙන් නිදහස් වෙලා ජීවිතේ ඉස්සරහට යන්න කියල හිතෙනවා ..ඒත් මෙයා පලා ගියානේ !
    :D

    ReplyDelete
  22. ලස්සනට ලියලා තියනවා මී ගොඩයා...පුංචි සිදුවීමක් සිතුවම් කරලා තියන හැටි අපූරුයි..
    පටන් ගන්න කොට ලොකු විස්තරයක් දාන්නැතුව දෙබසකින් කතාවට අවතීර්ණ වෙන්න පුළුවන් නම් මුල් විස්තරය මග ඇරෙන්නැතිවේවි..
    කතාව කියවලා ඉවර වෙලා මම ආයෙත් උඩ විස්තරය කියෙව්වාම තමා හිතුනෙ කතාව අපූරුවට ගොතලා තියනවා කියලා..ඔයා අනිත් අයගේ කතා කියවද්දි මෙහෙම තිබුනා නම් හොඳයි කියලා හිතෙන විදිහට ඔයාගේ කතාවත් ලියන්න..

    ReplyDelete
  23. නියමයි මී අයියේ.. දිගටම කවි කියවලා මේක බලපු හන්දා හිතට වැදුනා නියමෙටම..

    ReplyDelete
  24. හ්ම්...ගොඩක් අයට මනුස්සකම් මතක් වෙන්නේ තමන්ට වැරදුන වෙලාවට..
    එල මී අයියේ...

    ReplyDelete
  25. කතාව කෙටි උනාට අර්ථය ඉතා ගබුරුයි,,
    සුභ පැතුම්

    ශාන් දේවගේ

    ReplyDelete
  26. මුළු ලෝකෙටත් වඩා එලීන මට ආදරේ කරද්දී මම තිරිසනෙක් වගේ එලීනගෙන් හෙව්වේ වෙන දෙයක්..

    දනෙන්න ලියලා..
    ජය..

    ReplyDelete
  27. ලියවිල්ල නම් උපරිමයි !

    ReplyDelete
  28. කතාව ලෙසටම ලියල තියන්නේ ඔය. කතාවෙන් කියවෙන අර්ථයත් හිතට තදින් දැනෙන දෙයක්. මට නම් උඹගේ කවිත් එල..!

    ReplyDelete
  29. මේ වගේ ඒවට තමයි මගේ වැඩි මනාපය මීයො...එළකිරි...

    ReplyDelete
  30. මම හීතුවේම ආත්ම කතනයක් කියලා..නියමෙට ලියල තියනවා...පට්ට ඕයි.....

    ReplyDelete
  31. එළම කිරි.. ඒක පව් බන් එලීනා..

    ReplyDelete
  32. ඇත්ත කියපන් . . උඹේ වකු ගඩු දෙක නෙමේ . . වෙන මොනව හරි දෙකක් ඇත්තටම නරක් වෙලා නේද?
    වකුගඩු පිටින් දාලා ඒක ලිව්ව නේද?
    හූ . .

    ReplyDelete
  33. අවසානය ඉක්මන් වැඩියි කියල මට හිතුනේ

    ReplyDelete
  34. kathaawa nam hondai. Eth thawa wisthara tikak liuwanam hondai neda a?

    ReplyDelete