Sunday 30 December 2012

සල්ලාල ආත්මයක සංසාර පාපෝච්චාරණය


















විඩාපත් කොළොම් තොට
ඉකිබිඳින අහස යට
සොයනවා මම සොයනවා
මිටින් ගිලිහුන
ජීවිතය මම සොයනවා

තෙතක් නැති හදවත් ගොඩක් මැද
තදකරන් හීනයක් පපුවට
දුවනවා මම දුවනවා
මා නුදුටු ඒ
ලොව සොයා මම දුවනවා

දිවෙන මාවත අඳුරු සෙවනක
හීන විකුණන තරු ඇසක් ළඟ
විඳිනවා මම විඳිනව
නිමේෂයකට
ජීවිතය මම විඳිනවා

35 comments:

  1. හ්ම්ම්...ඇත්ත! මේක තමයි ඇත්ත! ඒත් ඇයි අපේ යම මේක වහන්න උත්සාහ ගන්නේ?

    ReplyDelete
  2. බොහොම සත්‍යවාදී සිතුවිල්ලක් අපුර්ව නිර්මාණයක් බවට හරවලා මලයා. නියමයි.

    ReplyDelete
  3. කවි පෙළ ඉවර කරපු හැටි සිත්ගන්නවා... //හීන විකුණන තරු ඇසක් ළඟ ,නිමේෂයකට ජීවිතය මම විඳිනවා// මේ ටික ඇතුලේ ලොකු අර්ථයක් සඟවලා තියනවා.... හොඳ නිර්මාණයක් සහෝ
    -තොටියා-

    ReplyDelete
    Replies
    1. තොටියා මේ දවස් වල පේන්න නෑ වගේ මොකෝ මේ ඇනෝවෙක්ගෙන්

      Delete
    2. මේ දවස්වල වැඩිය කියවන්න ලියන්න හිතෙන්නේ නෑ හෆ්ෆා... අහම්බෙන් දැක්කාම ඇනෝ කොටල යන්න හිතුණා

      Delete
  4. මිරිඟුවක් පස්සෙ ගිහින් නාස්තිවෙන ජීවිත !

    ReplyDelete
  5. ජීවිතේ වින්දත් ඒ නිමේෂයකටනේ

    ReplyDelete
  6. ඒ විඳින ජීවිතේ විඳිනවට වැඩ විඳවනවා කිව්වොත් තමයි හොඳ.

    ReplyDelete
  7. අනේ මන්දා..

    ReplyDelete
  8. හිරකරන් කොහෙහරි
    මුල්ලකට
    මිනිත්තු එකොලහක
    දියකර හැර
    නිමේෂයක් වින්දත්
    ජීවිතය.....

    සුරතාන්තය අවසන,
    හරි බරයි
    හිතට.....

    ReplyDelete
  9. මමත් තාමත් ජීවිතය හොයනවා...හොයා ගන්න බෑනේ

    ReplyDelete
  10. මි ගොඩගේ මි මැසි කවි..

    ReplyDelete
  11. හරිම අපුරු පද රචනයක්...

    ReplyDelete
  12. පද ටික ගලපලා තියනවා නියමෙට..

    ReplyDelete
  13. මේක එලියට දාන්න ඕනේ නෑ මචෝ. හෙඩිම හදපන් ආත්මයක කියල. පොඩ්ඩක් එහා මෙහා වෙලා. :)

    ReplyDelete
  14. තනිකරම මිරිඟුවක්...තිබේද එහි තෘප්තියක්..
    පමණි ඇත්තේ වින්දනයක්..!

    ReplyDelete
  15. නිමේෂයකට සතුට රන්ඳන
    අපේ කාලයේ වනිතාව

    ReplyDelete
  16. ගොඩක් දේවල් හැඟුණ කවි පෙළක් ..
    ලොකු රසයක් වින්ද ..දිගටම මෙහෙම ලියන්න
    ශක්තිය ලැබේවා ...

    ReplyDelete
  17. නිමේෂයක සතුට කෙසේ වෙතත් කවි ගෙත්තම නම් නියමයි..

    ReplyDelete
  18. නිමේෂයකට විදින ජීව්ත ගොඩක් පස්සේ සෑහෙන්න විදවන තැනටත් එන වෙලාවල් තියෙනවා..

    ReplyDelete
  19. මිටින් ගිලිගුණ ජීවිතය හීන විකුණන තරු ඇස් ළඟ සැනසුනාට කවදාවත් හම්බ වෙයිද.
    සුපිරි කවි මචං මීගොඩේ...සුපිරි තේරුම්ක් තියනවා.

    ReplyDelete
  20. මේක කවියක්ද ගියක්ද කියල හිතාගන්න බෑ.. අපූරු පෙලගැස්ම

    ReplyDelete
  21. නිමේෂයකට විදින ජීවිතයෙන් පස්සෙ බිබිලක් දෙකක් මතු උනොත් ජීවිතයම සුන්.... නැද්ද මම අහන්නෙ...

    ReplyDelete
  22. සල්ලි සොයා සිදාදියට පැමිණි මනුස්සයෙක් තමන්ගේ ජීවිතේ අනෙක් සේරම දේවල් අමතක කරලා මිල මුදල් පස්සේ යන්න අරගෙන තමන්ට අහිමි වෙච්චි ජීවිතය කුමක්ද කියලා වැටහුනාට පස්සේ ඒ ගැන පසුතැවෙන බවක් මුල් කවිපන්ති දෙකෙන් හිතුනත් අන්තිම හරිය කියවද්දි හිතුනේ සල්ලි සොයන්න නගරයට ආපු මනුස්සයෙක්ට අහිමි වෙච්චි ආදරයක සුවය විඳින්න අවශ්‍ය වෙලා පහන් කණුවක් යට කල්ලි ගැසුණු යුවතියකගෙන් නාම මාත්‍රිකව හෝ ආදරේ මිහිරියාව මිරිඟුවක් දැක්කම ඇතිවන සතුටක තරමින්වත් ලබාගන්න උත්සහ කරන මනුස්සයෙක් ගැන කියලා තියෙනවා කියලා....

    හම්මෝ හරි යන්තං ලියාගත්තා හිතිච්ච දේ....

    ඇත්තමයි අයියේ ඔයාගේ කවි ලිවිල්ල මාරයි... අනිවාර්යෙන් සුපිරි ගීත රචකයෙකු වෙන්න පුළුවන් ඔයාට නිකන් ඉන්නේ නැතිව ට්‍රයි කරන්නකෝ අප්පා අමුතු අමුතු තාල අල්ලලා ලියන මේවා ගීතයක ස්වරූපයක් ගන්නවා කියලා හිතෙනවා කියවවනකොට....

    සසර පුරා සක්මන්... වගේ ගීතයකුත් ලිව්වා නේද ඒකත් සුපිරි

    කාලෙකින් එන්න බැරිවුනු නිසා මගඇරිච්චා බෝම ඇති අනිවාර්යෙන් මම කියවනවා කියලා දන්නවනේ ඉතින්...

    සුභම සුභ නව වසරක් වේවා කියලා ඔයාට ප්‍රාර්ථනා කරනවා අයියේ සේරම සිතුම් පැතුම් ඉටු කරගන්න ලැබේවා... ජය වේවා...

    ReplyDelete
  23. මම නම්,

    තෙතක් නැති හදවත් ගොඩක් මැද
    තදකරන් හීනයක් පපුවට
    සොයනවා මම සොයනවා
    ජීවිතය මම සොයනවා...

    ReplyDelete
  24. හ්ම්ම්ම්මම්....සිරා...

    ReplyDelete
  25. ඇත්තටම මේකට තනුවක් දාලා ගායනා කරන්න පුලුවන්නෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  26. ජිවිතේ නොකර බැරිකමට කරන හුගාක් දේවල් තියෙනවා

    නන්නාදුනනා
    සිත මිස කය නැති පුරවරයේ
    නිමේසයක්
    කොදුරාවි රහසේ


    ReplyDelete
  27. ගොඩ කාලෙකින් ආවේ ලස්සනයි කවිය ,, ඔබට ජය !!

    ඇවිත් යන්න එන්න " The අච්චාරු පිටුව "

    ReplyDelete
  28. හරිම අපුරුයි පද පෙළ
    :)

    ReplyDelete