Monday 28 May 2012

මීගොඩයගේ බ්ලොග් කෙරුවාවට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ( හුරේ !!!! )

දැන් මාතෘකාව දැක්ක ගමන් කට්ටිය කියයි අන්න මී ගොඩයත් අර කතන්දර අය්ය කුණුහරුපයක් නෙවෙයි කිව්ව එක දීලා මහරජාව ගොඩ දාගෙන කියල මේක එහෙම සිද්දියක් නෙවෙයි ඕං

ඊලගට  කට්ටියම බලනවා ඇති මොකද්ද යකෝ මූට වැහිච්ච යකා කියලා .. නෑ නෑ අර කලින් එකේ වගේ මෝහිනී ආවේ නෑ .. උඩ මාතෘකාවේ තියෙන්නැහේ මීගොඩයගේ බ්ලොග් කෙරුවාවට රාජ අනුග්‍රගය ලැබෙනවා.. ආ කියහල්ලකෝ බලන්න ඒක ලොකු කමක් නෙවෙයිද කියලා..

දැං මීගොඩය ඇවිදීනේත් පොළවට අඟල් දෙකක් විතර උඩින්..

කෙටියෙන්ම කියනවනම් මේකයි සීන් එක...

 ඔය අපේ මහරජාටත් තියනවා මූණු පොතේ ගිණුමක්..රජාගේ නමින් නෙවෙයි බොරු නමකින්.. කොහොමින් කොහොම හරි මීගොඩයටත් රජාව ඇඩ් වෙලා තියනවා.. සාමන්‍ය මනුස්සයෙක්නේ මීගොඩයත් දවස් දෙක තුනක් චැට්කලා .. මචං ලෙවල් එකෙන් තමා කථා බහ ගියේ.. දවසක් හදිස්සියෙම මීගොඩයට සැක පහල උනා මේ නම් අපේ රජා තමයි කියලා.. මීගොඩයගෙ කටටත් ඉතින් බ්‍රේක් තියන එකක් යෑ.. පැනපු ගමන් අහපි අඩෝ උබ රජා නේද කියල.. මුලින් නෑ කිව්වත් මීගොඩයගේ කෙස් පැලෙන තර්කත් එක්ක රජාට පිලිගන්න උනා.. ඒ රජා තමයි කියලා.. වැඩේ කියන්නේ රජා මගේ බ්ලොග් එක කියවනවලු.. සංතෝසෙ,, බෑ අෆ්ෆා රජෙක්ට බලන්න තරම් මම දාන බොග වටිනවා කියන්නේ සුළු පටු ආඩම්බරයක්ද...

කොහොම උනත් රජා මට බ්ලොග් එක ගැන දෝශාරෝපනයක් කලා.. රජා කිව්වේ.. බලපන් උබේ බ්ලොග් එකේ හැටි. ලස්සන ෆොටෝ එකක් දාල නග්ගල ගනින්කෝ ඕක කියලා ( අඳුර ගත්ත උනත් අපි යාළු ෆිට් එකෙන් තමා හිටියේ .. රජා කැමති උනේ නෑ නම්බු දීලා කථා කරනවට,නිහතමානී කම උන්නාන්සෙගේ )

මම කීව මට ඔව්ව තේරෙන්නේ නෑ රජතුමනි .. කවුරු හරි දන්න එකෙක්ට කියල හදව ගන්න ඕනෙ කියල..

රජා අහපි උබට අව්ලක් නැත්තම් මම එකක් හදල දෙන්නද කියල... ( මෙහෙම රජවරු වාසනාවන් )

රජා උනාම මොකෑ කඩේට පොඩ්ඩක් යවාගන්න තියනවනම් කියලා.. මමත් කිව්ව රජතුමනි උබ දෙය්යෙක් නෙවෙයි දේවාලයක් කියල..

කොහොමින් කොහොම හරි සුළු වෙලාවකින් රජා මට පරසතු උයනට එල්ලන්න ලස්සනම ලස්සන බෝඩ් කෑල්ලක් හදල එව්වා.. ඒක තමයි ඔය උඩ එල්ලලා තියෙන්නේ.. කොහොමද සුපිරි නේ..

ඔන්න ඔහොමයි මීගොඩයගේ බ්ලොග් එකට රාජ්‍ය අනුග්‍රහය ලැබුනේ

ඉතින් මේක් ලිව්වේ ඇත්තතම ලොකු කමක් පෙන්නන්න නෙවෙයි.. තහනම් අඩවියේ වල් රජා නොහොත් හර්ෂන අධිකාරී නොදුටු මලයට තැන්කිව් කියන්න..

මල්ලියා ටැංකිව් ඈ

මගේ දුප්පත් බ්ලොගියට ආවගිය ඔක්කොටමත් ටැන්කිව් ඈ...

තව දෙයක් අන්තිම පෝස්ට් එක දාල මම කරපු පණ්ඩිත වැඩක් හින්දා බ්ලොග් එක මම ඉන්න සිංඩිවල අප්ඩේට් උනේ නෑ මිස්වෙච්ච අය ඉන්නවනම් මෙතනින් යන්න

බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

63 comments:

  1. මුලින් හිතුවේ ඇනොනිමස් ආතල් එකේ සදරුගේ බ්ලොග් රෝලෙන් බ්ලොග් කියවන රජා මීගොඩයටත් සෙට් වෙලා කියලා. ඒ කියන්නේ දැන් අඩවි රජා බෝඩ් අදින වැඩෙත් කරන්න පටන් අරගෙනද එල එල ජය වේවා..!!!!

    ReplyDelete
    Replies
    1. එහෙමත් රජෙක් ඉන්නවද?? මම අලුත්නේ තාම සැට් උනේ නෑ

      Delete
    2. යන්නකෝ ඇනොනිමස් ආතල් සයිට් එකට. ඒකෙ එකෙක් ඉන්නවා.

      Delete
    3. ගිහින් බලන්න ඕනේ

      Delete
    4. ඒක අන්න වහල දාල..

      Delete
  2. මෙවන් මිතුරෝ වෙන කොයින්දා :)

    ජය ඔබට

    ReplyDelete
  3. මට හිතුන රජෙක ගැන කියන කොටම අර වල් රජා වෙන්න ඇති කියලා.කොහොම උනත් මචෝ දන පෙනුම එල ....ජයශ්‍රී.......

    ReplyDelete
  4. නමත් හොඳය් පින්ටූරෙත් හොඳය් ඔක්කෝම හොඳය් :ඩ්
    ජය !!

    ReplyDelete
  5. ලස්සන බෝඩ් කෑල්ලක් :)

    ReplyDelete
    Replies
    1. තැන්ක් යූ සයුරි

      Delete
  6. ලස්සන බෝඩ් කෑල්ලක් :)

    ReplyDelete
  7. අයියෝ සල්ලි අර වලා රජා ගැනද මේ කියව්වේ? සික් මීගොඩයෝ ඕකා හෙන වලා කෝකටත් පරිස්සමින් හිටපං ඈ.

    ReplyDelete
    Replies
    1. හෆොයි එහෙම අවධානමකුත් තියේද

      Delete
    2. පල පල නිශා :-)

      Delete
  8. හික් හික්....වෙන කවුඩ තිං සජෙක්ට ඉන්නෙ මේකෙ.......

    ආව් අප්ප ලත්තනයි ලත්තනයි......අලුට් ඇඳුම....^_^

    ReplyDelete
    Replies
    1. අලේද කියන්නේ.. අපේ සජා අපත හොදා

      Delete
    2. අපතයා කිව්වා නේද මට? ^_^

      Delete
    3. ආ ඒ අග්නිගෙ භාෂාවෙන් අපට කියන එකනෙ බං :P

      Delete
  9. මට මේ දෙකම ඒක වගේ. මම දවසක් රැවටුනාත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මටත්..

      Delete
    2. අය්යෝ එහෙම සීනුත් වෙනවද... එහෙමනං පොඩිහරි වෙනසක් කොරන්න වෙනවා

      Delete
  10. "රජ ඇඩ්වට්යිසින්"

    ReplyDelete
    Replies
    1. මෙව්වා රාජපස්සෙ අයට විතරයි.. හරිය

      Delete
  11. raja ehenem kade yannath patan gaththa.

    ReplyDelete
    Replies
    1. ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ් රාජ උදහසට ලක්වෙයි,,, ( මූ ගම කනවනේ )

      Delete
  12. මගේ බ්ලොග් එකටත් රාජ අනුග්‍රහය ලැබෙනවා නේ බොලව්.. අර හැමදාම ඇවිත් ඒකා කමෙන්ට් කරලා යන්නේ!!

    ReplyDelete
    Replies
    1. ජය ජය.. චිරාත් කාලයක් රාජ උස්නෙ වදින්ට කියල ප්‍රාර්ථනා කොරනවා

      Delete
  13. හා හා නියම රජ ‍ටෝක් එකෙන්ම කියලත් තියෙන්නෙ මීගොඩයා...

    ReplyDelete
    Replies
    1. එහෙම නැතුව බෑනේ රජවරු ආස්සරේ කොරද්දි

      Delete
  14. කොහොම උනත් ඔය රජාව ආස්‍සරේ කරන්නේ පරිස්සමින්.. :)

    මම කිවුවා කියලම කියන්න..

    ReplyDelete
    Replies
    1. කොහොමත් රජවරු ආස්‍රය කරන්න ඕනේ පරිස්සමින් තමා.... අපේ රජා එහෙම නැද්ද මන්දා

      Delete
    2. ආ..........පූ.........

      Delete
  15. ලස්සන බෝඩ් එක......

    ReplyDelete
    Replies
    1. ආ කාලෙකින් තරූ පායාල... මගේ බ්ලොග් එකට.. තැන්ක්යූ තරූ

      Delete
  16. මොකා උනත් රජා හොඳ කොල්ලා. කලින් පාර කිව්වා විදියටම වැඩේ කරලා තියෙන්නේ. මල් හතයි ඈ

    ReplyDelete
    Replies
    1. ගනං පන්තියකට පලයන්.. ආයේ හොඳට බලපං බෝඩ් එක මල් හතද තියෙන්නේ කියලා

      තැන්කිව් ඈ

      Delete
    2. මටද හොද එකා කිව්වේ :-)

      Delete
    3. @ අඩවි රජ: හෙනං?? ඇයි වෙන මොකක් හරි වල් රජෙක් ඉන්නවයි මේ බ්ලොග් ලෝකේ?

      @ Mee Godayaa : මට පේන්නෙම හතයි බං.. ඉතුරුවා සමනල්ලු වගේ..

      Delete
  17. බෝඩ් කෑල්ල පට්ට ඈ මීගොඩයා වෙනුවෙන් රජාට මගේ ස්තූතිය... අද තමයි මගේ මුල්ම පැමිණීම... රජාගේ ලින්ක් එකෙන් ආවේ මෝහීණි කතාව බලන්න... දිගටම ලියමු ජය වේවා

    ReplyDelete
    Replies
    1. ආ ස්තුතියි මේ පැත්තේ අවට...මමත් මේ මියැදුණු පෙම්වතිය කියවන කියවන ගමන්

      රජාට කියන්නම් තැන්කිව් කිව්වකියලා

      Delete
  18. යකෝ පෝස්ට් එකක්ම ලිව්වද? පික්සුද බං...
    ඔය ප/ලි කෑල්ලක් දැම්මනං මදෑ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි... උබේ වැඩ කෑල්ලෙන් පස්සෙ වැල නොකැඩී කස්ටිය මෙහෙ එනවා

      Delete
  19. බලාගෙන රජාට පක්ෂක්ග්‍රාහී වෙන්ඩ වේවි හොඳේ....

    ReplyDelete
    Replies
    1. වෙලා ඉවරද මංදා....

      වී පොකුරෙ පළවෙනි කොමෙන්ටුව මං හිතන්නේ.. ස්තුතියි....

      Delete
    2. මම වී පොකුර හොයාගෙන කුඹුරට ගියා.. වී කරල පුස්නේ... අස්වැද්දුවොත් නරකද

      Delete
  20. රජා කඩෙත් ගියා ඈ :D

    ReplyDelete
    Replies
    1. ගම කනවනේ... රජා ඔරොප්පු උනොත් උබ කඩේ පලයන් ඈ

      Delete
  21. මං මේ ඒත් කල්පනාකරා මොන රජාද කියලා. රජාගේ වැඩේ නම් අපූරුයි.
    :)
    ඒ ගැන අගේ කරන්න පෝස්ට් එකක්ම ලියපු එක ඊටත් වඩා අපූරුයි. රාජ ප්‍රීතිය ඉවවහා යන්න ඇති රජාගේ.

    ReplyDelete
    Replies
    1. ම්හ් ම්හ්.. රජත් ඔය ප්‍රීතිය ප්‍රකාෂ කරල තියෙන්නේ... අපි ඉතින් කලගුන දන්න මිනිස්සු නොවැ

      Delete
  22. අත හිත දෙන හොඳ රජෙක්නේ අප්පේ පහළ වෙලා තියෙන්නේ....

    ReplyDelete
    Replies
    1. අපටත් රජෙක් පහලව ඇතේ..
      ඒ වල් රජුන් ඇඳි පුවරුවෙන්
      මගෙ බ්ලොගිය තව හැඩ වැඩ උනේ

      Delete
  23. අපූරුවට අවසානෙටම කියවන්න හිතෙන්නම ලියලා තියනවා ..නියමයි යාළු .. මුල ඉදන් අගට කෙනෙක්ව රදවා තියාගන්න එක ලේසි නැහැ .. දක්ෂයි ඔයා ..

    ReplyDelete
  24. මී .. මම හිතුවා මේ කියන්නේ අර වල් රජා ගැන කියලා හරියටම හරි නොවැ... මොනවා උනත් රජාගේ වල් හිත හරි මිත්‍රශිලියි

    ReplyDelete
  25. හික්ස්...
    රජා තමා රජා..

    ReplyDelete
  26. මොකක්ද අන්තිම පෝස්ට් එක දානකොට කරපු පන්ඩිත වැඩේ සින්ඩිවල අප්ඩේට් නොවෙන්න? අපිට ඒක නොකර ඉන්නයි අහන්නෙ,
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් ඇඩ්‍රස් එක මාරුකලා බං

      Delete
  27. නියමයි ඈ................

    ReplyDelete
  28. ඒ බෝග දන්වයි කියන්නේ මොකක්ද

    ReplyDelete
  29. බෝඩ් එක හරි ජාති. මීගොඩයා, මීගොඩයා කියලා අනික් උන් කියනව ඇහිලා අදයි ආවෙ. තවම පෝස්ට් දෙකකට වඩා කියෙව්වෙ නෑ. අද කොහොම හරි කියවන්නම්. කෝකටත් ඔය රජ වරු ආශ්‍රය පරිස්සමෙන්. ඔන්න නොකිව්වයි කියන්නෙපා ඈ...

    ReplyDelete