අමුතු කවියක්
මාසෙකට විතර කලින් මව්බිම පත්තරේ තිබ්බ ලිපියක් කියවද්දි මට කරුණාරත්න දිව්ල්ගනේ මහතා ගායනා කරන ගහක මල්පිපිලා තිබෙන්නේ ගීතය මතක් උනා.. ඉතින් ඒ සින්දුවේ තාලෙට ගැලපෙන්න අර කියවපු ලිපියෙ අදහසට ටිකක් විතර ලඟින් යන විදියෙ කවියක් ලිව්වා.. ඇත්තටම ලිව්ව නෙවෙයි ලියඋනා..
මේ පහලින් තියෙන්නේ ඒ කවිය
මේ පහලින් තියෙන්නේ ඒ කවිය
ගසක පිපි මල් නොදුටු බඹරුන්
ලොවේ කොතරම් නම්
නුඹේ දසුනින් මැවෙන සිතුවිලි
මගෙ සිතට මනරම්
ලොවේ කොතරම් නම්
නුඹේ දසුනින් මැවෙන සිතුවිලි
මගෙ සිතට මනරම්
කිමද බිය ඔතරම්
විසුල විල්තෙර නිසල දියමත
දිලෙයි සුදු සඳ කැන්
සඳේ සිසිලස හිරුට විතරද
විලට ඇයි තහනම්
විසල් ගිරි කුළු සිඹින සුලඟට
පව්ව සිත නැතිනම්
පව්ව සිත බැඳි දූලි බිඳකට
කිමද මේ ගැරහුම්
කුසඟ පත් ඇති පතොක් ගසකට
වැස්ස අමිහිරිනම්
සැඩති හිරුහා පෙමෙන් බැදුමට
ලොවෙන් නෑ තහනම්
ලොවට නොදැනෙන මගෙ සිතුවිලි
මටම සොඳුරුයි නම්
කාටවත් නැති ලොවේ කාටත්
රිදුනේ ඇයි මෙතරම්
වැස්ස අමිහිරිනම්
සැඩති හිරුහා පෙමෙන් බැදුමට
ලොවෙන් නෑ තහනම්
ලොවට නොදැනෙන මගෙ සිතුවිලි
මටම සොඳුරුයි නම්
කාටවත් නැති ලොවේ කාටත්
රිදුනේ ඇයි මෙතරම්
හේතුවක් නොදනිම්
එයින් නැත මට කම්
ආදරෙයි හැමකල්එයින් නැත මට කම්
කාට හරි තේරෙනව හොරයි වගේනම් මට මූණුපොතේ මැසේජ් එකක් දාන්න මම අර ලිපියේ ලින්ක් එක දෙන්නම්..මීගොඩයා
කාරුණික ඉල්ලීමයි
සෑම කවියක් තුලම කවියා ජීවත් නොවන බැබින් කවිය තුල කවියා නොසොයන්න
කාරුණික ඉල්ලීමයි
සෑම කවියක් තුලම කවියා ජීවත් නොවන බැබින් කවිය තුල කවියා නොසොයන්න
මේ සින්දුවත් අහන්නකෝ
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
ලස්සනම ලස්සනයි පද වැල් ටික..:)ඇත්තටම යාළු ඔයා ලියන විදිහනම් හරිම අපුරුයි..සින්දුවක් කරන්න එහෙම අදහසක් නැද්ද??ඔයා Lyrics Writer කෙනෙක් උනා නම් ගොඩක් ලස්සන පද වැල් තියන,අර්ථාන්විත ගීත බිහිවේවි..
ReplyDeleteමේක මම ඔබේ බ්ලොගයේ අද වෙනකම් කියවපු ඒවා අතරින් අගනාම එක කිව්වොත් මම නිවැරදියි..
අපූරුයි! ජය!
ස්තුතියි හිරූ.....
Deleteගේය පද ලියන්න තරම් මන් දක්ෂද මන්දා..... කවුරු හරි ඉල්ලනවනම් හරිම කැමැත්තෙන් දෙනවා
කවිය තුළ කවියාව සොයන එක නම් ඕපදූප හොයනවා වගේ වැඩක් තමයි... කවියේ අරුත, සුන්දරත්වය ග්‍රහණය කර ගන්නයි උත්සාහ කරන්න ඕන...
ReplyDeleteලොවට නොදැනෙන මගෙ සිතුවිලි
මටම සොඳුරුයි නම්
කාටවත් නැති ලොවේ කාටත්
කවියේ මේ කොටසට තමයි මම වැඩියෙන්ම කැමති... මේ පැත්තෙ ආවෙ පළමු වතාවට.. සුන්දර සිතුවිල්ලක්...
//කවියේ අරුත, සුන්දරත්වය ග්‍රහණය කර //
Deleteමේන්න මෙයයි විය යුත්තේ... ස්තුතියි ඔයාට
සාදරෙන් පිළිගන්නවා පරසතු උයනට
ලස්සනයි
ReplyDeleteස්තුතියි Maal
Deleteඔය කොච්චර ඩිස්ක්ලේමර් දැම්මත් ගින්නක් නොමැතිව දුමක් නොනගී.
ReplyDeleteලස්සන කවිය!
henryblogwalker the Dude
මීදුම් කියල ජාතියකුත් තියනවලු මචං
Deleteතැන්කිව් ඈ.......
අමුතු කවි එපා හරිය, අපිට ඕනා අමුතු නැටි කවි :පි
ReplyDeleteහරි හරි ඊලඟ පාර මුතු වගේ කවියක් දෙන්නම් ,,,,,,,,, :දිව
Deleteලිපිය කියෙව්වේ නැති උනත් මේ පදවැල් වලින් කියන දේ තේරුම් ගන්න ඒක බාදාවක් නෙවෙයි.බොහොම අපූරුයි මේ නිර්මාණය
ReplyDeleteබොහොම ස්තුතියි කාව්‍යා
Deleteකවියනම් හරිම ලස්සනයි...මමත් හැමදාම කියන දෙයක් තමයි ඔබ අද කාරුණික ඉල්ලීමක් තුලින් කියල තියෙන්නේ...කවියක් ලියූ සැනින් කවිය බලන අය හිතන්නේ කවිය අපේ ජීවිතය කියලා..කවියේ රසයට වැඩිය කවියේ පද අපේ ජීවිතයට සම්බන්ධ හැටි සොයාබලන්න යනවා.එය කවියාට කරන අගෞරවයක්...
ReplyDeleteඅවසන් පද කිහිපය පුදුමාකාර ලස්සනක් එකතු කලා කවියට...
කවිය තුල කවිය හොයන එක එච්චර හොඳ නෑ තමයි... ඒත් මේ කවිය ටිකක් සම්මතයෙන් පිට පැනපු හින්දයි විශේෂයෙන්ම මතක් කලේ
Deleteමී ගොඩයා ද්වේෂ සහගත හැර යාමකට වත් ලක් වුනාද කියලා මම අහන්න හැදුවෙ... ඒත් පස්සෙ දැක්කෙ කවිය තුලින් කවියා නොසොයන්න කියලා දාලා තියෙනවා.. ඒ නිසා ඒ කතාව අහලා වැඩක් නැතිය.. පද ගැලපුම අපූරැයි...
ReplyDeleteඑහෙනම් ඉතින් මට කියන්න තියෙන්නේ සිරාට සිරාවතම කවිය තේරිලා නෑ කියල තමයි
Deleteකොහාට්ටද කොටන්න කියන්නේ !!! හික්ස් :)
ReplyDeleteමාත් එහෙනම් මූනු පොතේ මැසේජ් එකක් දාන්නම්. මම හෙනම බට ලයිට් එකක්. ඒ නිසා තේරෙන්නෙම නෑ....
මූණු පොතෙන් දැනුවත් කරන්නම්
Deleteකවිය බොහෝම අපූරුයි.. කීපසැරයක්ම කියෙව්වා.. :)
ReplyDeleteබොහොමත්ම ස්තුතියි... අලුත් යාලුවෙක් වගේ .. පිළිගන්නව සාදරෙන්
Delete.// ඇත්තටම ලිව්ව නෙවෙයි ලියඋනා..// ..අනේ බොරු නොකිය හිටපං මීයො..!
ReplyDeleteඔය තියෙන්නෙ එලකිරි වගේ කවියො කැලේ..!
හි හි තැන්කිව් ඈ
Deleteela math 2 parakma kiyewwa.
ReplyDeleteතැන්කිව් අවතාර්
Deleteමේක කවියකට වඩා ගීතයකට ගැලපෙනවා. ගැයීමේ හැකියාවෙන් යුතු පබැඳුමක්
ReplyDeleteස්තුතියි අය්යා....
Deleteහැබැයි මම මේ කවිය පෝස්ට් කරද්දි අය්යගෙන් මීට වඩා විචාරයක් බලාපොරොත්තු උනා.... කමක් නෑ ඇවිත් කියවපු එකම ලොකු දෙයක් නේ...
අප්පා.....මි ගොඩයෝ..මෙකනම් කවියක් නෙවෙයි...කවි රත්නයක්!!!! :)
ReplyDeleteතැන්කිව් නාඩියෝ
Deleteසුපිරි වචන සෙට් එක මී ගොඩේ. ඒ වුනාට මට තේරුම හරියටම තේරුම් ගන්න බැරි වුනානේ තවම. මම අර සින්දුවේ තාලෙට කියන්නත් ට්‍රයි එකක් දුන්න
ReplyDeleteමටනම් තාලෙත සින්දු කියන්න බෑ.. ඉතින් ඒ තාලෙට කියන්න පුලුවන් උනාද...
Deleteහවසට ලින්ක් එක දෙන්නම්
මුල් සිංදුව නම් මොකක් හරි බ්ලොග් එකක විස්තරකරල තිබුණ ඒකෙන් කියන්නෙ සමලිංගික ආදරයක් ගැන කියල. මගෙ හිතේ උඹ ලියල තියෙන්නෙ ඒ අර්ථය වෙනස් කරල.
ReplyDeleteආ ... කමෙන්ට් එක කොටන අතරෙ ආපහු සර්ච් කරල හොයා ගත්තා බ්ලොග් එක. කැමතිනම් කියවල බලන්න.
http://wickrame.blogspot.com/2011/01/blog-post_22.html
ඒ වගේ ලිපියක් තමයි මම කියෙව්වෙ...
Deleteලස්සනයි මට නම් කතාව තේරුණා එත් අර ලිපියත් කියවන හිතුන ලින්ක් එකක් දහන්කෝ එකත් එල එල ජය වේවා !!!!!!!
ReplyDeleteලින්ක් එක එව්වා
Delete//සෑම කවියක් තුලම කවියා ජීවත් නොවන බැබින් කවිය තුල කවියා නොසොයන්න//
ReplyDeleteඒකටත "සෑමා" ගාවලා..
හිකිස්.. පට්ට වදන මෙනව වුනත්.. ජය !
අමුතු කවියක් තුළ දකින.... අමුතුයි කියන සෙනෙහසක ඇත්ත කතාව....
ReplyDeleteනේද මල්ලී..
ඇයි මේ වර්ගීකරණ...
දෘෂ්ඨිමය රාමු...
ගරහනු එපා.....
ප්‍රේමය යනු ප්‍රේමයම....ය...
එහි සුවය සිතට දැනෙන්නේ නම්...
විදින්නට දෙන්න එය...
ලොව සම්මත රටාවට වෙනස් පෙම් කතා ඉපදිය හැකිය...
මම කියන්නේ ඒකනේ මොනව කාගෙන් හැන්ගුවත් දම්මි අක්කගෙන් හන්ගනවා බොරු
Deleteඅක්ක කියන කථාව හරි අක්ක.. සම්මත අසම්මත කියල වර්ග කරගෙන තියෙන්න් මිනිස්සුමනෙ..
සිරාය...වේලාවට කවිය තුලින් කවියා හෙව්වේ නැත...
ReplyDeleteහොයන්න යන්න එපා... ඊට වඩා හොඳයි මාව මරනවා
Deleteමට ඔය වයසක අයගේ බැරෑරුම් දේවල් තේරෙන්නේ නැහැ අෆ්ෆා
ReplyDeleteමං බුකිය පැත්තේ එන්නෙත් නැහැනේ.
චූටි උන්ට මෙව්ව වැඩකුත් නෑ
Deleteමපූරු කවියක්!!!!
ReplyDeleteමපූරු = මරු + අපූරු ඒ වචනෙත් නියමයි.. ඔන්න හිතූ තමයි මට ඉගැන්නුවේ
Deleteස්තුතියි හිතූ
මාරයි.... පට්ට මීයෝ...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනේ රජෝ... රාජ සම්පත් එපා බං ඕඅක නවත්තපංකෝ
Deleteලස්සන කවිය අයියේ.. නියමයි..
ReplyDeleteස්තුතියි මලේ
Deleteඔබේ සිතිවිල්ල පංකාදුයි
ReplyDeleteතැන්ක්ස් රාජ්
Deleteතාම තේරුම් ගන්න බැරි උනා නොවැ ..:(
ReplyDeleteමැසේජ් එකක් දාන්නම්
Deleteකවිය තමයි කවිය
ReplyDeleteඅර්ථෙ තමයි අර්ථෙ... :ඩ්
හික් හික්....
Deleteඑල එල...!!!!!
ReplyDeleteතැන්කිව් තැන්කිව්
Deleteකතරෙ වැලිකැට හිරුට පෙම්බැඳ ඇතත් ලෝදහමින්
ReplyDeleteසොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණ මෙන්...
සඳට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
හිරුට පෙම්බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම්....??
ඒත් මට එහෙම හිතන්න හිතෙන්නෙ නෑ.......:)
එක එක්කෙනාට කවි දැනෙන විදිය වෙනස්නෙ නන්ගෝ.... සමහර විත අපේ කැත හිත හින්දා කැතට දැනුනද මන්දා
Delete//සෑම කවියක් තුලම කවියා ජීවත් නොවන බැබින් කවිය තුල කවියා නොසොයන්න//
ReplyDeleteමේකටනම් 200% ක් එකගයි...
කවියත් මාරම ලස්සනයි...හැබැයිඅර මව්බිමේ ලිපියනම් කියවලා නෑ.ලිපියේ ලිංකුව මූණු පොතෙන් එවන්නකො අයියේ
ඔන්න ලින්කුව දැම්මා........
Deleteඅපූරු අදහස් ටිකක්, අපරාදෙ ඔය තරම් හැකියාවක් තියාගෙන හැංගිලා හිටියෙ! මරු ඈ!!!
ReplyDeleteඅනේ තැන්කිව් ඈ
Delete//..ලොවට නොදැනෙන මගෙ සිතුවිලි
ReplyDeleteමටම සොඳුරුයි නම්..//
වාව්..අයියගේ කවි පද ටික නම් මාර ලස්සනයි..ඇත්තටම ලස්සන වචන ටිකක්..ලස්සනම ලස්සනයි....
සුබපතනවා ඔයාගේ හැකියාවට හදවතින්ම...ලස්සනයි ඇත්තටම..
ReplyDelete