Tuesday 10 July 2012

අමුතු කවියක්

මාසෙකට විතර කලින් මව්බිම පත්තරේ තිබ්බ ලිපියක් කියවද්දි මට කරුණාරත්න දිව්ල්ගනේ මහතා ගායනා කරන ගහක මල්පිපිලා තිබෙන්නේ ගීතය මතක් උනා.. ඉතින් ඒ සින්දුවේ තාලෙට ගැලපෙන්න අර කියවපු ලිපියෙ අදහසට ටිකක් විතර ලඟින් යන විදියෙ කවියක් ලිව්වා.. ඇත්තටම ලිව්ව නෙවෙයි ලියඋනා..

මේ පහලින් තියෙන්නේ ඒ කවිය


ගසක පිපි මල් නොදුටු බඹරුන්
ලොවේ කොතරම් නම්
නුඹේ දසුනින් මැවෙන සිතුවිලි
මගෙ සිතට මනරම්
කිමද බිය ඔතරම්

විසුල විල්තෙර නිසල දියමත
දිලෙයි සුදු සඳ කැන්
සඳේ සිසිලස හිරුට විතරද
විලට ඇයි තහනම්

විසල් ගිරි කුළු සිඹින සුලඟට
පව්ව සිත නැතිනම්
පව්ව සිත බැඳි දූලි බිඳකට
කිමද මේ ගැරහුම්

කුසඟ පත් ඇති පතොක් ගසකට
වැස්ස අමිහිරිනම්
සැඩති හිරුහා පෙමෙන් බැදුමට
ලොවෙන් නෑ තහනම්

ලොවට නොදැනෙන මගෙ සිතුවිලි
මටම සොඳුරුයි නම්
කාටවත් නැති ලොවේ කාටත්
රිදුනේ ඇයි මෙතරම්
හේතුවක් නොදනිම්
එයින් නැත මට කම්
ආදරෙයි හැමකල්
 


කාට හරි තේරෙනව හොරයි වගේනම් මට මූණුපොතේ  මැසේජ් එකක් දාන්න මම අර ලිපියේ ලින්ක් එක දෙන්නම්..මීගොඩයා

කාරුණික ඉල්ලීමයි
සෑම කවියක් තුලම කවියා ජීවත් නොවන බැබින් කවිය තුල කවියා නොසොයන්න


 මේ සින්දුවත් අහන්නකෝ




බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

63 comments:

  1. ලස්සනම ලස්සනයි පද වැල් ටික..:)ඇත්තටම යාළු ඔයා ලියන විදිහනම් හරිම අපුරුයි..සින්දුවක් කරන්න එහෙම අදහසක් නැද්ද??ඔයා Lyrics Writer කෙනෙක් උනා නම් ගොඩක් ලස්සන පද වැල් තියන,අර්ථාන්විත ගීත බිහිවේවි..

    මේක මම ඔබේ බ්ලොගයේ අද වෙනකම් කියවපු ඒවා අතරින් අගනාම එක කිව්වොත් මම නිවැරදියි..

    අපූරුයි! ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිරූ.....

      ගේය පද ලියන්න තරම් මන් දක්ෂද මන්දා..... කවුරු හරි ඉල්ලනවනම් හරිම කැමැත්තෙන් දෙනවා

      Delete
  2. කවිය තුළ කවියාව සොයන එක නම් ඕපදූප හොයනවා වගේ වැඩක් තමයි... කවියේ අරුත, ‍සුන්දරත්වය ග්‍රහණය කර ගන්නයි උත්සාහ කරන්න ඕ‍න...

    ලොවට නොදැනෙන මගෙ සිතුවිලි
    මටම සොඳුරුයි නම්
    කාටවත් නැති ලොවේ කාටත්

    කවියේ මේ ‍කොටසට තමයි මම වැඩියෙන්ම කැමති... මේ පැත්තෙ ආවෙ පළමු වතාවට.. සුන්දර සිතුවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. //කවියේ අරුත, ‍සුන්දරත්වය ග්‍රහණය කර //
      මේන්න මෙයයි විය යුත්තේ... ස්තුතියි ඔයාට
      සාදරෙන් පිළිගන්නවා පරසතු උයනට

      Delete
  3. ඔය කොච්චර ඩිස්ක්ලේමර් දැම්මත් ගින්නක් නොමැතිව දුමක් නොනගී.
    ලස්සන කවිය!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මීදුම් කියල ජාතියකුත් තියනවලු මචං

      තැන්කිව් ඈ.......

      Delete
  4. අමුතු කවි එපා හරිය, අපිට ඕනා අමුතු නැටි කවි :පි

    ReplyDelete
    Replies
    1. හරි හරි ඊලඟ පාර මුතු වගේ කවියක් දෙන්නම් ,,,,,,,,, :දිව

      Delete
  5. ලිපිය කියෙව්වේ නැති උනත් මේ පදවැල් වලින් කියන දේ තේරුම් ගන්න ඒක බාදාවක් නෙවෙයි.බොහොම අපූරුයි මේ නිර්මාණය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කාව්‍යා

      Delete
  6. කවියනම් හරිම ලස්සනයි...මමත් හැමදාම කියන දෙයක් තමයි ඔබ අද කාරුණික ඉල්ලීමක් තුලින් කියල තියෙන්නේ...කවියක් ලියූ සැනින් කවිය බලන අය හිතන්නේ කවිය අපේ ජීවිතය කියලා..කවියේ රසයට වැඩිය කවියේ පද අපේ ජීවිතයට සම්බන්ධ හැටි සොයාබලන්න යනවා.එය කවියාට කරන අගෞරවයක්...

    අවසන් පද කිහිපය පුදුමාකාර ලස්සනක් එකතු කලා කවියට...

    ReplyDelete
    Replies
    1. කවිය තුල කවිය හොයන එක එච්චර හොඳ නෑ තමයි... ඒත් මේ කවිය ටිකක් සම්මතයෙන් පිට පැනපු හින්දයි විශේෂයෙන්ම මතක් කලේ

      Delete
  7. මී ගොඩයා ද්වේෂ සහගත හැර යාමකට වත් ලක් වුනාද කියලා මම අහන්න හැදුවෙ... ඒත් පස්සෙ දැක්කෙ කවිය තුලින් කවියා නොසොයන්න කියලා දාලා තියෙනවා.. ඒ නිසා ඒ කතාව අහලා වැඩක් නැතිය.. පද ගැලපුම අපූරැයි...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් මට කියන්න තියෙන්නේ සිරාට සිරාවතම කවිය තේරිලා නෑ කියල තමයි

      Delete
  8. කොහාට්ටද කොටන්න කියන්නේ !!! හික්ස් :)
    මාත් එහෙනම් මූනු පොතේ මැසේජ් එකක් දාන්නම්. මම හෙනම බට ලයිට් එකක්. ඒ නිසා තේරෙන්නෙම නෑ....

    ReplyDelete
    Replies
    1. මූණු පොතෙන් දැනුවත් කරන්නම්

      Delete
  9. කවිය බොහෝම අපූරුයි.. කීපසැරයක්ම කියෙව්වා.. :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි... අලුත් යාලුවෙක් වගේ .. පිළිගන්නව සාදරෙන්

      Delete
  10. .// ඇත්තටම ලිව්ව නෙවෙයි ලියඋනා..// ..අනේ බොරු නොකිය හිටපං මීයො..!
    ඔය තියෙන්නෙ එලකිරි වගේ කවියො කැලේ..!

    ReplyDelete
    Replies
    1. හි හි තැන්කිව් ඈ

      Delete
  11. Replies
    1. තැන්කිව් අවතාර්

      Delete
  12. මේක කවියකට වඩා ගීතයකට ගැලපෙනවා. ගැයීමේ හැකියාවෙන් යුතු පබැඳුමක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යා....

      හැබැයි මම මේ කවිය පෝස්ට් කරද්දි අය්යගෙන් මීට වඩා විචාරයක් බලාපොරොත්තු උනා.... කමක් නෑ ඇවිත් කියවපු එකම ලොකු දෙයක් නේ...

      Delete
  13. අප්පා.....මි ගොඩයෝ..මෙකනම් කවියක් නෙවෙයි...කවි රත්නයක්!!!! :)

    ReplyDelete
    Replies
    1. තැන්කිව් නාඩියෝ

      Delete
  14. සුපිරි වචන සෙට් එක මී ගොඩේ. ඒ වුනාට මට තේරුම හරියටම තේරුම් ගන්න බැරි වුනානේ තවම. මම අර සින්දුවේ තාලෙට කියන්නත් ට්‍රයි එකක් දුන්න

    ReplyDelete
    Replies
    1. මටනම් තාලෙත සින්දු කියන්න බෑ.. ඉතින් ඒ තාලෙට කියන්න පුලුවන් උනාද...

      හවසට ලින්ක් එක දෙන්නම්

      Delete
  15. මුල් සිංදුව නම් මොකක් හරි බ්ලොග් එකක විස්තරකරල තිබුණ ඒකෙන් කියන්නෙ සමලිංගික ආදරයක් ගැන කියල. මගෙ හිතේ උඹ ලියල තියෙන්නෙ ඒ අර්ථය වෙනස් කරල.
    ආ ... කමෙන්ට් එක කොටන අතරෙ ආපහු සර්ච් කරල හොයා ගත්තා බ්ලොග් එක. කැමතිනම් කියවල බලන්න.

    http://wickrame.blogspot.com/2011/01/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. ඒ වගේ ලිපියක් තමයි මම කියෙව්වෙ...

      Delete
  16. ලස්සනයි මට නම් කතාව තේරුණා එත් අර ලිපියත් කියවන හිතුන ලින්ක් එකක් දහන්කෝ එකත් එල එල ජය වේවා !!!!!!!

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක එව්වා

      Delete
  17. //සෑම කවියක් තුලම කවියා ජීවත් නොවන බැබින් කවිය තුල කවියා නොසොයන්න//

    ඒකටත "සෑමා" ගාවලා..

    හිකිස්.. පට්ට වදන මෙනව වුනත්.. ජය !

    ReplyDelete
  18. අමුතු කවියක් තුළ දකින.... අමුතුයි කියන සෙනෙහසක ඇත්ත කතාව....
    නේද මල්ලී..

    ඇයි මේ වර්ගීකරණ...
    දෘෂ්ඨිමය රාමු...
    ගරහනු එපා.....

    ප්‍රේමය යනු ප්‍රේමයම....ය...
    එහි සුවය සිතට දැනෙන්නේ නම්...
    විදින්නට දෙන්න එය...

    ලොව සම්මත රටාවට වෙනස් පෙම් කතා ඉපදිය හැකිය...

    ReplyDelete
    Replies
    1. මම කියන්නේ ඒකනේ මොනව කාගෙන් හැන්ගුවත් දම්මි අක්කගෙන් හන්ගනවා බොරු

      අක්ක කියන කථාව හරි අක්ක.. සම්මත අසම්මත කියල වර්ග කරගෙන තියෙන්න් මිනිස්සුමනෙ..

      Delete
  19. සිරාය...වේලාවට කවිය තුලින් කවියා හෙව්වේ නැත...

    ReplyDelete
    Replies
    1. හොයන්න යන්න එපා... ඊට වඩා හොඳයි මාව මරනවා

      Delete
  20. මට ඔය වයසක අයගේ බැරෑරුම් දේවල් තේරෙන්නේ නැහැ අෆ්ෆා
    මං බුකිය පැත්තේ එන්නෙත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. චූටි උන්ට මෙව්ව වැඩකුත් නෑ

      Delete
  21. Replies
    1. මපූරු = මරු + අපූරු ඒ වචනෙත් නියමයි.. ඔන්න හිතූ තමයි මට ඉගැන්නුවේ

      ස්තුතියි හිතූ

      Delete
  22. මාරයි.... පට්ට මීයෝ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ රජෝ... රාජ සම්පත් එපා බං ඕඅක නවත්තපංකෝ

      Delete
  23. ලස්සන කවිය අයියේ.. නියමයි..

    ReplyDelete
  24. ඔබේ සිතිවිල්ල පංකාදුයි

    ReplyDelete
  25. තාම තේරුම් ගන්න බැරි උනා නොවැ ..:(

    ReplyDelete
    Replies
    1. මැසේජ් එකක් දාන්නම්

      Delete
  26. කවිය තමයි කවිය
    අර්ථෙ තමයි අර්ථෙ... :ඩ්

    ReplyDelete
  27. Replies
    1. තැන්කිව් තැන්කිව්

      Delete
  28. කතරෙ වැලිකැට හිරුට පෙම්බැඳ ඇතත් ලෝදහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරත් ආදරෙයි පණ මෙන්...

    සඳට සදහට සෙනෙහෙ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකදු තරුවක් සිටිය නොහැකිද යම්....??

    ඒත් මට එහෙම හිතන්න හිතෙන්නෙ නෑ.......:)

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාට කවි දැනෙන විදිය වෙනස්නෙ නන්ගෝ.... සමහර විත අපේ කැත හිත හින්දා කැතට දැනුනද මන්දා

      Delete
  29. //සෑම කවියක් තුලම කවියා ජීවත් නොවන බැබින් කවිය තුල කවියා නොසොයන්න//
    මේකටනම් 200% ක් එකගයි...
    කවියත් මාරම ලස්සනයි...හැබැයිඅර මව්බිමේ ලිපියනම් කියවලා නෑ.ලිපියේ ලිංකුව මූණු පොතෙන් එවන්නකො අයියේ

    ReplyDelete
    Replies
    1. ඔන්න ලින්කුව දැම්මා........

      Delete
  30. අපූරු අදහස් ටිකක්, අපරාදෙ ඔය තරම් හැකියාවක් තියාගෙන හැංගිලා හිටියෙ! මරු ඈ!!!

    ReplyDelete
  31. //..ලොවට නොදැනෙන මගෙ සිතුවිලි
    මටම සොඳුරුයි නම්..//

    වාව්..අයියගේ කවි පද ටික නම් මාර ලස්සනයි..ඇත්තටම ලස්සන වචන ටිකක්..ලස්සනම ලස්සනයි....

    ReplyDelete
  32. සුබපතනවා ඔයාගේ හැකියාවට හදවතින්ම...ලස්සනයි ඇත්තටම..

    ReplyDelete