Sunday 14 October 2012

ස්නේහයේ සුව පතන බොළඳී


විරහ කඳුලක රැඳුන ගින්දර
සුසුම් මත හොර හොරෙන් තවරා
පාකරන බොල්  බිඳුණු හිතකින්
ස්නේහයේ සුව පතන බොළඳී

කඳුළු හැන්ගුන බොර දෙනෙත්වල
කිමිද කිමිදී  අනන්තය වෙත
ශේෂ වූ ඒක ප්‍රේම බිඳුවක
පහස සොයනා මුදු සිතැත්තී

සිඳී වියලුණු වැව් කඩිත්තක
සුපුෂ්පිත මල් සොයනු කෙලෙසද
මගෙ කඳුළු මැද මාව තනිකර
පියනගනු මවෙතින් ඉවත්වී

41 comments:

  1. ශේෂ වූ ඒක ප්‍රේම බිඳුවක
    පහස සොයනා මුදු සිතැත්තී.... [ආසයි මේ පේලි දෙකට]
    ලස්සන නිර්මාණයක් මීයෝ...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  2. ම්...මේ කාටද කියන්නේ...........

    ReplyDelete
  3. නරකද මී ගොඩයෝ තනුවක් දාලා ගායකයෙක්ට දුන්නොත්

    ReplyDelete
  4. හිතට දැනුනු කවි පෙළක් .....

    “කඳුළු හැන්ගුන බොර දෙනෙත්වල
    කිමිද කිමිදී අනන්තය වෙත
    ශේෂ වූ ඒක ප්‍රේම බිඳුවක
    පහස සොයනා මුදු සිතැත්තී“

    ....ඇස් ඉස්සරහ මවා දෙන්නට සමත් වුනු පද පෙළක් ....

    ස්තුතියි

    ReplyDelete
  5. හැමදාම වගේ සුපිරි පද ගැලපුණු කවියක්. ආදරේ නැති හිතකින් ආදරේ බලෙන් ලබාගන්න බෑ. මේ කවිය මම කීප පාරක්ම කියෙව්වා. මට තේරුණ විදිහටනම් කොල්ලෙක්ගෙන් නොලැබෙන ආදරයක් වෙනුවෙන් පෙරුම් පුරන ඒකපාර්ශවික ආදර කාරියක් ගැනයි කියවෙන්නේ. මං හරිද මීගොඩස් ?

    ReplyDelete
  6. මොකක්ද ..? මචං කේස් එක...!!!

    ReplyDelete
  7. පව් අහිංසකි
    පතයි සෙනෙහස
    බිඳී හදවත
    එනමුත්
    ගලා යයි
    ඈ සතු ආදරය
    නිසි කෙනෙක් නොලද සඳ
    මිලින වී
    අකලට
    ...............

    ReplyDelete
  8. හ්ම් ... බූට් කවි, නෙහ්.

    ReplyDelete
  9. අමතක උනා අහන්න, අර දවල් දමපු ‘ඇන්ටා‘ ආයෙ අකුල ගත්තෙ මොකද බං.

    ReplyDelete
  10. කා ගැනද මේ ආ...නියමයි

    ReplyDelete
  11. ගොඩක් ලස්සනයි (Y)

    ReplyDelete
  12. ස්නේහයේ සුව පතන බොළඳී... මේ ටිකට තමයි ආසම... :)
    ජය වේවා!!

    ReplyDelete
  13. ප.ලි - අද්දැකීමක් අනුසාරයෙන් ................... විය හැක .

    ReplyDelete
  14. මැක්සා....... අයියේ පපුවටම වැදුනා

    ReplyDelete
  15. ඇත්තටම මොකද බං අවුල?

    යකෝ අව්වෙ යන්න එපා නිකම්ම. හොඳ වර්ගයේ සන්ග්ලාස් කුට්ටමක් දාගෙන වත් පලයං. :O

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  16. මේ කවි ටික නම් ගින්දර... අර කෙහෙදිදො කියුව වගේ මට මේ ලව් ස්ටෝරි තේරෙන්නෙම නෑ.......

    ReplyDelete
  17. සුපිරියි මචන්..!!

    ReplyDelete
  18. මචං මී මගේ යාලු ගායකයෙක් හොද පද රචනාවක් හොයනවා... මම මේක මෑන්ට දෙන්නද ? හිතට වදිනවා බන්... ලස්සන තනුවකට වැටුනාම මරුවට තියේවි...

    ReplyDelete
    Replies
    1. ඕක අහන්නත් දෙයක්ද මචං ... එකෙන්ම දීපං..

      Delete
  19. කිව්වත් විරහ ගී පද වැල් වල අමුණා
    ආලය කියන දේ සිත මන් මත් කරනා
    සිටියත් දුකින් විරහව සිත බිඳ දමනා
    නොදැනෙද එහිත් සුන්දර ගතියක් තිබෙනා...

    ReplyDelete
  20. ස්නේහයේ සුව පතන බොළඳී

    හි හි...
    මේක කියවද්දි මතක් උනා එක්කෙනෙක්ව..

    ReplyDelete
  21. බුට් එකක්වත් කෑවද??;)

    ReplyDelete
  22. කවිය වින්දා දැනෙන්නම...ජය.

    ReplyDelete
  23. "කඳුළු හැන්ගුන බොර දෙනෙත්වල
    කිමිද කිමිදී අනන්තය වෙත
    ශේෂ වූ ඒක ප්‍රේම බිඳුවක
    පහස සොයනා මුදු සිතැත්තී"

    මොන හිතකින්ද බං ඒ පහස හොයන බොළඳීට යන්න කියන්නේ?

    සිරා මචං මීගොඩයා......

    ReplyDelete
  24. ලස්සන වචන ගෙත්තමක් යාළු..හරිම අපූරුයි..
    තනුවක් දැම්මොත් නම් නැගල යයි අනිවාර්යෙන්ම..

    ReplyDelete
  25. හැම වචනයක් ගැනෙම නැවත නැවත බලන්න හිතෙනවා....ඒ තරම් ලස්සනක් රැදිල තියෙනවා..
    ලියූ කවි 3නෙන්ම අවසාන පද ගැලපුම කවිය‍ට විශාල වටිනාකමක් එක්කරලා...

    හරිම ලස්සනයි...

    ReplyDelete
  26. ලස්සන නිර්මාණයක්.. එල

    ReplyDelete
  27. ලස්සනම ලස්සනයි මී අයියෙ!!! මේ අපූරුවට ලියලා තියෙන්නෙ කවි පද...

    ReplyDelete
  28. දැවී ගිය ආලයක
    අළු තුරුලු කර හිඳිමි
    කවදාක හෝ යලි
    අළු මතින් උපදින තුරා...

    ReplyDelete
  29. හැබෑට කවුද ඒ ?

    ReplyDelete
  30. පලයන් අහකට
    කියලා එකෙන්ම එලෙව්ව්ව නම් ඉවරනේ බන් කවි ලිය ලිය ඉන්නේ නැතුව

    ReplyDelete
  31. මාරම ලස්සනයි මි සහෝ! මට මේවා කියවනකොට තලෙටමයි අප්පා කියවෙන්නේ :)

    ReplyDelete
  32. අපූරුයි...තනුවක් දාන්න නියම පද ටික... බලාගෙන කවුරුහරි එකෙක් උස්සල සින්දුවක් ගහයිද දන්නෑ...

    ReplyDelete
  33. මූ මොකාටද මේ එන්න හදන්නේ?

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  34. මමනං කුඩයක් අරන් යනවා

    ReplyDelete
  35. සුපිරි හැකියාවක මිහිරියාව වින්දෙමි...කාටද මේක ලිව්වේ යැයි පුංචි අනුමානයක්ද ඇත.

    ReplyDelete
    Replies
    1. හා කියන්න බලන්නකො එහෙනම්..

      Delete
  36. යටි බඩටම වැදුනා... ලස්සනයි .. :)

    ReplyDelete