Monday 1 October 2012

ජයටැඹ වෙත පාර කියූ ඈ - අම්මා

දෑතේ කරගට මල්මෙන් දකිමින
ඩා බිඳුවට සිය ජීවය දියකර
ජීවිතයෙන් ජීවිතයක් සුව කල
සඳුන් සිසිළ අම්මා
මේ සසරේ අමා සුවය අම්මා

රුවල බිඳී මහ දියඹේ අසරණ
කුණාටු හමුවේ වැලපෙන දිවි නැව
වෙරළ කරා දිරියෙන් පැද යන්නට
හබලක් වූ අම්මා
දිවි ගමනේ පහන් ටැඹයි අම්මා

මේ දිවිසැරියේ නිම්තෙර දකිනට
කන්තක සේ මා කරපිට හිඳුවා
නේරන්ජන නදියේ නිල් දියවර
තරණය කල අම්මා
ජයටැඹ වෙත පාර කියූ අම්මා

41 comments:

  1. හරිම ලස්සනයි..කියන්න වචන නැහැ.. උපරිමයි.

    //ජීවියෙන් ජීවිත සුවපත් කල
    සඳුන් සිසිළ අම්මා//

    ReplyDelete
  2. නියමයි නියමයි.තාත්තා නැද්ද?

    ReplyDelete

  3. මාවෙනුවෙන් විඳි දුක් ගිනි නැත නිම්මා
    අවසන් වචනයත් මා වෙනුවෙනි අම්මා
    මේ ගොර සසර තරනයකර ගොස් සම්මා
    සම්බුදුවී නිවන් දැකපන් මගෙ අම්මා.

    ReplyDelete
  4. අදනම් මලයා කවි වස්සනවනේ... හොඳ කමෙන්ටුවක් දාන්න වෙලාවක් නෑ. ඉන්නේ වැඩ කරන ගමන්

    ReplyDelete
  5. නියමයි. අපූරුවට උපමා කරලා තියනවා...
    තාත්තා ගැනත් ලියන්නකෝ :) :) :) :) :)

    ReplyDelete
  6. මේක දැක්කම මට මතක් වුනේ සෙන්ටිග්‍රේඩ් සින්දුව - අම්මා.. මම ආසම සින්දුවක්.

    ReplyDelete
  7. හරිම ලස්සනයි!

    //ජීවියෙන් ජීවිත සුවපත් කල
    සඳුන් සිසිළ අම්මා//

    මේ කොටසට හරිම කැමතියි!

    ReplyDelete
  8. අම්මට ඇති ආදරේ තවත් වැඩි කරන කව් පෙලක්..

    ReplyDelete
  9. නියමෙටම නියමයි :)

    ReplyDelete
  10. සුපිරි පහයි!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. මේ ලෝකෙට බිහිවන හැම දරුවෙක්ම වැඩිපුරම ආදරය කරන්නෙ අම්මට, වැඩිපුරම ආදරය ලබන්නෙ අම්මගෙන්. අපි මියෙනතුරාවට මාතෘත්වයෙ සුවඳ අමතක වෙන්නෙ නෑ.

    ReplyDelete
  12. අම්මගෙ ආදරය ගැන කියන්න මේ ලෝකේ තියෙන වචන මදි කියනවනෙ...
    හරිම සංවේදී පද ටිකක්..

    ReplyDelete
  13. හිතට තදින්ම දෙනුනා අපුරුයි ජය....

    ReplyDelete
  14. මෙලඩියක් දාල ගත්තනම් නියමෙට තියේවි මීගොඩයෝ. අම්මා තාත්තගේ ආදරේ තරම් බලගතු දෙයක් මිහිපිට විශ්වාස කරන්න බෑ මටනම්

    ReplyDelete
  15. නියමයි යාළුවා..ලස්සන වගේම අර්ථවත් කවි ටික.

    ReplyDelete
  16. ශා.... අම්ම ගැන ලියවුනු ලස්සනම ලස්සන කවි ටිකක්... කොයිතරම් කවි ලිව්වත් අම්මගේ අගේ කියල ඉවර කරන්න බෑ...

    ReplyDelete
  17. ගොඩක් සංවේදී යාලු. මේ වචන ටික කඳුළු ගේනවා මොන ගල හිතකට වුනත්. ගොඩක් ලස්සනයි. ඔයා හරිම සාර්ථකයි. ජය වේවා!!!!

    ReplyDelete
  18. හරිම ලස්සනයි මී යාලු......

    ReplyDelete
  19. සිරාම සිරා...ආපහු මේක කවි ලන්ද කියලා මාරු කරොත් නරකද?

    ReplyDelete
    Replies
    1. මේ මේ .. ඒවා හරි යන්නේ නෑ. ආයෙම පාරක් බ්ලොග් රෝලේ අමුතු බ්ලොග් එකක් ඇවිත් කියල පේන්න ගනී..

      Delete
  20. මව් සෙනෙහසට කිසිම සෙනෙහසක් සම කල නොහැක

    ReplyDelete
  21. අයියන්ඩි එකෙන්ම මැක්සා කවි පෙළක්

    ReplyDelete
  22. 6th lane ගේ අම්මා සිංදුව මතක් වුනේ... අම්මා ගැන කියන ඕනෑම කවියක් සිංදුවක් හිතට ගේන හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි.... අයියා මේ ලියන ඒවා ලේසියෙන්ම සිංදු කරන්න පුළුවන් වෙයි හරි කෙනෙක්ට අහුවුනොත් මේක මාර ලස්සනයි.ජය වේවා අයියේ...

    ReplyDelete
  23. මරු ඈ...
    හැමදාමත් වගේ..

    ReplyDelete
  24. ලස්සනයි අයියා...කවිය තමයි ඔයාට උරුම....

    ReplyDelete
  25. මවකගේ වටිනාකම කව් පෙලකට නැගුවාට ස්තුතියි..!

    ReplyDelete
  26. මේ ගැන ලියන්න වචන නෑ!ඒ නිසා මම මොකුත් ලියන්නේ නෑ!

    ReplyDelete
  27. මව් සෙනෙහස විස්තර කරන්න වචන නැහැ.මටත් ඒක පස්සේ තේරුනේ.

    ReplyDelete
  28. සක්වළ එතෙරට ඇසෙනා
    අනන්ත ඈතට ඇදෙනා
    මුළු මිහිතලයම කම්පා කරවන
    එකම හඬයි අම්මා

    ReplyDelete
  29. අම්ම ගැන ලියල නම් ඉතින් කවද ඉවර කරන්නද! කවිය සුපිරි

    ReplyDelete
  30. ගෙදරට ඈතින් ඉන්න අපිට අම්මගේ අගය තවත් වැඩිවෙලා මතක් වෙන කවියක් සහෝ! විශිෂ්ඨයි!

    ReplyDelete
  31. කවිය හරිම ලස්සනයි....කොයි තරම් කවි ලිවුවත් අම්මට කවි ලියන්න බෑ ඒ සෙනෙසසේ සැබෑ අරුතට.....

    ReplyDelete
  32. සිතුවිල්ල වගේම මේ පින්තූරෙත් හරිම ලස්සනයි.....

    ReplyDelete
  33. ලස්සන අදහස අයියේ.. පින්තූරෙත් ඒ වගේම හිත ගත්තා..

    ReplyDelete
  34. උඩින් කමෙන්ට් කළ හැමෝම කියන්න ඕන දේවල් කියලනේ.ලස්සන නිර්මාණයක්.අප්පච්චි ගැනත් ලියන්න.ජය!!!

    ReplyDelete
  35. අම්මා ගැන පද පෙළ නම් අනර්ඝයි

    උඹ ලගකදි ඉදන් ලියන්නෙ වැඩිපුරම නිසදැස්... වෙනසකට එක්ක පරණ සිදුවීමක් දෙකක් ලිව්වොත් නරකද ඉස්සර වගේ... ඒකාකාරී බවක් මට දැනුනා ඒකයි එහෙම කිව්වෙ ජය !

    ReplyDelete
  36. සියළු අම්මාවරුන්ට නිෙරා්ගිමත් දවසක්!

    ReplyDelete
  37. හරි ලස්සනයි.තනුවකුත් දැම්මනම් පට්ට සින්දුවක් තමා..

    ReplyDelete
  38. මේකට අර නන්ද මාලිනීගේ සින්දුවක තලේ හරියනවා නේද..එක එල

    ReplyDelete
  39. රත්තරන් අම්මා

    ReplyDelete