මතක තියාගනින් ලඟදි අමාවක තියෙන බවට
ගන්න එපා නුබේ රුසිරු ඔය තරමට හිත පතුලට
සිඳී බිඳී විසිර යාවි පෙන බුබුළක් විලස හනික
හැමදාමත් නොහැක උබට එක ලෙසටම පායන්නට
පෝය දිනට පමනි නුබව පෙනෙන්නෙ පුර හඳක් විලස
වටේට නුබෙ තරු හිටියට ඉර හා සරි වෙන්න හැකිද
ඉර නැතිදා අනේ උබට ඔය ලෙස බැබලෙන්න හැකිද
තරු කැට මැද හිඳින විටදි පෙනුනත් රැජිනක් විලසට
රජෙක් ඕන වේවි නුබට කිරන ඔටුනු පලදන්නට
ආඩම්බර කමින් ඔහොම ඔය ලෙස අද බැසගියාට
යලිත් එන්න වෙන්නෙ ඔහොම ලබන මාසෙ පෝය දාට
හැමදාමත් වෙන දේවල් උඹට මතක නැති උනාට
මතක තියාගනින් ලඟදි අමාවකක් තියෙන බවට
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
හොද වැඩේ ගනන් උස්සනවට ...
ReplyDeleteඅනේ මන්දා.. දෙබරකට මම ගල් ගැහුවේ,,, ඇවිස්සුනොත් අව්ලක් නෑ .. දැන් තනියට රොබිනත් ඉන්නවනේ
Deleteහිත රිදෙන නිසා
ReplyDeleteමෙවැනි වදන් නොලියමි!
අය්යෝ සොරි නිශාන්තය... මට උබේ සීන් එක මතක් උනේ නෑ... නිකමට ලිව්ව එකක් මේක
Deleteඅපෝ....හඳනම් මටක්කලන්නෙපා......:/
ReplyDeleteඒ මොකෑ ඒ... දැක්කමයි මේ කෙල්ලෙක් හඳට අකමැති
Deleteඑයාට හද දැක්කම පිස්සු තද වෙනව.. ඒකයි...
Deleteඅහ් අහ් ආ.. ඒ කියන්නේ අග්නිටත් අර පෝය කේස් එක තියනවා.... ඔහ් පරිස්සම් වෙන්න ඔනේ
Delete*/හැමදාමත් වෙන දේවල් උඹට මතක නැති උනාට
ReplyDeleteමතක තියාගනින් ලඟදි අමාවකක් තියෙන බවට/*
ඔය ටිකෙන් කියන දේ මුළු කවියම කැටි කරනවා එක තැනකට.. අපුරුයි..
තැන්ක්යු..ක්සැන්ඩෝ..... දඟලල ලිව්ව එකක්නම් නෙවෙයි.. ඔහේ ලියවුනා.. මේක ටිකක් කාලෙකට කලින් ලියපු එකක්
Deleteපව් අනේ...හඳ
ReplyDeleteම්ම්ම්... හඳත් එක්ක තරහකට ලිව්ව එකක් නෙවෙයි.... මූනු පොතේ තිබ්බ කථාවක් දැකල නිකම්ම වගෙ ලියවුනේ...
Deleteමමත් හඳට පට්ට ලව්.... බලන්නකො මගේ සරා සඳ පෝස්ට් එක
සිරා...........සද !
ReplyDeleteසඳ මෝල් වෙන කොමෙන්ට්නෙ දාන්නේ... දැන් හිතපල්ල්කෝ සෑමා හඳට සිරා කිව්වද.. නැත්නම් කවියට සිරා කිව්වද කියලා
Deleteපිස්සු හැදෙන සඳ.. |:D|
Deleteහඳක් අමතා කියූ කවියක්ද?... ලඳක් අමතා කියූ කවියක්ද?......
ReplyDeleteඅනේ මන්දා... ඔය දෙවනියට කියුව කට්ටිය එක්ක තරහවෙන්න මීගොඩය අකමැතියි,, ඒ හින්ද උත්තර නොදී ඉන්නම්
Deleteපිළිතුරු කවියක් ලියා ගන්න බෑ අයියේ.අයියෝ මහන්සි වුන තරමක්.ඔන්න මේක තමයි මම ආසම පොස්ටුව.
ReplyDeleteමේක නොදා හිටිය නම් ඉතිං සුදු අයියට නගාගෙන් ගුටි තමා...:D
මේ නංගි අලිම වසයි................
බෑ බෑ කවියක් ඕනෙමයි....
Deleteඔයා හින්දමයි කිව්ව හින්දමයි මේක අද පෝස්ට් කලේ.... බට්ටිය කියන දෙයක් අය්යා නාහ ඉන්නෑනේ
රන් තැටියට කිරී පැණි පුරොව ගෙනා
Deleteහාපැටියා එක අතකින් තුරුලු කරන්
තරු අතරේ අග රුජිණිය විලසින්නා
ආසයි සැමදා මේ ලෙස බැබලී ඉන්නා
අමාවකයි මා හට ශක්තිය දුන්නේ
පුර හද වෙලා ඒකයි අද බැබලෙන්නේ
යන්නට වුනත් අමාවකට ඉඩදීලා
සැනසෙමි යලිත් එන මාසේ එන හින්දා
කවිකම් කරන්නට නැත මා නම් රැසියා
අයියා කිව් නිසා වෙර දා මෙය ලිව්වා
දොසා ඇතෙක් නංගා හට සමාවෙලා
පෙන්වා දෙනු වටී මගෙ හොද සුදු අයියා....
හේ හේ මරු කවිය අෆ්ෆා... ඔයා මරු හිටිවන කවි ලියන්න...
Deleteයන්න යන්න. අපි ඉතිං යන්තන් දන්නෙ ගහක් කොලක් හිටුවන්න තමයි ඕං.
Deletepatta............
ReplyDeletehttp://nildiyawara.blogspot.com/
මොකටද..? අමාවකක්,පව්නෙ හඳ..!
ReplyDeleteඅමාවක මොකටද ? මාර ප්‍රෂ්නයක් .. ඇත්තට මොකටද ඈ...
Delete//සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
ReplyDeleteබාල වයසින් නැගුන ප්‍රේමයකි තරු එලිය//
කියල තමය් කපුගේ මහත්මය නම් කියල තියෙන්නේ
මොනවා කොරන්නද මීගොඩයෝ සඳ තමය් සඳ :/
සඳ මීගොඩයගේ.... හෆොයි... මට එච්චර වත් පොහොසත් කම් නෑ
Deleteඅපුරු කවි ටික ..
ReplyDeleteස්තුතියි නිමේෂා.....
Deleteඅලුත් යාලුවෙක් වගේ.. සාදරෙන් පිලිගන්නවා
හඳ ගැන මාත් ලිවුවනේ ලගදි... :)
ReplyDeleteබලන්න බැරි උනා.. පරන එකක්ද
Deleteකැත සඳ හෙන ආඩම්බරයි.
ReplyDeleteඅනේද කියන්නේ
Deleteවෙනාදා වගේම නියමයි මචෝ...
ReplyDeleteතැන්කිව් ලොක්කා
Deleteඅම්මපා මම එකදවසක් නෑවිල්ලා සිටිපලියට
ReplyDeleteආඩම්බර කමක් කියල එපා වරදවා සිතන්න
මගේ රජීඳා හිරු කුමරා ඔබ දන්නේ නැති විලසයි
රැයේ කටුක බව බිඳින්න ඔහු මා ඔබවෙත එවනවා..
නොමග ගිහිල්ලද මන්දා...
Deleteහ්ම්ම්ම්... අමතකයි වගේ හිටිය ට සඳ ට ඕවා අමතක නැතු ව ඇති අයියේ... :)))
ReplyDelete~~~***දඟ මල්ල***~~~
ඔව් නේ .. හුගක් වෙලාවට කරන්නේ අමතකයි වගේ රඟපාන එක
Deleteපහළොස්වක පෝය දාට නුබේ කොමල ගතී
ReplyDeleteඅව අටවක කල වෙනකොට කොහෙ ගිහින්ද නැතී
අමාවකට හිත් නිල්දිය යහනේ තදින් එතී
සැතපෙන්නට එනවද නුඹ දුක් දුන්නා ඇතී
සීත සුළං නිසා හිතේ නැගෙන ආල නුරා
සිරකරගෙන ඉඳිමි සඳේ නුඹ ලැබෙනා තුරා
බලා හිඳිමි නුබ එනතුරු මුළු අහසම අරා
අමාවකේ එනවද උඹ වළා සලුත් ඉරා
ඉනවට දවටලා මිහිදුම් සේල ඉරා
Deleteපරසතු මලින් සරසා මුලු වරල පුරා
අමාවක රැයේ මුලු ලෝකයට හොරා
හිනැහී වඩී යහනට රෑ සඳක් සරා
//තරු කැට මැද හිඳින විටදි පෙනුනත් රැජිනක් විලසට
ReplyDeleteරජෙක් ඕන වේවි නුබට කිරන ඔටුනු පලදන්නට//
ඇයි මේ මම ඉන්නෙ බං උඹට අමතක උනාද? :-)
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
** **** පාන් පෙත්තයි කිව්වලු... උබ එලිය දෙන්න ගියොත්.. තව කාලෙකින් හඳවල් දෙකක් තියෙයි... ඒ හින්දා ඔහොම ඉදපං
Delete:O
ReplyDeleteරිදෙන්න දීලා වගේ :)
ReplyDeleteරිදුනද මංදා
Deleteබල්ලොත් උඩුබුරන හඳ කවියෙක්ට පට්ට මාතෘකාවක්..එකම දෙයක් දෙන්නෙකුට දැනෙද්දී තියන වෙනස......
ReplyDeleteඑහෙම නොව්නනම් හිගකම තවත් උග්‍ර වෙනව නෙව
Deleteකවි ටික නම් ලස්සනයි.කාටවත් බනිනවා වත්දෝ???
ReplyDeleteකාටවත් බැන්නෙ නැතෝ,, නිකමට ලියපු කවක්
Delete