හදවිල අකලට පීදුණු පිළිලය
දහසක් තරුනෙත් මොහොතක් රවටා
සුළඟක් රහසක් කියනු නියා
ඇවිළු ගින්නක් හිරු සඳු අළුකර
සත් සමුදුර තෙක් පැතිර ගියා
දෙසිතක් අවුරා මතුවූ කුකුසක්
සෙනෙහස දෙදරා ඉවුරු අරා
දෑඟිළි අතරින් ගිලිහුන බැඳුමන්
හදවත් දුරකට අරන් ගියා
සැකයෙන් විරසක දැවෙනා හදවත්
පිරියම් කරනට සඳුන් උලා
තුරුහිස් අතරින් මේඝලතාවන්
කඳුලක සීතල අරන් ගියා
හදවත අකලට පීදුණු පිළිලය
සැතකින් ගලවා ඉවත හෙලා
කවුළු පියන් හැර නා මල් සුවඳට
ලතවෙන හදවත් හිඳියි බලා










