මෙම ලිපිය සාර්ථකව වටහාගැනීමට සමකය වටේ රවුමක් යන්න මෙතැනට පිවිසෙන්න
මාර්ගය පුරා එලිය විහිදුවමින් දුවන වාහනය... ඔවුන්ට අරමුණක් ඇත . මාර්ගය දෙපස ඇවිද යන මිනිසුන්ය. ඔවුන්ටද අරමුණක් ඇත. හිසට ඉහළින් පියාබන කුරුල්ලන්ය උන්ටද අරමුණක් ඇත. මාර්ගය අයිනෙන්ම ඇවිදින්නේ මමය. ඒත් ඒ ඕනවට එපාවටය. ලොව අරමුණක් නැති එකම මිනිසා මමද .. ඉපිද මියෙන දහසක් සිතුවිලි අතර මමද බෝඩින් කාමරයට ඇතුළු උනෙමි. අමුතුවෙන් කරන්නට දෙයක් නැත . කමිස සාක්කුවට අතදමා සොයාගත් දුම්වැටිය දෙතොල් අතර රැඳුනේ පුරුද්දටය.. දැවෙන සිතුවිලි අතරට දුම් ගුලියක්ද ඇතුළු කොට අසරණ වූ සිතුවිලි දුම් රොටු සමග පිටකිරීමේ බොළඳ ආශාවක් මාතුල පවතින්නට ඇත. සාමාන්‍යයෙන් දුම්වටියක දුම් උගුරු දහතුනක් වේ . එහෙත් අද එය නවයකි. ව්‍යාකුල සිතුවිල මට ගණන වරද්දා ඇත නැතිනම් මා වෙනදාට වඩා වේගයෙන් දුම් වැටිය උරා ඇත . මා ප්‍රථම දුම් වැටිය බිව් දිනය සිහිවිය. ඒ අදමෙන්ම ජීවිතයෙන් පරාද වූ දිනයකය..
මා මිතුරා සසිඳු අත වූ දුම්වැටිය මා අතට ගත්විට සසිඳු මා නොනවතුයේ මා සිටි පරාජිත මානසිකත්වය වටාහාගත් නිසාමය. අදමෙන්ම නොව මට කැස්ස ආවේය.. කැස්සත් සමගම හිතේ දුකද දියකරමින් දෙනෙතට නැගුනු කඳුළු තුලින් මා සසිඳු ඇමතුවෙමි
" ඇයි බං ඒකි මාව දාල ගියේ'
මම ජීවත් උනේ ඒකි වෙනුවෙන් බං .. හම්බ කරපු හැම සතයක්ම වියදම්කලේ ඒකිට .. ඒකි බලන්න යද්දී හැමදාම ටිපි ටිප් පැකට් එකක් එක්ක ටෙඩියෙක් අරං ගියා .. ඒකි කැමති හැමතැනම එක්කන් ගියා.. ඉල්ලන හැමදේම අරං දුන්න ..
ඇයි මට බං ඒකි මාව දාල ගියේ
සසිඳු කාමරයේ ජනේලයෙන් අනන්තය සොයයි..ඌට මගේ ප්‍රශ්නයට උත්තර නැත. ශාමි හා මා අතර සම්බන්ධය බොහෝ සංවෘත එකක් විය.. බොහෝ දෑ අප දෙදෙනා පමණක් දැනසිටි දෑ විය
උබ ඒකිගෙන් වැඩක් ගත්තනේ ?
සසිඳු කියන්නේ අපේ ලිංගික ජීවිතයගැනය ..
සිවිලිම දෙසබලා සිනාසෙනවා හැරෙන්නට මට උතරයක් නැත ..ඒ සිනහව තුල වුයේ උපහාසයද මා කෙරෙහි වූ අනුකම්පාවද යන්න මට වැටහුමක් නැත.. අප අතර සිදු වූ දේ දැනගත යුත්තේ අපදෙදෙනා පමණි.. ලිංගික ජීවිතයට තුන්වැන්නෙක් අවශ්‍ය නැත .. ඒ මගේ ස්ථාවරයයි.. එහෙත් සසිඳුට හැමදේම කියන්නට උවමනා නැත .. එක පතේ බත් කෑ .. එකම ඇඳ දෙකට බෙදාගත් .. එකම ඩෙනිම පට්ට ගසූ අප අතර. එකිනෙකාගේ හීත් කියවීමේ හැකියාව අපුරුවට තිබුණි
හිතන්න එපා බං ..ගිය එකීට යන්න දියන් .. අද නැතත් කවද හරි යනවා .. උබ වියදන් කරපු ගැන හිතන්න එපා බං .. සල්ලි දීලා ෆ්‍රෙෂ් බඩුවක් ගැහුවා කියලා හිතපන්
ඒ කන්‍යාභාවය පිලිබන්න්ධ මා සිතට දැනුන ප්‍රථම කථිකාව විය .. කාලයත් සමග මම තනිව මගේ ගමන යන්නට උත්සාහ කලෙමි
****
මීට වසරකට පමණ පෙර නැවතත් මම අදීෂා සමග අලුත් ජීවිතයක් ඇරඹුවෙමි ..
අති යන්තං උබ අයෙත් ලව් කරන්න පටන් ගත්තා .. කියපං කියපං විස්තර .. කොහේ කෑල්ලක්ද .. මොනවද කරන්නේ.. උබ ඒකිට සිරාවට ලව්ද ?
සසිඳුවාගෙන් ප්‍රශ්න වැලකි.. ඒ ඌ සහෝදරයෙක් තරම් මට සමීප බැවිනි..
කෙල්ල මාතර බං, මරදානේ ඔෆිස් එකක වැඩ .. පොඩි අවුලක් තියනවා . ඒකි එන්ගේජ් වෙලා ඉන්නේ.. ගෙවල්වල බලකිරීමට එන්ගේජ් වෙලා තියෙන්නේ ..
සසිඳුට හංගන්නට දෙයක් නැත .. අනෙක් අතට එය හන්ගන්ට දෙයක්ද නොව .. ආදරයට සීමා මායිම් නැත.. දෙසිතක් කොන්දේසි විරහිතව එකට බැඳෙයිද එතන ආදරය වේ.
මොනවද හු.. උබ මේ දාගන්න ලෙඩ .. උබට වෙන කෙල්ලෙක් හිටියෙම නැද්ද .. මෙව්වා උබලගේ ගෙදරින් දැනගත්තහම උත්තර දෙන්න වෙන්නේ මට..
බැනුමකට ආසන්න දොශාරෝපන් වැලකි.. උගේ පැත්තෙන් ඌ සාධාරණය .. අප නිවැසියන් විසින් මා පිලිබඳ ආරෝපණය කරන ලද වගකීමක් ඌ සතු වේ .. ඒ අප කුඩා කල සිට මිතුරන් වූ නිසාත් ඌ මගේ පවුලට පිට එකෙකු නොවූ නිසාත්ය
දැන් අර එන්ගේජ් වෙච්ච එකා කෙල්ලත් එක්ක ඉන්නේ එකටද?
සසිඳු මේ අහන්නේ අදීෂාගේ කන්‍යාභාවය පිළිබඳවය.. ඒ ඌට දැනගන්න ඕන නිසා නොව අප නිවසින් එල්ලවන ප්‍රශ්නවලට සාර්ථකව මුහුණදීමට. සෘජු පිළිතුරු කල් ඇතිව සකසා ගැනීමටය
සත්‍ය වශයෙන් මට දීමට පිළිතුරක් නැත ..
මං දන්නේ නෑ බං .. මං අහන්න ගියේ නෑ.. මට දැනගන්න උවමනාවක් තිබ්බේ නෑ ..
මම මනසින් මගේ බිරිඳගෙන් මා බලාපොරොත්තු වන දෑ එකින එක පෙළ ගස්සුවෙමි .. එහි බොහෝ පිරිමින් සොයන හුඟක් දෑ විය .. එහෙත් කන්‍යාභාවය ඇතුලත් නැත
එය උක්ත මාතෘකාව පිළිබඳව මසිතට තදින් දැනුන දෙවන අවස්ථාව විය .
****
ඉහත වෘතාන්ත ද්විත්වයම මාතෘකාවට ප්‍රවිෂ්ඨ වීමට මා විසින් ගොතන ලද්දක ලෙස සිතීමට කාරුණික වෙන මෙන් ඉල්ලා සිටිමි .. නමුත් මෙවන් කතා බහක් සිදු වූ බැවින් එය 100% ක්ම ප්‍රබන්ධයක් නොවන බව නම් සත්‍යයකි..එකම වෙනස මා එහි සසින්දුගේ චාරිතය නිරුපනය කිරීම පමණි
සයිබරය තුලද මේ දිනවල කන්‍යා භාවය පිලිබඳ අන්දෝලනත්මක් දෑ පල වේ. ඒ තම කන්‍යා භාවය ඇමරිකානු ඩොලර් 780,000 .00 කට අලවි කල බ්‍රසීල ජාතික කැත්රීනා මිග්ලොරීන් නම් වූ විසි හැවරිදි නව යොවුන් තරුණිය මුලික කොට ගෙනය.. ආසියානුවන් වූ අපට මෙය මජික්ය .. හේතුව අප ජීවත් වූ සදාචාර සම්පන්න රාමුව තුල කන්‍යාභාවයට ලබා දී ඇති අසීමිත වටිනා කම නිසාය.. සියලු සමාජ සාරධර්ම අමතක කොට අගේ ක්‍රියාව පිලිබන්ධව සිතන කල්හි ඔබට කුමක් කිව හැකිද ?
පැහැදිලිවම එහිදී ඇයගේ අරමුණ වන ඇය උපන් ප්‍රාන්තයේ දුපත් පවුල් රැසකට නිවාස තනා දීමේ උතුම් ව්‍යපෘතිය ඉස්මතු වෙනු ඇත.. ගතානු ගතික සිතුම් පැවතුම් ඇති අප අපගේ ජීවිතයේ මුදුන්මල්කඩ බඳු වූ බුදුදහමේ පදනම මත සිට උක්ත කාරනය දෙස බලූ විට පැහැදිලි පිළිතුරක් ඇත
" චේතනාහම් භිඛ්ක වේ කම්මං වදාමි " - චෙටනාව මුල්කරගෙන කර්මය හටගනී
එසේනම් මගේදැක්මට අනුව ඇය සාර්ථකව දාන පාරමිතාව සම්පුර්ණකර ඇත.
අනතුරුව නැගෙන ගැටලුවනම් කන්‍යාභාවය මෙවන් විශාල මුදලකට අලවි කල හැකිනම් මෙයඉදිරියට ආදායම් මාර්ගයක් ලෙස භාවිතානොකරනු ඇතිද යන්නයි ..
ඇත්ත වශයෙන්ම එය එසේ නොවනු ඇත .. ලෝකයට අලුත් අත්දැකීමක් නිසාවෙන් එයට ලද අසීමිත් ප්‍රසිද්ධිය මෙකී මිලට එක් හේතුවකි .. ආර්ථික විද්‍යාඥයින් උක්ත වෙළඳ පොළ පිලිබඳ තවම නිර්වචන ඉදිරිපත් නොකළ බැවින් මම එය ගිෆන් භාණ්ඩයක් ලෙස නම් කරමි. ( කලකට පෙර උගත් දෑ භාවිතා නොවීම හේතුවෙන් වැරදිය හැක , වැරදිනම් නිවැරදි කරන්න ) එනම් තම සමාජ තත්වය පෙන්වීම සදහා දනවතුන් මිලදී ගන්නා භාණ්ඩ වේ .. අදාළ භාණ්ඩය මිලදී ගත් පළවෙනියා වීමට අදාළ ජපන් ධනවතා තුල වූ අශාවත් මේ මිල සඳහා බලපෑ ඇත .. මෙම වෙළඳපොල දිගටම පැවතුනහොත් එයද ක්‍රමයෙන් සාමාන්‍ය වෙළඳ පොලක් බවට පත්වෙනු ඇත .. එහිදී ඉල්ලුම සැපයුම මත උපයෝගීතාවයට සරිලන මිලක්නියමවෙනු ඇත
කැත්රීනගේ සිද්දිය අමතක කොට අපේ සරල ජන ජීවිතය ගත් කලද කන්‍යාභාවය යනු උග්‍ර ප්‍රශ්නයකි .. යුවතිය තවමත් මදුසමයට පසු තම සැමියා හා නැන්දනිය ඇතුළු සැමියාගේ නෑ පිරිස ඉදිරියේ සිය පිවිතුරු බව ඔප්පුකල යුතුය .. ඒ සඳහා නිර්ණායකය ලෙය මංගල යහන මත එලන ලද සුදු රෙදිකඩක් උපයෝගී කරගැනී
රෙදි කැබැල්ලක් මත ලේ පැල්ලමක් තිබූ පමණින් ගැහැණියකගේ පිවිතුරු බව ඔප්පු කල හැකිද?
කන්‍යා පටලය සුරැකෙන පරිදි යුවතියකට ලිංගිකව එක්විය නොහැකිද ?
සිය අකමැත්තෙන් කන්‍යාභාවය අහිමි වූ යුවතියන් ( දුෂණයට ලක්වූ ) අපිරිසිදු ගැහැණුන්ද ?
ප්‍රශ්න රාශියකි
සත්‍යවශයෙන්ම පිරිමියෙකු සෙවිය යුත්තේ සිය මංගල යහන පුරා රක්ත වර්ණ ලේ පැල්ලමක් තැවරිය හැකි ස්ත්‍රියක්ද ? නැතිනම් තමා වෙනුවෙන් සිතෙහි ඉඩක් වෙනකල හැකි .. තමා වෙනුවෙන් යම් කැපකිරීමක් කළහැකි විවාහයෙන් පසු ඇගේත් තමාගේත් ගෞරවය ආරක්ෂා කල හැකි ගැහැනියක්ද ?