නෙළුම් මල් සොඬින් අරගෙන සිහිනයේ වෙලී සයනෙට
ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා....
කිරිසුවඳ හිතින් විඳ අතගාමින් හිස් කුස
සුසුම් හෙලනවා.... සෝ බර සුසුම් හෙලනවා....
ස්නේහයේ අරුත පැවසුව ලවන් පත් වලින් වෑහෙන
රළු වදන් සවන් හරහා හදට එබෙනවා....
දෙතොල් සිඹ එදා සැනසුව ආදරේ අරුම සිහිකර
කඳුළු සලනවා.... තුන්යම කඳුළු සලනවා....
මල්පිපී සුවඳ දෙනමුත් ඵල නොමැති සිහිල් තුරුහිස
අයාලේ දුවන හුලඟක් හොරෙන් සිඹිනවා....
මල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය දැක දැක
සිනා සලනවා....තුරුහිස සිනා සලනවා....
* * * *
ප.ලි.
හ්ම්ම්ම් ඔන්න එහෙනම් සුපුරුදු විදියට අදත් කවියක්.. මේකේ පිරිමි වර්ශන් එකත් ඉදිරිපත් කරන්න තමා හිතන් ඉන්නේ.. තේරුනේ නැත්තම් කියන්න.. මොකද මේක තේරුනේ නැත්තම් අනිත් එව්ව දාලත් වැඩක් නෑ...
සමාවෙන්න ගැලපෙන පොටෝ එකක් හොයන්න බෑ.. මේ සිද්දිය පිළිඹිඹුවෙන ගැඟීම් සහිත ෆොටෝවක් හොයන්න මාර ගේමක් දුන්න.. ඒත් බැරි උනා.. අදට ෆොටෝ නැතුව කියවන්න
ප.ප.ලි
පොස්ට් එක දාපු ගමන් ෆොටෝ කෑල්ලක් ගොයල දුන්න ශම්මි නන්ගිට බොහොම පින්