ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා.
කිරිසුවඳ හිතින් විඳ අතගාමින් හිස් කුස
සුසුම් හෙලනවා.... සෝ බර සුසුම් හෙලනවා....
ස්නේහයේ අරුත පැවසුව ලවන් පත් වලින් වෑහෙන
රළු වදන් සවන් හරහා හදට එබෙනවා....
දෙතොල් සිඹ එදා සැනසුව ආදරේ අරුම සිහිකර
කඳුළු සලනවා.... තුන්යම කඳුළු සලනවා....
රළු වදන් සවන් හරහා හදට එබෙනවා....
දෙතොල් සිඹ එදා සැනසුව ආදරේ අරුම සිහිකර
කඳුළු සලනවා.... තුන්යම කඳුළු සලනවා....
මල්පිපී සුවඳ දෙනමුත් ඵල නොමැති සිහිල් තුරුහිස
අයාලේ දුවන හුලඟක් හොරෙන් සිඹිනවා....
අයාලේ දුවන හුලඟක් හොරෙන් සිඹිනවා....
මල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය දැක දැක
සිනා සලනවා....තුරුහිස සිනා සලනවා....
සිනා සලනවා....තුරුහිස සිනා සලනවා....
* * * *
ප.ලි.
හ්ම්ම්ම් ඔන්න එහෙනම් සුපුරුදු විදියට අදත් කවියක්.. මේකේ පිරිමි වර්ශන් එකත් ඉදිරිපත් කරන්න තමා හිතන් ඉන්නේ.. තේරුනේ නැත්තම් කියන්න.. මොකද මේක තේරුනේ නැත්තම් අනිත් එව්ව දාලත් වැඩක් නෑ...
සමාවෙන්න ගැලපෙන පොටෝ එකක් හොයන්න බෑ.. මේ සිද්දිය පිළිඹිඹුවෙන ගැඟීම් සහිත ෆොටෝවක් හොයන්න මාර ගේමක් දුන්න.. ඒත් බැරි උනා.. අදට ෆොටෝ නැතුව කියවන්න
ප.ප.ලි
පොස්ට් එක දාපු ගමන් ෆොටෝ කෑල්ලක් ගොයල දුන්න ශම්මි නන්ගිට බොහොම පින්
හ්ම්ම්ම් ඔන්න එහෙනම් සුපුරුදු විදියට අදත් කවියක්.. මේකේ පිරිමි වර්ශන් එකත් ඉදිරිපත් කරන්න තමා හිතන් ඉන්නේ.. තේරුනේ නැත්තම් කියන්න.. මොකද මේක තේරුනේ නැත්තම් අනිත් එව්ව දාලත් වැඩක් නෑ...
සමාවෙන්න ගැලපෙන පොටෝ එකක් හොයන්න බෑ.. මේ සිද්දිය පිළිඹිඹුවෙන ගැඟීම් සහිත ෆොටෝවක් හොයන්න මාර ගේමක් දුන්න.. ඒත් බැරි උනා.. අදට ෆොටෝ නැතුව කියවන්න
ප.ප.ලි
පොස්ට් එක දාපු ගමන් ෆොටෝ කෑල්ලක් ගොයල දුන්න ශම්මි නන්ගිට බොහොම පින්
ReplyDeleteමට කවි කියන්නේ නිකම් මෙව්වා වගේ , හැබැයි අවුලක් නෑ ලාවට තේරෙනවා :D
"දෙතොල් සිඹ එදා සැනසුව ආදරේ අරුම සිහිකර
ReplyDeleteකඳුළු සලනවා.... තුන්යම කඳුළු සලනවා...."
මෙතන අරගෙන කවියේ සම්පුර්ණ අර්ථය හිතුවොත් හරිද මී යො...
විශිෂ්ටයි තමා කියන්න තියෙන්නේ මචන්,ජය වේවා...
මචං කවියේ බර තියෙන්නේ මෙතන
Deleteමල්පිපී සුවඳ දෙනමුත් ඵල නොමැති සිහිල් තුරුහිස
අයාලේ දුවන හුලඟක් හොරෙන් සිඹිනවා...
නියමයි බන්...පිරිමි වර්ෂන් එකත් එක්කම මේක දැම්ම නම් තවත් නියමයි....ඒක අදහසක් විතරයි හොඳේ...උඹ කතා ලිව්වත් එකේ අමුතුම කලාවක් තියනවා...උඹේ කවි නම් ඉතින්...උත්කෘෂ්ටයි...අවංකව කියනවා නම් වෙලාවකට මම උඹව කොපි කරනවා...(මේවා හැමදාම කියන්නේ නෑ... :P)
ReplyDeleteමාත් රහසක් කියන්නද මචන්.... මමත් සමහර වෙලාවට උබවයි රුවන් බන්ධු ජීවවයි කොපි කරනවා :D
Deleteබොරු මොටද..මටනම් බරවැඩී..!
ReplyDeleteමා...ල කේස් එක,මටත් තේරුණේ නෑ... සාමාන්‍යයයෙන් මට නොතේරුණු දෙයක් දෙවෙනි තුන්වෙනි සැරේ කියෙව්වම තේරෙනවා,කවි නම් කෝමත් තේරෙනවා,හැබැයි මේක නම් නෑ :(
ReplyDelete(ඇත්තම කිව්වා)
මී මලයෝ අගනාම කවක්නේ...
ReplyDelete//නෙළුම් මල් සොඬින් අරගෙන සිහිනයේ වෙලී සයනෙට
ඇත් පුතුන් වඩිනකන් හිත හීන දකිනවා....// මෙතැනින් අරුත තේරුම් ගන්න හැකියි.. මාර උපමාවක් අරගන තියෙන්නේ ....මේක තමා බං කවි හිත කියන්නේ.....
ඇත්තටම රත්නශ්‍රී වුණත් ජාතක කතා පොතෙන් තමා නිර්මාණයකට හරය අරගන්නේ....
සුපිරිම තමා..
මේක නම් ටිකක් "පුන් සඳ රෑට" ගීතය වගේ නේද? හැබැයි ඉතින් "අයාලේ දුවන හුලඟක් හොරෙන් සිඹිනවා.." කෑල්ල ආවම නම් පොඩ්ඩක් ඊට වෙනස් වෙනවා....
ReplyDeleteටිකක් නම් තේරුණා වගේ.....හරිම හැඟීම්බර ගතියක් දැනෙනවා!
ReplyDeleteමෙහෙමයි මීගොඩයෝ . . .
ReplyDeleteඅම්ම කෙනෙක්ට තමන්ගෙම කුසෙන් වදන්න ඇහැක් නම් අගෙයි තමයි ඒත් මාතෘත්වය හිතේ උතුරන්න තියෙන හැබෑ අම්මෙක්ට තමන් දරුවෝ වදන්න හැකියාවක් නැති කෙනෙක් උනා උනත් මාතෘත්වයේ අඩුවක් නැතිවම පුද දෙන්න පුලුවන් බව උඹ උපරිමයෙන් කියලා තියෙනවා
මල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය දැක දැක
සිනා සලනවා....තුරුහිස සිනා සලනවා....
උඹ මීට වඩා වෙනස් දෙයක් හිතුවද දන්නේ නෑ ඒත් නිර්මාණයක් රසවිඳින කෙනෙක්ට ඒක තමට කැමති විදිහකට හරවලා විඳින්න ඇහැක් නිසා මම ඒ විදිහට වින්දා . .
ළමයි නැති අම්ම කෙනෙක් ගැන නේද මී ගොඩයෝ මේ කවියෙන් කියන්නේ....කියලා වැඩක් නෑ බං උඹේ කවි..ඒ තරම් පට්ටය
ReplyDeleteඇත්තටම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට සුදු නෙළුම් මල් හොඬින් ගත්ත ඇතෙක් පේනවා කියන කතාව ඇත්තද ?
ReplyDeleteම්ම්..මහාමායා දේවි ඇරෙන්න එහෙම පෙනිච්ච වෙන කෙනෙක්නම් මම අහලා නැහැ. පේනවද දන්නේ නෑ. හ්ම්ම්
Deleteඑතන කිව්වෙ ඉතින් පින්වන්ත පුතෙක් පතාගෙන ඉන්නවා කියලා.... නැත්තම් එහෙම ඇත් පැටව් දැකපු අය මං අහලත් නෑ මහමායාදේවිය ඇරෙන්න....
Deleteතේරුම ලාවට තේරුනා මටත්
ReplyDeleteකොහොම උනත් ලස්සනයි
අන්තිම කවිය විතරයි ෂුවර් නැත්තේ. අනිත් ඒවා තේරුනා. අන්තිම එකේ කියන්නේ වෙන කෙනෙක් එක්ක සාම්බන්ධයක් ගැනද?
ReplyDeleteයෑෂ් යෑෂ් සයුරි හරී
Deleteඅප්පට සිලි. ඒ කිව්වේ එතකොට අර "මල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය" කිව්වේ සම්බන්ධයට විතරක්ද නැත්නම් ඒ මනුස්සයා හින්දා ළමයෙක් හම්බ වෙන්න ඉන්නවද. :0
Deleteමේ මතෘකාවේම එකක් මාත් ලියලා පබ්ලිස් කරන්න හැදුවේ මේ. එතකොට තමා මේක දැක්කේ. හිහි. විනාඩියෙන් දාන්නම්.
එහෙනම් මටත් කවිය තේරිලානෙ බොලෙ... :D
Deleteඅන්තිමට කියවගෙන යනකොට පරණ කතාවකුත් මතක් උනා. එකත් ඔහොමම සිද්දියක්. මේක නම් නියමෙට ලස්සනට ලියල තියනවා.
ReplyDeleteම්ම්ම්... ලස්සන කවි පෙලක්....
ReplyDeleteදරුවන් නැති අම්මල කොච්චර ඉන්නවද.... ඒත් ඒ අය අනෙක් දරුවන්ට දක්වන ආදරය නිසාම සමහර වෙලාවට පහුකාලිනව හරි දරුවන් ලැබෙන අවස්ථා තියෙනවා. මේකේ අන්තිම කවියෙන් මට ඒ වගේ අරුතක් දැනුනේ. හරිද මන්දා...
මල්පිපී සුවඳ දෙනමුත් ඵල නොමැති සිහිල් තුරුහිස
අයාලේ දුවන හුලඟක් හොරෙන් සිඹිනවා....
මල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය දැක දැක
සිනා සලනවා....තුරුහිස සිනා සලනවා....
මේ අද මං ඇහුවා අර නිරෝෂා විරාජිනී මහත්මිය කියන "සුදු ඇත් පොව්වෙක් සුදු නෙළුම හොඩින් ගෙන" කියන සිංදුව.... ඒක අහල මෙහෙ එනකොට මෙන්න මෙයා මේ වගේ කවි ටිකක් ලියල.... :)
පළවෙනි කවි දෙක නම් තේරුණා.. අන්තිම කවිය ටිකක් ටැපලිලි සහගතයි කියන්න පල්ලම් බහිනකොට කොමෙන්ට් වලින් ඒකත් තේරුණා..
ReplyDeleteවෙන කෙනෙක්ට දාව හම්බවෙන දරුවා ගැන මුකුත් නෙදන්න මනුස්සයා සතුටු වෙනවා තියල නේද කියවෙන්නේ
නියමයි මීයෝ.. අනිත් වර්ෂන් එකත් දාමුකෝ.
ReplyDeleteමල් පොකුරු මතින් පීදෙන ස්නේහයේ ඵලය // හැක් හැක් හැක් ........... අපි නොදන්න චෙස්
ReplyDeleteලස්සනයි අයියේ.. දාමු අනිත් වර්ෂන් එකත්..
ReplyDeleteමල්ලී මම අද කිව්වා කියල හිතා ගනින්. මේක ගීතයක් බවට බොහොම ලේසියෙන් පත් කරන්න පුළුවන්. හොඳ ගායකයෙක් බලලා දීපං. අර රූකාන්ත කියන "නෙලන්නට ගොසින් පල වල ගෙනෙන්නම් ඉතින් බරටම අනේ දරුවනේ නාඬන් කියූ අම්මලා" කියන ගීතයේ ටෝන් එකටම මේක කියන්න පුළුවන්. මේක කොපි කරන්න කලින් ඒකට පියවරක් ගනින්.
ReplyDeleteසුදීක කියපු එකමයි මටත් හිතුනේ .. හරිම ගීතවත් වචන...
ReplyDeleteදරුවෙක් ලබන්න හීන මවන කාන්තාවක්... දැන් තම සැමියාගේ ආදරය නොලැබීමේ හේතුවෙන් වෙනත් ආදරයක් සොයා යන සිද්ධියක් තමයි මට තේරුනේ...
බොහොම අගෙයි මචං විරිත, සඳැස ගලපගෙන නිර්මාණය කරලා තියනවා.
බොහොම දිග කතාවක් කවි දෙපදකින් කියලා .. නියමයි .මටත් හිතෙන්නේ තිසර ලියු දේමයි..
ReplyDeleteකවිය නම් පංකාදුයි
ReplyDeleteගසින් මල් පුදින්න පෙරම මේ සංසාරේ - දුකින් වුව විදදරා ගසක් මල් වරනවා..
ReplyDeleteනෙතින් රෑරා වැටෙන පුංචි කිරි සිහිනයේ - පැතුම් තාමත් කුසක මියෙන තෙක් නිදනවා..
සිහින් මදනළ ගෙනෙන තුරු හිසක මියුරුපල - සිතේ ඇති සා ගින්න මොහෝතකට නිවනවා..
ලයේ කැටි ගැසියන ඇත් පුතුගේ රන් කිරිද - සෙනෙහසින් රිදුම්දි ඉකිගසා අඞනවා..
මේවා කවියට එහා ගීය ගීත ඇත්තටම ලස්සනයි.
ReplyDeleteශාආආආආආආඅ...... මී අයියා හරිම කවිකාරයෙක්නෙ... :)අනිත් වර්ෂන් එකත් ලියමු..
ReplyDeleteගොඩක් සංවේදී අයියෙ. හිතට පුදුම විදියට දැනුන. ඔයා නම් ඇත්තටම දක්ෂ කවි කාරයෙක්.මේ තරම් ලස්සනට පද ගලපන්න පුලුවන් වුනේ කොහොමද?
ReplyDeleteකවමදාවත් කවි ලියන එක නම් නවත්තන්න එපා.
ko man dapu comment1???????
ReplyDeleteවැටිල තිබ්බෙ නෑනේ රෙහානි.. ස්පෑම් වලත් බැලුවා නෑ.. අයෙත් දාන්න සමාවෙලා
Deleteඅනිත් වර්ෂන් එක ළඟදීම ඒවි නේද?
ReplyDeleteඈ...අඩේ මරුනේ....දාමු බලන්න අනිත් එකත්...
ReplyDeleteනිකං කීං කීං ගාලා හිතට මෙවුව එකක් ජනිත වෙනව වගෙ බං මෙක කියෙවුවාම මරු ඈ
ReplyDeleteහ්මි නියමයි ..............
ReplyDeleteඅලේ... කවිය දෙතුන් පාරක් කියෙව්වම තමයි මීටර් උනේ.. නියමයි..
ReplyDeleteහරිම ලස්සනයි පද පේලි ටික..දිගටම ලියන්න මීගොඩයා..
ReplyDeleteමාර ලස්සන පද බැඳුමක් අයියේ.. තේරුමත් සුපිරියි!
ReplyDeleteලොවෙත් පට්ටය...ඉස්සරහටත් මේවගේ දේවල් ලියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා ! අවංකෙම්ම !
ReplyDelete