පොඩිනෝ
මහින්ද ප්‍රසාද් මස් ඉඹුල මහතාගේ සෙංකොට්ටං නවකථාව ඇසුරින් උපන්නකි
මොනර මූසල හැඩුම් මැද්දේ
අනගිහාමිගෙ හිනා සද්දේ
පැසුළුයම නිදි නොමැති හීනෙදි
උඹේ හිත තලනවද පොඩිනෝ
පළු වීර ගස් අතැ'ර වැටිමාර ගස්වලත්
එති එතී උඩට යන වැල් තියන හින්දා
නම්බුවගේ කේඬෑරී දේහය
පෙනුනෙ උත්තුංගවද පොඩිනෝ
දනවටක් දියබැසන් කිළිටි උලනා කලට
ඇලේ දියබුංකෙළින පුතාගේ මුහුණුවර
අනගිහාමිගේ මූණ එක්කල
හිතෙන් උඹ කීවරක් සැසඳුවද පොඩිනෝ
හපකරපු කටු පවා තළුමරා ලෙවකන්න
සුනඛයින් මාවතේ ඉවකරන හින්දා
අහිංසක හැඩකාර උඹවගේ එකියකට
ජීවිතය විඳින්නට පුළුවන්ද මන්දා ?
මොනර මූසල හැඩුම් මැද්දේ
අනගිහාමිගෙ හිනා සද්දේ
පැසුළුයම නිදි නොමැති හීනෙදි
උඹේ හිත තලනවද පොඩිනෝ
පළු වීර ගස් අතැ'ර වැටිමාර ගස්වලත්
එති එතී උඩට යන වැල් තියන හින්දා
නම්බුවගේ කේඬෑරී දේහය
පෙනුනෙ උත්තුංගවද පොඩිනෝ
දනවටක් දියබැසන් කිළිටි උලනා කලට
ඇලේ දියබුංකෙළින පුතාගේ මුහුණුවර
අනගිහාමිගේ මූණ එක්කල
හිතෙන් උඹ කීවරක් සැසඳුවද පොඩිනෝ
හපකරපු කටු පවා තළුමරා ලෙවකන්න
සුනඛයින් මාවතේ ඉවකරන හින්දා
අහිංසක හැඩකාර උඹවගේ එකියකට
ජීවිතය විඳින්නට පුළුවන්ද මන්දා ?
මෙහෙම හරි කමන් නෑ කාලෙකට පස්සේ ආවා... ලස්සන කවි සිතුවිල්ලක්.
ReplyDeleteඒ වගේම මසිබුලගේ පොතත් ලස්සනයි.. මම දෙපාරක්ම කියෙව්වා !!!
ඔය පොත මට තාම කියවන්න බැරි උණා. මේක ගැන අහපු තුන්වෙනි වතාව අපේ බ්ලොග් ලියන අයගෙන්ම
ReplyDeleteනියමයි මීගොඩයා.
ReplyDeleteහපකරපු කටු පවා තළුමරා ලෙවකන්න
ReplyDeleteසුනඛයින් මාවතේ ඉවකරන හින්දා
අහිංසක හැඩකාර උඹවගේ එකියකට
ජීවිතය විඳින්නට පුළුවන්ද මන්දා ?
- අනෙ ්මන්දා බං -
මාත් තාම පොත කියවලා නෑ... කියවන්න හිතුනා දැන් ^_^
ReplyDeleteකාලෙකින් මීයා..!!
ReplyDeleteආයෙ පාරක් කියවන්න ඕනි..
ReplyDeleteමීගොඩයට හිතෙන්නෙ පොඩිනා කියන චරිතයද නවකතාවෙ ප්‍රාධාන චරිතය.. මට තාම හිතාගන්න බෑ මොකක්ද ප්‍රධාන චරිතය කියලා.
ප්‍රධාන චරිතෙ මටත් හිතාගන්න බෑ බං.... මේ පොතේ විශේෂත්වයත් ඒක කිසිම චරියක් ඕනවට වඩා ඉස්මතුකරල නෑ..
Deleteහැබයි පොඩිනගේ චරිතේ මගෙ හිතට තදින්ම දනුනා...
පොත කියවන්න තදබල ආසාවකින් ඉන්නේ.. බලමුකෝ පුළුවන් උනෝතින්.. කවි පෙල ඉතින් වෙනද වගේම තමයි අයියේ..
ReplyDeleteපොඩිනා තමා ප්‍රධාන චර්තේ බං
ReplyDeleteමේක කියවලා ඉවර වෙද්දි මාව කම්පනයට පත් වුණා. එහෙම අවස්ථා කීපයක්ම තියෙනව. හිතට ගොඩක්ම දැනුනෙ ඇයව මරණයට පත්වෙන කොටස , පොඩි එකාව ඉස්කෝලෙට නොගත්තු කොටස.....
ReplyDeleteනියමයි... සිඳු අක්ක කියන්නා වගේ සමහර තැන්වල කතා කරගන්න බැරි තරම් කම්පනයට පත් වෙන තැන් කීපයක් මේ පොතේ තිබුණා.පොත කියවද්දි පොඩිනා ගැන දැනෙන සානුකම්පිත හැඟීම ඉතාම විශිෂ්ට විදියට කවියට නංවල තියෙනව.මුල හරියෙදි රුවන් බන්දුජීවගේ ඇහෙනවද ඒ සිනා සද්දේ මතක් වුණා.!
ReplyDeleteඅනගිහාමි උන්නැහේ
ReplyDeleteමොණරු නෑ ඒ ගල මත්තේ
ගැහෙන හද කිලිටි මුල්ලේ
ආල බැල්මක් පමණි පැතුවේ
පොඩිනා.