සදාචාරයෙන් ඔබ්බට
හේමන්තයද අවසන එළඹෙන සිසිලනයක
සීතලෙන් ගල්ගැසී මියයන්න අවැසිය හිතවත
ඒකපර්ශවීය ප්‍රේමය ළය තුරුළටම ගෙන
මෙතුවක් අප්‍රකාශිත
සිසිළනය කෙලවර
වසන්තයේ සුපුෂ්පිතයට නියමිත
චෙරිමලකට ආත්මය අරෝපනය කොට
බලාහිඳිමුද? පරාගනය වනතෙක්
ඔය ඹබරතුඩු පහසට ලොල්ව
අකැපනිසා මුකුළිතයට ආසන්න ඇට්ටේරියා මලකට
තුරුණු උණුසුම් බඹර චුම්බන
උයනක නොවී වනගුල්මයක
සීතල දියදහරකට ලං ලංව
විකසිත වීනම්,
හැකිවෙයි පරඬැල් ඇට්ටේරියාවටද
උණුසුමක් විඳගන්න ඹබර චුම්බනයක
හිතවත වෙනුවට සුපෙම්වතයැයි ආමන්ත්‍රණය කොට
පියවරක් තබා සදාචාරයෙන් ඔබ්බට
********
කොයි කවි තේරුනත් බොලගේ කවි නං මට දෙමල වගේ පරිවර්තනයක් ප්ලීස් :/
ReplyDeleteමටත් එහෙමයි මචන්.... මෙලෝ හසරක් තේරෙන්නෙ නෑනෙ....
ReplyDeleteඅටුවා ටීකාවක් ලිව්වා නං හරි :)
ReplyDeleteමීගොඩයාගේ කවි ඉතින් අපිට තේරෙන්නේ නැති වුණාට ආයෙමත් ලොවෙත් නැත.
ReplyDeleteඒකපාර්ශවීය අප්‍රකාශිත ආදරය.. සදාචාරයෙන් ඔබ්බට...? බඹරු ඇට්ටේරියා මල්වල වහන්නේ නැද්ද? මාරයි බං මාරයි උඹේ කවි....... දහ පාරක් කියෙව්වොත් තේරුම් දහයක්
ඒක නිකම්ම ඇට්ටේරියාවක් නෙවෙයි මලයෝ.. මුකුළිතයට ආසන්න එකක් නෙව
Deleteහරිම කොම්ප්ලිකෙටඩ් මෙව්වා එකක් අප්පා.....................
ReplyDeleteඑච්චරටම අවුල්ද
Deleteසිසිලනය කියන්නේ බං Coolant නේද??
ReplyDeleteyes yes
Deleteසමහර මල් තියෙනවා ස්ව පරාගනය වෙන. ඒකිව්වෙ මලේම තියෙන කෑලි දෙක පිට් වෙනවා..තව මලක් ඕන නැහැ එතකොට..
ReplyDeleteමල් ගැන සෑහෙන හොද දැනීමකින් ලියපු කවියක් කියලයි ඉතින් කියන්න තියෙන්නේ..
ReplyDeleteඅඩේ මේකනම් පස්ටයි ඈ...
ReplyDelete