බෝ ඇසින් වට කඳුළු බිඳුවක්
කප්පරක් දන දුක අසාගෙන
දන්න දා සිට පාර අයිනක
මහා කරුණා සිසිළ විහිදා
වැඩ විසූ බෝ සමිඳු අවසර
දිවෙන මාවත විසල් කෙරුමට
සැප පහසු ලෙස ගමන් යන්නට
බැරි නිසා අපෙ මැති තුමන්ලට
ඔබට ඉඩ නෑ මෙතන ඉන්නට
එපා මා හා උරණ වන්නට
මෙයයි මාගේ රාජකාරිය
කරන්නට වෙන දෙයක් නෑ මට
සභාවෙන් ඇත නියත විවරණ
ප.ලි.
මේ තියෙන්නේ මහරගම බෝධියේ චායාරූපයක්.. ගූගල් කරල හොයාගත්තෙ.. තාම කවුරුවත් ඒ ගහ කපන්න තීරණය කරල එහෙම නෑ.. ඒ හින්දා කලබල වෙලා ගහ ඉස්සරහ උද්ගෝශන, උපවාස එහෙම සංවිධානය කරන්න එපා
අද යනවා මෙතන්ට ටිකට් විකුනණ්න..
ReplyDeleteගහ කපන්න එපා අවුවේ ඕවා කරන්න බෑ ඈ...
සංවර්ධනයේ දී බොහෝදේවල් ඉවත් කරන්න වෙනවා.. ඒකේ වරදක් නෑ කියලයි මට හිතෙන්නේ..
ReplyDeleteඅපේ සිංහල මිනිස්සුම තමා පංසල් විනාස කරන්න උදවු කරන්නෙ... උන්ට ඕන සල්ලි ව්තරයි....
ReplyDeleteඑහෙනම් මේ //සභාවෙන් ඇත නියත විවරණ
ReplyDelete// කිව්වෙ ?
අනිසි ලෙස ජනතාව බිය වැද්දවීම නිසා මී ගොඩයාට විරුද්ධව නඩු පවරනු ලැබේ...
අනේ..අපොයි.........එහෙම කරන එක හරි නෑනේ........
ReplyDeleteහිතිලනං ඇති කපන්න ඒත් තාම තියෙනවා !
ReplyDeleteදැනට ලංකාවේ තිබෙන තත්වය නම් පොදු මතය උනත් අරගල කරලයි ලබා ගන්න වෙන්නේ.එක නිසා ගහ කපන්න හැදුවොත් එක තමයි කරන්න වෙන්නේ.අද එක්කෙනෙක් දෙන්නෙක් ගේ වාසියට තමයි තිරණ තින්දු ගන්නේ.
ReplyDeleteතාමත් කරන්න පටන් අරගෙන වත් නැති දෙයක් ගැන කවි කියන්න ගිහිල්ලා මීගොඩයා ගුටි කන්න වගේ හදන්නෙ කට්ටියගෙන්... හි හි...
ReplyDeleteඔය ගහ යටදි දෙවරක්ම කාක් බෙටි ප්රහාරයට ලක්වෙලා තියෙනවා.
ReplyDeleteමේ බෝ ගහ කොහොම වුනත් සමහර තැන්වල තියෙන බෝ ගස් මාර්ග තද බදයට තදින්ම බලපානවා.ඒ වගේම නගරයෙ සංවර්ධනයටත් (හොරණ,ඉංගිරිය විශේෂයි)
තව ඉස්සරහට ඔහොම දෙයක් වෙන්නත් ඉඩ තිබේ ..
ReplyDeleteමේක් කියෙව්වාම මතක් උනේ ඔයා පාර ලොකු කරන්න කියලා අපේ ඉස්කෝලේ ඉස්සරහා පන්සලත් කඩන්න යනවලු...
ReplyDeleteඒක මිසක්, මම මේ කියන්න හැදුවේ ඕක කපලා පිස්සු නටන්න එපා කියලා, ඇයි දෙය්යනේ හදිස්සියකට පාරක් කියද්දිත් මම ඕක පාවිච්චි කොරනවනේ.. :/
ReplyDeleteමන් හිතුවේ එකටත් ටොපිය දෙන්න යන්නේ කියලා.
ReplyDelete//සැප පහසු ලෙස ගමන් යන්නට
ReplyDeleteබැරි නිසා අපෙ මැති තුමන්ලට// වෙන්නත් ඉඩ තියෙනවා.
දැනට නැති උනත් ඉදිරි දිනයක වෙන්න පුලුවන් දෙයක්....කිසිම දෙයක් ස්ථිර නෑනෙ ගොයියො...
ReplyDeleteඇයි කපුගේ ගිතයෙන් කිව්වේ "වීදියේ වැඩ හිටී හිමි සද" කියලා ඒත් මේවන් බෝදියක් ගැන තමා මහරගම, නුගේගොඩ, පිටකොටුව මේ හැම තැනම බෝධියක් තියෙනවා. මොකද මංදා.
ReplyDeleteමං ඒත් බැලුවා කවුද බොලේ මේ අපේ ටවුන් එකේ බෝ ගහ කපන්න හදන්නේ කියලා.. කවි ටික මරු..
ReplyDeleteයද්දී දවසක්
ReplyDeleteපාරේ අයිනෙන්
වැදගත් ගමනක්
කොහේදෝ යන කාක රාජයෙක්
කාක බෝ ගසක හිඳ
‘තහ්‘
අය්යෝ මගේ ඇඳුම
සහ
ගමන..
‘කවුද යකෝ මේ ගහ
මෙතන හිටුවපු එකා!!!‘
++++++++++++++++++++++
ReplyDeleteඅනේ මම මොකූට් කියන්නෙ ලෑ...:/
ReplyDeleteහ්ම්ම්... සංවර්ධනයේ අනිටු ඵල...
ReplyDeleteසබඳ අසනුව
ReplyDeleteනොවෙමි කිසිදින
උරණ නුඹ හා
නසන අද මා
පුහු වු මනසින්
යනෙන ගමනින්
පස්ස ඔසවා
කරන අභිමන්
අප්රියයි දැන්
නොදැක ඉන්නට
කපා හෙලුවත්
කමක් නෑ මට...
ගහ බෝ ගහක් නූනත් නොකපා දියුණුව කිරීම තමයි හපන්කම. අනිත් රටවලින් ගන්න උදාහරන බොහොමයි..
ReplyDeleteකපලා නැති උනාට ළඟදීම ඕකටත් ගේම දෙයි කාලකන්නි...ලැජ්ජයි නේද අයියේ..........
ReplyDelete