පළගැටි ගීතය
සිඳීයන තෙල් නොමින් බී සොඳ
දඟකරයි වේගෙන් පහන් සිල
වැටී ගිණිකන දඟපාන වට
බලන් පළගැටියෙකුගෙ ඉරණම
කලින් වෙන්කල අඳුරු කුටියක
රෝස ඇතිරූ සුමුදු යහනක
මුදාහල මුහුළැසද වින්දා
ප්‍රේමයක් පැතු ලොව්තුරා සුව
දියත ජීවෙට ඌල පාදන
ප්‍රේම ස්වරයෙන් මන්මුලා කල
කොයිතරම් මිහිරියිද සවනට
මියෙන පළගැටියෙකුගෙ ගීතය
ප්‍රේම ස්වරයෙන් මන්මුලා කල
ReplyDeleteකොයිතරම් මිහිරියිද සවනට
මියෙන පළගැටියෙකුගෙ ගීතය
පලන්ගටියෙක් කෙසේ වෙතත් බුට් එක කපු කොල්ලෙක් ළඟ පාත හිටියොත්.. හයිසෝ.. කියල් වැඩක් නැහැ... අදනං ලාවට වගේ තේරුනා
එහෙනං ෂුවර් මෙයත් කාලා බූට් එකක්.
Deleteනියමයි.
ReplyDeleteලස්සනයි අයියේ...මාත් ඔය ගැන ලිව්වා දවසක්....
ReplyDeleteබුකියෙන් ගත් එකකි
එහෙම කියන්න එපා බං!
ReplyDeleteමමනං ආස පණ තියෙන උන්ගෙ සද්දෙට!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සුපිරියි ...
ReplyDeleteඔයි විදිහට මැරෙන පලගැටි කොච්චරක් ඉන්නවද...
ReplyDeleteමේ මොකද්ද අප්පා කතාවක් ලියන්නකො...
සමහරු නම් පළඟැටි වගේ තමයි... කී සැරයක් අමාරුවෙ වැටුනත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ... අද වැලන්ටයින් දවසට ගැලපෙන කවියක්, සමහරු ඒක සමරන විදිය ඇහෙනකොට... (ඒ කවිය මං තේරුම් ගත්තු විදිය... :D)
ReplyDelete//ඌල පාදන // ??
ReplyDeleteමේ වචනේ නම් දන්නෙ නෑ මීයා.. :(
uula kiyanne ulpath walata lihini
Deleteපළඟැටියට නම් පාඩමක් ඉගෙන ගන්න කාලයක් නෑ, ඒත් මිනිස්සු ට අවස්ථාව ලැබිලත් වැඩක් ගන්නෙ නෑ.. මරු!
ReplyDeleteහරිම අපූරුවට ලියලා තියෙනවා...
ReplyDeleteඅන්න හරි... කවි ලන්දේ ආයෙමත් ඉන්නවා වගේ දැනෙනවා..
ReplyDeleteලස්සනයි අයියෙ කවි ටික.. දවසට ගැළපෙන සිතුවිල්ලක්..
විහිං කර ගන්න එවුවට දුක් වෙලා වැඩක් නැත....
ReplyDeleteචිරි චිරි චිරි
ReplyDeleteකොයි අනෙ මගේ ක්ම්න්ට් එක? :/
ReplyDeleteස්පෑම් වලත් නෑ තරහ නැතුව අයෙත් දාන්නකෝ
Deleteමමත් කමෙන්ට් කරපු දෙවෙනෙ වතාව.
Deleteකරන කලට පව් මිහිරිය මී සේ ලු නේ.....
ReplyDeleteමොකද බං මූට තණකොල ආප්පයා (grass hopper) කියන්නෙ? :D
ReplyDeleteමැරෙන්න පණ අදින පළගැටිගේ ගීතය මට තේරුනේ නෑනේ බං.
ReplyDeleteහරි මචන් හරි. උඹ කියල දුන්නට පස්සේ ලෙසටම තේරුනා..සිරාවටම උඹ හොඳ කවි කාරයෙක් මචන්....සිරාවටම
Deleteපවු...
ReplyDeleteමට තේරුණු විදිහ හරි නම්, ප්‍රේම ස්වරයෙන් මුලා වී දැල්ලට පණින පළගැටියෝ කෙතරම් ඇතිද..
ReplyDeleteමරු ඈ..
ReplyDeleteපළඟැටිෙයක් වුණත් මිෙයන්නට ෙපර උනුසුම් පහසක් විදින්න තිෙයනවා නම් ඒ්ක විදිනවා ඒ් උෙග් හැටි අපිත් ඒෙහමයි.
ReplyDeleteඑක පැත්තකින් හිතුවොත් මේක හරි. තව විදි තියනවනේ හිතන්න. :)
ReplyDeleteමුහුළැස කියන්නෙ මොකද්ද?
ReplyDeleteමුහුළැස කියන්නෙ කොන්ඩේට රූ ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමං මෙහෙම කියන්නම්...
ReplyDeleteආදරේ කියන ආලෝකයට වශී වෙච්චි කෙල්ලෙක් ඒ ආලෝකයෙන් තමා දැවෙනවා කියලා දැන දැනත් ඒ තමන් ආදරය කරන ආලෝකය දිශාවටම යන්න හදන බවකුයි පේන්නේ... චාටුකාර පෙම්වතා තමා පහන් සිළුව වෙන්නේ....
වැලන්ටයින් දවස්වලට රූම් පිරෙන කතාව අපි දන්නෙ අද ඊයෙක ඉඳලා නෙමෙයිනේ ඉතින් මේ කවිය ලියවෙන්න ඇත්තේ එහෙම අසරණ වෙච්චි කෙල්ලෙක්ගේ ජීවිතය පාදක කරගෙන වෙන්ටෝන
ගොඩාක් කෙල්ලෝ අනතුර නොදැන පහන් සිළුවට ලංවෙන්නේ මෙහෙමයි ඒ කියන්නේ පළඟැටියෙක්ගේ විලාසයට
මේ කවිය මට තේරුනේ එහෙමයි.මං හරිද කියන්ඩෝ
මේ කවි සිතිවිලි වලට සෑහෙන වටිනාකමක් දෙන්න පුළුවන් අයියේ අනිවාර්යයි මාර ලස්සන යෙදුම් තියෙන්නේ සුපිරියි ජය වේවා
බූට් කාළා ඇ
ReplyDeletelassanayi
ReplyDeleteබූට් කවියක් නේ..එවුනාට මාරම ගති ..
ReplyDeleteමී ගොඩයා එහෙනම් හොද කවිකාරයෙක්..
කලකට ඉහතදි මෙහි ආ බව මතකයේ තියේ..!!!