අතිර වූ... නැවතුම් දනව්ව
දහසක් පියමන් සලකුණු වී ඇති
අහසක් උසකට සිතුවිළි පොදි බැඳි
කාත් කවුරුවත් නිම්හිම් දන්නැති
අතිර වූ නැවතුම් දනව්වක්
සත්‍ය ප්‍රේමී බෘන්ගයන්ටත්
කෲර රාගී සළෙලුවන්ටත්
නුරාවෙන් මත්වී රගන්නට
තනා ඇති එක වේදිකාවක්
ගන්ධ වර්ණිත පුෂ්පයන්ටත්
කිඩාරම් බාඳුරාවන්ටත්
සුපිෂ්පිත වී සිනාසෙන්නට
සුරං නිමකල රම්‍ය උයනක්
සත්‍යයේ ද්වාරයට පිටු පෑ
අවිද්‍යාවේ තිමිර සළු ඇඳි
බිහිදොරක් නැති හැරවුමක් නැති
සසර කතරක අතරමං අපි
නිමක් නැති ව ම ඇවිද යනවා
ReplyDeleteඅරමුණක් ජන්මයක් නොදැන ම
කඳුළු දුක් පිරි සන්තාප මාවත් තුළ
කටුව පුපුරා එළිය දකිනට
ශක්තියක් නැති වෙලාවක් නැති
උගුලකට අසු වී එක ම තැන
හරි රසයි හරි රස යි කියමින්
ගොනා පසුපස ගැල පරිද්දෙන්
උස්ව නැගි කඳු
Deleteදෑත් විහිදා
බිස්ස අතගාල
ස්තුතියි කඳු....
හරි ලස්සන කවි පෙලකි...
ReplyDeleteතැන්කිව් මචං
Deleteඅම්මප අතරමං වෙනවා අර තුන් වෙනි පේලියේ කවියේ තියෙන රම්‍ය උයන වගේ උනා නං හෙම...
ReplyDeleteහදන්න බෑ
Delete//බිහිදොරක් නැති හැරවුමක් නැති
ReplyDeleteසසර කතරක අතරමං අපි// ඔව් එහෙම එකකුත් තියෙනවා තමා. ඒත් සමාජයේ එක් පැතිකඩක්ද මන්දා..?
මටනම් සමස්ථ සමාජයම මේවගේ බං
Deleteමේ කවිය මට ටිකක් බර වැඩි වගේ,ඒ තරම්ම තේරුනේ නෑලු.. :(
ReplyDeleteබත් කාල ලොකු වෙන්නලු
Deleteසම්මියෝ දැන් හරිනේ.. ඔන්න මූණු පොතේ මැසේජ් කලා
Deleteඅපාගත හැගුමෙඅන් තැවෙන්නත්
ReplyDeleteදෙව් ලොවක සිරි සැප විදින්නත්
උතුම් මිනිසත් බව ලැබුවමුත්
සසර දුර මදි හැදින ගන්නත්
ඒක ඇත්ත මචං... ඒ උනාට තව කොට වෙනවනම් තමා මං කැමති
Deleteකවියත් එක්කම අතරමං වෙනවා වගේලු
ReplyDeleteලස්සනයි ලු
බොහොම ස්තුතියිලු
Deleteමම හොයනවා ඇයි මං ඉපදුනේ කියලා...
ReplyDeleteමං ආස නැ ආය ඉපදෙන්න
ඒත් අකමැත්තෙන් වුණත් ඉපදෙන්න වෙනවා(ලු)
මං කැමතියි මේ වේදිකාවෙ රංගගත වෙන නාටකෙන් ඈත් වෙලා සායම් පිහදාලා කළු සුදු චරිත සේරගෙන්ම ඈත් වෙලා ශුන්යක් වෙන්න :(
කවුරුත්ම අකමැති වෙන එකක් නෑ සිත්තරී..... ඒත් කරන විදිය කවුරුත් දන්නේ නෑ
Deleteආගම් වලින් කොච්චර ක්‍රම ඉගැන්නුවත් ඒවා පිළිපදින්න තරම් අපේ හිත් දමනය වෙලත් නෑ
සිරාවටම උඹේ කවි හෙන ගති බං.. කියවල තේරුම් ගන්න කොච්චර අමාරු වුනත්, දහ පාරක් හරි කියවල තේරුම් ගන්න හිතෙනවා. (මට තේරුනේ අපි ඔක්කොම එකම බෝට්ටුවේ කියලා, ඉවරයක් නැති , කෙළවරක් නැති සසරේ තවමත් හබල් ගාන ජීවිතේ රඟපාන නළුවෝ කියලා)
ReplyDeleteමං කිව්ව දේ අකුරක්වත් අඩු නැතුව උබට තේරිලා
Deleteමුහුණු පොතේ සරලව දකින තරුණයාගෙ අනිත් පැත්ත හරිම ගැඹුරුයි
ReplyDeleteමුහුණු පොතේ සරලව දකින තරුණයාගෙ අනිත් පැත්ත............
ReplyDeleteහරිම ගැඹුරුයි!!!!!!!!!!!!!
Lesatama theruna bn..
ReplyDeleteSasara duka amathaka karala joliye inna hadanakota uba ayith ewwa mathak karanawa...
Adenawa yako... Ihi.. Ihi...
Niyamai liyamana..
Lesatama theruna bn..
ReplyDeleteSasara duka amathaka karala joliye inna hadanakota uba ayith ewwa mathak karanawa...
Adenawa yako... Ihi.. Ihi...
Niyamai liyamana..
එළ එළ
ReplyDeleteඅපූර්ව පද හරඹයක් ගැඹුරු අරුතක් නියම විරිතක්
ReplyDeleteමී මලේගේ හැකියාව මල් හතයි..
හරබර වචන ගොඩකින් ලියැවුනාට, දෙපාරක් තුන්පාරක් විතර කියවලා තේරුම් ගත්තාම දැනුනෙ.., ලස්සනයි අයියෙ කවි ටික.ගති!!!
ReplyDeleteකවි ටික ලස්සනයි බං.. ඇත්තටම මමත් දෙපාරක් විතර කියෙව්වට පස්සේ තමා මීටර් උනේ. එලස්..!
ReplyDeleteතේරුනේ නැහැ එක්කෝ නොතේරුනා වගේ ඉන්නවා.තේරෙන අය තාම ඇවිත් නැහැ වගේ.ආවත් මොනවා හරි දොඩවලා යයි සමහරවිට නොතේරුනා වගේ.ඉතින් මට මොකෝ මාත් යනවා යන්න.
ReplyDeleteශුන්‍ය වෙන්න තියෙනවනම් හැමදේකින්ම........
ReplyDeleteමී යගේ කවි වලට මට කයියෙංම රිටන් දෙන්න විදිහක් නැති හැටි විතරක්..
ReplyDeleteසිරා කවි ටික ඈ...
ජීවිතය රඟමඩලකි..
ReplyDeleteඅපි එහි නළුනිළියන් වෙමු..
අදාල චරිතය රඟ පෑ පසු
නික්ම යන්නට සිදුවනු ඇති..
ලස්සන කවි පෙලක්..
ලස්සනයි කවිය....
ReplyDelete"බිහිදොරක්.." හරිද....පෑලදොර නෙවෙයිද.....?
අයියා "බිහිදොර" පිටවීමේ දොර කියන එකට දැම්මේ ... පෑලදොර කියන්නේ පිටුපස දොරටනේද ,,,,
Deleteකවිකාර මීගොඩයා
ReplyDeleteදැන් දැන් මීයා ලියන කවි ප්රබුද්ධ ආරක් අරගෙන තියෙනවා...සුභ පැතුම් මීයො...දිගටම ලියහං...අතරිං පතර අපි වගේ උන්ට කථාවක් දෙකකුත් ලියහං...
ReplyDeleteහ්ම්ම්.... මං තුන් පාරක් විතර කියෙව්වා. ඒ තරම් මගේ හිතට දැනුනා... ලස්සනයි...
ReplyDeleteකවියේ අදහස එක්ක ඇත්තටම අතරමං වෙනවා.. ලස්සනයි...
ReplyDeleteහරිම ලස්සනයි. හොද දක්ෂතාවයක්.
ReplyDeleteමේ අතිර වූ ලෝකයේ කිසිවක් තිර නැත. තිර වූ යමක් වෙද ඒ උතුම් නිවනයි.
ලස්සනට ගලපලා තියනවා.
ජය!!!
සැනසීම ම ලැබේවා!!
නික්මයන්නට සසර කතරින්
ReplyDeleteපුරමු අපි නිති පාරමී දම්
හ්ම්ම්ම්....ජීවිතේ යථාවබෝධය හරිම ලස්සනට කාව්‍යකට හරවලා තියෙනවා....නියමයි අයියේ...
ReplyDeleteහ්ම්ම් අතරමං වෙලා තමයි....
ReplyDeleteහප්පට සිරි මීයෝ මේ අයියමද?
ReplyDeleteෂා...... අපුරුයි...
ReplyDeleteඇත්තටම සංකීර්ණත්වයෙන් කියපු සරලම සරල සිද්ධියක්..
ReplyDeleteනියමයි..