Thursday 14 February 2013

පළගැටි ගීතය

සිඳීයන තෙල් නොමින් බී සොඳ
දඟකරයි වේගෙන් පහන් සිල
වැටී ගිණිකන දඟපාන වට
බලන් පළගැටියෙකුගෙ ඉරණම

කලින් වෙන්කල අඳුරු කුටියක
රෝස ඇතිරූ සුමුදු යහනක
මුදාහල මුහුළැසද වින්දා
ප්‍රේමයක් පැතු ලොව්තුරා සුව

දියත ජීවෙට ඌල පාදන
ප්‍රේම ස්වරයෙන් මන්මුලා කල
කොයිතරම් මිහිරියිද සවනට
මියෙන පළගැටියෙකුගෙ ගීතය

35 comments:

  1. ප්‍රේම ස්වරයෙන් මන්මුලා කල
    කොයිතරම් මිහිරියිද සවනට
    මියෙන පළගැටියෙකුගෙ ගීතය

    පලන්ගටියෙක් කෙසේ වෙතත් බුට් එක කපු කොල්ලෙක් ළඟ පාත හිටියොත්.. හයිසෝ.. කියල් වැඩක් නැහැ... අදනං ලාවට වගේ තේරුනා

    ReplyDelete
    Replies
    1. එහෙනං ෂුවර් මෙයත් කාලා බූට් එකක්.

      Delete
  2. ලස්සනයි අයියේ...මාත් ඔය ගැන ලිව්වා දවසක්....

    බුකියෙන් ගත් එකකි

    ReplyDelete
  3. එහෙම කියන්න එපා බං!

    ReplyDelete
  4. මමනං ආස පණ තියෙන උන්ගෙ සද්දෙට!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. සුපිරියි ...

    ReplyDelete
  6. ඔයි විදිහට මැරෙන පලගැටි කොච්චරක් ඉන්නවද...

    මේ මොකද්ද අප්පා කතාවක් ලියන්නකො...

    ReplyDelete
  7. සමහරු නම් පළඟැටි වගේ තමයි... කී සැරයක් අමාරුවෙ වැටුනත් පාඩමක් ඉගෙන ගන්නෙ නෑ... අද වැලන්ටයින් දවසට ගැලපෙන කවියක්, සමහරු ඒක සමරන විදිය ඇහෙනකොට... (ඒ කවිය මං තේරුම් ගත්තු විදිය... :D)

    ReplyDelete
  8. //ඌල පාදන // ??

    මේ වචනේ නම් දන්නෙ නෑ මීයා.. :(

    ReplyDelete
  9. පළඟැටියට නම් පාඩමක් ඉගෙන ගන්න කාලයක් නෑ, ඒත් මිනිස්සු ට අවස්ථාව ලැබිලත් වැඩක් ගන්නෙ නෑ.. මරු!

    ReplyDelete
  10. හරිම අපූරුවට ලියලා තියෙනවා...
    අන්න හරි... කවි ලන්දේ ආයෙමත් ඉන්නවා වගේ දැනෙනවා..

    ReplyDelete


  11. ලස්සනයි අයියෙ කවි ටික.. දවසට ගැළපෙන සිතුවිල්ලක්..

    ReplyDelete
  12. විහිං කර ගන්න එවුවට දුක් වෙලා වැඩක් නැත....

    ReplyDelete
  13. චිරි චිරි චිරි

    ReplyDelete
  14. කොයි අනෙ මගේ ක්ම්න්ට් එක? :/

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වලත් නෑ තරහ නැතුව අයෙත් දාන්නකෝ

      Delete
    2. මමත් කමෙන්ට් කරපු දෙවෙනෙ වතාව.

      Delete
  15. කරන කලට පව් මිහිරිය මී සේ ලු නේ.....

    ReplyDelete
  16. මොකද බං මූට තණකොල ආප්පයා (grass hopper) කියන්නෙ? :D

    ReplyDelete
  17. මැරෙන්න පණ අදින පළගැටිගේ ගීතය මට තේරුනේ නෑනේ බං.

    ReplyDelete
    Replies
    1. හරි මචන් හරි. උඹ කියල දුන්නට පස්සේ ලෙසටම තේරුනා..සිරාවටම උඹ හොඳ කවි කාරයෙක් මචන්....සිරාවටම

      Delete
  18. මට තේරුණු විදිහ හරි නම්, ප්‍රේම ස්වරයෙන් මුලා වී දැල්ලට පණින පළගැටියෝ කෙතරම් ඇතිද..

    ReplyDelete
  19. පළඟැටිෙයක් වුණත් මිෙයන්නට ෙපර උනුසුම් පහසක් විදින්න තිෙයනවා නම් ඒ්ක විදිනවා ඒ් උෙග් හැටි අපිත් ඒෙහමයි.

    ReplyDelete
  20. එක පැත්තකින් හිතුවොත් මේක හරි. තව විදි තියනවනේ හිතන්න. :)

    ReplyDelete
  21. මුහුළැස කියන්නෙ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. මුහුළැස කියන්නෙ කොන්ඩේට රූ ...

      Delete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. මං මෙහෙම කියන්නම්...

    ආදරේ කියන ආලෝකයට වශී‍ වෙච්චි කෙල්ලෙක් ඒ ආලෝකයෙන් තමා දැවෙනවා කියලා දැන දැනත් ඒ තමන් ආදරය කරන ආලෝකය දිශාවටම යන්න හදන බවකුයි පේන්නේ... චාටුකාර පෙම්වතා තමා පහන් සිළුව වෙන්නේ....

    වැලන්ටයින් දවස්වලට රූම් පිරෙන කතාව අපි දන්නෙ අද ඊයෙක ඉඳලා නෙමෙයිනේ ඉතින් මේ කවිය ලියවෙන්න ඇත්තේ එහෙම අසරණ වෙච්චි කෙල්ලෙක්ගේ ජීවිතය පාදක කරගෙන වෙන්ටෝන

    ගොඩාක් කෙල්ලෝ අනතුර නොදැන පහන් සිළුවට ලංවෙන්නේ මෙහෙමයි ඒ කියන්නේ පළඟැටියෙක්ගේ විලාසයට

    මේ කවිය මට තේ‍රුනේ එහෙමයි.මං හරිද කියන්ඩෝ

    මේ කවි සිතිවිලි වලට සෑහෙන වටිනාකමක් දෙන්න පුළුවන් අයියේ අනිවාර්යයි මාර ලස්සන යෙදුම් තියෙන්නේ සුපිරියි ජය වේවා

    ReplyDelete
  24. බූට් කාළා ඇ

    ReplyDelete
  25. බූට් කවියක් නේ..එවුනාට මාරම ගති ..
    මී ගොඩයා එහෙනම් හොද කවිකාරයෙක්..

    කලකට ඉහතදි මෙහි ආ බව මතකයේ තියේ..!!!

    ReplyDelete