Saturday 9 February 2013

බෝ ඇසින් වට කඳුළු බිඳුවක්
















කප්පරක් දන දුක අසාගෙන
දන්න දා සිට පාර අයිනක
මහා කරුණා සිසිළ විහිදා
වැඩ විසූ බෝ සමිඳු අවසර

දිවෙන මාවත විසල් කෙරුමට
සැප පහසු ලෙස ගමන් යන්නට
බැරි නිසා අපෙ මැති තුමන්ලට
ඔබට ඉඩ නෑ මෙතන ඉන්නට

එපා මා හා උරණ වන්නට
මෙයයි මාගේ රාජකාරිය
කරන්නට වෙන දෙයක් නෑ මට
සභාවෙන් ඇත නියත විවරණ




ප.ලි.
      මේ තියෙන්නේ මහරගම බෝධියේ චායාරූපයක්.. ගූගල් කරල හොයාගත්තෙ.. තාම කවුරුවත් ඒ ගහ කපන්න තීරණය කරල එහෙම නෑ.. ඒ හින්දා කලබල වෙලා ගහ ඉස්සරහ උද්ගෝශන, උපවාස එහෙම සංවිධානය කරන්න එපා
 


24 comments:

  1. අද යනවා මෙතන්ට ටිකට් විකුනණ්න..
    ගහ කපන්න එපා අවුවේ ඕවා කරන්න බෑ ඈ...

    ReplyDelete
  2. සංවර්ධනයේ දී බොහෝදේවල් ඉවත් කරන්න වෙනවා.. ඒකේ වරදක් නෑ කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  3. අපේ සිංහල මිනිස්සුම තමා පංසල් විනාස කරන්න උදවු කරන්නෙ... උන්ට ඕන සල්ලි ව්තරයි....

    ReplyDelete
  4. එහෙනම් මේ //සභාවෙන් ඇත නියත විවරණ
    // කිව්වෙ ?

    අනිසි ලෙස ජනතාව බිය වැද්දවීම නිසා මී ගොඩයාට විරුද්ධව නඩු පවරනු ලැබේ...

    ReplyDelete
  5. අනේ..අපොයි.........එහෙම කරන එක හරි නෑනේ........

    ReplyDelete
  6. හිතිලනං ඇති කපන්න ඒත් තාම තියෙනවා !

    ReplyDelete
  7. දැනට ලංකාවේ තිබෙන තත්වය නම් පොදු මතය උනත් අරගල කරලයි ලබා ගන්න වෙන්නේ.එක නිසා ගහ කපන්න හැදුවොත් එක තමයි කරන්න වෙන්නේ.අද එක්කෙනෙක් දෙන්නෙක් ගේ වාසියට තමයි තිරණ තින්දු ගන්නේ.

    ReplyDelete
  8. තාමත් කරන්න පටන් අරගෙන වත් නැති දෙයක් ගැන කවි කියන්න ගිහිල්ලා මීගොඩයා ගුටි කන්න වගේ හදන්නෙ කට්ටියගෙන්... හි හි...

    ReplyDelete
  9. ඔය ගහ යටදි දෙවරක්ම කාක් බෙටි ප්‍රහාරයට ලක්වෙලා තියෙනවා.

    මේ බෝ ගහ කොහොම වුනත් සමහර තැන්වල තියෙන බෝ ගස් මාර්ග තද බදයට තදින්ම බලපානවා.ඒ වගේම නගරයෙ සංවර්ධනයටත් (හොරණ,ඉංගිරිය විශේෂයි)

    ReplyDelete
  10. තව ඉස්සරහට ඔහොම දෙයක් වෙන්නත් ඉඩ තිබේ ..

    ReplyDelete
  11. මේක් කියෙව්වාම මතක් උනේ ඔයා පාර ලොකු කරන්න කියලා අපේ ඉස්කෝලේ ඉස්සරහා පන්සලත් කඩන්න යනවලු...

    ReplyDelete
  12. ඒක මිසක්, මම මේ කියන්න හැදුවේ ඕක කපලා පිස්සු නටන්න එපා කියලා, ඇයි දෙය්යනේ හදිස්සියකට පාරක් කියද්දිත් මම ඕක පාවිච්චි කොරනවනේ.. :/

    ReplyDelete
  13. මන් හිතුවේ එකටත් ටොපිය දෙන්න යන්නේ කියලා.

    ReplyDelete
  14. //සැප පහසු ලෙස ගමන් යන්නට
    බැරි නිසා අපෙ මැති තුමන්ලට// වෙන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
  15. දැනට නැති උනත් ඉදිරි දිනයක වෙන්න පුලුවන් දෙයක්....කිසිම දෙයක් ස්ථිර නෑනෙ ගොයියො...

    ReplyDelete
  16. ඇයි කපුගේ ගිතයෙන් කිව්වේ "වීදියේ වැඩ හිටී හිමි සද" කියලා ඒත් මේවන් බෝදියක් ගැන තමා මහරගම, නුගේගොඩ, පිටකොටුව මේ හැම තැනම බෝධියක් තියෙනවා. මොකද මංදා.

    ReplyDelete
  17. මං ඒත් බැලුවා කවුද බොලේ මේ අපේ ටවුන් එකේ බෝ ගහ කපන්න හදන්නේ කියලා.. කවි ටික මරු..

    ReplyDelete
  18. යද්දී දවසක්
    පාරේ අයිනෙන්
    වැදගත් ගමනක්
    කොහේදෝ යන කාක රාජයෙක්
    කාක බෝ ගසක හිඳ
    ‘තහ්‘
    අය්යෝ මගේ ඇඳුම
    සහ
    ගමන..
    ‘කවුද යකෝ මේ ගහ
    මෙතන හිටුවපු එකා!!!‘

    ReplyDelete
  19. අනේ මම මොකූට් කියන්නෙ ලෑ...:/

    ReplyDelete
  20. හ්ම්ම්... සංවර්ධනයේ අනිටු ඵල...

    ReplyDelete
  21. සබඳ අසනුව
    නොවෙමි කිසිදින
    උරණ නුඹ හා
    නසන අද මා

    පුහු වු මනසින්
    යනෙන ගමනින්
    පස්ස ඔසවා
    කරන අභිමන්

    අප්‍රියයි දැන්
    නොදැක ඉන්නට
    කපා හෙලුවත්
    කමක් නෑ මට...

    ReplyDelete
  22. ගහ බෝ ගහක් නූනත් නොකපා දියුණුව කිරීම තමයි හපන්කම. අනිත් රටවලින් ගන්න උදාහරන බොහොමයි..

    ReplyDelete
  23. කපලා නැති උනාට ළඟදීම ඕකටත් ගේම දෙයි කාලකන්නි...ලැජ්ජයි නේද අයියේ..........

    ReplyDelete