සාධාරණයි නේද හිතවත වන්සේ කබල් ගානවට වැඩිය
සුමිහිරි ගීතිකා කියන කොවුලන්ට
බිත්තර දාන්න ඇහැකිනම් කපුටු කූඩුවක
කපුටන්ගේ ආදරණීයම ඇරයුමැ'තිව
යන්න තහනම් ඇයි කපුටු කූඩුවක විසුමට
සුළලිතමය ගීත ගයමින් රැඟුම් රඟනවා මිසක
කොවුල් සනුහරේ එකෙක්වත් හිතන්නෑ හෙටක් ගැන
වල්වැදීගිය පන්සලක්, පැටව් ඉන්න පාසලක් දැක්කම
පියාපතක් දෙකක් දීල උන් සතුටු කලත් එකෙක් ඉඳහිට
කළ සුගතියක් නෑ කොවුල් පරපුරේ පැවැත්මට
දිනෙන් දින වඳවෙන ජාතියක් එක්ක ලගිනාව වෙනුවට
යස ඉසුරු ඇතිව කපුටොත් එක්ක වෙසෙන එක
සැපයි කියල හිතුනොත් ප්‍රතිභාපූර්ණ කොවුලෙකුට
සාධාරණයි නේද හිතවත වන්සේ කබල් ගානවට වැඩිය
සුමිහිරි ගීතිකා කියන කොවුලන්ට
බිත්තර දාන්න ඇහැකිනම් කපුටු කූඩුවක
කපුටන්ගේ ආදරණීයම ඇරයුමැ'තිව
යන්න තහනම් ඇයි කපුටු කූඩුවක විසුමට
තෙරුනේ නෑ වගේ කියල හිතෙනවනම් මෙතනට ගිහින් බලන්න
සුමිහිරි ගීතිකා කියනා කොවුලන්ට
ReplyDeleteකපුටන් විසින් ආරාධන කල කලට
දමා ඉවත සිටිවිට නෑසුනු ලෙසට
නායකතැන තුටුවිය නොම ගියැයි දැන
කලක මෙසේ ගෙවෙමින් ගිය ලෙසට රට
නායක තැන හඳුනන්නට බැරි විටෙක
දැන් ඇති සිතා සිටියා මේ තැන නොසැල
කලේය දෙටු කපුටන් හා රහස් මත
මටම දුකයි යන්නට බෑ කියූ කතා
අලුයම ලූ කෙලපිඩ ලෙස දා ඉවතා
කපුටු කූඩුවට ගිය හැටි මේ කොවුල් සතා
කෝ උඹේ ආත්මය නෑ එය දැමි මරලා
ඔය තියෙන්න නියමෙටම ලියලා
ReplyDeleteදිනෙන් දින වඳවෙන ජාතියක් එක්ක ලගිනාව වෙනුවට
ReplyDeleteයස ඉසුරු ඇතිව කපුටොත් එක්ක වෙසෙන එක
සැපයි කියල හිතුනොත් ප්‍රතිභාපූර්ණ කොවුලෙකුට
සාධාරණයි නේද හිතවත වන්සේ කබල් ගානවට වැඩිය
අනේ මංදා ඉතිං කොවුලෝ රජ වෙන කාලෙට කපුටෝත් කොවුලෝ එක්ක ලගින්ට යාවි ...ඔව්ව දිහා බලාන ඉන්න අපි තමයි හරක් :D
ගිහින් බැලුවමයි තේරුනේ :D :D :D
ReplyDeleteඅපුරුයි
ReplyDeleteවැදගත් යමක් තියෙන්න ඇති..
ReplyDeleteඕකට "පැත්ත" බලන්නේ නැතුව "එකා" බලලා චන්දෙ ඉස්සරහට දෙන්න ඕනි. මොකද පැත්ත ඌ තෝරගන්නවනේ :D
ReplyDeleteනියමයි කවි ටික..දැන් හින්දි උගන්නනේ නැතයි?
ReplyDelete