Thursday 25 July 2013

සාධාරණයි නේද හිතවත වන්සේ කබල් ගානවට වැඩිය













සුමිහිරි ගීතිකා කියන කොවුලන්ට
බිත්තර දාන්න ඇහැකිනම්  කපුටු කූඩුවක
කපුටන්ගේ ආදරණීයම ඇරයුමැ'තිව
යන්න තහනම් ඇයි කපුටු කූඩුවක විසුමට

සුළලිතමය ගීත ගයමින් රැඟුම් රඟනවා මිසක
කොවුල් සනුහරේ එකෙක්වත් හිතන්නෑ හෙටක් ගැන
වල්වැදීගිය පන්සලක්, පැටව් ඉන්න පාසලක් දැක්කම
පියාපතක් දෙකක් දීල උන් සතුටු කලත් එකෙක් ඉඳහිට

කළ සුගතියක් නෑ කොවුල් පරපුරේ පැවැත්මට

දිනෙන් දින වඳවෙන ජාතියක් එක්ක ලගිනාව වෙනුවට
යස ඉසුරු ඇතිව කපුටොත් එක්ක වෙසෙන එක
සැපයි කියල හිතුනොත් ප්‍රතිභාපූර්ණ කොවුලෙකුට
සාධාරණයි නේද හිතවත වන්සේ කබල් ගානවට වැඩිය


සුමිහිරි ගීතිකා කියන කොවුලන්ට
බිත්තර දාන්න ඇහැකිනම්  කපුටු කූඩුවක
කපුටන්ගේ ආදරණීයම ඇරයුමැ'තිව
යන්න තහනම් ඇයි කපුටු කූඩුවක විසුමට

තෙරුනේ නෑ වගේ කියල හිතෙනවනම් මෙතනට ගිහින් බලන්න

8 comments:

  1. සුමිහිරි ගීතිකා කියනා කොවුලන්ට
    කපුටන් විසින් ආරාධන කල කලට
    දමා ඉවත සිටිවිට නෑසුනු ලෙසට
    නායකතැන තුටුවිය නොම ගියැයි දැන

    කලක මෙසේ ගෙවෙමින් ගිය ලෙසට රට
    නායක තැන හඳුනන්නට බැරි විටෙක
    දැන් ඇති සිතා සිටියා මේ තැන නොසැල
    කලේය දෙටු කපුටන් හා රහස් මත

    මටම දුකයි යන්නට බෑ කියූ කතා
    අලුයම ලූ කෙලපිඩ ලෙස දා ඉවතා
    කපුටු කූඩුවට ගිය හැටි මේ කොවුල් සතා
    කෝ උඹේ ආත්මය නෑ එය දැමි මරලා

    ReplyDelete
  2. ඔය තියෙන්න නියමෙටම ලියලා

    ReplyDelete
  3. දිනෙන් දින වඳවෙන ජාතියක් එක්ක ලගිනාව වෙනුවට
    යස ඉසුරු ඇතිව කපුටොත් එක්ක වෙසෙන එක
    සැපයි කියල හිතුනොත් ප්‍රතිභාපූර්ණ කොවුලෙකුට
    සාධාරණයි නේද හිතවත වන්සේ කබල් ගානවට වැඩිය
    අනේ මංදා ඉතිං කොවුලෝ රජ වෙන කාලෙට කපුටෝත් කොවුලෝ එක්ක ලගින්ට යාවි ...ඔව්ව දිහා බලාන ඉන්න අපි තමයි හරක් :D

    ReplyDelete
  4. ගිහින් බැලුවමයි තේරුනේ :D :D :D

    ReplyDelete
  5. වැදගත් යමක් තියෙන්න ඇති..

    ReplyDelete
  6. ඕකට "පැත්ත" බලන්නේ නැතුව "එකා" බලලා චන්දෙ ඉස්සරහට දෙන්න ඕනි. මොකද පැත්ත ඌ තෝරගන්නවනේ :D

    ReplyDelete
  7. නියමයි කවි ටික..දැන් හින්දි උගන්නනේ නැතයි?

    ReplyDelete