"මෙ'විල සරසමි' ( ඡන්ද අයිතිය ඇති අයට පමණයි )
විලට අදිපති නිරිඳු කිඳුරා
මත්ස්‍ය පිරිවර ලඟට කැඳවා
පංච මහ විල් අභිබවාලා
"මෙ'විල සරසමි' කියයි දිවුරා
නෙළුම්, මානෙල්, ඕළු, කෙකටිය දිලෙයි හෙට වැව් දිය සිසාරා
ජපන් ජබරල, පාසි, බෙරලිය හරිමි පලවා විලෙන් සූරා
නීල දියවර දෙබෑකරගෙන වතුරමල් අහසට පියාඹා
හඬනගා පවසාවි අසිරිය ලො'වැසි මින් නෙත් මවිත කරවා
විසිල් ඔල්වර වරල් සද්දෙට විලේ දියකඳ සැලිසැලී
පස් පියුම් අහසින් වැටෙනකන් කුඩමසුන් ඇත පෙළ සැදී
පුරුදු ලෙසටම හෙටත් උන් හැම පාසි ඇල්ගී වළඳතී
කිඳුරු භවනට හැමට රහසින් අනවතප්තෙන් මල් එතී
විලට අදිපති නිරිඳු කිඳුරා
මත්ස්‍ය පිරිවර ලඟට කැඳවා
පංච මහ විල් අභිබවාලා
"මෙ'විල සරසමි' කියයි දිවුරා
පට්ට ඈ
ReplyDeleteනියමායි...!
ReplyDeleteහි හී... මෙන්න කවි. සුපිරියි ඈ..
ReplyDeleteමාලුත් එහෙමයි, ජහමනයොත් එහෙමයි!
ReplyDeleteඅඩේ පස්ටයි.......... :D
ReplyDeleteසුපිරි....පට්ටයි...!
ReplyDeleteඅඩේ සුපිරියි ඈ
ReplyDeleteකාලෙකින් හිතට දැනෙන කවියක් ලියලා
ලස්සනයි මචං...
ReplyDeleteකාලෙකට පස්සේ මීගොඩ මලයගෙන් කවියක් දැන් වැඩිය බ්ලොග් ලියන්නැත්තෙ ලංකාවෙ ඉන්න නිසා වෙන්න ඇති.
ReplyDelete