අපේ කාලේ විශාකාවක්
පපුතුරේ උන් බිළිඳු ඉඳුවර
හඬනු දැක ඉවසන්න බැරි තැන
පැල්පතක උන් විශාකාවක්
බැස්ස රෑ මරදානේ පාරට
සල්ලාල රෑ හුළඟ මොණරකොළ ගෙන පැමිණ
කිතිකවා සියොළඟම අදියි ඇඳ සිටි සාය පහලට
කිරි පිරී රිදුම් දෙන පයෝධර අතින් ගෙන
බවුන් වැඩුවා විශාකවක් සයනයක උඩුකුරුව වැතිරුණ
මිගාර තවම හිරගෙදර දානවා ඇති ගල් බෝර
යායුතුව ඇත වැලිකඩ බතක් බැඳගෙන හෙට පාන්දර
ආරාම පුජා පාරමිතාව හිතේ මුල්ලකට ගුලිකර
කාසි අහුලයි රෑ පුරාවට ජීවිතය කඳුලට උකස්කර
පපුතුරේ හුන් බිළිඳු ඉඳුවර
හඬනු දැක ඉවසන්න බැරි තැන
පැල්පතක උන් විශාකාවක්
බැස්ස රෑ මරදානේ පාරට
මේ වගේ කෙනෙක් ඉන්නවා අපේ ඔෆිස් ක්ලීනින් සර්විස් එකේ.
ReplyDeleteමීගොඩ මලයෝ කවි කමට වූ ඔබේ උපන් හපන්කම සසදන්න ඇත්නම් ඒ රත්නශ්‍රී කිවිදුම තමා. මේ පද වැල් ගීත බවටම හරවන්න වෙර දරන්න. හද පතුළටම වැදුණ නිර්මාණයක්. ස්තුතියි මලයා.
ReplyDeleteSupiri malli.... supirima supiri....
ReplyDeleteමෙහෙම අය අපිට ඉදලා හිටලා තාමත් හමුවෙනවනේ..
ReplyDeleteඅපි අන්න ඒකයි පද්‍යය උඹලා වගේ එවුන්ටම දීලා ගද්‍යයට විතරක් අත ගහන්නේ.
ReplyDeleteමචං මේක කාට හරි කියන්න දියන්...සිරාවටම කියන්නේ..හොඳ මෙලඩියක් දාල ගත්තාම තවත් රහට තියෙයි.
ReplyDeleteමේක ලස්සනයි, ම්ම්ම්, පැතුම් අය්යා කිවා වගේ සිරාවටම මේක අර බිම්සරයටවත් දීලා බැලුවා නම් හරි කාව හරි හොයලා කරවන්න කියලා
ReplyDeletekiyana wadan naha..supiri..
ReplyDeleteJayawewa.
මී ගොඩයාගේ කවිකම ගැන කවර කතාද.... වෙනදා වගේම එල....
ReplyDeleteඛේදාන්තයක්... ඒ වුණත් මක් කරන්නද? තව ටික දවසකින් අනිත් මිනිස්සුන්ටත් මේ ටික නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා, කවිකමත් සුපිරියි සහෝ!
ReplyDeleteලියන්නේ නැද්ද අලුත් මුකුත් ?
ReplyDeleteහොද කවියක්. රසයෙනුත් අර්ථයෙනුත් පිරිලා.
ReplyDelete