පූරුවේ කල පින් මට මදිද මන්දා...

එකම කුලයක එකට අප හුන්
එදා පෙර දවසේ.... සොහොයුරන් වන් වූ
ඒත් අද නුඹ ලොවක් පුද ලද
පිළිරුවකි අභිමන්
නුඹට පුදදෙන දනන් යන එන
පියපෙලක නිති පයටන් පෑගෙන
කලුගලක් වී මා...
අවමාන මැද ජීවිතය ගෙවනා
කිමද අයියණ්ඩී ..මේ නුහුරු අරුමේ
පූරුවේ කල පින් මට මදිද මන්දා...
තිඹිරිගෙය එක ලෙසට සටහන්
එකම කුලයක එකට අප හුන්
එදා පෙර දවසේ.... සොහොයුරන් වන් වූ
****
යකුළු පහරින් තැලී පොඩිවී
යවුල් පහරින් හැඩ වෙවී
නියන පීරෙන් මට සිළිටුවී
අනුරුවක් වී...ලොවට ගරු වූ මා
උපත, පෙරපින් අහඹුවක් වන්වූ
හිතේ සවියෙන් ගතේ විරියෙන් ජීවිතය දිනවූ
අනේ වස්තුවේ.. තේරුම එවහන් ඈ.. ප්‍රයිවට්
ReplyDeleteමටත් එමමය...
Deleteබලන්න එකෙත් හැටි!
ReplyDeleteගලක් වෙතොත් වැඳුම් ලබනා
කුමකටද පා දුහුවිලි පිසිනා.
මට හිතෙන්නෙ එහෙමයි.
ඉතිහාසෙත් එක්කම ගන්න වෙනවා නේද මලයෝ
ReplyDeleteමට නම් හිතෙන්නේ ලොවක් ගරු කරන පිළිමයට ඒ ලැබිල තියන තැන ලැබෙන්නේ නෑ පයට පෑගෙන පියගැට පෙළ නැත්තම්.. ඒත් මේ කවියෙන් තේරෙන විදිහට යටි අරුතක් තියනවා, මට හිතෙන්නේ ඒ පියගැට පෙලට රටා දාලා (සඳකඩ පහනක් වගේ) ගත්තොත් ඒ පියගැට පෙලටම වටිනාකමක් ගන්න බැරි වෙන්නේ නෑ...මං කියන්නේ ඒ උපමාව සැබෑ ජීවිතේදී උපමා කලොත් ජීවිත දෙකකට.
ReplyDeleteමම වැරදියට තේරුම් අරන් නම් මට කියපන් ඈ චැටට සෙට් වුන වෙලාවක
හප්පේ ඉතිහාස පන්තියක් වෙලානේ කොහෙද බං අයියේ හිටියේ ලංකාවට යනවා කිව්වට ආව වග නම් දැන්නුවේ නැහැ.
ReplyDeleteඔබ වඳිනා රිසි දනන්
ReplyDeleteපාතබනා කලු ගලින් නිමැවූ
පිය ගැට පෙලක
එක පිය ගැටයක්
වුවද සැපයකි
හිමියනි !!
ගලට වැඳීම නොවෙයිනේ ගලින් කළ බුදු පිළිමයට වැදීම නොවැ කරන්නේ. මේකත් හරියට සිදුහත් චරිතයට පණ දීපු ගගන් මලික්ට උපාසකම්මලා වැන්දා වගේ තමා :)
ReplyDeleteඅපේ භක්තිය තමයි මුල් වෙන්නේ
ReplyDeleteඅපූරුයි කවි පේලිය...
ReplyDelete//තිඹිරිගෙය එක ලෙසට සටහන්
එකම කුලයක එකට අප හුන්//
උපන්නට පසු වෙනස් ලෙස :/
අපේ ජීවිතත් ඔය වගේමයි නේද? අපිත් එක්ක ඉගෙන ගත්ත සමහරු අද උසස් තැන් වල අපි මධ්‍යස්ත තැන්වල තවත් සමහරු ගරාජ් වල.ඒත් අපි ඔක්කොම "එදා පෙර දවසේ.... සොහොයුරන් වන් වූ'
ReplyDeleteමටත් මේ කවියෙන් කියන්න උත්සාහ කළ දේ වැටහුනේ නෑ. හැබැයි පිංතූරෙත් එක්කම හිතට ආවේ සුනිල් එදිරිසිංහගේ සිංදුව
ReplyDeleteපඩිපෙලක කලුගලක් සහ පිළිමයක් අතර කථාවක් අය්ය තියෙන්නේ.... කළුගල කියනවා එකම කුලයත අපි අයිති උනාට මාව පාගගෙන ඇවිත් ඔයාට මිනිස්සු වඳිනවා.. මොකද්ද මේකට හේතුව කියලා
Deleteඑතකොට පිළිමේ කියනවා.. මම කුළුගෙඩි පහර කාලා, ගල්කටුවලින් අනිද්දි ඉවසලා.. නියනෙන් පිරෙන් ගාද්දි බලාඉඳලා තමා මේ තත්වෙට ආවේ... සාර්ත්කත්වය තියෙන්නේ උපතෙවත් පෙර පින් මතවත් නෙවෙයි.. තමන්ගේ උත්සාහය කැපකිරීම දරා ගැනීම මත
මේක නම් සුපිරි කවි සිතුවිල්ලක්. කවි නැතත් වි සිතිවිල්ලත් සුපිරියි.
ReplyDeleteඑකම කලුගල දෙවිදියක සැලසුම් ලබන හැටි!
ඒකනෙ බං අපිටත් වෙලා තියෙන්නෙ. වැඩ කරන්නෙ එකෙක්.
සැලකුම් ලබන්නෙ තව එකෙක්!
මට නම් මෙලෝ හසරක් නොතේරේ
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅපූරු කවි පෙලක්..ගොඩක් අයට තේරුම් නොයන්න ඇත්තේ අයියා කියන්නෙ මොකද්ද මල්ලී කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි නිසා වෙන්න ඇති..
ReplyDeleteඒත් මල්ලී කියන අන්තිම කෑල්ල නැත්නම් තවත් අපූරුයි කියලා හිතන්න තිබුනා..මොකද කළුගල කැමැත්තෙන් පීරි ගාලා මටසිළුටු වෙන්නෑනේ ඒක කලා කරුවගේ තේරීමක්..
ඇත්තටම මේකනම් මටත් ටිකක් තේරුම් ගන්න බැරි උනා අයියේ..
ReplyDeleteහැබෑටම මේ කතාවේ නික් ඊට වෙනස් කතාවක් තියනවමයි කියලා පේනනෙ මොකද මන්දා ;)
ReplyDeleteලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්
මාර සිරා අදහසක් නෙ මීගොඩයා. ගළකට එහා ගිය කතාවක්. අර ඛයියාම් ගෙ කවියකුත් මේ අදහසට සමාන්තර වෙනවා,
ReplyDelete‘රන් බිජුවට වපුරා නෙළුවෝත්
රන් බිජුවට අපතේ හැරියෝත්
මරණින් පසු එකම පසට හැරෙයි‘
උඹට ජය ! (හිතට ආව ලෙන්ගතු කමට උඹ කිව්වෙ - තරහ අවසර)