Monday 1 April 2013

පූරුවේ කල පින් මට මදිද මන්දා...

තිඹිරිගෙය එක ලෙසට සටහන්
එකම කුලයක එකට අප හුන්
එදා පෙර දවසේ.... සොහොයුරන් වන් වූ

ඒත් අද නුඹ ලොවක් පුද ලද
පිළිරුවකි අභිමන්
නුඹට පුදදෙන දනන් යන එන
පියපෙලක නිති පයටන් පෑගෙන
කලුගලක් වී මා...
අවමාන මැද ජීවිතය ගෙවනා
කිමද අයියණ්ඩී ..මේ නුහුරු අරුමේ
පූරුවේ කල පින් මට මදිද මන්දා...

තිඹිරිගෙය එක ලෙසට සටහන්
එකම කුලයක එකට අප හුන්
එදා පෙර දවසේ.... සොහොයුරන් වන් වූ

****


යකුළු පහරින් තැලී පොඩිවී
යවුල් පහරින් හැඩ වෙවී
නියන පීරෙන් මට සිළිටුවී
අනුරුවක් වී...ලොවට ගරු වූ මා

උපත, පෙරපින් අහඹුවක් වන්වූ
හිතේ සවියෙන් ගතේ විරියෙන් ජීවිතය දිනවූ
 






21 comments:

  1. අනේ වස්තුවේ.. තේරුම එවහන් ඈ.. ප්‍රයිවට්

    ReplyDelete
  2. බලන්න එකෙත් හැටි!

    ගලක් වෙතොත් වැඳුම් ලබනා
    කුමකටද පා දුහුවිලි පිසිනා.

    මට හිතෙන්නෙ එහෙමයි.

    ReplyDelete
  3. ඉතිහාසෙත් එක්කම ගන්න වෙනවා නේද මලයෝ

    ReplyDelete
  4. මට නම් හිතෙන්නේ ලොවක් ගරු කරන පිළිමයට ඒ ලැබිල තියන තැන ලැබෙන්නේ නෑ පයට පෑගෙන පියගැට පෙළ නැත්තම්.. ඒත් මේ කවියෙන් තේරෙන විදිහට යටි අරුතක් තියනවා, මට හිතෙන්නේ ඒ පියගැට පෙලට රටා දාලා (සඳකඩ පහනක් වගේ) ගත්තොත් ඒ පියගැට පෙලටම වටිනාකමක් ගන්න බැරි වෙන්නේ නෑ...මං කියන්නේ ඒ උපමාව සැබෑ ජීවිතේදී උපමා කලොත් ජීවිත දෙකකට.

    මම වැරදියට තේරුම් අරන් නම් මට කියපන් ඈ චැටට සෙට් වුන වෙලාවක

    ReplyDelete
  5. හප්පේ ඉතිහාස පන්තියක් වෙලානේ කොහෙද බං අයියේ හිටියේ ලංකාවට යනවා කිව්වට ආව වග නම් දැන්නුවේ නැහැ.

    ReplyDelete
  6. ඔබ වඳිනා රිසි දනන්
    පාතබනා කලු ගලින් නිමැවූ
    පිය ගැට පෙලක
    එක පිය ගැටයක්
    වුවද සැපයකි
    හිමියනි !!

    ReplyDelete
  7. ගලට වැඳීම නොවෙයිනේ ගලින් කළ බුදු පිළිමයට වැදීම නොවැ කරන්නේ. මේකත් හරියට සිදුහත් චරිතයට පණ දීපු ගගන් මලික්ට උපාසකම්මලා වැන්දා වගේ තමා :)

    ReplyDelete
  8. අපේ භක්තිය තමයි මුල් වෙන්නේ

    ReplyDelete
  9. අපූරුයි කවි පේලිය...

    //තිඹිරිගෙය එක ලෙසට සටහන්
    එකම කුලයක එකට අප හුන්//

    උපන්නට පසු වෙනස් ලෙස :/

    ReplyDelete
  10. අපේ ජීවිතත් ඔය වගේමයි නේද? අපිත් එක්ක ඉගෙන ගත්ත සමහරු අද උසස් තැන් වල අපි මධ්‍යස්ත තැන්වල තවත් සමහරු ගරාජ් වල.ඒත් අපි ඔක්කොම "එදා පෙර දවසේ.... සොහොයුරන් වන් වූ'

    ReplyDelete
  11. මටත් මේ කවියෙන් කියන්න උත්සාහ කළ දේ වැටහුනේ නෑ. හැබැයි පිංතූරෙත් එක්කම හිතට ආවේ සුනිල් එදිරිසිංහගේ සිංදුව

    ReplyDelete
    Replies
    1. පඩිපෙලක කලුගලක් සහ පිළිමයක් අතර කථාවක් අය්ය තියෙන්නේ.... කළුගල කියනවා එකම කුලයත අපි අයිති උනාට මාව පාගගෙන ඇවිත් ඔයාට මිනිස්සු වඳිනවා.. මොකද්ද මේකට හේතුව කියලා

      එතකොට පිළිමේ කියනවා.. මම කුළුගෙඩි පහර කාලා, ගල්කටුවලින් අනිද්දි ඉවසලා.. නියනෙන් පිරෙන් ගාද්දි බලාඉඳලා තමා මේ තත්වෙට ආවේ... සාර්ත්කත්වය තියෙන්නේ උපතෙවත් පෙර පින් මතවත් නෙවෙයි.. තමන්ගේ උත්සාහය කැපකිරීම දරා ගැනීම මත

      Delete
  12. මේක නම් සුපිරි කවි සිතුවිල්ලක්. කවි නැතත් වි සිතිවිල්ලත් සුපිරියි.
    එකම කලුගල දෙවිදියක සැලසුම් ලබන හැටි!
    ඒකනෙ බං අපිටත් වෙලා තියෙන්නෙ. වැඩ කරන්නෙ එකෙක්.
    සැලකුම් ලබන්නෙ තව එකෙක්!

    ReplyDelete
  13. මට නම් මෙලෝ හසරක් නොතේරේ

    ReplyDelete
  14. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. අපූරු කවි පෙලක්..ගොඩක් අයට තේරුම් නොයන්න ඇත්තේ අයියා කියන්නෙ මොකද්ද මල්ලී කියන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි නිසා වෙන්න ඇති..

    ඒත් මල්ලී කියන අන්තිම කෑල්ල නැත්නම් තවත් අපූරුයි කියලා හිතන්න තිබුනා..මොකද කළුගල කැමැත්තෙන් පීරි ගාලා මටසිළුටු වෙන්නෑනේ ඒක කලා කරුවගේ තේරීමක්..

    ReplyDelete
  16. ඇත්තටම මේකනම් මටත් ටිකක් තේරුම් ගන්න බැරි උනා අයියේ..

    ReplyDelete
  17. හැබෑටම මේ කතාවේ නික් ඊට වෙනස් කතාවක් තියනවමයි කියලා පේනනෙ මොකද මන්දා ;)

    ReplyDelete
  18. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  19. මාර සිරා අදහසක් නෙ මීගොඩයා. ගළකට එහා ගිය කතාවක්. අර ඛයියාම් ගෙ කවියකුත් මේ අදහසට සමාන්තර වෙනවා,

    ‘රන් බිජුවට වපුරා නෙළුවෝත්
    රන් බිජුවට අපතේ හැරියෝත්
    මරණින් පසු එකම පසට හැරෙයි‘

    උඹට ජය ! (හිතට ආව ලෙන්ගතු කමට උඹ කිව්වෙ - තරහ අවසර)

    ReplyDelete