හදවිල අකලට පීදුණු පිළිලය
දහසක් තරුනෙත් මොහොතක් රවටා
සුළඟක් රහසක් කියනු නියා
ඇවිළු ගින්නක් හිරු සඳු අළුකර
සත් සමුදුර තෙක් පැතිර ගියා
දෙසිතක් අවුරා මතුවූ කුකුසක්
සෙනෙහස දෙදරා ඉවුරු අරා
දෑඟිළි අතරින් ගිලිහුන බැඳුමන්
හදවත් දුරකට අරන් ගියා
සැකයෙන් විරසක දැවෙනා හදවත්
පිරියම් කරනට සඳුන් උලා
තුරුහිස් අතරින් මේඝලතාවන්
කඳුලක සීතල අරන් ගියා
හදවත අකලට පීදුණු පිළිලය
සැතකින් ගලවා ඉවත හෙලා
කවුළු පියන් හැර නා මල් සුවඳට
ලතවෙන හදවත් හිඳියි බලා
ලස්සනයි කවි ටික නම්..ඒත් විරහවෙ කොයින්ද ලස්සනක් නේද?..ම්....ඒත් වැඩිපුරම කවි,සිංදු ලියවෙන්නේ විරහව ගැන..
ReplyDeleteඔයාගේ පොටෝ කැල්ල දැක්කම හිතෙන්නේ ඔයත් විරහවෙන් කියලම තමා.
Deleteනියම කවි ටික
ReplyDeleteමොකද අයියේ බූට් කවි ලියන්නේ. අර පිල්ලි බූට් එක තිබ්බද?
ReplyDeleteලස්සන නිර්මාණයක්!!
ReplyDeleteado patta ban....me tikema math mood gahala..
ReplyDeletemewa dakiddi awulma yanawa...
thadinma wadinawa machan...
බොලාට ඉතිං විරහව කියන එක දැනෙන්න ඕන ඔය වගේ සුපිරි අදහස් දාලා කවි ලියන්න.. ඕං මං නං ඔය විරහ රසේට හොදටම ලැයික්..
ReplyDeleteමට දැනුනේ "සඳකඩ පහනක කැටයම් ඔපලා"කියන සින්දුව. පද ටිකක් ලඟින් යනවා.
ReplyDeleteයෙප් අර අන්තිම පද පේලි ටික නම් සඳකඩපහණට ගොඩාක්ම සමානයි.. මොකද එකපාරමට මීයා විරහවට බැහැලා ආ...
ReplyDeleteහපෝයි.. කාල නේද සපත්තුවක්..
ReplyDeleteවිරහව ලස්සනට පද වැලක් කරලා ...ලස්සනයි
ReplyDeleteරැඩිකල් උනා කියලා කෑ ගැහුවේ මේ ඊයෙ පෙරේදා නේද?
ReplyDeleteමොකද උනේ...
විරහව!!! මම ආසම ^_^
ReplyDeleteලස්සන කවි ටික අයියෙ. පළවෙනි කවියට වැඩියෙන්ම ආසයි!!!
හදට දැනෙන මිහිරක්.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
වෙනද වගේම ගොඩක් රසවින්දා. ජය වේවා මී අයියෙ.
ReplyDelete“ඇවිළු ගින්නක් හිරු සඳු අළුකර
ReplyDeleteසත් සමුදුර තෙක් පැතිර ගියා“
අනේ මන්ද අප්ප ඔයානම් මාරයි........
වි රහවට ගහන්න තරම් මේ ලෝකෙ වෙන කිසිම රහක් නෑ.......
ඒතරම් රහයි.......කන්න කන්න ආසයි.......
මේක කියවද්දි මට මතක් උනේ සුනිල් එදිරිසිංහගේ සිංදුවක්..
ReplyDeleteමේක රයිම් වෙන්නෙත් ඒ වගේ...
සිංදුවක් වගේ... එත් මට පැහැදිලිඋනේ එහෙන් මෙහෙන් පෙළි දෙකක් තුනක් විතරනේ මී අයියේ ;(
ReplyDeleteමී මලේ නියමයි...සැකය තමා හෙනේට හිටින්නේ කාගෙත්
ReplyDeleteඔක්කොටම වඩා විරහව හොදට රසවිදින්න පුළුවන්. ඒ නිසා වෙන්නැති වැඩිපුර විරහව ගැනම කවි සිංදු ලිය වුනේ......
ReplyDeleteඅනික සැකය ආවොත් නම් ඉතිං අයේ කතා දෙකක් නෑ.... ඔක්කොම අවුල් තමා....
නියමයි.. සඳ කඩ පහනක සින්දුවට සමානයි වගේ නේද.
ReplyDeleteඅපි පතමු, හඳවිල අකලට පමණක් නොවේ කොහේත්ම පිළිලයක් බෝ නොවන්න කියා.
ReplyDeleteමේකටනම් තාලයක් දාලා ගන්න පුළුවන් එකක් මී අයියේ.. සදකඩ පහනක සිංදුවේ තාලෙට සමාන කරලා ලිවුවද කියලත් හිතුනා හැබැයි..
ReplyDeleteමොනව වුනත් මේවා කවි නෙවේ ගිත පද රචනා වලට සමිපයි. ගායනාකරන්න පුළුවන් පහසුවෙන්ම.
ReplyDeleteබූට් එකක රහ බැලුවද බොලං....
ReplyDeleteසපත්තුවක් කාලා නේද?? O.o
ReplyDeleteLassanai,matat mula idanma danune sadhakada pahanaka geethaye thaalayatama samana bawai...
ReplyDelete