මෙන්න බෙහෙත්...කැස්සට කොස් ඇට..
ඔන්න මීගොඩයට හිතුනා කවි කතන්දර ( වගේ එව්ව ) ලියන එක පැත්තකින් තියල පොඩි අත් බෙහෙත් දෙකක් කියල දෙන්න
හුහ් ඔන්න් එහෙනම් මීගොඩයා වෙදකමටත් අතගැහුවා.... මහවෙදනා මාමා එහෙම මාත් එක්ක අමනාප වෙනව නෙවෙයි ඕං
මේ කියන්න යන්නේ මීගොඩයට හැදිච්ච ලෙඩට අත් බෙහෙත් වලින් ගොඩ ගිය හැටි
හුහ් ඔන්න් එහෙනම් මීගොඩයා වෙදකමටත් අතගැහුවා.... මහවෙදනා මාමා එහෙම මාත් එක්ක අමනාප වෙනව නෙවෙයි ඕං
මේ කියන්න යන්නේ මීගොඩයට හැදිච්ච ලෙඩට අත් බෙහෙත් වලින් ගොඩ ගිය හැටි
කොයි කාරුත් දන්නවනේ මීගොඩය ඉන්න ඩුබායි රටේ මේ කාලේ තරමක් සීත දේෂගුණයක් තියෙන්නේ.. මේ කාලේට ඉතින් උණ හෙම්බිරිස්සාව වගේ ලෙඩ හැම තැනම... හැදුනේ නැතෑ මීගොඩයටත් කැස්සක්, කබල් බෙරේ ගහනවා වගේ රෑ එළිවෙනකන් මීගොඩයා කහිනවා.. මුලින්ම ගත්ත ෆාමසියෙන් කෝෆ් ශිරප් එකක්... මෙහේ නර්සින් හෝම් එකකට ගිහින් බෙහෙතක් ගන්නව කියන්නේ ගෙවල් ඉඩන් උකස් තියන්න වෙන වැඩක්.. හුඟාක් අයට මෙඩිකල් තිබ්බත් මං මීගොඩයට ඒකත් නෑ.. ඉතින් ලෙඩක් හැදුනහම මුලින් කරන්නේ ෆමසියෙන් ඔය මොකක් හරි බෙහෙතක් බීල ගොඩ දාගන්න බලන එක... ඒත් මේ පාර වැඩේ ගොඩ දාගන්න බැරි උනා.. ඔන්න ඉතින් සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව ගිහින් නර්සින්ග් හෝම් එකේ දොස්තර අන්කල් කෙනෙකුට ලෙඩේ කිව්ව.. එයත් ටෝච් එක එහෙම අරගෙන මගේ කට ඇතුලටම රින්ගලා බලල ඒ පැත්ත මේ පැත්ත හරව හරව අර නලාව තියල බෙහෙත් අහුරකුයි පැණියකුයි දුන්නා.. ඉතින් ලංකාවෙනම් නවලෝකේ නැවතිලා දවස් තුනක් විතර බෙහෙත් ගන්න පුළුවන් තරම් ගානක් අදාල තැන් වලට ගෙවලා බෙහෙත් ටික බොන්න පටන් ගත්ත.. හප්පේ ඒ ටික බිව්වහම අයේ බත්කන්න බඩේ ඉඩ නෑ.. පෙති කරල් අහුරක් තියනවා... කොහොමින් කොහොම හරි බෙහෙත් ඉවර වෙද්දී යන්තම් අඩු උනත් ලෙඩේ නිට්ටාවට සුව නෑ... මේ අතරේ මීගොඩයගේ යාළුවෙක්ගේ යාළු දොස්තර කෙනෙක් අත් බෙහෙතක් කිව්වා.. ඒ බෙහෙත තමා ඔයාලත් එක්ක මේ බෙදාගන්නේ..
අවශ්‍ය ද්‍රව්‍ය...
ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවක්
පිරිසිදු තල් සූකිරි මිටක්.. ( මේස හැන්දි 5 ක් පමණ )
කහ ස්වල්පයක්
ෆ්‍රෙෂ් මිල්ක් වීදුරුවක්
පිරිසිදු තල් සූකිරි මිටක්.. ( මේස හැන්දි 5 ක් පමණ )
කහ ස්වල්පයක්
පිළියෙල කරගන්නා අයුරු
භාජනයක් ලිපේ තියලා වතුර චූට්ටක් තියල වතුර නටාගෙන එද්දී තල් සූකිරි ටික එකතු කරන්න.. කෙලින්ම තල් සූකිරි කිරි වලට එකතු කලාට දිය වෙන්නේ නැති හින්දා තමයි වතුරෙන් දියකරගන්නේ... ඊට පස්සේ කිරි ටික එකතු කරලා කහ බොගොම ස්වල්පයල් එකතු කරලා.. හැඳි ගගා කිරි නටනකන් රත්කරගන්න ...
දැන් ලිපෙන් බාල උනු උනුවෙම බොන්න..
ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට එළු කිරි හොයාගන්න පුළුවන් නම් හුඟාක් හොඳ වෙයි මොකද එළු කිරි එල කිරි වලට වඩා සෙමට හොඳයි.. සමහරු කියනවා එල කිරි සෙමට හොඳ නෑ කියලා ඒත් මම ගත්තේ කඩේ විකුනන්න තියන ෆ්‍රෙෂ් මිල්ක් ...
ඊලඟට මේකට ඉඟුරු කෑල්ලක් තලල දැම්මොත් තවත් හොඳ වෙයි...
භාජනයක් ලිපේ තියලා වතුර චූට්ටක් තියල වතුර නටාගෙන එද්දී තල් සූකිරි ටික එකතු කරන්න.. කෙලින්ම තල් සූකිරි කිරි වලට එකතු කලාට දිය වෙන්නේ නැති හින්දා තමයි වතුරෙන් දියකරගන්නේ... ඊට පස්සේ කිරි ටික එකතු කරලා කහ බොගොම ස්වල්පයල් එකතු කරලා.. හැඳි ගගා කිරි නටනකන් රත්කරගන්න ...
දැන් ලිපෙන් බාල උනු උනුවෙම බොන්න..
ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට එළු කිරි හොයාගන්න පුළුවන් නම් හුඟාක් හොඳ වෙයි මොකද එළු කිරි එල කිරි වලට වඩා සෙමට හොඳයි.. සමහරු කියනවා එල කිරි සෙමට හොඳ නෑ කියලා ඒත් මම ගත්තේ කඩේ විකුනන්න තියන ෆ්‍රෙෂ් මිල්ක් ...
ඊලඟට මේකට ඉඟුරු කෑල්ලක් තලල දැම්මොත් තවත් හොඳ වෙයි...
මීගොඩයා ඉස්සර ඉදම්ම දුක් විඳපු ලෙඩක් තමා අමාශප්‍රදාහය කියන්නේ... ඔයාලට මේ ලෙඩේ හැදිල නැද්ද.... ආ මේකේ සිංහල නම තමා ගැස්ට්‍රයිටීස්... හප්පේ මේකේ අමාරුවනම් හුඟාක් අය දන්නවා ඇති නේ...
මීගොඩයා කොහොමටත් ඩයිජීන් බෝතල් බර ගානක් බොන්න ඇති.. පෙතිත් බරගානක් කන්න අති,, ඒකට හොඳවෙන්නේ නැති තැන ඔමෙප්‍රසෝල් කියන කැප්සූල් කාඩුත් සෑහෙන්න ඉවර කරන්න ඇති.. පස්සෙ ඉතින් බඩට් කැමරාවක් එහෙම දාලා (බුදු අම්මෝ....) බඩේ ෆොටෝ අරන් බෙහෙත් කරලත් හොඳ උනේ නෑ..( බඩවැල් ටික ලස්සනට හිනාවෙලා හිටියා ඈ )
මීගොඩයා කොහොමටත් ඩයිජීන් බෝතල් බර ගානක් බොන්න ඇති.. පෙතිත් බරගානක් කන්න අති,, ඒකට හොඳවෙන්නේ නැති තැන ඔමෙප්‍රසෝල් කියන කැප්සූල් කාඩුත් සෑහෙන්න ඉවර කරන්න ඇති.. පස්සෙ ඉතින් බඩට් කැමරාවක් එහෙම දාලා (බුදු අම්මෝ....) බඩේ ෆොටෝ අරන් බෙහෙත් කරලත් හොඳ උනේ නෑ..( බඩවැල් ටික ලස්සනට හිනාවෙලා හිටියා ඈ )
![]() |
ගූගල් එකෙන් ගත්තෙ.. මගේ එව්ව නෙවෙයි |
පස්සෙ කවුරු හරි කියල .. (එක්කෙනෙක් නෙවෙයි කීප දෙනෙක් කියපු හින්දා ).. මීගොඩයා කිතුල් පිටි කැඳ සහ කුරක්කන් කැඳ බිව්වා.. ඒකත් මේ ලෙඩේට දිව්‍ය ඖසධයක්.... සතියකට දෙපාරක් තුන්පාරක් උදේට බොනවනම් හැදෙන්නේම නෑ,,
තව දෙයක්.. සමහරු කියනවා යෝගට් කෑවහම ගෑස්ට්‍රයිටීස් අඩුවෙනවා කියලා.. ඔව් මටත් කාපු ගමන් සහනයක් තියනවා.. ඒත් ටික වෙලා ගිහාම තිබ්බවගේ දෙගුනයක් වෙලා ඇඹුල් රසට උගුරත් පිච්චෙන තරම් දැවිල්ලට උගුරට එනවා... මං හිතන්නේ කිරි බඩේදී ඇමයිනෝ අම්ල ( හරිද මන්දා .. දොස්තරලත් මේ පැත්තේ එන හින්දා වැරදිනම් හදන්නේ නැතෑ ) හදන හිනදා වෙන්න ඇති... මමනම් බඩ දැවිල්ල දැනීගෙන එනකොට පුළුවන් තරම් ඉක්මනට බඩ පිරෙන්න බත් ටිකක් කනවා මිසක් කිරි අහාරනම් ගන්න යන්නේ නෑ...
ඒ හින්දද මන්දා මට ටිකා....ක් වැඩිපුර කන්න පුළුවන්.... ඉතින් වේලකට බත් පිගන් දෙක විතර කාලා කට දැවිල්ලට පාන්ගෙඩියක් විතර උනත් ලොකු දෙයක් නෙවෙයි.. ඒ හිදමද මන්දා මේ යාළුවො ටික කියන්නේ මීගොඩයගේ අමාශේ නෑ.. කනවා රෙනවා.. ඉතින් කොච්චරවත් මූට කන්න ඕනේ කියලා ...
ආ කිතුල් පිටි කැඳ හදන විදිය මම ලිව්වෙ නෑ කවුරුත් දන්නවනේ .... දන්නේ නැත්තම් සින්හලෙන් ගූගල් කලහම ඕන තරම් එයි මෙතනට ගියත් බඩු තියෙනවා අපිනම් ඉතින් මේකේ තියන ඔක්කොම ජාති කැරට් ලීස් වගේ එව්ව දැම්මෙ නෑ
ඔන්න ඉතින් කතන්දරේ අවසන්.... මෙව්වගේ විද්‍යාත්මක කරුණු හරි ක්‍රියාකරීත්වය හරි පැහැදිළිකරන්න මං මීගොඩයා දන්නේ නෑ.. ඉලක්කන් අස්සෙ හිරවෙච්ච රස්සාවක කරන මට කියන්න තියෙන්නේ.. මේ ක්‍රම දෙකෙන්ම මම 100% සාර්තක ප්‍රථිපල තිබ්බ කියලා.... කවුරු හරි විශයට අදාල වෙද මහත්තයෙක් වෙද හාමිනේ කෙනෙක්.. ඩොක්ටර් කෙනෙක් ලේඩි ඩොක්ටර් කෙනෙක් මේ ලිපිය දැක්කොත් .. අඩු පාඩු තිබ්බොත් කියන්න... වහාම හරිගස්සනවා.. මොකද බරපතල කාරනයක් වෙන්නත් පුළුවන්නේ
මහ වෙදාටත් කෙලින්නයි මී මලයා මේ ලේස්ති වෙන්නේ.... ඒත් කමක් නෑ බලමු මේ බේත මතක තියා ගත්තා.
ReplyDeleteබලමු බලමු
ReplyDeleteමීයෝ ....මටත් ගෑස් බොල,මේ වැඩේ කොරල ගොඩයන්න පුළුවන් නේද????පින් හොදේ...
ReplyDeleteසතියට දෙපාරක් විතර ඈ... වැඩිය හොඳ නෑ
Delete:) :) කවදා හරි ප්‍රෙයාජනයක් වෙයිනේද මී මල්ලි ;) එහෙමනම් මතක තියා ගත්තා ඔන් ඈ
ReplyDeleteදෙයියනේ. දැම්ම කව්රුවත් මේවා අත්හදා බලන්න යන්න එපා. කවුරුහරි වෙදෙක් කියනකං ඉන්න එක හොඳා. කවුද දන්නේ මුගේ ආමාශය හැලුනේ මේවා බීලද කියල. අද කාලේ බත් පැකට් දෙකකටයි පාන් ගෙදියකටයි අඩුම ගානේ 260ක් යනවා.
ReplyDeleteහික්ස්ස් ගෑස් හින්දා තමා සීන් එක තියෙන්නෙ.. කන එව්ව දාලා පිච්චිලා යනවා.. කොච්චර කෑවත් මන් බටේ වගේ,, අනුමත කරන්න තරන් දෙයක් නෑනේ මේ උදේ හවා කන බොන එව්ව නේ අරන් තියෙන්නේ
Deleteකැස්සට බේත නම් හරි තමයි... තල් සූකිරි කොහොමත් කැස්සට හොඳයිනේ.. අනිත් එක නම් දන් නැ.. මට ඔය ලෙඩේ නෑ.. ඇතිවෙන්න බඩගින්නේ ඉන්න පුළුවන්.. හි හි
ReplyDeleteගොඩක් ලෙඩ වලට ස්වභාවික බෙහෙත් වලින් ගුණයක් හම්බ වෙනවා. ඒවා ඇඟට අගුනෙකුත් නැහැනේ. තල සුකිරි කැස්සට හොඳයි තමයි. ඒත් ඔහොම හදල නම් බීලම නෑ. බලන්න ඕන ට්‍රයි එකක් දාල.
ReplyDeleteහ්ම්ම් හ්ම්ම්... බොහොම ස්තුතියි මී ගොඩ වෙද මහත්තයෝ!
ReplyDeleteලෙඩ නෑ බං ..........අපි නිරෝගී ........ චන්ඩීඩීඩීඩීඩීඩී... බන්ඩි
ReplyDeleteO.o අනතුරුදායකයි අත්හදා බැලීමෙන් වළකින්න කියලා මගේ හිත කිව්වා..
ReplyDeleteඋදේ හවස කන බොන ජාති බොල අරන් තියෙන්නේ ..භය නැතුව අත් හදා බල
Deleteඔබට නොනවතින කැස්සද, එසේත් නැතිනම් ආමාශ ප්‍රදාහයද ? එසේ නම් අදම මීගොඩ වෙද මහත්තයා හමුවන්න. මීගොඩ වෙද මහත්තයා කළ වෙදකමක් වැරදී නැහැ... [මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි :P]
ReplyDeleteමම හසිතව නිල ප්‍රචාරක සහකරු තනතුරට පත් කරනවා
Deleteසනීප වෙයිදෝ
ReplyDeleteඅත්දුටුයි ප්‍රත්‍යක්ෂයි
Deleteමීගොඩ වෙදාගේ වැඩක්..
ReplyDeleteබෙහෙත් පාවිච්චි කිරීමට පෙර සතුරෙකුට බීමට දෙන්න....
ඕවා කොහොමද බං ඔය රටවලදී හොයන්නේ..
ReplyDeleteමෙහෙනම් තියනවා බං.... ඩුබායි කිව්වට මෙහෙ බලන බලන තැන් ඉන්නේ මලයෝ... උන් ඉතින් මෙව්වා ගෙන්නනවා
Deleteමලයෝ කිවුවේ මලයාලම් කාරයෝද?
Deleteමලබාරි බං.... මලයාලම් කියන්නේ උන්ගේ භෂාව
Deleteඇත්තට කොහොමද බන් තල් සූකිරි හොයාගන්නේ ඔහෙදි
ReplyDeleteඅඩේ එලනේ ඈ...
ReplyDeleteමීයාගාව මරු මරු අත්බෙහෙත්නේ තියෙන්නේ අෆ්ෆා.. අත්බෙහෙත්වල ක්‍රියාකාරිත්වය ගැන නම් එච්ච්රම අදහසක් නෑ.. සමහරවිට හරි යන්නත් පුළුවන්. ගැස්ටයිටිස් වලට බෙහෙත් වලට අමතරව කෑමෙනුත් පොඩ්ඩක් පරිස්සම් වෙලා වැඩිපුර තෙල් මිරිස් දාපු කෑම කන එක අඩු කරනවා නම් හොඳයි. වෙලාවට කෑම වේල් ගන්න එකත් වැදගත්. (මම පොර ටෝක්ස් දුන්නට මටත් ඕක තියනවා බං. අපිට කොහෙන්ද වෙලාවට කෑමක්. මමත් ඔය එක එක 'ප්‍රසෝල්' බෙහෙත් කන්ටේනරයක් විතර තියං ඉන්නෙ)
ReplyDeleteගැස්ටයිටිස් එක්කම යන තව ලෙඩක් තියනවා GORD (gastro oesophageal reflux disease) කියලා.. මේක නිසා ඔය කිව්ව ඉහලට එන ගතියක් එන්න පුලූවන්.. සමහරවිට ඒකෙනුත් කැස්සක් එන්න පුළුවන් විශේෂයෙන් හාන්සි වුනාම... වෙලාවක මී බෙහෙත් ටිකකුත් ට්‍රයි කරන්න වටිනවා.. ඒත් පොඩි කොස්සක් තියනවා.. ඉතින් අපිට කවුද කිතුල් පිටි කැඳ හදලා දෙන්න ඉන්නේ
හම්මෝ.. මේ කොමෙන්ටුවට තමා භයේ හිටියේ,...... සිදුව දැන් එන්නෙ නැති හින්දා පොඩ්ඩක් ශේප්...... බුදු අම්මෝ.. යන්තම් අවුලක් නැතුව බේරිලා
Deleteතොටියා සහ මීයා..මට පොඩි ප්‍රස්නයක් තිබේ. අමාශයේ ඇමයිනෝ අම්ල හැදෙන්නේ නෑ නේද? ඒක හැදෙන්නේ අර කුඩා අන්ත්‍රයද මොකේද ඇතුලේ නේද? ඔය උගුරට එන්නේ ලැක්ටික්+හයිඩ්රොක්ලොරික් වෙන්න ඇති මගෙ හිතේ. ??
Deleteඅනේ මීට අවුරුදු 13කට විතර කලින් ස/පෙ ට ඉගෙන ගත්තට පස්සෙ මෙව්ව ඉගෙන ගත්තේ නෑ.. යන්තම් මතක විදියට ලිව්වේ....
Deleteතොටියෝ මාව බේර ගනියෝ සයුරි මාව ගිලගන්න හදනෝ
ඔන්න ටිකක් දිග උත්තරයක් සරලවම දාන්නම්.. ප්‍රෝටීන ජීරණය ආරම්භ වන්නේ ආමාශයේ. මේක සිදු කරන්නේ පෙප්සීන් එන්සයිමයෙන්.ඒකෙන් වෙන්නේ ප්‍රෝටීන කුඩා කොටස් වලට කඩන එක. දැන් ඔය කිව්ව පෙප්පීන් ගත්තාම ඒකෙත් පොඩි සීන් එකක් තියනවා. පෙප්පීන් ආමාශයට ස්‍රාවය වෙන්නේ අක්‍රීය පූර්ව එන්සයිමයක් (proenzymes) හැටියට. දැන් ඔය සයුරිලගෙ සොෆ්ට්වෙයාර්ස් වලට වගේ මේකත් ඇක්ටිවේට් කර ගන්න ඕන අදාල වැඩේ කරගන්න නම්.ඇක්ටිවේෂන් කී එක තමා ආමාශයේ HCl. HCl වලින් තවත් වැදගත් වැඩක් වෙනවා. ඒ තමා ඔය කිව්ව පෙප්සීන් ප්‍රශස්ථව වැඩ කරන්න ඕන කරන ආම්ලික මාධ්‍යය හදන එක. ඔයා විස්වාස කරන එකක් නෑ ආමාශයේ pH අගය 3.0 වඩා පහල යනවා කිව්වොත්.
Deleteදැන් ප්‍රෝටීන හැදිලා තියෙන හැටි ගැන පොඩ්ඩක් කියමුකෝ. ඇමයිනෝ අම්ල එකට එකතුවෙලා පෙප්ටයිඩ් බන්ධන හදාගෙන ඇතිවෙන දිගු පොලිපෙප්ටයිඩ් චේන් කීපයක් එකතු වෙලා ආයේ බන්ධන වෙලා තමා ප්‍රෝටීනයක් හැදෙන්නේ.ඒ නිසා ඒක එකපාරටම පටස් ගාලා ඇමයිනෝ අම්ල කරන්න අමාරුයි . ඒ නිසා මුල් පියවරක් විදියට අර කිව්ව පෙප්සීන් වලින් ඔය කිව්ව බන්ධන වලින් කොටසක් කඩලා කුඩා පොලිපෙප්ටයිඩ් කරනවා. ඉතිරි ජීර්ණය වෙන්නේ අර සයුරි කිව්වාත් වගේ කුඩා අන්ත්රයේදී තමා. ඒකට උපකාරී වෙන්නේ අග්න්‍යාශයෙන් සහ ආන්ත්‍රික බිත්තියෙන් ස්‍රාවය වෙන proteolytic එන්සයිම.ආමාශයේ තියෙනවා තව රෙනින් කියලා එන්සයිමයක්. ඒකෙන් වෙන්නේ කිරි කැටිගැහෙන එකට. කුඩා ළදරුවන්ට තමා මේක ගොඩාක් වැදගත් . ඒකත් ප්‍රෝටීන ජීර්ණය පහසු කරනවා..
ඇඹුල් රසට පිච්චීගෙන ඉහලට එන එක වෙන්නේ ගලනාලය ආමාශයට වැටෙන තැනින් වෙන කපාටයක කෘත්‍යය පොඩ්ඩ්ඩක් අවුල් ගියාම තමා. බඩට කෑම වැටුනම HCl ස්‍රාවය වැඩියෙන් වෙන්න ගන්නවා.(ඇයි ඒකනේ මම කිව්ව ඇක්ටිවේෂන් කී එක) එතකොට ආමාශයේ pH එක අඩු වෙනවා හෙවත් ආම්ලික වෙනවා (අර කිව්වා වගේ pH 3 වඩා වුනත් පහල යන්න පුලූවන්). ඉතින් ඔය කිව්ව ඇසිඩ් අපේ කෑමයි වතුරයි එක්ක
මිශ්‍ර වෙලා හැදෙන මික්චර් එක පොඩ්ඩක් උඩට ආවොත් මොනවා දැනෙයිද?
ඒ අනුව අර මීයා කිව්ව කිරි බඩේදී ඇමයිනෝ අම්ල හදන කතාවට තව ඒවා එකතු වෙන්න ඕන. මම ඒක දැකලත් නිකං හිටියේ ඕකට තව ලොකු රචනාවක්(ගොඩාක් අයට නොතේරෙන) දාන්න වෙන හින්දා. අනික මීයාගේ පෝස්ට් එකෙන් කියන්න හදපු එකට ඔය චූටි කෑල්ලෙන ලොකු බලපෑමකුත් නෑනෙ.. මේ වැල්වටාරං පෝස්ට් එකක දාන්න ගියාම ඒක නීරස වෙන්නත් පුලුවන් නිසා තමා ඒගැන නොකිව්වෙ.. සයුරි අහපු නිසා ඔන්න කිව්වා එහෙනං.. තව විස්තර එකතු කරන්න කැමති අය ඒවත් එකතු කරන්න. ඊයේ ටිකක් බිසී වුන නිසා පරක්කු වුනා රිප්ලයි එක දාන්න
සිඳු නැතුවට සෙල්ලං නෑ මීයෝ. මේ ඉන්නෙ අපේ ටීචර්... දුටු තැන ගේම ඉල්ලලා. හැක් හැක්. ටීචර් ඉන්ජියක් වෙලත් ඉතිහාසෙට අමතරව කොහෙන්හරි බයෝ පාඩමත් ලෙසටම කියවලා ඉඳලා තියෙන්නේ. නියමයි සයුරියෝ.... (y)
Deleteහම්මෝ.. අය්යට පිං මාව බේරගත්තට
Deleteහයියෝ ඉතින් මං දැනගන්නනේ ඇහුවේ..හිහි :) උත්තරේනම් නියමයි තොටිය අයියේ. මට දිරෝගන්න ටිකක් අමාරුයි හැබැයි. බොහොම තැන්කූ කියල දුන්නට.
Delete//ඔයා විස්වාස කරන එකක් නෑ ආමාශයේ pH අගය 3.0 වඩා පහල යනවා කිව්වොත්.//
අප්පේ මටනම් විස්වාසයි. බඩ පිච්චෙන්නේ නැතුව විතරයි. :)) ඔය දොස්තරලට බැරිද හැබෑට නිට්ටාවට බේතක් හොයල දෙන්න. :( මීයා වෙද මහත්තයාගේ බේතවත් බීල බලමුකෝ.
ඔය කිව්ව කැස්සට වළඟසාල් කබලේ බැදලා කුඩු කරලා මී පැණියෙන් අනලා ගුලි හදලා නිකං ඉන්න ගමන් හප හප ඉන්න එකත් හොදයි...
ReplyDeleteඅර ගැස් කතාවට යෝගට් අප්සෙට් කතාවනං ඇත්තම තමා... යෝගට් එවෙලෙට සහනයක් දුන්නට ටික වෙලාවකින් කිරි ඇඹුල අල්ලද්දි මලානං හොදා කියලා හිතෙනවා... ගෑස්වලට හොදම දේ තමා උදේම බත් ටිකක් කන එක.. බඩගින්න කර මුලට ගහනකල් නොයිද උදේට ඔය පිටි කිරි නොබී එක එලෝලුවක් එක්ක හරි කන්න බත් ටිකක්... ටික දවසක් යද්දී සම්පූර්ණ සුවය...
කිතුල් පිටි කැඳ නිතර ගැහුවොත් සෙම වැඩිවෙනවා...
හම්මේ.. මාරය අය්යත් මෙහාට වැඩම කොරලා.....වළඟසාල් කියන්නේ මොනවද අය්යේ......
Deleteදැන් ඉතින් හොයපන්කෝ තල් සූකිරි.
ReplyDeleteමටත් ඔය ආමාශ ප්‍රදාහය තියනවා. ඒකට තව හොඳ බේතක් දැක්කා මහා වේදනගේ බ්ලොග් එකේ. දිය බත් ගැන. මම ඒක ටික දවසක් කරලත් බැලුවා. වැඩ කරනවා වගේ. ඒක අතරමැද නැවතුනා කැස්සක් හැදුන නිසා. තාම ඉවර නෑ කැස්ස. :(
ඉන්දියන් කඩ නැද්ද.... මෙහෙනම් ඉන්දියන් කඩ වල තියනවා
Deleteඔය ගැස්ට්‍රයිටිස් වලට හොඳ නැතිම දේ තමයි කිරි ! ගොඩ වෙදෝ !!
ReplyDeleteඔව් අෆ්ෆා.. මාරය අය්ය කියන්න වගේ.. කිරි කෑවට හරි බිව්වට හරි පස්සේ එන දැවිල්ලට හිතෙන්නේ මැරෙන එක සැපැයි කියලා...
Deleteකොහෙද අපේ සමහර වාහේලා ඉතින් පොර ටෝක් දෙනවා.. ගෑස් අල්ලා ඉන්න වෙලාවට යෝගට් ගෙනැත් දෙනවා... ඔය සීන් එක කිව්වහම පොර ටෝක් දෙනවා.. ඒ වෙලාවට ඉතින් මොනව කරන්නද.. මේ ගෑස්ම නෙවෙයි බන්.. වෙන මොකක් හරි අවුලක් යෝගට් කෑවහම වැඩිවෙනවා කියල මාරු වෙනවා
http://network.nature.com/groups/skepticism/forum/topics/640
ReplyDeleteඋදේට වතුර බොන ජපන් ප්‍රතිකාරයක් . බයිපාස් සත්කමකුත් කරලා තරුණ කාලේ ඉඳන්ම ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් බිබී උන්න මගේ මාමණ්ඩි ඔන්න ඔය විදිහට උදේට වතුර බිලා දැන් ගැස්ට්‍රයිටිස් වලට බෙහෙත් අවශ්‍යම නැහැ . .හානියකුත් නැති නිසා කරලා බලන්න . එයා නම් බොන්නේ මද රස්නෙන් .
METHOD OF TREATMENT
Delete1. As you wake up in the morning before brushing teeth, drink 4 × 160ml glasses of water
2. Brush and clean the mouth but do not eat or drink anything for 45 minutes
3. After 45 minutes you may eat and drink as normal.
4. After 15 minutes of breakfast, lunch and dinner do not eat or drink anything for 2 hours – ie you can drink straight after a meal (within the first 15 minutes) but not for 2 hours after that.
5. Those who are old or sick and are unable to drink 4 glasses of water at the beginning may commence by taking little water and gradually increase it to 4 glasses per day.
6. The above method of treatment will cure diseases of the sick and others can enjoy a healthy life .
The following list gives the number of days of treatment required to cure/control/ reduce main diseases:
1. High Blood Pressure – 30 days
2. Gastric – 10 days
3. Diabetes – 30 days
4. Constipation – 10 days
5. Cancer – 180 days
6. TB – 90 days
7. Arthritic patients should follow the above treatment for only 3 days in the 1st week, and from 2nd week onwards – daily.
බොහොම ස්තුතියි බින්දි අක්කා...... අවුල තියෙන්නේ මේ වතුර බීලදත් මදින එක.. පරක්කු වෙන හින්ද දඩ බඩ ගල මෙව්ව කරන හින්දා.. වතුර බීලනම් දත් මදින්න බෑ.. ආපහු එළියට එනවා... දත් මැදලවත් බොන්න ඕනේ
ආමාශප්‍රදාහයට ගන්න බෙහෙත් වලට සීතල ගතියක් එනව. ඒකයි සෙම වැඩිවෙලා කැස්ස එහෙම හැදෙන්නෙ.
ReplyDeleteමමත් අහල තියෙන හොඳම බෙහෙත තමා දිය බත් හැබැයි කන එක තමා අමාරු.
තව කෝමාරිකා පෙත්තෙ බඩය සූරල සීනිත් එක්ක බ්ලෙන්ඩර් කරන රාත්‍රියට ශීතකරනයේ දාල තියල උදේ පාන්දර බොන්න ඕන පීරිසි කෝප්ප බාගයක් විතර.ඒකත් ඉතිං සීතලයි.
සමහර වියලි කැස්සට නම්..අපේ පැත්තෙ තියෙනව රෝස මුරුන්ගා කියක කුඩා ගසක් ඒවයෙ කොල පොල් දාල මැල්ලුම් හදල දවසක් ඇර දවසක් සතියක් කනකොට ගුනයි.
පැහැදිළි විස්තරයක් ලියපන්කෝ මේ ගැන පොටෝ එහෙම දාලා
Deleteමී.. උඹ කියන්නෙ රෝසකොල මැල්ලුම ගැනද..කෝමාරිකා ගැනද...දාන්න පුලුවනි..මම හිතුවෙ නෑ එච්චර වැදගත් කියල...
Deleteදාන්නම්.
කැෂ්ෂට හොද නැත්ද බං කොස් ඇට... හික්... නෑ බං ඔය බෙහෙත හරි.. අපි නිකං තල් සුකිරි කනවා කැස්සට ඒ කාලේ...
ReplyDeleteතල් සුකිරි ඇඹුල් දොඩම් යුෂ එක්ක කකාරවල ටික ටික බිවහමත් හුටස් ගාලා කැස්ස සනිපවෙනවා.
ReplyDeleteමං තුමාටත් ඔය ගැස්ට්‍රයිටිස් කියම මල උලුව්ව හැදිලා අවුරුදු බර ගානක් බෙහෙත් කොලා. හරිගියේ නැහැ. අන්තිමට වීරගුල හිටපු සිංහල වේද මහත්තයෙක්ගෙන් කසාය බීවා. වැඩේ ෆිනිෂ්. අදත් ඒ උත්තමයට පින් දෙනවා.
අඩේ මීයා වෙදකමටත් අතගැහුවා එහෙනම්. මටත් තාම සනීප නැහැ අයියේ. මේ ඉන්න ඩොකාලා දන්නවද ලෙඩ බලන්න ලංකාවේ ඉන්න කොන්දොස්තරලා මීට වඩා හොඳයි.
ReplyDeleteමීයා එළ කොල්ලෙක්නෙ... තව තව බෙහෙත් වට්ටෝරු දාපන්...
ReplyDeleteමගෙ බන්ඩියෙනම් ලොකුවට ගෑස් අවුල නෑ.....මුකෝ කවන්ඩ බලාගෙනමනෙ ඉන්නෙ...ඒත් දවසක් මිස්වෙලා හරි සුට්ටක් එහා මෙහා වුනොට්... නහය වහල පොවන සුදු කිරි (ඈ......ක්කා...:‘( මැරෙනව හොඳයි ඊට වඩා..)වීදුරුවකින් වැඩේ ගොඩ....කැස්සට සෙමටනම් සීනි එහෙම නැත්තන් සූකිරි එක්ක ඉඟුරු කොටල දෙනව හප හප ඉන්ඩ....^_^
ReplyDeleteඋනාට කුරුම්බා සාර්ථකද
ReplyDeleteෆ්‍රෙෂ් මිල්ක් කොහෙන් හොයන්නද ? :( කල් කිරි වගේ හරියන්නෙ නැද්ද ?
ReplyDeleteTry ripen tomatoes on its own for the gastritis or drinking hot water (not boiling hot) little by little will help
ReplyDeleteඅපේ සත්තලන්ට ඔය ලෙඩ තියේ ..සෙමට බේත් කරනකොට ගෑස්රයිටිස් ගෑස්රයිටිස් වලට බේත් කරනකොට සෙම! තල සුකිරි නම් දන්නවා ,අනිකත් බලමුකෝ
ReplyDeleteමාත් අහලා තියෙනවා අපේ පොඩි නැන්දා කියන මේ වගේ එක එක ලෙඩට අගුණ යයි පිළිගත් කෑම වර්ග ගැන කවියක්
ReplyDeleteකැස්සට කොස් ඇට
වාතෙට වම්බටු
ඉතුරු ටික කාගෙන් හරි අහගන්න වෙනවා. මතක් නෑ.
තල් සූකිරි ඇඹුල් දොඩම් යුෂ වලට දාල බොන එක තමා මම දන්නෙ... ආයේ ඉතින් කැස්ස ඉවරයි... ගෑස් ලෙඩේ නම් නෑ... හැබැයි ඉතින් ඉන්න තරමක් බඩගින්නෙත් ඉන්න වෙලා නැත්තෙමත් නෑ...
ReplyDeleteමෙන්න මෙයා වෙදෙකුත් වෙලා...දැනට නම් ඔය රෝග නැත....බලමුකෝ ඉස්සරහට ඕනි වුනොත්....
ReplyDeleteමටත් ගැට්‍රයිටිස් අවුල නම් තියනවා. උදේට කන්නේ දවල් 11 ට විතරනේ. බලමු මේ බෙහෙත කරලා.
ReplyDeleteඅෆ්ෆෝයි!! ගැස්ට්‍රයිටිස්!!! :'( :( :( මල කරුම ලෙඩක්!! එක එක අත්බෙහෙත් වර්ග අහලා තියෙනවා මමත් ඕකට, කෝමාරිකා මදය උදේට හිස් බඩම කන්න කියනවා. එතකොටත් අඩුවෙනවාලු.කරපු අය ඉන්නවා අඩුවෙලා. මමනම් කරලා නෑ..
ReplyDeleteඅඩුවෙනවා.. ඇත්තටම හොඳම හොඳ බෙගෙතක්...
Deleteඒත් දෙය්යනේ කොහොමද ඕක කන්නේ.. තිත්තම තිත්තයි... ගඳයි
Touche. Great arguments. Keep up the amazing effort.
ReplyDeleteMy page; heartburnnomorereview.info
@meegodaya නිතරම උගුර පාදනවා,කැස්ස උනුවතුර බිවාම එනවා
ReplyDeleteවියලි සෙමක් ටියෙන්නෙ .. සෙමට බෙහෙත් බිව්වට අඩු නෑ...ගැස්ට්‍රයිටිස් දන්නෑ...