ගුණුමකුයිදෝ අද සමාජය

මලට ඇල දොල සිසිල එක්කොට
විහඟ සරයට තාල එක්කොට
කවි ලියා ඇත පෙම මුදුන් කොට
උහුලන්න බැරි බර දරාගෙන
දිව ඇවිත් හිඳ නුඹ උකුළු මත
සැනසෙනා නෙක දනන් අතරෙද
ඉන්න ඇති කවි ලියන පිරිවර
උස් පහත් කම් කිසිත් නොතකා
ජාති ආගම් බේද දුරලා
නුඹ කෙරූ ඒ නිහඬ සේවය
ඇගයුවා වෙද එකම කවියෙක්
දවස තිස්සේ කිහිප වරකට
වාඩිවී හිඳ නුඹ උකුළ මත
තටම තටමා පහරනා විට
රැව්වේ නෑ නුඹ කිසිම මොහතක
අමතකද නුඹ කරන සේවය
හිරිකිතද නුඹ ගැන ලියන්නට
කරුණු නෑ මට පහද දෙන්නට
ගුණුමකුයිදෝ අද සමාජය
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
අනේ මම ටියුබ් ලයිට් වුනා වගේ...
ReplyDeleteපොඩ්ඩක් වෙනස් කලා ආයෙ කියවඩෝ
Deleteඅගය කළ යුතු දේවල් සැමවිටම අගය කිරීමට ලක්වන්නේ නැත
ReplyDeleteඒක නේන්නම් .. මමවත් පටන් ගන්න හිතුවා :D
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහප්පුච්චියේ .... අර දෙන්න මේකෙ පදිංචිවෙලද හිටියෙ?
Deleteහෙළයේ ජන ගී කැටගරියට අළුතින් එකතුවෙන “ටොයිලට් කවි“
Deleteටොයිලට් කවි.. ඒකත් මරු.... අඩේ එතකොට මීගොඩයද ඒකෙ නිර්මාතෘ....
Deleteඑළ ඈ....
ReplyDeleteගුණුමකුයිදෝ අද සමාජය.......හ්ම්...
තැන්කිව් තරුවො
Deleteටේලුනේ නෑනේ.....
ReplyDeleteපොඩ්ඩක් වෙනස් කලා ආයෙ කියවඩෝ
Deleteහී....ඩැන්නෙ ටේලුනේ....
Deleteඒකනෙ ටිකක් ගැඹුරෙන් හිතන්න පුරුදු වෙන්න :P
Deleteනියමයි...මචං...අලුත් මානයකට කවිය යායුතුමයි..!
ReplyDeleteකවුරුත් කතානොකරන තැනක් නේද..?
පුංචි උත්සාහයක්... ස්තුතුයි වී හය්යක් උනාට
Delete'කවි ලියා ඇත පෙම මුදුන් කොට' මේක ලස්සනයි..........
ReplyDeleteඒක් විතරද... මං ලස්සන නැද්ද :O
DeleteThanks
චිකේ... මාත්තුරුකාව ලියලා තියෙන කැත! ඵල ඵල... නිකමටවත් හිතුණෙ නැති දෙයක් මේ! පස්ටයි ඈ...
ReplyDeleteඒ.... මාතෘකාව කැතද
Deleteපින්තුරෙකුත් දාලා,.. ඇයි බඩේ අමාරුවක්ද මේ ටිකේ?
ReplyDelete"දවස තිස්සේ කිහිප වරකට
වාඩිවී හිඳ නුබ උකුළ මත
තටම තටමා පහරනා විට"
තිබිලා හොඳ උනා
Deleteහික්ස්...මේ ලමයින්ටත් හිතෙන දේවල්...
ReplyDeleteඅළුත් ඉසව් හොයාගෙන යන්න හිතුනා.. කිරිල්ලිත් පියාබද්දි අලුත් දේවල් දැක්කොත් අපිට කියන්න
Deleteහික්ස්...මරු කවිය අලේ..
ReplyDeleteතැන්කිව් අලේ
Deleteහික් හික්...කතාව ඇත්ත. අනිත් අය නොලියන එකේ ඉතින් මි ගොඩය වත් ලියන්නකෝ ඔය ගැන.
ReplyDeleteඒකනේ මන් හොඳයි නේද් සයුරි ටීචර්
Deleteනිහඩ සේවයක් අගය කෙරෙන්නේ නෑනේ කොහොමත්.. ලස්සනයි අදහස...
ReplyDeleteතැන්කිව් මලේ
Deleteඅඩේ අෆ්ෆේ මට තේරෙන් නේ නෑ නේ..බං
ReplyDeleteම්..............පොඩ්ඩක් හිටහන් ඒ පාර නිකන් මොකක් හරි හැගීමක් තියනවා..
ReplyDelete"දවස තිස්සේ කිහිප වරකට
වාඩිවී හිඳ නුබ උකුළ මත
තටම තටමා පහරනා විට"
එල ඈ..
ඔය තේරිලා තියෙන්නේ එල එල
Deleteඅවංකවම මුල අමතක නැති කොල්ලෙක් තමා.... ට්‍රිප් එකක් කාරිය යද්දි මෙයාලගෙ අගේ කියලා වැඩක් නෑ අයියෝ ඒ ටික.....
ReplyDeleteඅපි එහෙමයි.. මීගොඩයට මුල අමතක නෑ කියල ඔප්පු කරන්න හුඟක් දෑ තිබේ
Deleteමගතොටෙදි හැදි ඒ බර
ReplyDeleteහින්දාබිඳු නැගුන වෙලේ
අගේ ඔබගේ දැනී හිතැ තුල
දෙව් බුදුන් සිහි උනා මතකැයි...........@#$$%
මාරයි... ඔය ඉන්නෙ අගෙ දැනිච්ච කට්ටිය
Delete@#$$%
කමෙන්ට් එකක් තියන්න වචන නෑ... මාතෘකාව සුපර්...
ReplyDeleteඅමතකද නුඹ කරන සේවය
හිරිකිතද නුඹ ගැන ලියන්නට
කරුණු නෑ මට පහද දෙන්නට
ගුණුමකුයිදෝ අද සමාජය
දකින්න ලේසියෙන් හම්බවෙන්නෙ නැති කවිටිකක් බැලුවේ..දුක අගයන්න වචන නැති එක..හරිම ලස්සනයි සහෝ...
ස්තුතියි සිහින සිත්තම්
Deleteඅයියට නම් අද වෙනස්ම විදිහේ කවි සිතුවිල්ලක් පහල වෙලා....
ReplyDeleteටිකක් වෙනස් විදියට හිතන්න උත්සහ කලා
Deleteස්තුතියි ඔයාට
මට නම් නැතුවම බැරි දෙයක් :D
ReplyDeleteමේ ගොඩක් තැන්වල නුබ කියන එක නුඹ කියලා වෙනස් කරපන් නැත්තම් වෙන අදහසක් එන්නේ..
හැදුව මචං තැන්කිව් ඈ
Deleteඑළ ඈ
ReplyDeleteපහරන කවිය! :D
:D :D
Deleteමල හතයි ගස් දෙකයි ඈ!
ReplyDeleteවැරදියි ... මල පහයි
Deleteහැමෝම කක්කා කතා ලියන කක්කා සතියේ අපේ මලයා කක්කා දාන තැන ගැන දුක හිතලා කවියක් ලියලා. අහෝ සැපයි කියා කියා දාලා යන අයට නොපෙනෙන දේ ...
ReplyDeleteහෙ හෙ හෙ... මට නිකමට වගේ හිතුනා.... දුවගෙන ඇවිත් ඉඳගත්ත වෙලාවක
Deleteයකඩෝ මෙන්න ඒ ගමන වැඩිකිලි කවි . . . හෙ හෙ හේ . . . .
ReplyDeleteඑල එල . . ලෙසටම ලියලා තියෙනවා . . .
උදේ පාන්දර ඕකට වැඳලා පස්සේ වැඩේ කරගෙන දවස පටන් ගනින් . . නැතිනම් ගුණමකු වෙනවනේ . . හික්z
අන්න වැඩේ.. ගාථාවකුත් හදල දෙන්නද
Deleteඅද තමයි අවශ්‍යතාවයේ කවිය ලියැවිලා තියෙන්නේ.
ReplyDeleteඅත්‍යාවශ්‍යතාවයේද මන්දා දයානන්ද අය්යේ...
Deleteස්තුතියි ඈ
අපෝ.........ගදේ.........බෑ......... :-)
ReplyDeleteකනට ගැහුවා වගේ ඈ...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
අපෙ බන් උබෙ මහලොකු මාලිගාවේ එයාර් ෆ්‍රෙෂ්නර් එකක්වත් නැද්ද
Deleteසහතික ඇත්ත...
ReplyDeleteහ්ම්ම්ම්ම්
Deleteහිහි....කෙළෙහිගුණ කවියක් නේද මල්ලී.....
ReplyDeleteආ අක්කේ කෙලෙහි ගුණ දන්නෙනම් වැසිකිලිය නෙවෙයි... පඩික්කම
Deleteහි හි.. තැන්කිව් ඈ
මේ කවි කියවීමෙන් මට හරි දුකක් ඇති වුනා.
ReplyDeleteගුනමකුයි අද සමාජය.
අසරණය කියන්නේ කොහොමත් සංවේදී කොල්ලෙක්නේ
Delete