Thursday, 22 March 2012

නිවන සොයන්නට උබ හුරතල් වැඩියි පුතේ!!!

කහසිවුරේ දැහැමි බව
යටකරන් මා දුටුවේ
කිරි සිනා කෙලිකවට
බොළඳ විය නුබ ගෙවන
දඟකරන නෙත් සඟල
දත් වැටුනු මුව පොඩිය
නොකියාම කීවෙ මට
හුරතලේ මිසක තව
සසර කෙළවර නොවේ
පොඩි පුතේ නුබ සොයන
දකින විට මට නුබව
සිතෙන්නේ බුදු පුතුනි
පහත්වී වඳින්නට නොව
වඩාගෙන සිඹින්නට

9 comments:

  1. ඔබේ අදහස් සියල්ලම මා දුටුවෙමි
    එලෙස මා එය කීවෙමී
    ජීවිතෙ ඇති නියත අනියත
    සියලු කාරණ
    ඔබේ සිත ලග
    ගැටෙන බව මා
    හැදිනෙමි

    ReplyDelete
  2. අවසර අපේ හාමුදුරුවනේ....

    මොහොම ස්තුතියි ඔබ වහන්සේගේ අදහස් දැක්වීමට

    ReplyDelete
  3. ඇත්තටම ඒ කතාව හරි...පව් පිරෙඉද දන්නේ නැහැ..එත් අපිට එහෙම හිතෙනවා...එත් ඒ පුංචි හාමුදුරුවෝ කරන ලොකු වැඩේ අපිට කරන්න පුළුවන් කමක් නැනේ....
    කොහොම වුනත් ලස්සන සිතුවිල්ලක්

    ReplyDelete
  4. පව් පිරෙන එකක් නෑ මයෙ හිතේ....... අපි කවුරුත් පෘථක්ජන ඈයො නොවැ... ඇත්තටම මේ ෆොටෝ එක දැක්කහම මට ඇතිවෙන්නෙ ඉහවහායන තෘෂ්නාවක්

    ReplyDelete
  5. මටත් මේ වගේම හිතිලා තියෙනවා... ලස්සන කවියක් මී ගොඩයෝ..

    ReplyDelete
  6. හරිම ලස්සනයි සංකල්පනාව...
    ඇත්තටම ඒක එහෙම්මමයි නිසා මගේ හිතට ගොඩක් දැණුනා.
    මොන තරම් දෙයක්ද ඒත්,,, අපිට කරන්නට බැරි දෙයක්, ගන්නට බැරි තීරණයක්, ඒ පුංචි වයසට, ඒ පුංචි හිතට දැනෙන්න තරම් ඒ හිත් පිංවන්තයි...

    ReplyDelete
  7. ලස්සනයි අයියේ

    ReplyDelete
  8. ලස්සනම ලස්සනයි....
    ඇත්තටම එක එහෙමම තමයි...
    ළමා කාලයේ හුරතල්කම සිවුරෙන් වසන් කරන්න බෑ ...
    එත් සිවුරු දරන්න පින් තියෙන්න ඕනේ.
    ඒ පින් මේ පොඩි සාමනේර වහන්සේලා රැස් කරලා තියෙනවා...

    ReplyDelete
  9. ලස්සනම ලස්සනයි....
    ඇත්තටම එක එහෙමම තමයි...
    ළමා කාලයේ හුරතල්කම සිවුරෙන් වසන් කරන්න බෑ ...
    එත් සිවුරු දරන්න පින් තියෙන්න ඕනේ.
    ඒ පින් මේ පොඩි සාමනේර වහන්සේලා රැස් කරලා තියෙනවා...

    ReplyDelete