Thursday, 22 March 2012

සරා සඳ



අපතෙ යන හිරු රැස් හරස් කොට
රැයේ කළුවර නැසූ පුර හඳ
ඇඟිලි දිගුකොට ලෝ දනන් හැම
සෙරක් කෙරුවා සරා පුන් සඳ


කදෝකෙමි එලි මත පහන් වෙන
අඳුරු ලෝකය එළිය කර කර
ඇහෙන නෑහෙන ලෙසින් අවමන
හිනැහුනා සඳ අහිංසක ලෙස

15 comments:

  1. සිරාවටම ලස්සනයි මලයා . . .

    ReplyDelete
  2. ස්තුතියි අය්යා

    ReplyDelete
  3. ඔබේ කතාවත් හරි..
    ඒත් ඉතිං සඳට එළිය දෙන්නේ
    හිරු කියලා අමතක වෙනවනේ..
    ගොඩක් අයට....

    ReplyDelete
  4. @ dayani

    එහෙම ඉර අමතක කරනවනම් ඒක මහ ගුණමකු කමක්..... ඉර හඳ වගේම හැම ස්ව්භාවික දේකම වැදගත් කමක් තියනවා...

    ස්ව්භාව ධර්මය හැම දෙයක්ම නිර්මාණය කරල තියෙන්නේ සමතුළිත භාවය ආරක්ෂාවෙන පරිදි... ඒවා වෙනස් කරන්න මිනිස්සුන්ට අයිතියක් නෑ..

    ReplyDelete
  5. @මීගොඩයා`.. ඔබ හරි....මං එකඟයි.... එකට...

    ReplyDelete
  6. අදයි මම මේ පැත්තට ආවේ....

    ඇත්තටම ලස්සනයි යාලූ....:)

    ReplyDelete
  7. අලේ නම ඩක්කාම භය ඉතෙනවනේ........ ඔයා තී..තල අග්නි දාලාවක් නේද.....

    ලස්සනයි කිව්වට තැන්කූ ඔදේ

    ReplyDelete
  8. ගොඩාක් ලස්සනයි. මේ මගේ පලමු කමෙන්ටුව

    ReplyDelete
  9. ස්තුතියි වර්ණා

    ReplyDelete
  10. සඳ හොරා ලු :( හ්ම්ම්ම.......

    ReplyDelete
  11. "ඇහෙන නෑහෙන ලෙසින් අවමන
    හිනැහුනා සඳ අහිංසක ලෙස.."

    හරිම ලයාන්විත විදිහට ලියැවිලා තියෙන කවියක් සහෝ.. අවමන් විදින නිහඬ ආදරය වගේ..
    ~රතු හැට්ටකාරි~

    ReplyDelete
  12. පරසතු උයන වෙනස් වෙලා වගෙ අපුරුයි ජය හා සතුට කවියත් ලස්සනයි

    ReplyDelete
  13. ම්ම්ම්.. වෙනස්ම විදියකට හිතලා.

    ReplyDelete
  14. "කදෝකෙමි" කියන්නේ මොකද්ද අනේ?

    ReplyDelete
    Replies
    1. කණාමැදිරියට තමයි කදෝකෙමිය කියන්නේ

      Delete