පටාචාරා
ප්‍රිය වියෝගෙන් නෙතින් ගලනා
ළයට බර වැඩි කඳුළු බිඳුවකි
දරා දරු දුක කිරෙන් තෙත් වී
ළයට තදවුනු තිසර යුගලකි
අහිමි මාපිය සොයුරු නාමෙන්
හිතේ ඇවිලෙන මහා ගින්නකි
එවන් දුක් මැද පියවි සිහියත්
ඇයව අතහර තනිව ගමනකි
*********************
ජීවිතය යනු තණපතක් මත
දිදුලමින් ඇති තුසර බිඳුවකි
වියෝවක් යනු ලහිරු අභියස
දියවෙලා යන හිම පියල්ලකි
.
නොදැරුවානම් මෙවන් දුක් ගිණි
බුදු රජුන් වැඩ වෙසෙන සමයෙදි
මුනගැසෙනු ඇත පටාචාරා
සසර කතරේ අතරමගකදි
මේ කවි පත්තරේක එහෙම පල කරන්න අදහසක් නැද්ද ?
ReplyDeleteමම රටින් පිට ඉන්නෙ සහෝ..... මට ඉඩ කඩ අඩුයි ඔය වැඩේට
ReplyDeleteතැපෑලෙන් හරි එවන්න ට්‍රයි එකක් දීලා බලන්න
ReplyDeleteඅනිවාර්යෙන්ම කරනම් සහෝ ... ස්තුතියි දිරිමත් කිරීමට
ReplyDeleteලස්සන කවි ටික මී ගොඩයෝ... ජය වේවා!!!
ReplyDeleteow palakaranawaanam hodai .
ReplyDeleteනුඔ නම් කවියටම උපන්නෙකි. සතුටුයි මිතුර.
ReplyDeletehodai hodai
ReplyDelete