Thursday 22 March 2012

පටාචාරා

ප්‍රිය වියෝගෙන්  නෙතින් ගලනා
ළයට බර වැඩි කඳුළු බිඳුවකි
දරා දරු දුක කිරෙන් තෙත් වී
ළයට තදවුනු තිසර යුගලකි
අහිමි මාපිය සොයුරු නාමෙන්
හිතේ ඇවිලෙන මහා ගින්නකි
එවන් දුක් මැද පියවි සිහියත්
ඇයව අතහර තනිව ගමනකි

*********************
ජීවිතය යනු තණපතක් මත
දිදුලමින් ඇති තුසර බිඳුවකි
වියෝවක් යනු ලහිරු අභියස
දියවෙලා යන හිම පියල්ලකි
.
නොදැරුවානම් මෙවන් දුක් ගිණි
බුදු රජුන් වැඩ වෙසෙන සමයෙදි
මුනගැසෙනු ඇත පටාචාරා
සසර කතරේ අතරමගකදි

8 comments:

  1. මේ කවි පත්තරේක එහෙම පල කරන්න අදහසක් නැද්ද ?

    ReplyDelete
  2. මම රටින් පිට ඉන්නෙ සහෝ..... මට ඉඩ කඩ අඩුයි ඔය වැඩේට

    ReplyDelete
  3. තැපෑලෙන් හරි එවන්න ට්‍රයි එකක් දීලා බලන්න

    ReplyDelete
  4. අනිවාර්යෙන්ම කරනම් සහෝ ... ස්තුතියි දිරිමත් කිරීමට

    ReplyDelete
  5. ලස්සන කවි ටික මී ගොඩයෝ... ජය වේවා!!!

    ReplyDelete
  6. නුඔ නම් කවියටම උපන්නෙකි. සතුටුයි මිතුර.

    ReplyDelete