පිය නඟා ඇවිද යන සන්සාර මාවතක
නොමැත කිසිදා නැවතුමක්
යන එන අය මිස රැඳෙන කෙනෙක් නැත
තුන්කල් බැඳීම් හීනයක්
හීනෙක තැවරුන සොඳුරු මතකයන්
විඳවන හිතකට ගීතයක්
හීන පොදිබැදන් ගෙවනා ජීවිත
දැනේ ලෙසට පෙර පාපයක්
වෙලිලා පාපෙක කරනා විගඩම්
සැනසුනු හිතකට කෝලමක්
කෝලම් නවතා බුදුමඟ යනු මැන
දැනේ සිතට මුදු සැනසුමක්
බුදු මග ගියොත් කවදාවත් වරදින්නෑ. අදින් අමධ්‍යප සතිය ඇරඹුනා වෙසක් පුන් පෝය නිසා. ඒත් ඒවා අකුරටම පිලිපදීද?
ReplyDeleteබුදු හාමුදුරුවෝ අපිත් දකින් නැති බණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තාමත් සංසාරේ.....
සිහින පැතුම් මල් නෙතට නෙත් කළුයි - සැබැවින් ඒ හිස් ගිනි ගොඩක්
ReplyDeleteබුදුන් දෙසූ බන සිතට ගත යුතුයි - එයින් ලැබෙයි නිති සැනසුමක්!!
“හීනෙක තැවරුන සොඳුරු මතකයන්
ReplyDeleteවිඳවන හිතකට ගීතයක්
හීන පොදිබැදන් ගෙවනා ජීවිත
දැනේ ලෙසට පෙර පාපයක්“
අත්තටම දැණුන මේටිකනම්.......
සාර්ථක නිර්මාණයක් යාලූ.....
කියන්න වචන නැහැ..මාරම ලස්සනයි....
ReplyDeleteබට්ටි, කළාබර, අග්නි, දිනිති
ReplyDeleteබොහොම ස්තුතියි සටහනක් තියලා ගියාට.....
හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!