Thursday 3 May 2012

සැනසුමක්

පිය නඟා ඇවිද යන සන්සාර මාවතක
නොමැත කිසිදා නැවතුමක්
‍යන එන අය මිස රැඳෙන කෙනෙක් නැත
තුන්කල් බැඳීම් හීනයක්
හීනෙක තැවරුන සොඳුරු මතකයන්
විඳවන හිතකට ගීතයක්
හීන පොදිබැදන් ගෙවනා ජීවිත
දැනේ ලෙසට පෙර පාපයක්
වෙලිලා පාපෙක කරනා විගඩම්
සැනසුනු හිතකට කෝලමක්
කෝලම් නවතා බුදුමඟ යනු මැන
දැනේ සිතට මුදු සැනසුමක්

5 comments:

  1. බුදු මග ගියොත් කවදාවත් වරදින්නෑ. අදින් අමධ්‍යප සතිය ඇරඹුනා වෙසක් පුන් පෝය නිසා. ඒත් ඒවා අකුරටම පිලිපදීද?
    බුදු හාමුදුරුවෝ අපිත් දකින් නැති බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තාමත් සංසාරේ.....

    ReplyDelete
  2. සිහින පැතුම් මල් නෙතට නෙත් කළුයි - සැබැවින් ඒ හිස් ගිනි ගොඩක්
    බුදුන් දෙසූ බන සිතට ගත යුතුයි - එයින් ලැබෙයි නිති සැනසුමක්!!

    ReplyDelete
  3. “හීනෙක තැවරුන සොඳුරු මතකයන්
    විඳවන හිතකට ගීතයක්
    හීන පොදිබැදන් ගෙවනා ජීවිත
    දැනේ ලෙසට පෙර පාපයක්“

    අත්තටම දැණුන මේටිකනම්.......

    සාර්ථක නිර්මාණයක් යාලූ.....

    ReplyDelete
  4. කියන්න වචන නැහැ..මාරම ලස්සනයි....

    ReplyDelete
  5. බට්ටි, කළාබර, අග්නි, දිනිති

    බොහොම ස්තුතියි සටහනක් තියලා ගියාට.....

    හැමෝටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!

    ReplyDelete