ලොවක් වැනසූ පවට
බලාපන් නෙත් යොමා ගිණි ගනී මිහිමඩල
අසාපන් කන් යොමා කෑගසා හඬන හඬ
එකිනෙකා පරයන්න දිවගියා මිසක උඹ
හිතුවාද මොහොතකට ලෝකයම නැසෙන බව
ගිණි තබා තුරු වදුලු උඹ තැනූ ගොඩනැගිලි
සමතලා වන බිමට දවස එයි අත ලඟට
හිඳී ගොස් වැව් ඉවුරු ඉරිතැලුනු මහ පොළොව
සාප දෙයි හෙට උඹට ලොවක් වැනසූ පවට
වැසි වැටෙන නිල් අහස නිහඬ වෙයි හෙට දිනක
වියරුවී මහ සයුර ගොඩගලයි යලි දිනක
මහපොළොව පලා විත් ඇද යන්න පෙර උඹව
සනසපන් මිහිකතව කරපු පව් හේදෙන්න
කිසිම දෙයක් සදාකාලික නෑ. තමන්ගෙ වාසියට හැමදේම විනාස කරනවා.. මිනිස්සු මේක තේරුම් ගන්නව නම් කොච්චර හොඳද...
ReplyDeleteකතාව ඇත්ත... කොටසකගේ වැරදි නිසා දඩුවම ලෝකෙටම.. සතා සිව්පාවටත් එක්කම
Deleteකැපූ ගස් සිටුවන්ද යැවූ දුම් යලි ගන්ද
ReplyDeleteපොළව සූරා පෙරා ගත් මුදල බඩ පුරා
පිපාසය සිඳලන්න දිය සොයා මොර ගසන
උඹේ හඬ නෑසෙන්ඩ පොළෝ මව් තරහින්ය
දිනෙන් දින නපුරුවන මිහිමඩල සනසන්න
ReplyDeleteහැකි පමණ සිතට ගමු ඈට දුක් නොම දෙන්න
ඔබට හැකි හැමවිටම එක ගසක් සිටවන්න
ඉතිරි ගස් වැල් ටිකද පණසේම රැකගන්න
කියාපන් ඔය කතා
ReplyDeleteබඩ මහතා උන් හොයා
දේශ-පාලු යැයි කියා
කියන..
වචනයෙන් කියන්නේ
කරනකොට කරන්නේ
දෙකක්මය
උන්ගේ බඩ
වඩවන්න
මිහිකත ...?
නෑ...
වැදු මව උනත්
විකුනාවී
කැත නැතුව..
කථාවේ පොඩි ඇත්තකුත් තියනවා... ඒ උනත් ඒ උතුමන්ල එතකොට ඒ උතුමන්ලාගෙ බිසෝවරු කුමාර කුමාරිකාවො ජීවත් වෙන්නත් එපැයි,, ඒ හින්ද අපිම ඔය පුලු පුලුවන් වෙලාවකට ගහක් දෙකක් හිටවල දාමු.. ඒතකොට ඔය පොලිතින් වගේ ඒවත් පාවිච්චිය අඩුකරමු මචං... නිකන් මොකටද සුදු වෑන් වල ට්‍රිප් යන්නේ
Deleteගලන ගඟක් ආයෙත් උඩට හරවන්න හරි අමාරුයි සහෝ.. ලස්සන කාලීන අදහසක්? ටෙම්ප්ලේට් එකේ වැඩේ හරිද ?
ReplyDeleteකරන්න පුළුවන් පුන්චිම දෙයක් හරි කලොත් ඒකත් ලොකු හය්යක් වෙයි මචං...
Deleteතාම ටෙම්ලේට් වැඩේ ගොඩදාගන්න බැරිඋනා ලහිරුවෝ,,, වෙලාවක් තිබ්බේ නෑ
අමාරු නෑ මචං, මම පොඩි උදාහරණයක් දෙන්නම්කෝ..
Deleteසාමාන්‍යයෙන් මම කිසිම දිරන්නෙ නැති දෙයක් පාරට විසිකරන්නෙ නෑ. මායි තව යාලුවො සෙට් එකකුයි ගිය පොඩි ට්‍රිප් එකක්.. මම කරන දේ දැකල සමහර උන් මුලින් මට කින්ඩි දදා හිනා උනා, ඒත් පළවෙනි දවස ඉවර වෙනකොට අනිත් හෙමෝම ටොපි කොල, බිස්කට් කවර මේ හැම දෙයක්ම තමන් ලඟ එකතු කරගෙන කුනු බල්දියට දාන්න පුරුදු වෙලා හිටියා. නොන්ඩි වෙවී හරි මම එහෙම කරපු නිසයි උන්ටත් එහෙම කරන්න හිතුනේ.
අපිට අනිත් අය හිතන විඩිහ වැදගත් නෑ, තමන් හරිදේ කරාම බලන් ඉන්න උන්ගෙත් ඔලුවලට යනවා..
හරියටම හරි සහෝ... හැමෝම ඔහොම හිතනවනම්...........
Deleteනියම අදහසක්.ලස්සනයි. ටිකක් බයත් හිතෙනවා.
ReplyDeleteදේයිහාන්දුරුවන්යෙ පිහිටෙන් අපිටනං ලොකුවට බයවෙන්න දෙයක් නැතිවෙයි... අපෙන් පස්සේ එන සෙට් එකට තමා අව්ල.... උන් අපේ වලවල් වලටත් සාප කරයි
Deleteඅද මම ඉන්ටෙනෙට් එකේ තියෙනවා දැක්ක අලුත් මායා කැලැන්ඩරයක් සොයාගෙන කියල.එහෙම විනාසයක් වෙන්නේ නෑ ලු.
Deleteඅපිටත් ලින්ක් එක දුන්නනම් බලන්න
Delete@ අසරණයා :
Deleteඒ කියන්නේ බං උන් පැච් එකක් රිලීස් කරලද ඒ කාලෙදිම? ඒකනේ කියන්නේ. ඒ කාලේ හිටිය ඇඩ්මියා ඕක පැච් කරන්න කම්මැලි වෙන්න ඇති..
“ගිණි තබා තුරු වදුලු උඹ තැනූ ගොඩනැගිලි
ReplyDeleteසමතලා වන බිමට දවස එයි අත ලඟට
හිඳී ගොස් වැව් ඉවුරු ඉරිතැලුනු මහ පොළොව
සාප දෙයි හෙට උඹට ලොවක් වැනසූ පවට“
ඇත්තටම සුපිරී......
ස්තුතියි අග්නි
Deleteගසක් සිටවන්න
ReplyDeleteලොවක් සනසන්න
ඉවත ලන කුනු කසල
රැස්කරල එක තැනක
මිහිතලය රැකෙන ලෙස
කරන් ප්‍රතිචක්ක්‍රනය.........
අනිවා...
Deleteඅපි කරන පව් මේ ආත්මෙදි නෙමේ, මිනිසත් බව ලබා නැවත කී වරක් උපන්නත් හෝදන්න ලැබෙන එකක් නෑ
ReplyDeleteආහ්හ් .... ඔබා මාමා ...
ReplyDeleteතැන්ක්ස් මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් දාලා ගියාට
අපේම වැරදි බං..
ReplyDeleteජය !
අනිවා මචං අපිට කාටවත් ඇගිලි දික් කරන්න බෑ.... අපි අතිනුත් වැරදි වෙලා තියනවා
Deleteමේ හැමදේම අපි කරපු අපේම වැරදි.....
ReplyDeleteඔව් අනුන්ට දොස් කියල වැඩක් නෑ... අපේ වැරදි අපි හදාගත්තනම් හරි
Deleteපට්ටයි පට්ටම පට්ටයි
ReplyDeleteතැන්කිව් සචියා
Deleteටික දෙනෙකුගේ වැරදි නිසා මුළු ලෝකයක් විඳවනවා.......
ReplyDeleteහිතෙනකොටත් බය හිතෙනවා වගේ.....
~~~***දඟ මල්ල***~~~
තැන්ක්ස් මේ පැත්තට ගොඩ වැදුනට....
Deleteමට මතක් වෙනවා ලෝක විනාසේ..ඇත්ත මිනිස්සු එකිනෙක අබිබවා යන්න දගලන නිසා තමයි මෙහෙම වෙන්නේ..(ඔන්න මමත් ආව මෙහෙ පැත්තේ..)
ReplyDelete