Wednesday 9 May 2012

ලොවක් වැනසූ පවට

        

බලාපන් නෙත් යොමා ගිණි ගනී මිහිමඩල
අසාපන් කන් යොමා කෑගසා හඬන හඬ
එකිනෙකා පරයන්න දිවගියා මිසක උඹ
හිතුවාද මොහොතකට ලෝකයම නැසෙන බව
ගිණි තබා තුරු වදුලු උඹ තැනූ ගොඩනැගිලි
සමතලා වන බිමට දවස එයි අත ලඟට
හිඳී ගොස් වැව් ඉවුරු ඉරිතැලුනු මහ පොළොව
සාප දෙයි හෙට උඹට ලොවක් වැනසූ පවට
වැසි වැටෙන නිල් අහස නිහඬ වෙයි හෙට දිනක
වියරුවී මහ සයුර ගොඩගලයි යලි දිනක
මහපොළොව පලා විත් ඇද යන්න පෙර උඹව
සනසපන් මිහිකතව කරපු පව් හේදෙන්න

30 comments:

  1. කිසිම දෙයක් සදාකාලික නෑ. තමන්ගෙ වාසියට හැමදේම විනාස කරනවා.. මිනිස්සු මේක තේරුම් ගන්නව නම් කොච්චර හොඳද...

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත... කොටසකගේ වැරදි නිසා දඩුවම ලෝකෙටම.. සතා සිව්පාවටත් එක්කම

      Delete
  2. කැපූ ගස් සිටුවන්ද යැවූ දුම් යලි ගන්ද
    පොළව සූරා පෙරා ගත් මුදල බඩ පුරා
    පිපාසය සිඳලන්න දිය සොයා මොර ගසන
    උඹේ හඬ නෑසෙන්ඩ පොළෝ මව් තරහින්ය

    ReplyDelete
  3. දිනෙන් දින නපුරුවන මිහිමඩල සනසන්න
    හැකි පමණ සිතට ගමු ඈට දුක් නොම දෙන්න
    ඔබට හැකි හැමවිටම එක ගසක් සිටවන්න
    ඉතිරි ගස් වැල් ටිකද පණසේම රැකගන්න

    ReplyDelete
  4. කියාපන් ඔය කතා
    බඩ මහතා උන් හොයා
    දේශ-පාලු යැයි කියා
    කියන..
    වචනයෙන් කියන්නේ
    කරනකොට කරන්නේ
    දෙකක්මය
    උන්ගේ බඩ
    වඩවන්න
    මිහිකත ...?
    නෑ...
    වැදු මව උනත්
    විකුනාවී
    කැත නැතුව..

    ReplyDelete
    Replies
    1. කථාවේ පොඩි ඇත්තකුත් තියනවා... ඒ උනත් ඒ උතුමන්ල එතකොට ඒ උතුමන්ලාගෙ බිසෝවරු කුමාර කුමාරිකාවො ජීවත් වෙන්නත් එපැයි,, ඒ හින්ද අපිම ඔය පුලු පුලුවන් වෙලාවකට ගහක් දෙකක් හිටවල දාමු.. ඒතකොට ඔය පොලිතින් වගේ ඒවත් පාවිච්චිය අඩුකරමු මචං... නිකන් මොකටද සුදු වෑන් වල ට්‍රිප් යන්නේ

      Delete
  5. ගලන ගඟක් ආයෙත් උඩට හරවන්න හරි අමාරුයි සහෝ.. ලස්සන කාලීන අදහසක්? ටෙම්ප්ලේට් එකේ වැඩේ හරිද ?

    ReplyDelete
    Replies
    1. කරන්න පුළුවන් පුන්චිම දෙයක් හරි කලොත් ඒකත් ලොකු හය්යක් වෙයි මචං...

      තාම ටෙම්ලේට් වැඩේ ගොඩදාගන්න බැරිඋනා ලහිරුවෝ,,, වෙලාවක් තිබ්බේ නෑ

      Delete
    2. අමාරු නෑ මචං, මම පොඩි උදාහරණයක් දෙන්නම්කෝ..

      සාමාන්‍යයෙන් මම කිසිම දිරන්නෙ නැති දෙයක් පාරට විසිකරන්නෙ නෑ. මායි තව යාලුවො සෙට් එකකුයි ගිය පොඩි ට්‍රිප් එකක්.. මම කරන දේ දැකල සමහර උන් මුලින් මට කින්ඩි දදා හිනා උනා, ඒත් පළවෙනි දවස ඉවර වෙනකොට අනිත් හෙමෝම ටොපි කොල, බිස්කට් කවර මේ හැම දෙයක්ම තමන් ලඟ එකතු කරගෙන කුනු බල්දියට දාන්න පුරුදු වෙලා හිටියා. නොන්ඩි වෙවී හරි මම එහෙම කරපු නිසයි උන්ටත් එහෙම කරන්න හිතුනේ.

      අපිට අනිත් අය හිතන විඩිහ වැදගත් නෑ, තමන් හරිදේ කරාම බලන් ඉන්න උන්ගෙත් ඔලුවලට යනවා..

      Delete
    3. හරියටම හරි සහෝ... හැමෝම ඔහොම හිතනවනම්...........

      Delete
  6. නියම අදහසක්.ලස්සනයි. ටිකක් බයත් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. දේයිහාන්දුරුවන්යෙ පිහිටෙන් අපිටනං ලොකුවට බයවෙන්න දෙයක් නැතිවෙයි... අපෙන් පස්සේ එන සෙට් එකට තමා අව්ල.... උන් අපේ වලවල් වලටත් සාප කරයි

      Delete
    2. අද මම ඉන්ටෙනෙට් එකේ තියෙනවා දැක්ක අලුත් මායා කැලැන්ඩරයක් සොයාගෙන කියල.එහෙම විනාසයක් වෙන්නේ නෑ ලු.

      Delete
    3. අපිටත් ලින්ක් එක දුන්නනම් බලන්න

      Delete
    4. @ අසරණයා :
      ඒ කියන්නේ බං උන් පැච් එකක් රිලීස් කරලද ඒ කාලෙදිම? ඒකනේ කියන්නේ. ඒ කාලේ හිටිය ඇඩ්මියා ඕක පැච් කරන්න කම්මැලි වෙන්න ඇති..

      Delete
  7. “ගිණි තබා තුරු වදුලු උඹ තැනූ ගොඩනැගිලි
    සමතලා වන බිමට දවස එයි අත ලඟට
    හිඳී ගොස් වැව් ඉවුරු ඉරිතැලුනු මහ පොළොව
    සාප දෙයි හෙට උඹට ලොවක් වැනසූ පවට“

    ඇත්තටම සුපිරී......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අග්නි

      Delete
  8. ගසක් සිටවන්න

    ලොවක් සනසන්න

    ඉවත ලන කුනු කසල

    රැස්කරල එක තැනක

    මිහිතලය රැකෙන ලෙස

    කරන් ප්‍රතිචක්ක්‍රනය.........

    ReplyDelete
  9. අපි කරන පව් මේ ආත්මෙදි නෙමේ, මිනිසත් බව ලබා නැවත කී වරක් උපන්නත් හෝදන්න ලැබෙන එකක් නෑ

    ReplyDelete
  10. ආහ්හ් .... ඔබා මාමා ...

    තැන්ක්ස් මේ පැත්තෙ ඇවිත් කොමෙන්ටුවක් දාලා ගියාට

    ReplyDelete
  11. අපේම වැරදි බං..

    ජය !

    ReplyDelete
    Replies
    1. අනිවා මචං අපිට කාටවත් ඇගිලි දික් කරන්න බෑ.... අපි අතිනුත් වැරදි වෙලා තියනවා

      Delete
  12. මේ හැමදේම අපි කරපු අපේම වැරදි.....

    ReplyDelete
    Replies
    1. ඔව් අනුන්ට දොස් කියල වැඩක් නෑ... අපේ වැරදි අපි හදාගත්තනම් හරි

      Delete
  13. පට්ටයි පට්ටම පට්ටයි

    ReplyDelete
    Replies
    1. තැන්කිව් සචියා

      Delete
  14. ටික දෙනෙකුගේ වැරදි නිසා මුළු ලෝකයක් විඳවනවා.......
    හිතෙනකොටත් බය හිතෙනවා වගේ.....

    ~~~***දඟ මල්ල***~~~

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් මේ පැත්තට ගොඩ වැදුනට....

      Delete
  15. මට මතක් වෙනවා ලෝක විනාසේ..ඇත්ත මිනිස්සු එකිනෙක අබිබවා යන්න දගලන නිසා තමයි මෙහෙම වෙන්නේ..(ඔන්න මමත් ආව මෙහෙ පැත්තේ..)

    ReplyDelete