රබර් වත්තක සැඟවුණු කථාවක් ( වැඩිහිටියන්ට පමණයි 21+ )
21+++ කියල දැම්මට මේ කථාවෙ එකම එක කුණුහරුපයක්වත් නෑ... රජයයේ දුම්කොල හා මධ්‍යසාර නීති හින්ද තමයි 21+++ කියල දැම්මෙ... ඔව් ඔව් අරක්කු ගැන කථාවක් තමයි.. තවත් මීගොඩයගෙ වීරක්රියවක්, රඹුටන් වල්ලට පස්සෙ වෙච්ච
මීගොඩය පුංචි කාලේ මීගොඩ ........... කියන ( මීගොඩින් ටිකක් ඇතුලට වෙන්න තිබ්බ ගමක් ) ගම හරිම ලස්සනයි.. මීගොඩයගෙ ගේ තමයි ගමේ කෙලවරේම ගේ.. ගෙදර අංකෙත් නොම්බර එක නෙව...ගේ පහලින් එකයායට දීවෙන වෙල් යායක්.. පිටිපස්සෙ මහ විශාල රබර් වත්තක්...අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ සුන්දරත්වය.. හැබෑම ලස්සනයි..
( මම මේකියන රබර්වත්තනම් මේ වගෙ නෙවෙයි මහ රූස්ස ගස් තිබ්බෙ.. ගස් යට දං, බෝවිටියා, හිඹුටු, පොඩි සිඤ්ඤොමරං.. ආදී පඳුරු වලින් වැසී ගිහිල්ල.. ඒ කාලෙ වෙනකොට එම ගස් වලින් කිරි කපන එක පවා අත් හැරල තිබ්බෙ )
ගමේ බොහොමයක් මිනිස්සුන්ගේ ජීවිත ඔය කුබුරු යාය හා රබර් වත්තත් එක්ක බැඳිලා තිබුනා... වෙල්යාය වගේම රබර් වත්තත් ගමට මහම මහ සම්පතක්.. ( අද වෙනකොට වෙන්දේසි ඉඩම් :දුක )
කිරිකපල ආදායමක් ගත්ත වගේම තව හුගක් දේවලලට කැලෑවදින්නේ මේ කියාපු රබර් වතු යායට තමා .. ඒ කිව්වෙ දර කෑල්ලක් කඩාගන්න.. පලා මිටක් නෙලාගන්න.. පුන්චි උන් රබර් ඇට ඇහිදින්න.. ටිකක් විතර වයස වැඩි කෙල්ලො දං බෝවිටිය හිඹුටු වගෙ පළතුරක් කඩා ගන්න මේ වත්ත අස්සට රින්ගුව වගේම .. තහනම් ගස්වල ගෙඩිකන්න රෑ රාත්තිරියෙ මේ වත්ත අස්සට රින්ගපු ගම්මු ඕන තරම්.. රබර් වත්තෙ හුලං වැදි වැදි තහනම් ගෙඩි කද්දි රහ වැඩි ඇති මං හිතන්නේ
කිරිකපල ආදායමක් ගත්ත වගේම තව හුගක් දේවලලට කැලෑවදින්නේ මේ කියාපු රබර් වතු යායට තමා .. ඒ කිව්වෙ දර කෑල්ලක් කඩාගන්න.. පලා මිටක් නෙලාගන්න.. පුන්චි උන් රබර් ඇට ඇහිදින්න.. ටිකක් විතර වයස වැඩි කෙල්ලො දං බෝවිටිය හිඹුටු වගෙ පළතුරක් කඩා ගන්න මේ වත්ත අස්සට රින්ගුව වගේම .. තහනම් ගස්වල ගෙඩිකන්න රෑ රාත්තිරියෙ මේ වත්ත අස්සට රින්ගපු ගම්මු ඕන තරම්.. රබර් වත්තෙ හුලං වැදි වැදි තහනම් ගෙඩි කද්දි රහ වැඩි ඇති මං හිතන්නේ
ඒ විතරක් යෑ මේ රබර් වත්ත ආශ්‍රිතව හරිම ලාභදායී කර්මාන්තයක් නිර්මාණය වෙලා තිබ්බ.. ඒ තමයි දේශීය මධ්‍යසාර නිෂ්පාදනය... ඔව් ඔව් කසිය තමා.. ඔය කට්ටිය කිව්වට කසියනම් දං කොටුවෙ කසිය තමයි කියල දංකොටුවෙ බඩු නැති උනත් අපේ ගමේ බඩු නැති වෙන්නේ නෑ.. දංකොටුවෙ ලොකු ලොකු මුදලාලිලත් ඇවිත් අපේ ගමෙන් තමා බඩු ගෙනියන්නේ.. ඒ තරමට කරුමාන්තෙ දියුනුයි.. ( මේ වෙනකොට නම් බොහොම අවාසනවන්ත ඉරණමක් උදාවෙලා තියෙන්නේ හේතුව රැකවරණය දුන්නු රබර් වත්ත වෙන්දේසි ඉඩමක් වීම )
හොඳින් ආවරණය වෙච්ච රබර් වතු යායත්... ඊටසමාන්තරව දිවෙන වෙල්යායට වතුර සපයන ඇල පාරත් නිසා කර්මාන්තයත හිතකර පරිසරයක් ස්වභාව දහම නිර්මානය කරල තිබ්බෙ චුට්ටක්වත් ලෝභ නැතුව.. ඒ විතරක් යෑ ඉන්ධන අවශ්‍යතාව ඒ කිව්වෙ ලිප පත්තු කරගන්න දර ටික ලබාදුන්නෙත් මේ රබර් වත්තම තමා
ඔච්චර ගිනිරාමෙට කස්සිපු පෙරද්දි පොලීසියෙ උකුසු ඇස අපේ ගමට යොමු උනේම නැද්ද.. කියල කට්ටියටම හිතෙනව ඇති නේද... මොකෑ නැත්තෙ .. සතියකට වතාවක්වත් පොලිසීයෙ මහත්තුරු අපේ ගම බලන්න එන්න අමතක කලේ නෑ.. කොයි වෙලාවෙ ආවත් අරක්කු විකුනන මිනිහෙක් මිසක පෙරන එකෙක් අල්ලනව සුම්ම... ඒකෙ රහස තමා ගම්මුන්ගෙ තිබ්බ සහජීවනය හා අරුම පුදුම සංනිවේදන හැකියාව..
පොලෝසියෙ මහත්තුරු අපේ ගම දැක බලාගන්න එන්නෙ රෑ රාත්තිරි තමා.. එයාලත් දන්නවා පෙරන රාජකාරිය කෙරෙන්නෙ රෑට කියල.. දවල්ට පෙරද්දි දුම නිසා බඩු මාට්ටු වෙන හින්දා තමයි රෑට පෙරන්නේ.. ඉතින් පෙරන ඈයො අල්ලන්න එන්නෙත් රෑටම තමා.. කවුරු කොහොම ආවත් ජිප් එක ගමට හැරෙනකොට පෙරන කට්ටිය දන්නවා බඩු බනිස් කියල...
ඉතින් පෙර පෙර හිටිය ගෝඩ හැලිය පෙරලල දාල දඟරෙයි ලිපට දාන යකඩෙයි ගන්න පුලුවන් එව්වයි අරගෙන වහං වෙන්න නිෂ්පාදකයන්ට මහ වෙලාවක් යන්නෙ නෑ.. පොලොසියෙ මහත්තැන්ලට මුලු කැලෑවම පීරල හම්බවෙන ගෝඩ බැරල් වලට පොරව පහරක් ගහල යන එක ඇරෙන්න වෙන කොරන්න දෙයක් නෑ
ගම්මුන් සතු වූ මේ ප්‍රභල සංනිවේදන හැකියාව කුමක්ද?
ජීවිතේට කසිප්පු පෙරා හෝ බී නැති මීගොඩයාට කසිප්පු සමග ඇති සම්බන්ධය කුමක්ද?
අවුරුදු 12ක් පමණ වයසැති පුංචි මීගොඩයා සිදුකල වීරක්‍රියාව කුමක්ද ?
මේ සියලු ප්රෂ්න වලට පිළිතුරු දැනගැනීමට රැඳී සිටින්න පරසතු උයනත් සමග..
ඊළඟ කොටසට මෙතනින්
ජීවිතේට කසිප්පු පෙරා හෝ බී නැති මීගොඩයාට කසිප්පු සමග ඇති සම්බන්ධය කුමක්ද?
අවුරුදු 12ක් පමණ වයසැති පුංචි මීගොඩයා සිදුකල වීරක්‍රියාව කුමක්ද ?
මේ සියලු ප්රෂ්න වලට පිළිතුරු දැනගැනීමට රැඳී සිටින්න පරසතු උයනත් සමග..
ඊළඟ කොටසට මෙතනින්
බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,,
මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං
කමෙන්ටුව ඉතුරු කොටසත් කියවා දමන්නෙමි;)
ReplyDeleteහරි හරි ලබන සිකුරාදට දානව,,,,,
Deleteමේ ඔයා ඉන්නේ ඒ කියන්නේ පහලගම පැත්තේද ආ ?? :)
ReplyDeleteපහල ගම තියෙන්නෙ මීගොඩ පහුකරන් හිහාම... මම ඉන්නෙ මීගොඩින් හැරිලා ආටිගල පාරෙ හංවැල්ලට යන පාර තියන ගමක හැබැයි ඒ ඉස්සර.. දැන්නම් ඉන්නෙ ලෝකෙ ලොකුම ගොඩනැගිල්ල පේන මානේ
Delete:)
Deleteඒ කියන්නේ අපේ අසල්වැසියෙක්...
Deleteආ ක්සැන්ඩර් අය්යා කොහෙද
Deleteමම ඔය වැට මායිමේ.. කටාර් වල දැන් ඉන්නේ..
Deleteහපොයි දෙය්යනේ.. අල්ලපු ඉඩමෙ නෙව.... මම හිතුනේ අපේ ගම් පලාතේ කියලා
Deleteකසියා සීන් එකක්ද ? මම එක වෙන එක වැරදිද මන්දා..
ReplyDeleteකසියා සීන් එකක් තමා... හැබැයි ඔයා 3 ළු .. . ඊලඟ පාර ට්‍රයි කරමු
Deleteමේ කමෙන්ට් ඇප්රූවල් නිසා අපි රැවටෙනවා. උබ නම් "මී" හරකෙක් බං !
Deleteකැමැත්තකින් දාපු එකක් නෙවෙයි බං.. ඒත් මේ ඇනෝලට බොක චාර්ජ් වෙච්ච වෙලාවට රින්ගන්නේ බ්ලොග් වලටනේ....
Deleteමොන මගුලක්ද බං තවත් ඉන්න එපැයි.. ටිකක් කේන්ති ගිහින් තියෙන්නේ.
ReplyDeleteඅයදිමි සමා,,, දනහිස නමා
Deleteඉවසන්න ඉවසන්න..
දංකොටුවටත් දුන්නා කියන එක හැබෑමද?
ReplyDeleteඋබත් ඕව රස බලන්න ගිහින් තමා අපිට නොකිව්වට ...
හැබෑම හැබෑ....
Deleteඑකපාරක් පොලිස් මාම කෙනෙක් කිව්වා මතකයි.. අපේ ගම හදන්නනම් ගමේ පොලොසියක් දාන්න වෙනවා කියලා..
ඒ උනාට එහෙමට වැරැද්දක් කලේ නෑ බන් අපේ ගමේ උන්...
යකෝ මම 21+ කිව්වම උඩින් ආවේ බලන්න හයියෝ සල්ලි.
ReplyDeleteඅර උඩින් පෙරන ක්‍රමය කියන්නේ ඩබල් බැරල්ද ?
හඃ හඃ හඃ
අපි නීති ගරුක මිනිස්සු.. 21න් පහල අයව මත් ද්‍රව්‍ය ගැන දැනුවත් කරන්නේ නෑ..
Deleteඒ පොටෝ කෑල්ලනම් ගූගල් දෙය්යන්ගෙන් ඉල්ලගත්තේ... අපේ ගමෙත් තිබ්බෙ තනි බැරල් එකකින් බූලියට වෑස්සෙන සීන් එක තමා
මම එක ..යෝ
ReplyDeleteපරක්කුයිලු .. ඊලඟ පාර ඉක්මනට වාන්දැම්මොත් තමා හොඳ
Deleteඑලිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් වගේ
ReplyDeleteමීගොඩයත් පොඩිකමට ඉන්නේ නැතුව දේශීය නිෂ්පාදනවලට අත හිත දෙන්න ගියාවත්ද දන්නේ නැහැ
අනිවා අනිවා.. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට තමා....
Deleteඉවසල ඉන්න ඉතුරු ටික ඉක්මනට දානවා
මෙගා එකක්දැ...
ReplyDeleteනෑ නෑ ඉක්මනට ඉවර කරනවා...මෙගා ලියන්න තරම් නිදහස් ජීවිතයක් අපිට නෑ අෆ්ෆා..
Deleteමි ගොඩයා වගේ දේශීය නිෂ්පාදන අගය කරන්නන් සිටීම නිසා ජාතික ආර්ථිකය ඉහල ගිහින් අපේ රට ඉක්මනින්ම ආශ්චර්යය කරා යන එක නවත්තන්න සක්කරයාගේ පුතා වයිමට වත් බැරි බව මම මේ අවස්ථාවේදී පරකාස කොරන්න කැමතියි. ....... :P
ReplyDeleteරෙපා වගේ ඇත්ත ඇති සැටියෙන් දකින.. දෑ හිත කාමී මෙනිසුන් සිටීනම්.. ආසියාවේ ආශ්චර්යය කරා සිරි දේසය යන ගමන දුර නෑ මයෙ හිතේ,,
Deleteරෙපාට ජය වේවා.. මටත් ජය වේවා.. ඔන්න ඔහෙ අනිත් හැම එකාටමත් ජය වේවා
හැදින්වීම බැලුවා.. විරක්රියාව දාන්ඩකෝ බලන්න එහෙනම්..
ReplyDeleteඉක්මනට දානවා.... වීරක්‍රියාවක් කිව්වට වැඩ දාන්න ගිහින් ඇනගත්තු එකද්ද මන්දා
Deleteහිත කීරිගැහීගෙන එන්කොටම පුස් උනා...විරාමයක්නෙ...!හය්යෝ...!!!
ReplyDeleteඉවසන දනා රුපු යුද්දෙට නැති කඩුවෙන් කොස් කොටනවලු.. ඒ හින්ද පොඩ්ඩක් ඉවසන්න,,,
Deleteපෙරිල්ල කෙසේ වෙතත් තාමත් ඒ වගේම කට්ටිය "තිතටමත" ක්‍රියාත්මක කොරන බවනම් ලගදි එපැත්තේ මළගෙදරක ගිය වෙලාවක දැක්කා ...
ReplyDeleteසැහ්... අපේ ගමට ඔහොම නින්දා කරන්න් එපා... කොහෙත් මල ගෙවල් වල ඔහොම තම...
Deleteරොබින් ඒ අහල පහලද
ටිකක් ලග
Deleteඉතිරි කොටස් නැතිව නම් කමෙන්ට් කිරීමට නොහැකිය....
ReplyDeleteජීවිතේට කසිප්පු පෙරා හෝ බී නැති මීගොඩයාට කසිප්පු සමග ඇති සම්බන්ධය කුමක්ද// අන්න ඒක නම් ටිකක් වැදගත් පර්ශ්නයක් තමා... කශියා මූඩියක්වත් පෑගුනාද දන්නෑ
ඉවසන්න වෙනවා....
Delete,,මම ඉන්නෙ මීගොඩින් හැරිලා ආටිගල පාරෙ හංවැල්ලට යන පාර තියන ගමක,,
ReplyDeleteme,naawalamulla peththeda ban
නාවල මුල්ලට හැරෙන්නේ නඩුහේන හන්දියෙන්.... මේ මීගොඩ හන්දියෙන් හැරිල යද්දි තියෙන ලස්සන ගමක්.... හපෝ .. නම් ගම් ඔක්කොම මාට්ටු වෙන්න යන්නේ,,,
Deleteඅයෙත් මෙවැනි ප්රෂ්න වලට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමි
සැහ්... ඒකාලේ ඉඳන්ම චින්තනය අකුරටම ක්‍රියාත්මක කරලා තියෙන පාටයි!
ReplyDeleteඑහෙනං එහෙනං
Deleteසඳරු අයියගේ මුල්ල පටස් මතක් වුනා. හරි හරි. අපි පරසතු උයනේ ටැක් ගැහිලම ඉන්නම්කො එහෙනම් ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න,
ReplyDeleteහා හා .. ටැක් ගැහිල ඉන්න හැමෝටම ... මංගානේ දේසීය නිස්පාදන.. සීමා රහිතව
Deleteමේ කියන්නේ මීගොඩදෙනිය නේද?? :P
ReplyDeleteසමාවෙන්න... මම විමුක්ථිට පිළිතුරු දුන්නා... අයේ මේ ප්‍රෂ්නෙට උත්තර දෙන්නෙ නෑ කියලත් කිව්වා... මීගොඩ දෙණිය කියන්නෙත් අපේ සීමාවෙ ගමක්...
Deleteබම්බුව..ඔක්කොම කියවගෙන ගියා...අන්තිමට පස්සෙ එන්නලු...චික්...
ReplyDeleteආහ්..... දිනිති... සොරි ඈ.. මෙව්ව එක පාරටම පරසිද්ද කරන එක හරිමදි අෆ්ෆා
Deleteමේ කියන්නේ මීගොඩදෙනිය නේද?? :P
ReplyDeleteආව්.. පරසතු උයනට අලුත් සුරංගනාවියක් ඇවිත්. මම ලඟදිම සුයමයාමය පවත්වන්න පුළුවන්.. :)
Deleteසාදරෙන් පිළිගන්නවා
සමාවෙන්න... මම විමුක්ථිට පිළිතුරු දුන්නා... අයේ මේ ප්‍රෂ්නෙට උත්තර දෙන්නෙ නෑ කියලත් කිව්වා... මීගොඩ දෙණිය කියන්නෙත් අපේ සීමාවෙ ගමක්...
සුරංගනාවිගෙ ගම් පලාත කොහෙද
ආව්ව් ස්තුතියි :)
Deleteමම ඒ පලාතේ නම් නෙමේ ඒත් කාලයක් හිටියා ඉතින් හොදට දන්නවා.. :)
හිහි.. බලාගෙන ගියාම කොහෙත් එකයි.. අපේ පැත්තෙත් ඔයක් තියේ..
ReplyDeleteඉස්සර ඒක අයිනෙත් ඔය ජාතියේ ඉස්කාගාර තිබුනා...
පෙරන දවස් අපි දන්නවා..
රෑට ගින්දර පේනවා..
"පෙරන දවස් අපි දන්නවා"
Deleteඅපිටනම් අමුතුවෙන් දැනගන්න් දෙයක් නෑ... හැමදාම පෙරනවා
හරි.. කතාවේ මාකටින් පාර කියෙව්වා.. උඹ පඳුර තලලා තියෙන්නේ ඔබා මාම වගේම. දැන් කතාව දාපන්..(ටිකක් තරහෙන්)
ReplyDeleteහ්ම්ම්.. ඔව් ක්සැන්ඩර් අය්යා.. මම ඔබාමාමගෙ පොස්ට් දැක්ක.. මෙ ලියන ශෛලියට ඒ වචන රටා බලපාන්න ඇති... ඔබා මාමා මගෙ පුංචි බ්ලොගියට කමෙන්ට් එකක් දාපු දවසෙ ඇත්තටම සතුටු හිතුනා
Deleteඒත්කව්ද හිතුවේ ඒ අන්තිම කමෙන්ට් එක කියලා
ඔව් මලේ ඇත්ත. එත් මටනම් සන්තෝසයි ඒ හැකියාව තියන දෙතුන්දෙනෙක් හරි ඉන්න එකට. එකෙන් අපිට ලංගම කතා කියන ඔබා මාමා මතක්වෙනවා නිතරම.
Deleteඅයියෝ බන් උබත් මෙගා සීරියස් ලියන්නද හදන්නේ?
ReplyDeleteඅපෝ නෑ.. කිහිපයයි.. රැඳී සිටින්න... දෙසීය නිෂ්පාදන සමග බයිට් එකට ගම්මිරිස් ඇට දෙකක් සමග ලුණු කැටයක්... කවුරු හරි මඤ්ඤොක්ක වලින් අනුග්‍රහය දක්වන්නේ නම් මැනවි
Deleteගම්මිරිස් නං ඉතින්....... අග්ගලා තමා...
Deleteඊයා මූ අයෙත් කුණුහරුප කියනවා...
Deleteඒකනේ නිශානයෝ මාරයත් උපාලි කියලා මෙගා එකක් පටන් ඇරන්. අපිත් ලියමුද මෙගා සීරියස් එකක්
ReplyDeleteඅනේ පව් වකුගඩු උපාලි.....මේකෙනං කොටස් කිහිපයයි....
Deleteඅටම්පහුරො... කෙළිපැටියට දාපු නම මොකද්ද
මදැයි මමත් උඩ දාගෙන ආවා... :-) (තාම 21 උනෙත් නෑ....)
ReplyDeleteකචල් ෆැන්ටා නේ...
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
දේශීය දේ හෙලා දකින පරගැති රජෝ... වලත්ත්කමේ යනවනම් වෙන අහක පල....පරසතු උයන දේව අඩවියක්... මෙහෙ වනචර කම් වෙන්නේ වැදගත් විදියට..
Delete( තරහ යයිද මන්දා )
ඊ ළඟ පෙස්ට් එක ලියන්නේ උබ ගැන පරිසමින් ඉදපන්
වැදගත් විදිහට හරි වෙනවනේ... එහෙනං එච්චරයි.... :-)
Deleteමට තරහ යන්නේ නෑ... මම කුපිත වෙනවා පමණී
හෑ..........????
හත්තිලව්වේ මම හිතුවේ මේකට කමෙන්ටුවක් දාන්න තා අවරුදු 4ක් ඉන්න වේවිය කියල
ReplyDeleteහොඳා හොඳා ඉතිරු ටිකත් දාහං..
අවුරුදු හතරක් :O
Deleteකව්ද බං දන්නේ අපි එච්චර කල් ඉදීද කියල.. දෙසැම්බර් 21ට කලින් සැනසීමක් ලබා දෙනවා...
introduction එක විතරනේ දීල තියෙන්නේ...කෝ කතාව :0
ReplyDeleteමග එනවෝ,,, සයුරි ටීචර්ටය් ඉවසන්න වෙනවා
Deleteඅපේ පැත්තෙත් ජයටම මේ බිස්නස් ඒක තිබ්බා!දැන්නම් අඩුයි!මොනවා උනත් දේශීය කර්මාන්තනේ!නාඩියා ෆුල් සප් ඒක දුන්න ඒ දවස් වල!හැබැයි අදටත් භාවිතයක් නම් නෑ!
ReplyDeleteඔට්ටුයි මීගොඩය තරම් අතහිත දීල නෑ.. ප්රතිලාභ රහිතවම....මීගොඩය කියෙන්නේ ඔය කර්මාන්තය වෙනුවෙන්... තමුන්ගේ..
Deleteනෑ එක්කො ඕනෙ නෑ පෝස්ට් එකෙන්ම කියනවා
උත්තර නං දන්නෙ නෑ. ඒත් කොහෙන් හරි ගන්න දේශීය නිෂ්පාදන දංකොටුවට යනව කියල නං දන්නව.
ReplyDeleteදංකොටුවේ අළවි වන ඒවයෙන් සෑහෙන ප්‍රතිශතයකට අපේ ගමේ නිෂ්පාදකයොත් දායක වෙනවා කියල මම ප්‍රකාශ කරන්නේ නිහතමානී ආඩම්බර කමකින්
Deleteබිබිලි නගින බෙලිකතු ඩෙඩලන ඩඟල සුලං කිව්වලු.....බලමුකො බලමුකෝ....
ReplyDeleteආහ් දෙදරන දගර සුලං... අග්නිය ඒ පැත්තේ හින්ද සීන් එක දන්නවවත්ද මන්දා
Deleteහොර මත්පැන් පෙරීම , පෙරිමට තැත් කිරීම, උපකරණ ළඟ තබා ගැනිම, දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා උඹ එහෙම ඕව බලන්න යනවා නෙවෙයි. ඈ... මේ කසිප්පු ජාවාරම රෑට කෙරෙනවනම් කොහොමද මේ දවල් ෆොටෝ එකක්. මට පේන්නෙ දිවා රාත්‍රි සේවයක් වගේ.
ReplyDeleteඅය්යෝ සල්ලි.. ඔය ෆොටො කෑල්ල ගූගල් දෙය්යයන්ට කන්න ලව් කරල ඉල්ල ගත්තේ.... අපේ ගමේ ඔහොම ඩුවෙල් බැරල් සිස්ටම් තිබ්බේ නෑ.....
Deleteමේ කියනේ නීතියට වැලි ගහපු එකක් තමා ඉතින්
ඊලඟ කොටසත් දාලම් ඉන්නකො කිව්වත් වගේ...
ReplyDeleteළඟ එනවා... නිවාඩුවක් සෙට් වෙච්ච ගමන් ලියනවා
Deleteඔව්ව කැත වැඩ ඈ.... මම කිව්වේ බාගයක් දන ඒක :D
ReplyDeleteහඃ හඃ හා... එව්ව 1/2 ක් දාගන්නව කියන්නේ සුපිරි වැඩ්ඩේක් වෙන්න ඕනේ..
Deleteඅයියෝ සල්ලි........
ReplyDeleteඑච්චර ගනං නෑ... දන්න තරමින් ලංකාවේ ලාභම මෙව්වා
Deleteරබර් වත්ත වෙන්දේසි කරපු එක අපරාදෙ..අපේ පැත්තෙත් තිබුන ඔහොම රබර් වත්තක්..නැන්දලාගෙ ගේ කිට්ටුව..එහෙ ගියාම අපිට ඔයිට වඩා දෙයක් නැහැ...අනේ ඒකත් දැන් නැහැ........
ReplyDeleteඑහෙ අරව තිබ්බේ නැද්දෝ....
Deleteකෝ ඉතුරු ටික.....
ReplyDeleteතව දවස් දෙක තිනක් ඉන්ඩෝ......
Deleteකෝ..... ඉතුරු ටික...........
ReplyDeleteඅනේ තරූ මේටිකේ වැඩ ගොඩයි.. ඉතුරු ටික ඔක්කොම එක පෝස්ට් එකකට දාන්නම්.... චුට්ටක් දිගයි අෆ්ෆා
Deleteමෙන්න මෙගාවක් ලියනවා !!
ReplyDeleteනෑ නෑ.. පොඩි එකක්... මේකට මෙගා කියනවනම් ලෝකෙ පොඩිම මෙගා එක මේක වෙයි
Deleteමම සෑහෙන්න පරක්කුයිනේ බොලේ සමාවෙයන් මචෝ.... දෙවෙනි කොටහ බලන්න ඇවිත් මේකට ආවා මුළ ඉඳන්ම සීන් එක කියවන්න බැලින්නං කසියා සීන් එකක්නේ.... දෙවෙනි කොටහට පියනගමි (මේකා කසිප්පු පෙරන හැටි මෙච්චර දන්නේ මේකත් පෙරලවත්ද...)
ReplyDeleteමේ කොමෙන්ටුව දකිනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.. සැහ්
Deleteමම අග ඉඳන් මුලට බලන්නෙ මීගොඩයො. කලින් කමෙන්ට් එකෙන් අහපු ප්‍රශ්නෙට මට උත්තරේ ලැබුනා. මේක බස්නාහිර පලාතෙ ජාතික කර්මාන්තයක් නේ?
ReplyDeletehenryblogwalker the Dude
.
අපොයි!! පරසතු උයන කරන්නෙ අවුරුදු 12 ඉඳල දේශීය කර්මාන්ත නගාසිටවපු එකෙක් ද?!! ;)
ReplyDeleteසික් විතරක් බං . . .
ReplyDeleteඋඹලෑ පැත්තෙ කසිප්පුත් පෙරුවද ???
අපේ පැත්තෙනං එහෙම නෑ