Friday 1 June 2012

නීල ඉඳුවර

නීල ඉඳුවර දෙනෙත් අද්දර
ආල සිතුවිළි දඟ කරන සඳ
දෑළ අද්දර පිපි සමන් මල
කෝල මදහස හැන්ගුවේ කිම

කුසුම්පෙති සේ පුබුදුවා සිත
බබර චුම්බන මතින් සැනසෙන
සරතැසක ගිම් නිවාලනු මැන
සඳුන් අරනක සුවය සිහි කර

හිතේ පොපියන පෙම් කතන්දර
ඇසේ මායම් සමඟ මුසු කර
නුඹේ උවනට සිනහ එක් කර
කියනු තොල්පෙති කනට ලංකර

දිවිතුරා පැතු පෙම් හැගුම් රළ
සිත් ඉවුර මත රැඟුම්දෙන කල
නෙත්පියන් මොහොතකට එක්කර
දෙතොල තවරමි නළල් තල මත


බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

57 comments:

  1. හා හා හොරේ දැනුනා දැනුනා....
    (අයියෙ මේ අර පොටෝවෙ ‍දෙන්නා මොකෑ කරන්නේ. මේ කවියෙ කියලා තියෙන්නෙ දෙතොල් තවරමි නලල මත කියලනේ. ලබන්න එයාලා කියන දේ අහන්නෑ නේ...:D)
    හුරේ ඔන්න අද මමයි එක.....

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නම් කියන දෙයක් තේරෙන්නේම නෑ

      Delete
  2. ම්ම්ම්...වැරැද්දක් කියනවා නෙමේ යාලු.. අන්තිම පදේ..

    දෙතොල් තවරමි මත නළල් තල.. එහෙමද නැත්නම් දෙතොල් තවරමි නළල් තල මත.. එහෙමද.. අනේ මන්දා..මට තේරුන් හැටි..සමාවෙන්න ඔන්න මට හිතුන හැටි.. කොහොම උනත් කවිය නම් තුන් පාරක් විතරම රස වින්දා..මම ආසම දෙයක් තමා කවි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔයාට...

      මටත් අන්තිම පදේ ගලපගන්න බැරිඋනා... අන්තිම පදේ රයිම් වෙනව හොර හින්ද තමයි මත මැදට ගත්තේ... තව පොඩ්ඩක් හිතල වෙන වචනයක් දාන්න ඕනේ

      Delete
    2. දෙතොල තවරමි නළල් තල මත..

      රයිම් එකේ අවුලක් එනවා කියලා මටනම් හිතෙන්නේ නෑ මචං.. දැන් තියෙන විදිහෙන් පේලිය දෙකට කැඩෙනවා වගේ..

      කොහොම උනත් කවිය ලස්සනයි..

      Delete
    3. එල... ඔන්න වෙනස්කලා... ස්තුතියි දිනෙෂ්ටයි නිමේෂටයි දෙන්නටම

      Delete
  3. පාට දේදුනු පායනා සද
    දෑත එකිනෙක පටලවාගෙන
    ඈත නොපෙනෙන හිස් අහස් කුස
    පුරා පියඹමු සිනාසී අප

    ReplyDelete
    Replies
    1. ආ පොඩි මෑන් අවිල්ලා.. තැන්කිව් ඈ මේ පැත්තේ ආවට.. මරු කවි පොඩිය

      Delete
  4. පෙම්වත් හැඟුම් සපල වේවා....

    ReplyDelete
  5. Replies
    1. ලැජ්ජ හිතෙනව අෆ්ෆා

      Delete
  6. ආනෝ............සෝයි අප්ප.......^_^

    ReplyDelete
  7. ඔය අහුවෙන්නෙ මී ලව්.... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඊඊඊ.. මී ලව් ??? එහෙම ඉලව්වක් නෙවෙයි... සිතුවිල්ලක්

      Delete
  8. කවිය තුන් පාරක් විතර කියෙවුවා.
    ලස්සනයි...
    :)

    ReplyDelete
    Replies
    1. තැන්කිව් නෙත්....

      Delete
  9. පැණි බේරෙන පට්ට මල් කවියක්. එල.... සුපිරි කවියෙක්ගේ කවියක් වගේ. ගලාගෙන යනවා.

    ReplyDelete
  10. සුභ පැතුම්..සුභ පැතුම්....!!

    ReplyDelete
    Replies
    1. ඉත්තුතියි ඉත්තුතියි :)

      Delete
  11. හැබෑ.. ලස්සනයි...!
    හැබැයි පින්තූරෙනම්... නලල් තල මත.....?

    ReplyDelete
    Replies
    1. ම්ම්... නළල් තල වලට උම්ම දෙනකොට එයා ඔළුව පොඩ්ඩක් උස්සලා.. එච්චර හිතන්න එප්පා...

      Delete
  12. ආල කතන්දර හරි අවදානම් :D

    ReplyDelete
    Replies
    1. ම්හ් ම්හ්......පරිස්සමින් කරන්න ඕනේ

      Delete
  13. පුද්ගලික අත්දැකීමක් වගේ :)

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ... හැඩ අහින්සක කෙල්ලෙක් දැක්කහම ඔහොම නොහොතුනාමත් නෙවේ

      Delete
  14. ආදරය තරම් කවියට මූලික උන වෙන දෙයක් තියෙනවද වෙන ?

    ReplyDelete
  15. මේ මොකක්ද බං? ආදරය ගැනද? මං ඒවා ගැන නම් දන්නේ නැහැ මං මේ පළාතේ නෙවේ.

    ReplyDelete
    Replies
    1. වැඩිය හිතන්න එපා බං,,,

      නුබටත් කෙනෙක් සිටීවී ... දවසක සොයාන ඒවී

      Delete
  16. //කුසුම්පෙති සේ පුබුදුවා සිත//
    හානේ උඹ මගේ නමත් දාල තැන්කූ හොඳේ :ඩ
    කවිය පට්ට , පින්තුරෙත් ගැලපුනානම් පට්ට පට

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පුබුදුවා

      උබව මතක් වෙලාම තමා ලීවේ... ( ආච්චිගෙ රෙද්ද )

      Delete
  17. හයියෝ... අහවල් දේකටද කවි ලියන්න මෙච්චර පරක්කු ලළේ? ලස්සනයි, සාර්ථකයි උත්සහය... !

    ReplyDelete
    Replies
    1. අලෙ ලහිරුවෝ පටන්ගත්ත දවසේ ඉදන් ලිව්වේ කවිනේ... කතන්දර පොඩ්ඩයි ලීවේ

      Delete
  18. පැණි බේරෙන මල් කවි කිව්වට පැණි මදි වගේ බොල


    ජය !

    ReplyDelete
    Replies
    1. තාම පොඩීකා වෙච්චි .. කාරනා කාරනා තේරෙනවා අඩුයි.... ට්‍රයි පාරක් දෙන්නම් ඊලඟ එක පැණි වැඩිකරන

      Delete
  19. පැණි බේරෙන කවි නෙමෙයි බොල සෙවෙල බේරෙන කවි!;) :D

    ReplyDelete
    Replies
    1. ආ මේ එව්වද... සෙවප පොඩ්දක් නැත්තම් උගෙ ඇති කොලු කමක් නෑ බන්..

      තැන්කිව් ඇ

      Delete
  20. //නෙත්පියන් මොහොතකට එක්කර
    දෙතොල තවරමි නළල් තල මත//

    නියම පද පේලි ටික මචෝ.. ආයි ආයිත් කියවන්න හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ලොක්කය්යා

      Delete
  21. ලස්සනට ගැලපුන ආදර කවි පෙළක්.. :)
    සුබ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. තැන්කිව් නන්දු

      Delete
  22. මමත් ආවා පරසතු උයනේ සක්මන් කරන්න.

    රොමෑන්ටික් කවි නේ.. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළිගන්නවා දයානන්ද අය්යව....

      Delete
  23. අන්න හරි.. ඔය එන්නේ... ඔය එන්නේ..

    ReplyDelete
    Replies
    1. මොනා එන්නද?..... සිතුවිල්ලක් පමණයි ඈ..

      මම බැලුවා හැමදාම එන ක්සැන්ඩරය මොකෑ පරක්කු .. අසනීපයක්වත්ද කියලා

      Delete
    2. ඉන්නවා ඉන්නවා.. ඉස්තුතියි.. මෙහෙ නෑවිත් කොහොමද? ඔය සිතුවිල්ලක් පමණයි එව්වා කොහොමත් සිතුවිල්ලෙන් තමයි පටන්ගෙන නැගල යන්නේ..

      Delete
  24. //..නීල ඉඳුවර දෙනෙත් අද්දර
    ආල සිතුවිළි දඟ කරන සඳ
    දෑළ අද්දර පිපි සමන් මල
    කෝල මදහස හැන්ගුවේ කිම..//

    වාව්..ලස්සන කවිකමක්....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...

      අළුත් යාලුවෙක් වගේ....සාදරයෙන් පිළිගන්නවා

      Delete
  25. සිතුවිලි අවදි වෙලා තියෙන්නේ මොකක්ද හේතුව.

    ReplyDelete
    Replies
    1. නැහැදිච්ච එකෙක් වතුර ගහලද කොහෙද

      Delete
  26. සත් සියක් කුසුම් පීදෙන
    ජීවිතේ මල් උයන් තීරේ
    ආදරේ ගැන කියමි මේ
    ජීවිතේ පන සේම හීනේ.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනිතියො.. කවිය මරු

      Delete
  27. අදමයි ආවේ මේ පැත්තේ .. ලස්සන කවි පෙළ .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... සාදරෙන් පිළිගන්නවා බින්දි

      Delete
  28. වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete