Tuesday 5 June 2012

ගොං කරත්තය


බැරි බර දරන්නේ උසුලා ගොනුගෙ කර
වැඩිපුර ගෙවෙන්නේ පාරට ගොනුගෙ කුර
කෙවිටට තැලෙන්නෙත් නිතරම ගොනුගෙ පිට
රිය සක කිමද මොර දුන්නේ මග දිගට


බොහොම පිං ආයුබෝං මීගොඩයගෙ අහ ගොඩවැදුනට,,, මතක හිටින්න මොනා හරි කොටලම හියානං තමා හොඳ,,, නැතත් අපනාපයක් නෑ ඕං

51 comments:

  1. කෙවෙටින් ගුටි කා නිහඬවම හිදි..
    දුක දැනුනත් කියන්නට කටක් නැති..
    අසරණකම සඟවන්නට හැකිත් නැති..
    කුර ගෙවෙනකම් මේ හැටි බඩුත් අදී..

    නැත අනුකම්පාව මිනිස් දනන් ලග..
    සතෙකුට වුවත් සලකන්නේ පහත් ලෙස..
    ගෙවා ඉවර වු විට මේ මහා පව් කන්ද මම ..
    වෙන්නට පතමි හොද ආත්මයක උපත හෙට..

    මට කවි ලියන්න බැ අප්පා..පුලුවන් හැටියේ උත්තරයක් දුන්නේ හොදද මී ගොඩයෝ..

    ReplyDelete
    Replies
    1. බෑනම් මේ තියෙන්නේ මොනවද ලියලා.

      Delete
    2. ලස්සනයි..නිම්ශා..!

      Delete
    3. අපූරු කවියක් ලියල ඉවරවෙලා කියනව ලියන්න බෑලු... ඇතතම ලස්සනයි

      Delete
    4. හෙහේ.. අලේ තැන්කු වී... :)

      අසරණයා : ඉස්සර නම් ලිව්වා ඔහේ ..දැන් නම් බැම වගේ.. මී ගොඩයෝ තැන්කු හරිද..

      Delete
  2. Replies
    1. ධමනියකටද මන්දා.... තැන්කිව් සයුරි

      Delete
  3. වෙනසක් වගේ මීයෝ මිනි කවියක්
    එල !

    ReplyDelete
    Replies
    1. මිනි කවි කියල ලෙබලය හැදුව මලේ.. කලින් ලියපු මිනි කවි දෙක තුනක් ඇති

      Delete
  4. බැරි බර අදින්නේ පුරුවේ කල පවට
    කිරි කිරි හඬ නගයි හන්දිත් නෑහෙන්ට
    පිරි මසුරන් නැති හිමි මා සලකන්ට
    දිරි ගන්නවා මා ඔහු දිවි රකින්නට

    ReplyDelete
    Replies
    1. හොඳ ගොනෙක්නෙව ක්සැන්ඩර අය්යා....

      ඒක නෙවෙයි.. සුබ ඇනිවසිරි එකක් වේවා ඈ

      Delete
    2. අන්න බලහන් පාන්දරම කිව්ව කතාව.. සික් ඒයියා..

      තැන්ක්යූ වේවා!!

      Delete
  5. ෂෝට් වුනත් මේ කව නම් සීවීට්

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි.. ටිකයි.. හොඳා.....යි

      Delete
  6. පුංචි වුනත් ලස්සන කවිකමක්..ලස්සනයි....

    ReplyDelete
  7. තලන, තැලෙන ජීවිත .........

    ReplyDelete
    Replies
    1. මං හිතුවා දම්මි හරියට තෙරුම් ගනී කියලා.. මම අදහස් කලේ.. හමයන්නේ කාගෙවත්.. නම ගන්නේ කවුරුත් කියන එක

      ස්තුතියි දම්මි

      Delete
  8. මං මොකුට් කියන්නා....:(

    ReplyDelete
    Replies
    1. කිව්ව නම් තමයි සෝයි... අපූරු කවි පොඩ්ඩ! හරිම දුක්ඛිත ජීවිතයක් නේද?

      Delete
    2. මට කේන්ති යනව අග්ගිලියෝ...

      ඔව් ලහිරු දුක්ඛිත ජීවිත.. හැබැයි මම ලිව්වෙ නම් සමාජයේ බහුලව වෙන කැත වැඩක්... අනුන්ගෙ වැඩ වලට තමන් ලකුණු දාගන්න හදන අය ගැන

      Delete
    3. ඇහ්...මේ මුකෝ මේ....:O

      Delete
    4. නැ නැ මමත් මුකුත් කියන්නෙ නෑ

      Delete
  9. ගොනා විතරක් නෙමෙයි ඒක හසුරුවන මනුස්සයාත් තැලෙනවා. කෙවිටෙන් නම් නෙමේ සමාජයෙන්

    ReplyDelete
    Replies
    1. සමාජ ආරම්භයේ ඉදන් එහෙමයි උනේ.. හැකි එකා බැරි එකාව තලනවා.. අද වෙනකොත ඇති එකා නැති එකාව තලනවා

      Delete
  10. දැන් ඔය පාරේ අරන් යන ගොන්නුන්ට ගහන්න බැහැ සත්ව හිංසාව කළා කියලා නඩු දානවා ,තිරික්කල රේස් හිටන් තහනම් නොවැ.....

    ReplyDelete
    Replies
    1. මොන ගොන්නුන්ටද බං?

      Delete
    2. පාරෙ ඉන්න ගොන්නුන්ට????......... ඊයා මේ ගොල්ලො කියන කුප්ප කථා.. අපි වැදගත් විදියට කොන්වන්ට්වල හැදිච්ච කොල්ලො හරිය.. අපිනම් නෑ ඔව්වට

      Delete
  11. කෙටියි.. ඒත් අර්ථාන්විතයි..

    ReplyDelete
  12. කරත්ත කරු ගොනා තලනවා රටේ පාලකයෝ කරත්ත කරුවෝ තලනවා.

    ReplyDelete
  13. මිනිසුන් හට නොතේරෙන ඒ දුක් ගින්න
    රියසක ටත් දැනුන හින්දයි මොර දුන්න
    කල පවු එයි සොයාගෙන රිය සක මෙන්න
    මිනිසාහට ගෙවා කවදා නිම වෙන්න ?

    ReplyDelete
    Replies
    1. බර අදින ගොනා නිහඬයි සරත් අය්යා.. ගොනාගෙ හය්යෙන් කැරකෙන රෝදේ හරි සද්දයි... හරියට අපෙ රටේ පාලකයෝ වගේ... වැඩ කරන්නේ ජනතාව.. උන් ස්ටේජ් එකේ කෑ ගහන්නේ උන් කලා වගේ

      Delete
  14. මී ගොඩයා... මී හරකෙක් ගැන ලියලා....
    හිකිස්... ගිනි ගින්දර ඈ... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් මී හරක ලඟදි ඉදන් මී හරක් රජෙක් ඇසුරු කරනවනේ.. ඉතින් මී හරක් කවි තමයි ලිය වෙන්නේ... :දිව


      රාජ උදහසට ලක් නොවේවා !!!

      Delete
  15. පොඩි උනත්..අදහසේ,හිතන්නට ගොඩක් ඇතේ..!
    ඉස්සර අපේ අම්මගේ තාත්ත සීයට ගොඩක් හරක් හිටිය.බර අදින හරක් 5දෙනෙක් හිටිය.හැබැයි...සීය ගහනවා මම කවදාවත් දැකල නැහැ..සීයගෙන් ඇහුවම කියනව..ආදරෙන් කිව්වම උන් කරනව..කියල..ඇත්ත සීය එක පාරක් කරත්තෙන් වැටිල..සිහිය නැතිවෙලා ..පස්සෙ හරකා කරත්තෙත් එක්කම ගෙදරට ඇවිල්ල හොඳටම තප්පුලන්න අරගෙන අමුතුවිදියට..එතකොට ගෙදර අයට..තේරිලා..ගිහින් සීයව හොයාගෙන තිබුන..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කොහොමත් මනුස්සයන්ට වඩා ගුණ යහපත් කම අතින් සත්තු ඉදිරියෙන් ඉන්නවා

      Delete
  16. හරියටම අපේ සංසාර චක්‍රය වගේ.. ගොනු අපේ වර්තමාන ජීවිතය, ගැල අපේ පූර්ව කර්ම, කෙවිට, අපට ලැබෙන දඬුවම්, ගොනුගෙ පිට, අපට ලැබෙන නින්දා අපහාස, ඒ වගේම රියසක මොර දීම - නිවන අවබෝධ කරගැනීම කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. නියම සංසන්දනයක්... අළුත් කවකට තවත් නිමිත්තක්...


      ස්තුතියි දයා අය්යේ

      Delete
  17. මේ බර දරන්නේ පෙරකල පවකටය

    මගේ කුර ගෙවුන මුත් කරනට දෙයක් නැත

    හොඳ හැටි පදම්වී ඇත පිට මස කෙවිටටම

    කිමදැයි නොම දැනේ රියසකේ කෙඳිරිල්ල

    ReplyDelete
    Replies
    1. අපූරු කවක් ... ස්තුතියි රාජ්

      Delete
  18. වදින්නේ කාටවත් අඬන්නේ කවුරුවත් !. සමහර විට ගොනා විඳින දුක දැනිල රිය සක මොර දුන්නද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. කිඹුල් කඳුලු නොවේවා කියල හිතමු

      Delete
  19. දරන්න බැරි පටවල දිගට හරාහට ගගහ දක්කන එක තමා මටනම් පෙන්නන්න බැරි..

    ReplyDelete
    Replies
    1. සත්ව හින්සනය කොයි විදියකට කරනවටවත් මමනම් කැමති නෑ

      Delete
  20. මට පුංචි කාලෙ ඉඳලම පේන්නම බැරි දෙයක් කරත්ත වල හරක් බැඳල අද්දවන එක....

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි මෙයා.. ඕකට කියන්නේ සහෝදර කැක්කුම කියලා

      Delete
  21. පුංචි කවිය ලස්සනයි !!!

    ReplyDelete
  22. අනේ
    අම්මපා
    හය්යෙන්
    දක්කන
    වෙලාවේ
    තෙල්
    ටිකක්
    දාගන්න
    හිතුනේ
    නැතී
    හැටි
    උඹට

    ReplyDelete